ආලෝක ලීටරයේ බෝතලය
Honey bird#SeeTheWord

දන්නවද? ලෝකෙ ගොඩක් රටවල් වල "ආලෝකය" කියන්නෙ අතිශයින්ම ධනවතුන්ට පමණක් ලබා ගත හැකි සම්පතක් කියල. මේ අතර දිළින්දන් අඳුරේ ජීවත් වෙන්න ඕනෙ කුණු කසල ගොඩවල් ආශ්‍රිතව.
අන්න ඒකයි එක අපූරු මිනිසෙක් මේ කැළි කසල, ආලෝකය බවට පත් කලේ.
ඒක කරන්න පුලුවන්ද? කුණු වලින් එලිය ගන්න?
එක හිස් ප්ලාස්ටික් බෝතලේකින් කොච්චර එලියක් ගන්න පුලුවන්ද?
පිලිපීනයේ මැනිලා කියන ප්‍රදේශයේ ඉන්න ඉලාක් ඩියාස් (illac Diaz) කියන පුද්ගලය කරපු ඒ අපුරූ ක්‍රියාව තමා මේ විදිහට අද SeeTheWorld තුලින් අරන් එන්නෙ.
ඉලාක් ඩියාස් විසින් විදුලි බල්බ හදනව පාවිච්චි කරපු ප්ලාස්ටික් බෝතල් වලින්.
ඉලාක් කියන්නෙ ඉන්ජිනේරුවෙක්. 2013 දි එයා පිලිපීනයේ පාසලක් හදනව. එතනදි එයා තේරුම් ගන්නව මේ ප්‍රදේශයේ ඉන්න ළමයි බොහොමයක් කසල ප්ලාස්ටික් වලින් වට උනු තැන්වල ජීවත් වෙන්නෙ කියල. ඒ වගේම රාත්‍රී කාලයේ එයාලට ගෙදර වැඩ කරගන්න වෙන තැනකුත් නෑ කියල.
මොකද මේ ප්‍රදේශ වල ජීවත් වෙන මිනිස්සුන්ගෙන් විදුලි බිල ගෙවන්න පුලුවන් උනේ කීප දෙනෙක්ට විතරයි. මොකද විදුලිය කියන්නෙ පිලිපීනයේ ගොඩක් මිල අධික දෙයක්.
සමහර ගම්මාන වල මිනිස්සුන්ට සිද්ද උනා මේ විදුලි ආලෝකය සඳහා ඔවුන්ගෙ ජීවන වියදමින් 30%ක වගේ ලොකු අගයක් වියදම් කරන්න.
විදුලි ආලෝකය? මේ අපි නෝමල් පාවිච්චි කරන ලයිට් වලට බිල ගෙවන්න එච්චර ගාණක්?
ඔව් එච්චර ගාණක් වියදම් කරනව ඒ රටවල මිනිස්සු.
ඉතින් මේ අධික පිරිවැය නිසා ඒ මිනිස්සුන්ට සිද්ධ උනා විදුලි ආලෝකයට සමු දීල රාත්‍රී කාලවල් වලට භූමිතෙල් ලාම්පු වගේ විකල්ප දේවල් වලට යොමු වෙන්න.
ඔවුන්ට මේ විදිහකට භූමිතෙල් ලාම්පු පාවිච්චි කරන එක තරමක් අපහසු උනත් , මිල පොඩ්ඩක් වැඩි උනත් ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් උනේ එයාලට නගරෙට ගිහිල්ල මේ භූමිතෙල් අරන් එන්න පැය හතරක වගේ දීර්ඝ ගමනක් සෑම සතියකම යන්න වෙන එක.
ඉතින් මේව දැකපු ඉලාක් හිතුව එයාලට මේ සම්බන්ධව උදව් කරන්න පුලුවන් විදිහක් ගැන. එයාලගෙ ගම්මාන ප්ලාස්ටික් වලින් මුදවගන්නව වගේම එයාලට ලාභදායි ආලෝක විසඳුමක් දෙන එක යන දෙකම එකම වෙලාවෙ කරන්න පුලුවන් විදිහක් ගැන එයා සැලසුම් කලා.
ඉතින් එයා හැදුව මෙන්න මේ ජාතියෙ ලාම්පු👇.

ඉලාක් මේකට කියන්නෙ ලීටරයේ ලයිට් එකක් කියල. ඒ කියන්නෙ ලීටරයේ ප්ලාස්ටික් බෝතලයක් ලාම්පුවක් බවට පරිවර්තනය කරල.
ඒ කොහොමද?...
බොහොම සරල දෙයක්. හිස් බෝතලේකට වතුරයි විරංජනකාරකයි(bleach) දාල ඒ බෝතලේ මෙන්න මේ පහල පොටෝ එකේ විදිහට වහලෙට හයි කරනව.

ඉතින් මේ සරල ඇටවුමෙන් හිරු එලිය උපයෝගී කරගෙන සම්පූර්ණ කුඩා කාමරයක්ම ආලෝකමත් කරන්න සමත් වෙනව.
මෙතනදි කිසිම බලයක් පාවිච්චි කරන්නෑ. හිරු එලිය විතරමයි. ඒ වගේම මේ උපකරණ ඔක්කොම හදල තියෙනෙ ඉවතලන කසල වලින්.
ඒත් ප්‍රශ්නයක් උනේ රාත්‍රී කාලයට මේ බෝතලය නිශ්ඵල වීමයි. මොකද හිරු එලියක් නෑ කියන්නෙ බෝතලෙන් එලියක් එන්නෑනෙ.
ඉතින් මේ ඉලාක් මේකට විසඳුනක් විදිහට අලුත් ආකෘතියක් හැදුව සූර්ය පැනල පාවිච්චි කරල. ඉතින් දැන් මේ බෝතලය දිවා රාත්‍රී දෙකේම වැඩ.

මේ ලාම්පුවෙ විශේශත්වය තමයි ඕනෙම කෙනෙක්ට මේක තනියම හදාගන්න පුලුවන් වීම. ඉලාක් කියල දුන්න මේ ගම්වාසීන්ට තමන්ගේම කියල ලාම්පුවක් හදාගන්න විදිහ.
මේ හැමදේටම අවශ්‍ය උනේ චූටි අමුද්‍රව්‍ය කීපයක් විතරයි. මේ හැම කොටසක්ම පිලිපිනයේ ඉතා පහසුවෙන් හොයාගන්න පුලුවන් ඒව. කුඩා පරිපථ කොටසක් , මොටර් සයිකලයක LED බල්බයක් , සහ කුඩ බැටරියක්.

මේ විදිහට මේ ගම්මාන වලට ආලොකය ලැබීමෙන්පස්සෙ අපරාධ ගොඩක් අඩු උනා කියලත් වාර්තා වෙනව.
අපේ රටවල් වල විදුලිය සහ ආලොකය කියන්නෙ අපිට කොහොමත් ලබා දෙන දේවල්. අපිට ඊට වඩා ප්රමුඛ අවශ්‍යතා තියෙනව.
නමුත් ලෝකයේ ගොඩක් රටවල් වල මිනිස්සුන්ට ආලොකය කියන්නෙත් ප්රමුඛ අවශ්‍යතාවක් සහිත දෙයක් වෙලා.
ඉලාක් පහුගිය අවුරුදු 8 පුරාවටම රටවල් 32ක පමණ සංචාරය කරල ආලෝකය නොමැති ගම් වල වෙසෙන මිනිස්සුන්ට කියල දීල, එයාලටම මේ "ලීටරයේ ලයිට්" හදාගන්න විදිහ ගැන.
ඉතින්.... ලෝකයට ආලෝකය අවශ්‍යයි. අඳුරේ සිටින්නෙකුට ආලෝකයක් වීම , ඉලාක් දකින විදිහට බොහොම බලවත් දෙයක්....
අපි එකිනෙකාට ශක්තියක් වෙමු... එකිනෙකාට ආලෝකයක් වෙමු... අන්න ඒකයි මනුශ්‍යයන් විදිහට අපිට තියෙන බලවත්ම ආයුධය!
Source :- Nas Daily (yt)
හැමෝටම ජය වේවා !