ආයෙමත් ළං වෙන්න

ආයෙමත් ළං වෙන්න

A.D.
ඉතින් මට ඉඩදෙන්න.....

🍁දහ අටවන කොටස 🍁

"ඔයා.... " ඔව් ඒ වෙන කවුරුත් නෙවේ...ඒ හිටියෙ , ශේන්......


"සප්‍රයිස්........." අනේ පුතේ දැන් තමා හොඳම සප්‍රයිස් එක......

ඒ එක්කම මං බැලුවෙ දේශ් දිහා.....

ඔය ඉන්නෙ යක්සාරූඩ වෙලා.....


"ඈ බං හේෂි....උඹ ඔහොමෙයි ගෙදරට ආපු මිනිස්සුන්ට සලකන්නේ....."අරූ ඇහැකුත් ගහලා අහපි...


"සලකන්නේ මං කියන්නෑ බොට...."මං හෙමීට ශේන්ට ඇහෙන්න කිව්වෙ කෝමත් ලග ලගම හොද කෑමක් සෙට් වෙන බව දැනුන හින්දා....


"යං යං ගෙට.....''ඒම කියලා තුන් දෙනාවම ගෙට ඇදන් ආවෙ අර මාර පුත්තරයා මාව කන්න වගේ බලං ඉන්නකොට.....


"ඉතින් ඉතින් බ්‍රෝ....කෝමද සැප සනීප.....අපිට එදා කතා කරන්නවත් බැරි උනානෙ..."ඔය ඉතින් මූ හදන්නේ නිදා ඉන්න සිංහයාව කූද්දන්න.....

මං නිසල් අයියගෙන් විදේශ ආධාර ඉල්ලුවෙ මෙතන නාඩගමක් පටන් ගන්න කලින්.....


"හ්ම්...."


"ශාන් පොඩ්ඩක් වරෙන්කො මට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ...."අයියා දේශ්ව ඒම කියල බලෙන් වගේ ඇදන් ගියා....

___________________________________

"අරූ මොකටද ආවේ......" දේශ් පුපුරනවා හෝ ගාලා....


"අපි මෙහෙ එන්න හදනකොට ශේන් ආවෙ බං.... ඉතින් එන්නත් පරක්කු හින්දා ඌවත් එක්කන් ආවා...."

"ඒක නෙවේ දැන් කේස් එක......"


"එහෙනං වෙන මොකක්ද....."


"බූරුවෝ......."

"අරූ අන්න වැඩ පටන් අරන්...... අපිට ඉක්මනටම ඌට ගේමක් දෙන්න වෙනවා....."


"හ්ම්......මං කොහොමත් අද චීෆ්ව මීට් වෙන්න යනවා....."


"වැඩේ කියන්නෙ මිනිහා කවුද කියලා හොයාගන්න බැරි එකනෙ බං..."


"තාත්තා එළිපිට වැඩ කලාට පුතා වැඩ කරන්නෙ හැංගිලා......"


"අපි RJ ගෙ කේස් එකේදී මෙච්චර හිර වුනේ නෑනෙ ශාන්......"


"කෝකටත් උඹ ටීම් එකට රෙඩි පිට ඉන්න කියපං...."


"ඇයි මොකෝ සීන් එක....."


"ආරංචි හෙට අනිද්දා ලොකු ඩීල් එකක් වෙන්න යනවා කියලා ඩයමන්ඩ් එකේ.... බලමුකෝ....."


"හරි..."


"යමං ඇතුලට....."


"යකෝ උඹට තියෙන හදිස්සියක්.... ආව් ආව්....කොල්ලට ඉරිසියයි වගේ...."


"කට පියාගෙන එනවනං වරෙං......"


___________________________________


"මං කිව්ව දේ හරි ගියා නෙහ් බං....උඹෙ මිනිහා මාව දකිනකොටත් පුපුරනවා...."


"අම්මේ ශේනයො...ඒ උනාට උඹ දන්නෑනෙ ඒකෙන් අපෙ හේෂියට වෙලා තීන අකරතැබ්බ....." නිතූව ඒම කියල මුළු කතාවම දිග ඇරියා....


"අම්බෝ..... අම්බෝ......... යකෝ අනංගයගෙ පාට් එක රඟපාන මං අන්තිමට කැරපොත්තෙකුත් වෙලා....." මුන් දෙන්නා හැක හැක ගගා හිනා වෙනවා.....දෙන්න හිතයි දත් ඇදිදෙක බඩට යන්න....


"අහපන්කො හේෂි......විහිළු මූඩ් එක ඔෆ් කරලා සීරියස් කතාවකට ශේන් ලෑස්ති වුනේ....."


"ම්...... මන් හැබැයි දන්නවා මොකක්ද ඔය කියන්න යන්නෙ කියලානං...."


"උඹ විහිළුවට ගත්තට දන්නවනෙ උඹේ සිටුවේශන් එක.....ඒක නිසා මෝඩ වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා....."


"දැන් උඹ දේශාන්ට මේ ගැන කියන්නෙ කවදද....."


"බලමු......"


"බලමු කියන්නෙ....උඹ දන්නවා ඕක කල් යවන්න යවන්න වෙන දේ......"


"ඔව් හේෂි..... නිසල් තාම දන්නෑ මේ කිසි දෙයක්..... හැබැයි දැන ගත්ත දාට උඹට තියා මටවත් ඉන්න වෙන්නෑ...."


"මං අද මේ හදිස්සියේ ආවේ ඩොක්ටර් සේනකව මීට් වෙලා....."


"මොකක්ද ශේන් ඩොක්ටර් කිව්වෙ..... "

නිතූව කලබලයෙන් ශේන්ගෙන් ඇහුවත් ඒ ගැන දන්න මම නිහඬව ම ඉදියා...


"ඩොක්ටර් කියනවා මේකිගෙ සර්ජරි එක ඉක්මනින් කරන්න ඕනෙ කියලා....මේ හරකිට කිව්වට මේක සීරියස් ගන්නෑ කියලා තමා ඩොක්ටර් මට කතා කළේ...."


"මේකි මේ දැන් වෙනකං කිව්වෙ නෑනෙ ඔය කතාවක් ඇත්තමයි.....මට.... එන කේන්තියක්....." නිතූව හෝ ගාලා බනිනවා....


"අහපං.....උඹට උඹව වටින්නැති උනාට උඹව වටින ගොඩක් මිනිස්සු ඉන්නවා....."

"හරි හරි බං......"


"හරි හරි නෙවේ... උඹ මං යන්න කලින් මේ සර්ජරි එක කරන්නෝනෙ.....අනික අනිද්දට මං එපොයිමන්ට් එකක් දාලා ආවේ ඩොක්ටර් මීට් වෙන්න....නිතූ උඹ එනවනෙ..."


"ඔව් ශේන්......ගිය පාර මට වැඩක් වැටුන හින්දා යන්න බැරි වුනේ.... නැත්නං මං අනිවාරෙන් මේකිත් එක්ක යනවා...."


"බලමුකෝ....."


"බලමු නෙවේ.....උඹ ආවේ නැත්නං මං කියනවා දේශාන් අයියට....."


"මොකක්ද මට කියන්නෙ....." හුටා......ඔය කළේ ගොං ගෑනි බූරු වැඩක්.....


"ආ....නෑ.... අයියේ....මේ...මං ඇහුව හේෂිගෙන් අනිද්දා දිහාට ශොපින් පාරක් දාන්න යමුද කියලා..... එයා කියනවා අයියගෙන් අහන්නැතුව යන්න බෑලූ..... "යකෝ.... මේකි හොද ගණන් උගන්නන්න නෙවේ බොරු උගන්නන්න....


මාත් ඉතින් ඒකිගෙ බොරුව තාත්වික කරන්න අහිම්සක හිනාවක් දාලා විරිත්තුවා....


"ම්.........ඒක මිසක්...... අපි යමුද..."මාව ශේන් ගාවින් ඇදලා අරන් කරටත් අත දාන් මේකා අහපි...... මං එහෙම්මම බැලුවෙ අරුන් දෙන්න දිහා....හිනාව දිරෝ ගන්න බැරුව මුන් දෙන්නා කොයි වෙලේ හරි පුපුරනවා....


"ශේන් .....අද වැඩක් නැත්නම් යමං අපිත් එක්ක....." මං මුකුත් කියන්න කලින් නිසල් අයියා පැන්නනේ... හැබැයි කිව්වට පස්සෙ තමා අයියාට සීන් එක මීටර් වුනේ.... දැන් ගිය නුවණ ඩෝසර් කරන්නයෑ......


දේශ් ඉන්නවා මරං කන සයිස් එකෙන්..... හොඳ වැඩේ අයියට......


"අද බෑ.... බං.....මට මිටින් එකක් හවසට..... අපි පස්සෙ දවසක සෙට් වෙමුකෝ..... නැද්ද ශාන්....සෙට් එකටම ටටා බායි ඒනං... "මගෙ ඔළුවත් අත ගාන් ශේන් ඒම කියල යන්න ගියා......


"සුදු අයියේ අපි යමු දැන්....."


ඔරවන් ඉන්න මයෙ මනුස්සයට සේප් න්‍යායෙන් පොත දැම්මේ ඔන්න පිපිරෙයි මෙන්න පිපිරෙයි හින්දා....


"ඔව් ඔව් යන් යන්.... "නිතූවත් උපකාරෙට සෙට් උනා....

"යං....."ඒම කියල මේකා මාවත් ඇදන් කාර් එකට නැග්ගෙ අරුන්ව අපේ පස්සෙන් එනකොට.....


වාහනේ යන ගමන් එක වචනයක්වත් කතා කළේ නෑ දේශ්....


"සුදු අයියේ....."


"ඇයි....."


"ඔයා කේන්තිද......"


"ඒ මොකටද......"


"ශේන් ආපු එකට...."


"මං මොකටද ඌ ආපු එකට කේන්ති ගන්නේ...."


"අම්බෝ ඇති යන්තං...." හුස්මකුත් පාත දාලා මං කිව්වාම.... දේශ් ටොක්කකුත් ඇනලා....


"මහ කෝලමක් බං උඹ නං........"කියපි.

ටික වෙලාවකින් අපි ආවේ බීච්........ අම්මේ.......දඩ බඩ ගාල දොරත් ඇරන් මං දිව්වෙ හත් අවුරුද්දක් කාලා නැති එකෙක් කෑම දැක්කා වගේ..... ඇත්තටම මං හරිම ආස තැනක් තමා මේ......


"හේෂි.......ඔහොම ඉන්නවා....... "දේශ් කෑ ගගහා පස්සෙන් එනවා...


"අල්ලයි මගෙ නැට්ට......"මාත් දේශ්ට ඇද කර දිව්වෙ පොඩි එකෙක් වගේ.....


"ඇයි තමුසෙ හිතන්නේ බෑ කියලද.....ඔහොම හිටපන්කෝ මං අල්ලගන්න....."


___________________________________

"අර බලන්නකෝ නිසල්...... අර දෙන්න අල්ලන සෙල්ලං කරනවා....."


"ම්...... ඔය අවුරුදු ගානකින් තමා ශාන් හිනා වෙලා ඉන්නේ..... ඌ දැන් තමා ජීවත් වෙන්නේ නිතූ......"


"අපිත් අර පැත්තට යමු....."


"යං....."

___________________________________


"අම්බෝ..... ඇති ඇති......මං එහෙම්මම වැල්ලෙ ඉඳගත්තෙ නටලා නටලා මහන්සි හින්දා......."ඒ එක්කම දේශුත් ඇවිත් මගෙ එහා පැත්තෙන් ඉදගත්තා......


"සුදු..... අයියේ.........."


"මොකෝ තමුසෙ බටර් ගාන්නේ....."


"අහන්නකො......මගෙ බඩේ පණු පැටව් ටික අයිස් කීං ඉල්ලනවා.......අරන් දෙන්න බැහ්...." දත් තිස් දෙකත් එළියට දාන් මං ඒම ඇහුවම දේශ් ඉන්නවා නිකන් පිටසක්වලයෙක් දිහා බලනවා වගේ.....


"උඹට පිස්සුද.... නැත්තං හැටිද....."


"හේ හේ..... අරං දෙන්නකෝ...."


"ඔතෙන්ට වෙලා ඉන්නවා....මං ගිහින් අරං එන්නං...."

ඒම කියල දේශ් ගියාට පස්සෙ තමා මට මතක් වුනේ අපිත් එක්ක ආපු ඩබලව.....

උන් දෙන්නා බංකුවකට වෙලා මල් කඩනවා..... පිං වැඩ වලට බාදා කරාම අපායෙ යනවලුනෙ...මං ඉතින් දිවිය ලෝකෙ යන්න ඉන්න හන්දා එයාලට බාධා නොකර වැල්ලෙ ඔහේ ඇවිද්දා...ඒ එක්කම මට මතක් වුනේ අන්තිමට ඩොක්ටර් මීට් වෙන්න ගිය පාර...

___________________________________

"හේෂි..... දරුවෝ......ඔයා පොඩි ළමයෙක් නෙවේනෙ.....මේ රිපෝට්ස්වල හැටියට ඔයාගෙ සිටුවේශන් එක ටිකක් සීරියස්.....ඒ හින්දා...."


"ඇයි ඩොක්ටර්......"


"මෙහෙමයි.... ඔයා ඉක්මනින්ම සර්ජරි එකට යන්න ඕනේ...."

"බලමුකෝ ඩොක්ටර්......"


"බලමු නෙවේ ළමයො......අපි කලිනුත් මේ ගැන කතා කලා...."


මං කළේ හිනාවුන එක....

___________________________________

"ආව්......... "පොඩි එකෙක් එවපු බෝලෙකට මං මේ ලෝකෙට ආවා.....


යකෝ අයිස් ගේන්න ගියපු එකා කොහෙ ගිහින් ද.......


මං හෙමින් හෙමින් ගියේ පාර පැත්තට.......ආ.....අර ඉන්නෙ අයිස් වෑන් එක ගාව......මොකෙද්ද අහුවෙලා කියෝනවා මේකා.....මනුස්සයො ඕක අතේ දියවෙයි.....

මේක හරියන්නෑ.....මංම ගිහින් අරං එනවා....ඇයි යකෝ අපරාදෙ අයිස් එක.....ඒම හිතලා මං හැදුවෙ පාර පනින්න..... ඒත්,


...............................................................


නිමාවක් නැති කොමාවකින් ආයෙත් හමුවෙමු.

...............................................................












Report Page