ආදරේ කාර්තු...💙✨

ආදරේ කාර්තු...💙✨

@BL_ack_Hear_T





(කෙටි කතාවකි)



රසිකයෙක් නැති රචකයෙක් 💙




දන්නවද ආදරෙ අමාරුම කාර්තුව දෙවනි කාර්තුව...💙!




රැළි පිට පිට ඇවිත් වැව් බැම්මෙ වැදිලා ආපහු යන්නෙ මං ආයෙත් බැම්ම සිපගන්න එනවා කියලා වැව් බැම්මට රහස් කොදුරලා වගේ.


රට වටේ මුහුදු තිබ්බට නුවර මුහුද තරම් කොහෙවත් සැනසිමක් තියෙනව කියලා මං හිතන්නේ නෑ.


ප්‍රේමනීය නගරයක් වගේම පුජනීය නගරයක් වෙච්ච කන්ද උඩරට මුහද වෙන මොකවත් නෙමෙයි මහා ජලකදක් දරාගෙන ලතාවට නැලවෙන නුවර වැව...!


නුවර මුහුද...,


ඇවිලෙන හිත් නිවන්න පුලුවන් මහා මායාවක්..එකින් එක රළින් රළ ඇවිත් වැව් බැම්මට ආදරෙයි කියන ලස්සන .. ඒත් කොච්චර ආදරෙයි කිව්වත් බැදීමක් ඇති නොකරගෙන වැව් බැම්ම ඒ ජලකද  රකින ලස්සන..


ඉතින් නුවර වැව කියන්නෙම ආදරේට ලස්සන නිදසුනක්...!




තනියම ඇවිත් නුවර වැව දිහා බලාගෙන ඉන්න එක අමුතුම හැඟීමක් උනාට,

ඒ හැඟීමට වඩා හරි අපූරුයි තමන් ආදරේ කරන කෙනා එක්ක නුවර වැව දිහා බලාගෙන ඉන්න එකහ්..!



තනියම තනිකම මකා ගන්න නුවර වැව දිහා බලාගෙන හිටපු කාලයක් මටත් තිබ්බා,

හරියටම මීට අවුරුදු හතරකට විතර කලින්.


හැබැයි දැං ඒ දේ වෙනස් වෙලා,


දැං මං නුවර මුහුද දිහා බලාගෙන ඉන්නෙ මේ ලොකේ මං ආසම උණුහුමට තුරුළු වෙලා, නිකං නෙමෙයි පිස්සියක් වගේ කියව කියව.


වැව දිහා ඇස් රදවාගෙන කියව කියව හිටියත් මං දන්නව ඒ ඇස් දිලිසි දිලිසි හැරිලා තියෙන්නේ මගේ පැත්තට කියලා. එතකොට මටත් නොදැනිම මාව රතු වෙලා යනවා.


නුවර වැව දිහා බලාගෙන හිත හිත.ඉද්දී ආපු සීතල සුලගත් එක්ක මං තවත් ඒ පපුවට තුරුළු උනේ මං ආසම නමක් දෙන්න බැරි එයාගේ සුවද මගේ නාස් පුඩු හරහා පපුවටම යද්දී...




' මොකද සුද්දී ම්ම්ම්...  සීතයි නේද...?තවත් ගුලි වෙන්න පුලුවන් ද...?පිස්සී මෙහෙ එනවා... ඕවගේ කිරි නෑ හෙව්වට'


තවත් මං ඒ පපුවට ගුලි උනේ එයා හිනා වෙවිම මාව ඇදලා ඔක්කට අරං තුරුල් කර ගනිද්දී..


රාද්..

මගේ රාද්..

අවුරුදු හතරක මගේ ආදරේ...

දැං,

ජීවිත කාලෙටම මගේ සැමියා...

හැම ආත්මෙකම මං පතන එකම පිරිමියා..



හැමදාම වගේ ඒ පපුවෙ උණුහුම ඕනෙවටත් වඩා දැනෙද්දී මං ඒ පපුතුරට හේත්තු උනේ අරිච්ච බොත්තම් දෙකෙන් නිරාවරණය වෙච්ච එයාගේ පපුවට පුංචි හාදුවක් තියෙන ගමන්..

වෙනද වගේ ම ඒ හද ගැස්මට හිත දෙන ගමන් පපුව උඩම ඇස් පියා ගත්තෙ හිතට පුදුමාකාර සැනසීමක් දැනෙද්දී. මෙච්චර කල් හිතින් අපේ වෙලා හිටපු අපි ඊයෙ දවසෙදි නීතියෙන්ම අපේ උනේ ආත්මීයවම අපේ උනේ කවදාවත් අත් නොහරින වචන මත. එයත් මාව තවත් පපුවට තද කර ගන්න ගමන් මාව තවත් තුරුළු කරගෙන බෙල්ල අස්සෙ මූණ හංගගත්තෙ මං තව තවත් ඒ පපුවට තුරුළු වෙද්දි..



මං ආසයි මේ නිහඩ කමට.., වචනයක් වත් කතා නොකර ආදරේ දැනෙන්න දෙන මොහොතට...එයාටයි මටයි කතා කරන්න ලෝකයක් දේවල් තිබ්බත් එක විනාඩි දහයක් හරි නිහඩව ආදරෙ කරන්න පුරුදු වෙලා හිටියෙ එයත් ආසම නිසා..


අපේ හුස්ම සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් අපි දෙන්නා අතර නොතිබුනත් මේ මොහොතේ ආදරෙ ඕනෙවටත් වැඩිය අපේ හිත් වලට දැනුනා.


ඒ ආදරෙ නුවර වැවටත් දැනෙන්න ඇති, ඒකයි මෙච්චර වෙලා කලබල වෙලා හිටපු එයත් සංසුන් වෙන්න ඇත්තෙ.

විනාඩි ගානක් අපි දෙන්නා තුරුල් වෙලා නුවර වැව දිහා බලාගෙන හිටියා. ඒ නිහඩ බව බිද්දෙ එයා. මගෙ කෝපි පාට පිරිමි ළමයා.



' දන්නව ද මැණික.. ආදරෙත් තියෙනවා කාර්තු...!'



" කාර්තු...! ආදරේ කාර්තු...!"



ඒ පපුවටම තුරුල් වෙලා මං පුදුමෙන් ඇහුවෙ මේ කවිකාරයා හරි ගැඹුරුයි කියලා අත්දැකීමෙන් දන්න නිසා.



' ඔව් ආදරේ කාර්තු...! '


" ම්හ් අහල නෑ.."


' ආදරේට තියෙනවා කාර්තු තුනක්...! '


" තුනක්...!"


' ඔව්...'


" මොනවද රාද් ඒ..."


' සුද්දී, පළවෙනි කාර්තුව.... සම්බන්ධයක, ආදරයක ආරම්භය..! පණට පණ දීගෙන හරි ආදරෙන් කාලෙ ගෙවෙන, කිරියි පැණියි වගේ ගෙවෙන හරි ලස්සන කාලයක්..! ආදරේට එක එක නිර්වචන දෙන කාර්තුවක්...! අනිත් කෙනාට කොච්චරක් ආදරෙයිද කියලා පැහැදිලි කරන කාර්තුවක්..! එකිනෙකාව තනි නොකරන්න පොරොන්දු දෙන කාර්තුව...! කොටින්ම කිව්වොත් ආදරේ ප්‍රකාශ කර ගන්න දගළන තැන ඉදලා යම්  ආදර සම්බන්ධයක මුල් කාලෙ අයිති පළවෙනි කාර්තුවට...ආදරයක ආරම්භක කාර්තුව..!'



" රාද්...! "



' දෙවනි කාර්තුව..., හේතුකව හෝ අහේතුකව මඟ හරින මඟ හැරෙන, රිදෙන රිද්දන කාර්තුව..! මේ කාර්තුව කියන්නේ ආදරෙදී තියෙන ටිකක් අමිහිරි කාර්තුව  කියලයි. හැබැයි මට අනුව ආදරේ තියෙන ලස්සනම කාර්තුව දෙවනි කාර්තුව...!'



" ඒ ඇයි...!"



'  දන්නවා සුද්දී..? දෙවනි කාර්තුවෙදි තමයි දෙන්නට දෙන්නා හරියටම අදුන ගන්නෙ.. අනිත් කෙනාගේ ගතිගුණ ගැලපීම් නොගැලපීම් අඩුපාඩු හරි වැරදි හොද නරක මේ හැම දෙයක් ම අදුන ගන්නෙ දෙවනි කාර්තුවෙදි..! හදුනා ගැනීමෙ කාර්තුව තමයි ඒ..ආදරේ කරන දෙන්නෙකුට දරා ගන්න අමාරුම කාලය මේ...! අනිත් කෙනාත් එක්ක තමන්ව සන්සන්දනය කරන්න යනවා, එයාව තමන්ගෙ විදිහට වෙනස් කරන්න හදනවා, නොගැලපෙන තැන් කොහොම හරි ගලපගන්න බලනවා. කොටින් ම කිව්වොත් හැලහැප්පීම් රණ්ඩු සරුවල් වචන හුවමාරු වැඩිම කාලෙ..! රූපෙන් නමින් වටපිටාවෙ න් අදුන ගෙන ආදරෙ කරපු මිනිස්සු ඇතුළතින් ම අනිත් කෙනාව අදුන ගන්න කාලය..! දරා ගන්න හරි අමාරුයි.  සමහර මිනිස්සු ඉන්නවා දෙවනි කාර්තුවෙන්ම ගේම අත අරිනවා.මොකද එයාලා ආදරෙ කරන්නෙ පිටතින් තියෙන දේට මිසක් ඒ මනුස්සයාගේ ඇතුලත ට නෙමෙයි. කොටින් ම කිව්වොත් මනුස්සෙකුට අනිත් කෙනාව තේරුම් ගන්න බැරි උනොත් දෙවනි කාර්තුව කියන්නේ මහ අමිහිරි කාලයක්...!ඒ උනාට ඒ තමයි ආදරෙ ලස්සනම කාර්තුව..! '



" ඈ..."


' ඔව් , තමන් ආදරෙ කරන කෙනා තමන්ව අදුන ගන්න උත්සාහ කරන, නොගැලපෙන තැන් පුලුවන් තරම් ගලපන, වැරදි අඩුපාඩු පෙන්නලා දෙන, අනිත් කෙනාව දරා ගන්න උත්සාහ කරන ආදරණියම කාලයක් තමයි දෙවනි කාර්තුව..! හැබැයි හැම කෙනාටම නෙමෙයි..තමන්ව තේරුම් ගන්න බැරි කෙනෙක් හමුඋනොත් ඒ මනුස්සයට එක තමයි ආදරෙ අමිහිරි ම කාලය..!'



" එතකොට තුන්වෙනි කාර්තුව..."



' තුන්වෙනි කාර්තුව... මේ කාලෙ දැනෙන හැගිම විදින්න හැමෝටම එක වගේ වාසනාව නෑ...! තමන් පැතුව කෙනා එක්ක මේ කාර්තුව ට එන්න හැමෝටම පින නෑ. මොකද අල්ල ගත්ත ගොඩක් අත් දෙවනි කාර්තුවෙදි අත ඇරෙනවා..! ඒක මිනිස්සුන්ගෙ වදරක් කියන්නමත් බෑ.. ඕනිම කෙනෙක් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා අනිත් කෙනාගෙන්..ඒවට හාත්පසින්ම වෙනස් දේවල් නම් ඒ ආදරෙ ඇතුලේ තියෙන්නේ ඒ මනුස්සයො අත් අරින එකෙ වරදක් නෑ. මොකද අමාරුවෙන් හරි ගලපන්න බැරි තරමට නොගැලපීම් තියෙනවා නම් අත හරින එක තමයි හොදම දේ...!'


" අනේ මන්දා රාද්, පුලුවන් ද අත ඇරලා ජිවත් වෙන්න.."


' අන්න තැන සුද්දී.. අත් අරින්න තරම් බොලද නොවන ආදරවන්තයො හරි ලස්සනට තුන්වෙනි කාර්තුව විදිනවා හරියට අපි වගේ.. ආදරේ කරද්දී දරා ගන්න පුරුදු වෙන්න ත් ඕනි... දෙවනි කාර්තුවේ දි අනිකාව දරා ගත්තාම තුන්වෙනි කාලයට නිකන්ම දොර ඇරෙනවා. ආදරයක ලස්සන ම කාලයක් තමයි තුන්වෙනි කාර්තුව..! නොගැලපෙන තැන් පුලුවන් තරම් ගලපගෙන ජීව්තේ පුරාවට ඉන්න දුන්න පොරොන්දු රැකගෙන ලස්සනට ආදරෙ ගලායන කාලයයි..! මේ වෙද්දි දෙන්නට දෙන්නා හරියටම අදුන ගෙන..! ගතිගුණ හරි වැරදි හැම දෙයක්ම හොදට තේරුම් අරං.. රණ්ඩු හැලහැප්පීම් අඩුම කාලය..! ඉතින් මිනිස්සුන්ට අනුව ආදරෙ ලස්සන ම කාර්තුව තුන්වෙනි කාර්තුව...!'




" හරියට අපේ කතාව වගේ..."


' ඔව් අපේ කතාව වගේ, කාත් කවුරුවත් නැති මැරයෙක් වෙච්ච මාව ලංකාවේ හොදම බිස්නස්මන් වෙන තැනට ගේන්න ඔයත් මේ කාර්තු තුනම පහු කලා...! මටවත් මාව දරා ගන්න අමාරු තැන් වලදි මාව දරා ගත්තා..! නුවරම හොල්ලපු රාද් කියන මැරයා ඇතුලේ හිටපු සංවෙදී කොල්ලව, පීඩිත කොල්ලව ඔයා තේරුම් ගත්තා...! එකයි මං කිව්වෙ මට ලස්සනම කාර්තුව දෙවනි කාර්තුව කියලා.. මොකද කවදටත් වැඩිය ආදරේ මට ඒ කාලෙදී දැනුනා...! ඉතින් මේ අපේ කතාව තමයි ආදරේ කාර්තු වලට හොදම නිදසුන..! බැරි වෙලාවත් ඔයා මාව දරා ගන්න බැරිව දෙවනි කාර්තුවෙදි මාව අත ඇරලා දැම්මනං සමහර විට රාද් මේ වෙද්දි බෝගම්බර කූරු ගනිනවා නැත්නම් කොළ නැති ගහේ...'



" රාද්හ්...."



' ඇත්ත මැණික, දුෂ්කරම කාරතුවෙදී මාව දරා ගත්ත උඹව රැජිනක් වගේ රකින එක තමයි මගේ හීනේ...'



මගෙ හිස් මුදුනත් සිඹින ගමන් රාද් කියන්නේ මගේ ඇස් වලින් කදුලු කැට වැටෙද්දී..

මං එහෙම්මම තවත් පපුවට තුරුළු උනේ ඒ දෙතොල් මගේ නළලෙ ස්පර්ශ වෙද්දි. හැමදාම වගේ ඇස් පියාගෙන ඒ හාදුව විද ගත්තෙ මහ සැනසිමක් දැනෙද්දී...



බැහැගෙන යන ඉරට සමු දෙන්න නුවර වැව ලස්සනට හැඩ වෙද්දි අපි දෙන්නා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ ලාවට මිශ්‍ර වෙච්ච අදුරත් එක්ක නුවර අමුතුම සිරියක් ගද්දී..


මට හිතන්නවත් වෙලාවක් නොතියා ඒ අත් අතරට මාව හරහට ගත්තෙ මාත් එයාගේ බෙල්ල වටේ අත් යවලා එයාට තුරුල් වෙද්දි..

මාවත් හරහටම වඩාගෙන නුවර වැව් ඉවුර දිගේ ඇවිදන් ගියේ වටේ පිටේ හිටපු කපල් විසිල් ගහද්දී...




ආදර්ටත් තියෙනවා කාර්තු...!












                                           ❄️




දන්නවද ආදරේ කාර්තු...!


දෙවනි කාර්තු

ව තමයි දරා ගන්න අමාරුම කාර්තුව..!

අමිහිරි ම කාර්තුව...!


නෑ නෑ,


මට නං ඒක තමයි ආදරයේ ආදරණියම කාර්තුව...!












දැනුන දේ කියාගෙන යම් ...💙✨





Report Page