ආදරෙයි ද මට

ආදරෙයි ද මට

dew

(3 කොටස)




"මට ඇති අමාරුවක් නෑ තමුසෙලාව අරන් ගිහින් කරවල වේලන්න ඕයි...මම විහංගිගේ පුංචිගේ පුතා... තමුසෙලා දෙන්නව ගිහින් දාන්න කියලා ඒකි මාව එව්වේ... කහනවට ආවේ නෑ අරකිගෙන් කනක් ඇහිලා ඉන්න නෑ ඒකයි ආවේ"


උබ එහෙනම් මට එහෙම කලා දෝනි... උබට මාව විහිලුවක්ද යකෝව්... මම මූට අකමැතියි කියලා දැන දැනත් මූව එව්වේ අපිව ගිහින් දාන්න...පඩ බෙස්ටි...මම නම් යයි අඩුම මගේ බල්ලගේ කිනිතුල්ලෙක්ගේ කිනුතුලු පැටියෙක් වත් මූත් එක්ක යයි කියලා ඔයාලා හිතනවද.. මේකිගේ අර ලස්සන චූටි අයියව එව්වනම් ඕකිට හෙන ගහනවද


"හරි අයියේ අපි යමු... අයිවි ඔයත් නගින්න"


මම නැග්ගෙ නෑ අරකි නැගලත් ඉවරයි...මම කට වහන් හිටියා ඒත් අරූ කට ඇරියම මට යකා නැග්ගා


"දැන් තමුසෙට බුලත් දෙන්න ඕනිද මේකට නගින්න"


"මම එන්නෑ ඕයි ඕන තූත්තුකුඩියක යනවා මේකිවත් අරගෙන"


ටිකක් සද්දෙට කෑ ගහලා කිව්වම අරකිත් බහින්න හැදුවේ... ඒවා කොහෙද අරකිට බහින්න නොදී ඒකිවත් දාගෙන ගියේ අපි සැලෙයි ඕවට ගොටුකොළ තිම්රිසනා හිටාම්කෝ සීනිගම දේවාලෙට ගිහින් ඕකට පොල් ගෙඩියක් ගහන්න මට කරපු හතුරුකම් වලට ...අමතක නෑ මට අවස්තාවක් එනකන් බලන් ඉන්නේ පලිගන්න පොල් ගෙඩි දෙකක්ම ගහනවා...

.

.

.

.

.

හෙන අව්ව අනේ... තරහා මරහා පැත්තකට දාලා අරූ එක්ක එතනට යනකන් හොදට ගිහින් ආයේ තරහා වෙන්න තිබුණනේ කියලා හිතෙන්නේ දැන් තමයි ... කිලෝමීටර් භාගයක් විතර ගියා කකුල් දෙක රිදෙනවා අරකිගේ පුටාර් එකවත් තිබුණනම්...

.

.

.

.

.


හපොයි ඉස්සරහ කොල්ලෝ රංචුවක් කලින් දැකලා නෑ එවුන්ව රස්තියාදුකාර පාටයි...දැන් හරිනේ අහවල් එකේ අමාරුව...මම තනියම නොදන්න ගමක අනික පලවෙනි පාරට ආවේ... පොඩිවට බයක් දැනෙනවා... දැන්නම් මට යන්න බෑ බෑ වගේ එකකුත් දැනෙනවා ආයේ වියා කෙල්ලගේ ගෙදරට හැරිලා යන්නත් හිතෙනවා...


මම එහා පැත්ත හැරෙන්න හැදුවේ ආයෙත් අරකිලෑ දිහාටම යනවා කියලා හිතාගෙන එතකොටම ඈතින් ආයෙත් බොටකදයා එනවා... අරකිගේ පුංචිගේ පුතා මේ පාරත් මාව හරස් කරලම ඌගේ බයික් එක නතර කලා බෑනේ කොරන්ට මේක


කට කොනේ හිනාවක් දාන් බලන් ඉන්නවා මං දිහා ඊට පස්සේ ඉස්සරහා ඉන්න කොල්ලො ටික දිහාත් බලලා දැන් සැපද උබට වගේ මූඩ් එකක් දැම්මා...


අනේ හිතන් ඇති මම දැන් මූගෙන් සමාව අරන් අනේ මාව ගිහින් දාන්නකෝ කියයි කියලා... මෙතන රෑ වෙනකන් හිටන් හිටියත් මම මූට සකන්ඩ් වෙන්නෑ... රැව්වා ඌව කොර වෙලා යන්නම


"මොකද උබ රවන්නේ"


"ඇයි මට රවන්න බැරිද"


"උබට හොදට රවන්න පුළුවන් ඒත් මට රවන්න එන්න එපා උබ"


"ඇයි මට මොනා කරන්නද මම මට ඕනි එකාට රවනවා"


"නැගපන්"


"බලන් හිටහම් මම නගීද කියලා..."


තව හොද දෙකක් කියන්න කට හදනකොටම මේකා බයික් එකෙන් බැහැලා ඇවිත් මාව ඌගේ අත් දෙකෙන් උස්සන් ගිහින් බයික් එක උඩින් තියලා ඌත් නැගලා යන්න ගත්තා... මොකද්ද ඒ උනේ මෙයැයි හෙනට කන්පියුස් වෙලා ඉම්නේ...මේක සයිබර් ඇටෑක් එකක්...


හොද සිහියට ආපු තප්පරේම අතක් ගුලි කරලා යගුලිය වගේ හදලා දුන්නා හොදවයින් අරූගේ කොන්දට පාරක්... මොකක්ද ඌ කලේ මාව බලෙන් දාගත්තා මූගේ බයික් එකට... හිතන් ඉන්නේ මං කවුරු කියලද දන්නෑ...ඔයාලම හිතන්න අද දැක්ක එකෙක් මාව උස්සලා ඌගේ වාහනේට දාගෙන පැදගෙන යනවා මම කට වහගෙන ඉන්න ඕනිත නෑනේ...මේක හරි කෙලියක් උනානේ යකෝ...


"මොනාද ඕයි වෙලා තියෙන්නේ උබට... ඔය හොදට තියන අත් දෙක මට කියලා කුඩු කරගන්න ඕනිද"


"මට මුකුත් වෙලා නෑ තමුසෙට පිස්සුද ඕයි මාව දාන් ආවේ දන්නෑ මගේ හැටි කනවා උබව මම "


"අනේ වහගනින් ඔය ලැට් වල මේ ඇලට විසිකරලා යනවා උබව වැඩිය කට දාන් ආවොත්..."


"මගේ කට වහන්න තමුසේ කවුද ඕයි නවත්තපන් මේක මාව හලලා පල මෙතනින් "


"බෑ උබව මෙතන හලලා ගියාම කරවල වාඩියට විකුණන්නෙ කාවද"


මොකක් ඒකටනම් හික් ගෑවුනා මූ මාව ඇත්තටම විකුණන්නද ලෑස්තිය හිතන් ඇති මාව විකුණලා සල්ලි ගන්න මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා උබ දන්නෑ මේ අයිවිගේ හැටි...


"නවත්තපන් මේක හොද හිතින් කියන්නෙහ් කෑ ගහනවා මම මට අතවර කරනවා කියලා"


ම්හූ ඇහෙන්නෑ වගේ යනවා මූ මට දැන් තමයි යකා නගින්නෙ මම ආස නෑ මූ එක්ක යන්න මගේ ලොකු කම තමයි මම පිලිගන්නවා... ලොකුකම ඇත්තම කිව්වොත් මගේ ඇගේම තියන දෙයක්


"ගෙදරයට යන පාර කියපන්"


"කියන්නෑමයි"


මගෙන් ගෙදරට යන පාර ඇහුවට නොකීව නිසා මාවත් අරකිගේ ටියුෂන් ක්ලාස් එක ගාවටම ගිහින් දාලා මූ යන්න ලෑස්ති උනේ මට ඇත්තටම කේන්තියි ඇයි කියන්න මම දන්නේ නෑ මෙච්චර කේන්තියක්


"බැහැපන් තවත් මාව බදාගෙන මේක උඩ ඉන්නේ මගුලටද"


"පුදුම අමාරුවක් නේ තමුසෙට තියෙන්නේ ඕයිහ් මම එපා කියද්දීත් මාව දාන් ආවේ මගුලටද"


"දැන් පලයන් ඕනි තූත්තුකුඩියක හිතන්න එපා අමාරුවට උබව ගෙනත් දැම්මා කියලා අර ගංජාකාරයොක්ට උබව හම්බුනානම් උබේ කෑල්ලක්වත් උන් ඉතුරු කරන එකක් නෑ මනුස්සකමට උදව් කලේ උබට"


බැනලා බැනලා ගියා මට... මොකද්ද උනේ ඇත්තටම මොනා උනත් මමත් ටිකක් වැරදියි නේද හලෝ උදව් කරපු මනුස්පයටනේ එක එක ඒවා කිව්වේ මට හරි අවුල් ටිකක් විතර ...මගේ බ්‍රේක් නැති හැකර කටයි ලොකුකමයි නිසානේ මේ හැමදේම


ගෙදර ඇවිත් මම හෙනට කල්පනා කලා නාලා සමපෝෂයකුත් කාලා ටිකක් පාඩම් කලා හෙට ස්කූල් යන්න හැමදේම ලෑස්ති කරලා මගෙ වියා කෙල්ලට මැසේජ් එකක් දැම්මේ මට මගේ වැරැද්ද හදා ගන්න ඕනි කියලා හිතුන නිසා...


"සුදාම්මි ඔයැයිගේ පුංචිගේ පුතාගේ නම්බරේ එවන්නකෝ"


"හරි චූටි හිටින් ටිකක්"


වියා කෙල්ල මුකුත්ම මගෙන් අහන් නැතුව නම්බර් එක එව්වා මම ඒකට මැසේජ් එකක් දාන්න කලින් වැරදියට හිතයි කියලා බය හිතුන නිසා සීන් එක කියලා ඒකිටත් වොයිස් මැසේජ් එකක් සෙන්ඩ් කලා...


ගැටුම් සමතනයේ ලේසිම සහ මුදල් අවම ක්‍රමයක් වන සාකච්ඡා ක්‍රමය මුලින්ම අත්හදා බලන්නයි සූදානම හරි ගියේ නැති උනොත් වියා කෙල්ලව මැදිහත් කරු වශයෙන් යොදාගෙන මැදිහත්කරණය උත්සහ කරලා බලනවා...


"හායි"


"හවස උන දේට සොරි"


"වරදක් කලත් සිතකින් නොවේ"


"අපි පරන තරහා මරහා අමතක කරලා යාලුවෝ වෙමු තේ"


සීන් කලා දාපු පමාවෙන් ...ඒත් රිප්ලයි කලේ නෑ උගේ ගෑස් බලන්න ඕනිද මම... හෙන ගහන්න ඕනි...පරන තරහා මරහා අමතක කරමු කියලත් කිව්වා...මැසේජ් ටික ඩිලිට් ෆෝ එව්රිවන් කලා මම මොකටද එච්චර සකන්ඩ් වෙන්නේ සේව් කරපු නම්බර් එකත් අන්සේව් කරන්න හැදුවේ ඒත් මූගේ ස්ටේටස් ඇවිත් මට ඒ කියන්නේ මේකා මාව සේව් කරලද...


ඉතින් මම බැලුවා එයාගේ ස්ටේටස් එක මයි එව්රිතින් කියලා ලස්සන කෙල්ලෙක්ව ස්ටේටස් දාලා එයැයිගේ Girlfriend වෙන්න ඇති...

.

.

.

.


උදේම නැගිටලා ලෑස්ති වෙලා ස්කෝලෙට ගියේ අද උදේට ඉංග්ලිෂ් මෝනින් බ්‍රෝඩ්කාස්ට් එක තියන නිසා... මමයි තව ළමයි දෙන්නෙක් එකතු වෙලා තමයි කරන්නේ ඒක හැමදාම සදුදා උදේට කරන්න ඕනි... අපේ ස්කූල් එකේ ඉංග්ලිෂ් ක්ලබ් එකෙන් ඒක කරන්නේ මම ඒකේ ලීඩ නිසා මට තමයි මේ වැඩේ භාර දීලා තියෙන්නේ...මෙයැයි මෙහෙම හිටියට හෙන දස්සයා


උදෙන්ම ගිහින් 9 වසරේ පොඩ්ඩවනම් අහුලගෙන අපේ මෝනින් බ්‍රෝඩ්කාස්ට් එක දෙන රූම් එකට ගිහින් ලෑස්ති උනා පෙර සූදානම ඉතින් නැත්තන් මුළු පාසලක් ඉදිරියේ රෙදි ගැලවෙනවනේ...11 වසරේ එකී බ්‍රෝඩ්කාස්ට් එක පටන් ගන්න විනාඩි දෙක තුනක් තියලා ආවා...


" අක්කේ සොරි මට වෙලා ගියානේ "


"ඒකට කමක් නෑ පොඩ්ඩියා ලෑස්තියිනේ නේද පාසල් ගීය ප්ලේ වෙලා ඉවර උනාම අපි පටන් ගන්න ඕනි"


"ඔව් අක්කේ අවුලක් නම් නෑ ඔයා පටන් ගන්න හොදද Birthday wish එකෙන් පටන් ගමු"


"හරි එහෙම කරමු මම එකටම පටන් ගන්නම්"


මට කොච්චර මෙතන බ්‍රෝඩ්කාස්ට් එක කරලා තිබුණත් වෙව්ලනවා අද නම් සාධාරණ බියක් තියනවා රෙද්ද තෙමෙයි කියලා... මයික් එක අතට ගත්ත ගමන් චූ යන්න වගේ"


Good morning I'm thrilled to be here with u all ready kick start our morning with positivity and inspiration so I'm Ivee.......

.

.

.

Welcome to the weather forecast......

.

.

.

I invite grade 9 Mahiru to recite a poem.....

.

.

.


කොහොමින් කොහොම හරි ඊයේ ප්‍රැක්ටිස් කරපු නිසා වෙනදට වඩා හොදට බඩු බනිස් නොවෙන්න අපි ඉංග්ලිෂ් බ්‍රෝඩ්කාස්ට් එක කලා ඊට පස්සේ අපි තුන්දෙනත් එකක්ම එතනින් එළියට ආවේ පන්ති වලට යන්න කියලා ඒත් එතනදි හම්බුනේ අපේ ඉංග්ලිෂ් ක්ලබ් එක භාර මිස් එක්ක අරකිගේ පුංචිගේ පුතා මෙයැයිලා දෙන්නත් අදුරනවා වගේ


"ඊළග දවසේ ඉදලා මෙයාවත් බ්‍රෝඩ්කාස්ට් එකට ජොයින් කරගන්න අයිවි"







💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐



අද නම් කොටස අවුල් ඇති මට දවසම පන්ති ඒ අස්සේ මේකත් ලිව්වේ



Report Page