ආදරෙයි ද මට

ආදරෙයි ද මට

dew



Dew:

ආදරෙයි ද මට (2 කොටස)


තමන්ව හොදින් තේරුම් ගන්න හොරු බොරු නැති තමනගේ ඕනිම දෙයක් කියන්න පුළුවන් විශ්වාසවන්ත පිස්සු යාළුවෙක් ඉන්නම ඕනි අපිට අපේ ජීවිතේට... හොදම යාළුවෝ එක්ක ඉද්දි අමුතු චරිත රගපාන්න ඕනි නෑ වියා කෙල්ල ගාවදි මට මංම වෙන්න පුළුවන් එයා ඇත්තටම හොද යාළුවෙක් නෑ සහෝදරියක්...


"කොහෙද යකෝ ඉන්නේ...මමයි අචියි දන්න ටික ආවා... මෙතනින් එහාට ඔයාලගේ ගෙදරට එන්න දන්නේ නෑ ..."


"හරි හරි සුදු ඔතන හිටාම් මේ පුටාර් එකේ එන ගමන්"


"හරි හරි ඉක්මනට වරෙන් "

.

.

.

.

.


උදෙන්ම මමයි අචිනියයි ලෑස්ති වෙලා ආවේ මගේ ටකරං කුමාරිගේ නිවස කරා යන්න... මේ පලවෙනි වතාව එහේ යන... ඒක නිසා යන්න පාර දන්නේ නෑ ඒකි ඔය එනවැයි කිව්වේ ඒකිගේ පුටාර් එකේ අපිව එක්ක යන්න...


විනාඩි පහක් වගේ යනකොට ඈතින් එනවා... දාඩිය දාගෙන පාගගෙන එනවා මේකි... හිනාව නවත්ත ගන්න බෑ ඒකිගේ පුටාර් එක දැකලා...තව ටිකෙන් රෙද්දත් තෙමෙනවා මම මෙහෙම හිටියට හෙන චූ බරක ඉන්නෙත්... ඊටත් වඩා හෙන පොෂ් විදිහට ඇදලා... සයිඩ් බෑග් එකකුත් දාගෙන කොණ්ඩෙත් එහෙමත් කඩා දාලා උදේම නාලාද කොහෙද... පුට් සයිකලයක් පැදන් එනවා...


"මිහිරාව ආවා"


"ඇයි බං ඔය සයිඩ් බෑග් එකක් දාන් ආවේ අවධානෙද ඉල්ලන්නේ මේ බියුටිපුල් නංගි"


"ආහ් කෙල්ලේ මේ පෝන් එක අතේ තියන් පදින්න බෑනේ... ඒක දාන් ආවේ මේකේ"


"ගොඩක් දුරයි ද බං තව"


"ඔව් බං තව කිලෝමීටර් තුනක් විතර යන්න තියනවා"


"මේ එහෙනම් ඉක්කමනට යමු බං අචිනියට එක වෙද්දි යන්න ඕනිලු... ටියුෂන් ක්ලාස් එකක් තියනවලු"


"හරි කෙල්ලේ උබ නැගහන් ඉස්සරහින් එහෙනම් අචිනියා ඔයා පිටිපස්සෙන් නගින්න කෙල්ලේ"


"ඖලක් නෑද...උබට පුළුවන්ද බං අපිව දාන් පදින්න"


"ඖලක් නෑ ඖලක් නෑ..මට මොනවද බැරි... එහෙනම් ලෑස්තියිනේ සැරසේන් එලවේන් යා..."


මම ඒකිගේ පුටාර් එකට ඉස්සරහින් නගිද්දි අචිනියා පිටිපස්සෙන් නැග්ගා අම්මෝ මේක නම් නියමයි... අරකි දාඩිය දාගෙන පාගනවා... අචියි මායි හුලග කපාගෙන ඉදිරියට යනවා...මගේ එකී පාගන අතරේ මම සිංදුවකුත් කියන්න ගත්තා


"ආවු සුනාවු ප්‍යාර්

කිකේ එක හානි

ඒකක ලඩකා

ඒක ති දිවානි....."


.

.

.

.

.

.

.

අපිට දර්ශනය වෙනවා ඉදිරියේ යම් කිසි සිදුවීමක් ... කාර් එකක් නතර කරලා පාර මැදම දොරත් ඇරගෙන එකෙක් බහිනවා පුදුම මිනිස්සු තමයි මෙයලත් පාර මැද ඔහොම වාහන නවත්වනවද...


"අයින් වෙයන් මිනිහෝ මේකේ බ්‍රේක් නෑ"


"ඕක වහලා පැත්තකට වෙයන් බල්ලෝ "


"තොගේ කනේ පොට ගිහින්ද යකෝ"


වියා කෙල්ල කෑ ගහද්දි කාර් එකේ දොර වහලා කොහොම හරි එතන හිටපු එකා පාරෙන් එහා පැත්තේ වල් ගොඩට පැනලා බේරුණා... අපිත් ඉදිරියට ගියා වියා කෙල්ලගේ පුටාර් එකේ...මේකි කපාගෙන ගියපු විදිහට එතන හිටිපු කෙනාව හරියට දැක්කේ නෑ හැබැයි කොම්ලෙක් වගේ වියා කෙල්ල එයැයිව දන්නවා වගේ...


"කවුද බං අර කාර් එකෙන් බැස්සේ"


"පුංචිගේ පුතා බං"


"ඌ මොකද පාර බදු අරන්"


"ඔතනින් එහාට ඌගේ කාර් එක දාන්න බෑ බං පාර චූටි වැඩී"


"ආහ්"

.

.

.

.

.


දැන්නම් හෙන කන්දක්... මේකිට බෑ තවත් පාගන්න... ඒක නිසා අපි දෙන්නම බැස්සා... ඒකිත් බැහැලා ආවා... ඊට පස්සේ අපි තුන්දෙනා වල් පල් ටිකක් දොඩව දොඩව පයින් ගියා...


මම ඊට පස්සේ මේකිට කිව්වේ මට පෝන් එකට කාඩ් එකක් ගන්න ඕනි බං ඒක නිසා හොද කඩයක් බලලා කියන්න කියලා... ඇත්තටම කාඩ් එකක් ගන්න නෙවෙයි ඕනි උනේ ගෙදරකට යද්දි නිකන් යන්න බෑනේ මොනාහරි ගන්න එපැයි... මේකිට කිව්වොත් අපිට මුකත් ගන්න දෙන්නේ නෑ ඒකයි බොරුවක් ඇද බෑවේ...


කඩයක් හම්බුනා...මමයි අචිනියයි දෙන්නා අරකිව පාර මැද හිටවලා කඩේට ගිහින් බිස්කට් එකකුයි පොඩි කේක් එකකුයි සුදුලූණු මුරුක්කු ග්‍රෑම් සීයකුයි ගත්තා... තව ටිපි ටිප් එකකුත් ගත්තේ යනකොට අපිට කන්න...


ඊට පස්සේ ආයෙත් අපි තුන් දෙනාම ටිපිටිප් එකත් කකා යන්න ගත්තා විනාඩියක් නෑ ටිපි ටිප් එකට වෙච්චි දෙයක් නෑ... සෝමාලියාවට පාන් කෑල්ලක් දුන්නා වගේ තමයි ටිපි ටිප් එක ලෙෆ්ට් උනේ...


අපි ඔහොම එද්දි අපිට මගදි හම්බුනේ ඇන්ටි කෙනෙක් එක්ක ආව චූටි කොල්ලෙක් පෙර පාසල් වගේ ඇති එයා වියා කෙල්ලගේ අසල්වැසි වෙන අයද කොහෙද ඒ ඇන්ටි ඒකිටයි අපිටයි හිනා උනා...මමත් හිනා උනා ඉතින්...ඒ පොඩි එකා අපිට ෂෝයි එකට කතා කලා හරි හුරතල්...අදමයි දැක්කෙත් මට බායි අක්කේ කියලත් ගියා... පුදුමයි නේද...


"ෂෝයි කොල්ලා නෙහ්"


"කවුද"


"අර චූටි කොල්ලා"


"උබ දන්න තරම තමයි"


"ඇයි"


"ඔය හිටියට කුණුහරුපත් කියනවා ඕකා..."


"ඉමෝෂනල් බැන්ඩේච්..."


.

.

.

.

.

.


විනාඩි විස්සකට වගේ පස්සේ අපි වෙල මැදකින් තියන පාරකින් ආවේ වියා කෙල්ල නොහොත් මගේ ටකරං කුමාරිගේ නිවසට... හෙන ලස්සනයි ගේ වටේටම වෙලක්...හරිම නිදහස් කිසිම සද්ද බද්දයක් නෑ ... ලොකු ගාඩ්න් එකක් තියනවා එහේ... පාරත් එක්කම හරි පිළිවෙලයි අතු ගාලා ...


"මේ පාර මම අතු ගෑවේ"


"කවුද ඇහුවේ"


"මගේ හැකියාවන් ඔයාලත් දැන ගන්න එපැයි ඒකයි කිව්වේ"


"අපි එන නිසා නේ අතු ගෑවේ"


"හී හී නැත්තන් මෙච්චර ගොඩක් අතු ගාන්න මට පිස්සු ඈ"


"ප්‍රෝඩාව"


.

.

.

.


මේකි අපිව එකටම එක්ක ගියේ කන්දක් නගින්න ඊට කලින් මම චූ කරලා එහෙම ආවා...එතන ඇත්තටම ෂෝයි හැමදේම පේනවා එතනට...අපි නැටුවා පොටෝ ගැහුවා සිංදු කිව්වා කෑ ගැහුවා... ඇත්තටම අද මගේ ජීවිතේ අමතක නොවෙන දවසක් මගේ යාළුවොත් එක්ක ගෙවපු මේ මතක මට හරි වටිනවා...


ගහක් උඩ හිටපු කාක්කෙක් මගේ ඔළුවට ජරා කරලා යනකන් අපි සතුටින් හිටියා...ඇයි කාක්කෝ මට එහෙම කලේ...ඇයි මට මෙහෙම හිංසා කරන්නේ...

.

.

.


වියා කෙල්ලගේ ගේ ඇතුළට ඇවිත් කෙලින්ම ගියේ බාත්රූම් එකට... ඒකි මාව දෙකට නවලා මගේ කොණ්ඩේ ඇල්ලුවා සින්ක් එකට ඊට පස්සේ හොදට ෂැම්පෝ එහෙම දලා ඒකිම සෝදලා මගේ කොණ්ඩේ පිස්සා මගේ ඇදුමුත් තෙමිලා...


ඊට පස්සේ ඒකිගේ මුලු අල්මාරියේ තිබුන ඇදුම් හැම එකක්ම ඇදලා අපි තුන්දෙනා පොටෝ ගැහුවා ගැහිල්ලක් කොර වෙලා යන්නම තවත් නම් බෑ මහන්සියි හොදටම...


ඊට පස්සේ එයැයිලගේ අම්මා අපිට බීම හදලා ස්විට්ස් දුන්නා... ඒවත් ගිලලා පත බෑවිලා ඉද්දි මේකි තැබිලි ගෙඩි දෙකකුත් උස්සන් ආවා...බෑ නොකියා ඒකත් බිව්වා පෙරේතකමට නෙවෙයි ඉතින්...


පාඩම් කරන්න කියලා ආවට මොකද පොතක් දැක්කේ වත් නෑ...අචී කෙල්ලට එකට පන්ති තියන කිව්ව නිසා අපි දැන් යන්නත් ඕනි දැන් වෙලාව 11 30 යි දොළහයි කාලටවත් මෙහෙන් යන්න ඕනි...පයින් යන්නත් එපැයි...


මෙයැයිලගේ ගෙදර නැවතිලා ඉන්නවා කියපු පුංචිගේ පුතාව නම් දැක්කේ වත් නෑ මගේ එකී කියපු විදියටම ඒකා කාමරෙන් එලියට ආවේ නෑ... මගේ හතුරා ඌ...අහු වෙන්න එපා ඕකා මට...කනවා ඕකව මං...නකුට්ටා...


අචී කෙල්ලට එක දිගට කෝල් ආපු නිසා ඒකි ආන්සර් කරලා ඉවරේ කිව්වේ අද 12 30 ට ක්ලාස් පටන් ගන්නවලු එයාලගේ සර්ට පොඩි ප්‍රශ්නයක් නිසා ක්ලාස් එක ඉක්මනට ඉවර කරලා ගෙදර යන්නොනිලු...


දැන් මොනා කරන්නද වියා කෙල්ලටත් කියලා අපි දෙන්නා එන්න පිටත් උනා... අචී මාවත් ඇදගෙන දුවනවා...තවත් නම් බෑ හොදටම මහන්සි...ඒකිට ඔච්චරටම ඒකට යන්න ආසාව ඇයි කිව්වොත් ඒකිගේ පරම පිවිතුරු පෙමත් ඔය ක්ලාස් එකට එනවා... මග දිගට ඌ කෝල් අරන් අහනවා... කොහෙද ඉන්නේ බබා... එන්නෙ නැද්ද ඔයා... මේකි එතකොට තව ෆෝම් වෙලා මාව ඇදගෙන දුවනවා...කවදා කාපු කටුද මේ...


එක පාරටම අපි දෙන්නා ඉස්සරහට ඇවිත් නතර කලේ බයික් එකක්... වියා කෙල්ලගේ වගේ පුටාර් එකක් නෙවෙයි... ඒක hornet එකක්...


"නගිනවා"


"ඒ මොකටද කවුද ඔයා... අපි දෙන්නව කරවල වේලන්න අරන් යන්න නේද හදන්නේ "


අපිනම් අහු වෙයි ඕවට...හැබැයි හෙන සෙස්සි පාට හැන්ඩි කොල්ලෙක්...ආස නැද්ද දන්නෑ මේ මැණිකෙගෙ නිලමේ එහෙම වෙන්න... මේ කාම ලෝකයට ආස කරන්න හොද නෑ... මම හොද මනෝ පාරක් දාන් ඉද්දි ආයෙත් මේ ලෝකෙට ආවේ එයාගේ කටහඩ ට...


"මට ඇති අමාරුවක් නෑ තමුසෙලාව අරන් ගිහින් කරවල වේලන්න ඕයි...මම විහංගිගේ පුංචිගේ පුතා... තමුසෙලා දෙන්නව ගිහින් දාන්න කියලා ඒකි මාව එව්වේ... කහනවට ආවේ නෑ අරකිගෙන් කනක් ඇහිලා ඉන්න නෑ ඒකයි ආවේ"







💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐









අඩුපාඩු ගොඩක් ඇති සමාවෙන්න... මම කමෙන්ට් එකක් ඉල්ලුවට කමක් නැද්ද


Report Page