ආදරෙයි ද මට

ආදරෙයි ද මට

dew



(1කොටස)




"ඔව දුස නෙමා ඩොම්

ඔව දුස නෙමා ටොන්

ක්‍රින් සොරේ ප්‍රෙව් ගොරේ

මොයි මුරේ මොයි මුරේ

මොයි මුරේ මොයි මුරෙරේ"


කෝල් එකක්... මම ඒක සේව් කරලා තිබ්බේ ටකරං කුමාරි කියලා... වෙන කවුරුත් නෙවෙයි මගේ කාලකන්නි මිතුරිය... ටකරං කුමාරි කියලා සේව් කරලා තිබුණට ඒකිට සෝයි එකට සිංදු කියන්න පුළුවන් අපේ පාසලේ නම ගිය ගායිකාවක් ඒකි....


"අද උබ ක්ලාස් යනවද කෙල්ලේ මට බෑ වගේ බං"


"උබ යන්නේ නැත්තන් මං යන්නෙත් නෑ බං"


"එක්කෝ අද යමුද බං"


"උබ කියන දෙයක් තමයි ඉතින්"


" හා එහෙනම් 7 30 ට තියන බස් එකේ නැගලා වරෙන්"


"හරි සුදාම්මි"


"එහෙනම් ගුන බුස"


"උබටත් ගුන බුස "



පෝන් එක ඔබලා ඉවර වෙද්දි පාන්දර දෙකයි වෙලාව... හිටාම් ගණන් කරන්න මට තව පැය කීයක් නිදා ගන්න තියනවද කියලා... පහට ඇහැරෙන්න වෙනවා මොකද පන්ති යනවා කියලා කිසි දෙයක් මම ලෑස්ති කරලා තියනවා කියලැයි... රෙදි අල්මාරියම බාත්රූම් එක ඇතුලේ... එකක්වත් හෝදලා නෑ හලෝ... උදේට එකක් හෝදලා අයන් කර ගන්නත් එපැයි...


මේ ළමයා පිරිසිදු ළමයෙක් මෙහෙම හිටියට ඒකනි සෝදලා අදින්නේ... ඇත්තම කීවොත් ඔතන තියන රෙදි හැම එකක්ම තුන් පාරකට වඩා සෝදන්නේ නැතිව ඇදපුවා... ඒකයි හෙට උදේට බඩු බනිස් වෙන්නේ කල් තියා එකක් සෝදලා තියන්න තිබුණා මේකි කලින් දැනුවත් කරලා තිබ්බනම් හෙට පන්ති යනවා කියලා...ඖලක් නෑ උදේට ගේමක් ගහනවා...

.

.

.

.

.

.

උදේ එලාම් එකට නැගිටලා මාම් ජීන් එකට හරියන්න බැගියක් හෝදලා ඒකත් අයන් කරන ගමන් අද සිංහල පන්තියේ ලියන්න දෙනවැයි කිව්ව විචාරයක උදෘත බලන ගමන් කොණ්ඩෙත් පිරුවා දත් බුරුසුවත් කටේ...


කාමරෙන් එලියට එනකොටම ටීවි එකේ යනවා නිල් කුරුමිට්ටෝ... මං ආසම කාටුන් එකහ් දැන්නම් යන්න හිතෙන්නේ නෑ... ඒත් අරකිට එනවැයි කිව්වනේ සික් දැන් මොනා කරන්නද...


ගෙදර අයටත් වැදලා තඩි බත් කටවල් දෙකකුත් එලියට බහිනකොට අම්මා ගිල්ලෙව්වට පස්සේ දිව්වේ 7 30 ට තියන බස් එකේ යන්න... ඇදුම් හරියට අයන් වෙලත් නෑ තෙත දැනෙනවා මට... අරකිට 7 30 ට එන්න කීව නිසා මම ඉතින් ගියා 7 15 යි විනාඩි 15 ට දුවන් ඇවිත් මෙතනට...


වෙලාවත් තියන එකේ මම පෝන් එක අරන් ඩේටා ඔන් කරලා බලද්දි අරකිගෙන් මැසේජ් වගයක් ඇවිත් තියනවා... මැසේජ් ටික බලන්න කලින් බස් එක ආවා කියාම්කෝ... අද කලින් ඇවිත්... බස් එකට නැගලම අරකිගේ මැසේජ් ටික සීන් කලා...


"සුදු මැණික 7 30 නගින්න එපා චූටි"


"මට ඒකේ එන්න වෙන්නේ නෑ"


"7 45 යමු මැණිකේ"


"රුපියල් විස්සක් අඩුවෙන්නේ ගන්නෙත්"


"ඖලක් නෑ නෙහ් එහෙම කරමු ඈ"


මට දැන් තමයි වදුරු කුණුහරුප මතක් වෙන්නේ...මාව මුලා කලා...


"මම නැගලා ඉන්නේ බැල්ලි"


"ක්ලාස් එකටම ගියාම උබ දාන්න එපැයි මේ මැසේජ් ටික"


"තොට හෙන ගහනවා තිරිසනෝ මට මේ දෙන ගින්දරට"


"දැන් මොනා කරන්නද උබ වරෙන්"


"මම ඩෙස් එකක් අල්ල ගන්නම්"


බස් එකෙන් බැහැලා අපිට ක්ලාස් තියන institute එක මග තිබුන ගෙයක ජනේලකින් මාව දකිනකොට මට හික් ගෑවුණා... ෆ්‍රෙන්ච් දෙකක් ගොතපු කොණ්ඩ දෙකට පාට දෙකක බූල් දෙකක් දාලා... ගෙදර අයට හොරෙන් කොණ්ඩේ ඉස්සරහින් කපපු කෑලි සේරම මූන පුරාම විසිරිලා... වෙනදට නම් ඔය ටික අල්ලලා මම අර දිග කළු පාට කටු ටිකක් ගහනවා ඒත් අද ඒකටවත් වෙලාවක් තිබුණේ නෑනේ...වර්ග දෙකකින් ෂූස් දෙකක් දාලා... සිංහල ක්ලාස් උනාට මගේ අත් දෙක උඩ තිබුණේ පොලිටිකල් සයන්ස් පොතක්... පොඩ්ඩක් ඉන්න මතක් කරන්න මම දත් මැද්දද කියලා... යටට අදින්න ඇති නේද මම...මට මුකුත් මතක නෑ ඒයි මගේ ඔළුව කුරුවල් වෙලා වගේ...


දැන් මොනා කරන්නද ... හිමිට අපිට ක්ලාස් තියන හෝල් එකට යද්දි ඒක ෆුල්... අද බස් ඔක්කොම කලින් ඇවිත් ද කොහෙද...ගෑනු ලමයි ඉදගන්න පැත්තේ කොනට වෙන්න තියන අවසාන පෝලිම විතරයි හිස්...


දැන් ඉතින් මගේ කාලකන්නි බෙස්ටිටත් ඉඩක් අල්ලන් ඒකි එනකන් බලා ඉන්න ඕනි මාත් කාලකන්නි වෙන්න... මොනා නැතත් අපි දෙන්නා කොච්චර පිස්සු නැටුවත් හොදට ඉගෙන ගන්නවා... ඔයාලා විශ්වාස කරයිද දන්නේ නෑ ඇත්තටම මේ පළවෙනි පාර අවසාන පෝලිමේ ඉදගත්තු...


ක්ලාස් පටන් ගන්න තව වෙලා තියන නිසාත් අරකිත් තාම මෙතනට සම්ප්‍රාප්ත නොවුන නිසත් මම ව්‍යාකරණ පොත ටිකක් බැලුවා... අපේ සර් කාරයා විස්වාස කරන්න පුළුවන් එකෙක් නෙවෙයි... ඕකා හවසට ග්රෑප් එකට දානවා හෙට මම කරන්නේ මේ පාඩම බලාගෙන එන්න කියලා ඊට පස්සේ වෙන මගුලක් උගන්වනවා ... අහිංසක මම ඌව විස්වාස කරලා උගන්වනවා කියන ඒවා කටපාඩම් කරන් එනවා පන්තියේ හැමෝම ඉස්සරහා උත්තර දීලා පොර වෙන්න ඒම නෙවෙයි ඉතින්...කොහෙන් ගියත් ඌට පේන්නේ මාව විතරයි... අයිවි උබ දැන් හොදටම බැහැලා කියලා පිට මැදට දීලා යනවා ඕවට ඉතින් මුකුත් කියලත් බෑ නොකියත් බෑහ්...


පන්තිය එක පාරටම නිශ්ශබ්ද උන නිසා මම ටිකක් ඔලුව උස්සලා බැලුවේ ඒක වෙන්න බැරි දෙයක් නිසා... මොකද සර් ආවටවත් නිශ්ශබ්ද වෙන පන්තියක් නෙවෙයි මේක...


අරකි ඇවිත් තනියම නෙවෙයි හෙන හැන්ඩ්සම් ලස්සන පොරක් එක්ක...හරියට මුණ නම් පේන්නේ නම් නෑ ඒත් සෙස්සි පාටයි ඌ මරු කද... මටත් නොකියම අලුත් එකක් දාගෙනද මේකි මගේ මොලේ එහෙම කියද්දි හිත කිව්වේ ඒකි එහෙම නෑ බං කියලා...


කාඩ් මාක් කරන තැන ඉන්නවා දෙන්නම...කොල්ලව කලින් දැකල නම් නෑ හරියට පේන්නෙත් නෑ අරකිට වැහිලා ඉන්න නිසා...


අරකිනම් ඉස්සි ඉස්සි හොයනවා මාව වෙන්න ඇති... මමත් අත වැනුවා එතකොට ඒකි මාව දැකලා කාඩ් මාක් කරලා ඉවරේ මං ඉන්න තැනට ආවා... අර කොල්ලා කොල්ලො ඉද ගන්න පැත්තට ගියා... පස්සේ ඌට ටෝක් පාරක් දාලා බලන්න ඕනි... වැරදි විදිහට හිතන්න එපා ඉතිම් ඔයැයිලා දැන්


"කවුද අර උබත් එක්ක ඇමිනිලා ආපු එකා"


" ඇයි උබ දන්නේ නෑද උබ දැකලා තියනවනේ... ඒ මගේ පුංචිගේ පුතා"


"වෙන්න බෑනේ ඕයි "


"වෙන්න බැරි නෑ ඌ තමයි මගේ පුංචිගේ පුතා"


"ඌ මොකද මෙහේ කරන්නේ එයා හිටියේ කොලඹ නේත"


"එයා ටික කාලෙකට මෙහේ ආවා එක්සෑම් ඉවර වෙනකන් මෙහේ ඉදී... එයාලගේ ෆැමිලි එකේ අය නිව්සීලන්ඩ් ගියානේ..."


"කොහොම හරි කමක් උබ හිතන් ඉන්නවනම් මාව හලලා ඌ එක්ක ඉන්න දැන්ම පලයන් ඌ එක්කම ඉදහන්"


"ඇයි බං එහෙම කියන්නේ..."


"පෑ හාදකම් යලි නෑ දෝනි ඔයා එක්ක... හොද වැඩේ මටත් අද මාත් එක්ක බස් එකේ නොආවේ එයා එක්ක එන්න ඕනි නිසා වෙන්න ඇතිනේ..මාව මුලා කරලා අරු එක්ක ආවා වාවන්නෑ මට... ඔයැයි මට ද්‍රෝහි වුනාහ්...දැන්මම මාව හැලුවා නේත...කලිනුත් හැලුවේ මාව ඔය හාල් පාරුවා නිසානේ වුම්බර්"


"අනේ සුදු මැණිකේ අහපන්කො එයා අද තමයි පළවෙනි දවස ක්ලාස් ආපු ක්ලාස් එක තියන තැනක්වත් දන්නේ නෑනේ... උබ දන්නවනේ මගේ හිත ඉක්මනට උණු වෙනවා කියලා... අනික උබව හලන්නෑ... සත්තයි මට නුබ වාගේ කවුරුත් නෑ මේ ලෝකේ..."


"කාවද බං ඔය රවට්ටන්නේ.. ඇයි දෝනි එහෙම කලේ මට... රැවටුනා නෙවෙයි මම විශ්වාස කලා උබව..."

.

.

.

.

.

.


කතරට වහින වැස්ස සේ මල්වැසි ආවා...අනේ ඉතින් මගේ පරම පිවිතුරු කස් එක එනවා... දැන් ආවේ එයා...අද පරක්කු වෙලා මං කොච්චර වෙලා බලන් හිටියද... එයා හෙන ලස්සනයි ඒයි...ඒත් දුක එයාට කෙල්ලෙක් ඉන්නවා අපිට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් එක්ක සෙට් වෙලා ඉන්න මල්ලි බබෙක් එයා...නිගා කරනවා නෙවෙයි ඉතින්...


දුක නෑ අලුත් ක්‍රශ් එකක් හම්බවෙනකන් ආතල් එකට ඔයාව තියන් ඉන්න නිසා... තනිකඩ ජීවිතේ උපරිම නිදහස විදින තනිකඩ ජීවියෙක් වෙන මට තියන එකම විනෝදෙ මේක... දකින දකින එව්න්ව ක්‍රශ් කරන එක...ඒ ගමන්ම පන්තියේ ඉදන් හිටපු කොල්ලෝ ටික අත්පුඩි ගැහුවම මගේ ඇගේ මාළු නටන්න ගත්තා...


මට නැගිටලා ඔක්කොටම ටොක්ක ගානේ ඇනලා එන්න හිතුනා... කට විතරයි මෙයාගේ වැඩ නෑ ඉතිම්...අපේ පන්තියට කවුරුහරි පරක්කු වෙලා ආවාම පිරිමි ළමයි එයාලව පිළිගන්නේ අත්පුඩි ගහලා... පව් මගේ කොල්ලා ලැජ්ජ උනා.... පුදුම මිනිස්සු තමයි මෙයාලත්...


අද අවසාන පෝලිමේ නිසා සර්ට එච්චර මීටර් නෑ විචාරයක් ලියන්න දෙනවා කිව්වට අපිට දුන්නේ ජේද ප්‍රශ්න තියන පේපර් එකක්... ටෞකන්න...විනාඩි විස්සක් දුන්නා ඉවර කරන්න ජේද අටක් තිබුණා අපි දෙන්නම විනාඩි දහයෙන් කරලා ඉවරයි...


ඊට පස්සේ ගත්තා පෝන් බෑග් අස්සේ දාන් එබුවා...අරකි හෝ ගාලා මට ඒකිගේ පුංචිගේ පුතාගේ පොටෝසුයි අරවයි මේවයි ඔක්කොම පෙන්නනවා එකකවත් මූන පේන්නෑ සයිඩ් එකට ගහපුවා විතරයි ඒවා...


"ඇති යකෝ ඔය මගුල් මට බලන්න ඕනි නැහැ"


"හරි මූසලියේ නිකන් පෙන්නුවෙ ඉතින්"


"හෙට එනවා මම ඔයාලෑ දිහා අචී එක්ක පාඩම් කරන්න අම්මා අවසර දුන්නා උදේ ගිහින් හවස එන්න"


"ඇත්තටම එනෝද චූටි එහෙනම් මම මගට එන්නම් එක්ක යන්න"


"හරි කෙල්ලේ ඒක නෙවෙයි ඔයෑලැ දිහා මේ දවස් වල ඉන්නේ අම්මා විතරයිනේ නේද"


"ඇයි පුංචිගේ පුතා"


"හම්මට ඌත් උබලෑ දිහාද ලැගලා ඉන්නේ එහෙනම් මම එන්නේ නෑ"


"අනේ මොකද්ද සුදු එයා කාමරෙන් එලියට එන්නේ නෑ අපි හොද ජොලියක් දාමු හෙට වරෙන් ඈ"


" බලමු "


ඔයාලා දැන් හිතනවා ඇති නේද මේ නකුට්ටිට මොකද්ද ඔච්චරටම අරකිගේ පුංචිගේ පුතත් එක්ක තියන වෛරය කියලා මෙහෙමයි සීන් එක ගිය අවුරුද්දේ අපේ ස්කෝලේ sport meet එකේදි අපි දෙන්නා වැටුනේ නිවාස දෙකකට අපේ නිවාසේ නෙට් බෝල් ටීම් එකේ කැප්ටන් මම වෙද්දි අරකිගේ නිවාසේ නෙට් බෝල් ටීම් එකේ කැප්ටන් උනේ ඒකි


එදා තිබුණේ ෆයිනල් මැච් එක හරිද අවසානෙදි මොකක් හරි සීන් එකක් වෙලා මැච් එක අවසානෙදි අපි දෙන්නා කෙල ගත්තා මමත් දුන්නා හොද පයින් සොට් එකක් ඒකිට ඒකිත් දුන්නා මට හොද පයින් සොට් එකක් හෙන වලියක් ගියා ඊට පස්සේ සතියක් විතර තරහා වෙලා හිටියා


මට බෑ හලෝ ඔහොම තරහා වෙලා ඉන්න මම ගිහින් මේකිට කතා කරද්දී මේකි මට කතා කලේ නෑ


ඔය පුංචිගේ පුතා කියන එකා ඌ කියලා මාත් එක්ක යාළු වෙන්න එපා ඒකිට ට්‍රැක් උබට ඒකි වගේ ඔල්මාද බඩු ඕනි නෑ මම ඉන්නවනේ උබට කියලා


එදා යම් කිසි සිදුවීමක් උනා තමයි ඒත් අපි දෙන්නා අතර ඕවා සාමන්‍යයි...ඒත් අරූ අරකිව පෝම් කරලා ආතල් අරන් මාස දෙකක් මාව මේකි ගෙන් වෙන් කරලා තිබ්බා...


පොලොස් ඇට ගෙම්බා ඌ කියලා මාත් එක්ක යාළු වෙන්න එපා කියලා... ඉතින් මම ඌව දැකලා නැතත් මට ඌත් එක්ක තියෙන්නේ එසේ මෙසේ වෛරයක් නෙවෙ


💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐


අඩුපාඩු ගොඩක් ඇති සමාවෙන්න....







Report Page