ආදරෙයිද මට

ආදරෙයිද මට

❤dew ❤

ආදරෙයි ද මට(4 කොටස)


"ඊළග දවසේ ඉදලා මෙයාවත් බ්‍රෝඩ්කාස්ට් එකට ජොයින් කරගන්න අයිවි"


හී මේ ටීචත් ඉදගෙන නෙවෙයි හිටගෙන මට ආතල් දෙනවනේ දැන් මොනාද කියන්නේ... ඇවිත් පැය ගානයි ගියේ ටීචවත් දාගෙන වගේ මූ බෑනේ කරන්න මේක 


"හරි ටීච"


"මෙයයි ඔයයි එකතු වෙලා birthday wish කරන එක කරන්න පුතේ"


ටීචට ඔල්මාදේ මූ එක්ක මම කරනවා මම කියන්නෑ ඉතින් ටීච දන්නවැයි අපි අතර තියන පෞද්ගලික හතුරුකම් 


"හා ටීච"


ඉතුරු දවසේ ඉදලා මම ඕකට යන්නෑ කියලා එවලෙම හිතාගෙන ඉවරයි හැමදාම ඕක තියෙන්නේ සදුදටනේ මම ඒ දවසේ ඕක යන වෙලාවට ටොයිලට් එකට වෙලා ඉන්නවා...අරුත් ඉන්නවා අහිංසක හිනාවක් දාගෙන ටීච ඉන්න නිසා බෝසත් වෙන්න හදනවා ... ගොටුකොළ තිම්රිසනා 


මොනා උනත් ඌ හිනා වෙනකොට මාර ලස්සනයි ඉතින් ලස්සන දේවල් වලට ලස්සනයි කියන්න ඕනෑ නල දතක් තියනවා එයාට... හතුරා උනාට ඇත්තටම මගේ හිත ඒ රූපෙට ඇදිලා යද්දි මොලේ තිරිසනියක් වෙන්න එපා කියලා හදවතට දැනුම් දෙනකොට


"මං දිහා බලාගෙන උබ මනෝ පාරවල් ගහලා ඉවරද"


ඒව්ව් තිරිසනා ටීච එතනින් යනකන් ඉදලා කින්ඩි හිනාවකුත් එක්ක ඌ මට එහෙම කිව්වා අනේ උබ දිහා බලන් මනෝ පාරවල් ගහන්න මේ මම හිටහන්කෝ පෙන්නන්න මම කව්ද කියලා උබට ඌගේ නල දත නිසානේ මේ හැමදේම 


ගොළුබෙල්ලෙක් වගේ කට හදලා ඌට විරිත්තලා දුවගෙන ගියේ ක්ලාස් රූම් එකට ඌ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති සයිබර් ඇටෑක් එකක් ...


ම්ම්ම් අද තමා දවස පළවෙනි පීරියඩ් එක නිකන්... මොකද තියෙන්නේ ඉංග්‍රීසි ඊට පස්සේ තියෙන්නේ ජිට් ඒක නිසා අවුලක් නෑ අද ජිට් උගන්වන ටීචනම් ඇවිත් නෑ අපි ඉංග්‍රීසි ටීච ගැන ටිකක් කතා කරමු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇවිදින සැලූන් එකක් කියලා කියන්න පුළුවන් ඇත්තටම එයා අපේ පන්තියට එනවා අවාරෙට පොල් වැටෙනවා වගේ ඊට පස්සේ සෙල්ෆි ගහනවයි පෝන් එක ඔබනවයි වෙන වැඩ නෑ 12 වසරට ඇවිත් දැන් මාස ගානක් වෙනවා එක දවසක් අපිට උගන්වලා නෑ 


ඒ උනාට හිත හොදයි එයාගේ ඒත් එයාගේ රාජකාරිය හරියට කරන්නේ නෑ වගවීම නෑ වෙන ක්ලාස් වලට ගියත් ඔහොම්මයිලු එක්කෝ පොඩි එකෙක්කට කියලා අඹ ගෙඩියක් තලන් කනවලු අනේ මන්දා දැන් ඇති එයා ගැන කතා කලා


පීරියඩ් දෙකක්ම නිකන් නිසා ගෑණු ළමයි ඔක්කොම ගෙනපු අඹ ගෙඩි ටික සුද්ද කරලා මිරිස් ලුණු කොච්චි දාලා ලොකු බේසමකින් එකක් හැදුවා 


දැන් තියෙන්නේ පන්තිය ඉස්සරහා අපේ පුංචි අඹ කඩේ දාලා විකුනන්න මොකද 12 වසරේ ළමයින්ට ස්කූල් එකෙන් දුන්න ප්‍රජට් එකට සල්ලි හොයන්න ඕනි 


මම හිටියේ ආට් ඩී ක්ලාස් එකේ අපිට තිබුණේ ස්කූල් එකේ අළුතින් pond එකක් හදන්න ඒකට අවශ්‍ය සල්ලි ගෙදරින් ගේන්න එපා කිව්වා අපිම මොනාහරි කරලා මහන්සි වෙලා සල්ලි හොයලා ඒක කරන්න ඕනිලු නියෝජ්‍ය විදුහල්පතියා තමා කිව්වෙ....


ඒක නිසා අපි අඹ හදලා ඕෆ් පීරියඩ් වල ස්කූල් එක ඇතුළේ විකුණනවා ඒකෙන් අපි ඉගෙන ගන්න ඕනිලු ලොකු උනාම ප්‍රජට් එහෙම කරද්දී ඒවට සල්ලි හොයාගන්න විදිය එහෙම


ඒ නැතත් අපේ සර් කියන්නේ ඉගෙන ගන්නවා වගේම අමතර වැඩත් කරන්න කියලා හැබැයි අධ්‍යාපනයට අංක එක දෙන්න කියලා මොකද අපි තමයි දැන් ස්කෝලේ දෙවනියට ලොකුම පන්තිය අපි වගකීමක් අරන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕනිලු ඒවට පුරුදු වෙන්න ඕනිලු 


තමන් ඉගෙන ගත්ත ස්කෝලේ වෙනුවෙන් දෙයක් කරන්න ඕනිලු පොතේම ඇලිලා හිටියම දවසක කැම්පස් ගියත් එතන ජීවිතේට හුරු වෙන්න අමාරු වෙනවලු එහෙම ගොඩක් අය එක්කෝ කැම්පස් එක අත් හරිනවලු නැත්තන් සියදිවි හානි කරගත්ත අවස්ථාත් තියනවලු අපි සමාජෙට හුරු වෙන්න ඕනිලු ළමයෙක් උනාම හැමදේම බැලන්ස් කරගන්න දැන ගන්න ඕනිලු 


මොනා උණත් මෙව්වනේ බිස්නස් මේ වැඩෙන් අපි ඉතිරි සල්ලි වලට වෙලාවකට කැන්ටිමට ගිහින් ගිලිනවත් එක්ක අද අපේ අඹ කඩේ අඹ විකුණන තැන මමයි වියයි ලොකු ටේබල් එකක් පන්තිය ඉස්සර මල් පෝච්චි තියලා තියන තැන ගෙනත් තියලා අඹ බේසමත් පැත්තකින් තියාගත්තා 


මම අත් වලට ග්ලව්ස් දාගත්තා මාස්ක් එකකුත් එක්ක මොකද වැඩේ උපරිම පිරිසිදු විදිහට වෙන්න ඕනි කියලා නියෝජ්‍ය විදුහල්පති කලින් ඉදලම උපදෙස් මාලාවක් දීලා තිබුණේ මොකද දහ දොලොස් දාහක් ඉන්න මුළු ස්කෝලෙටම දෙන නිසා... මම තමයි පැක් කරලා දෙන්නේ ෂොපින් වලට දාලා වියා තමයි සල්ලි ගන්නේ අපි දෙන්නා විකුණන මුවාවෙන් විටින් විට කටට දා නොගත්තමත් නෙවෙයි අඹ කෑලි එක දෙක



අපේ පන්තියේ සමගිය කියන්නේ පිරිමි ළමයි වෙනම ගෑණු ළමයි වෙනම තමයි ප්‍රජට් එකට සල්ලි හොයන්නේ එයාලා ස්කූල් එකේ ෆිල්ම් එකක් පෙන්නලා සල්ලි දැනටමත් හොයන් ඉවරයි උන් මෙතනට එන්නේ දැන් සුද්ද කරන අඹ ටික ගිලින්න විතරයි



"ඒ අයිවියෝ මේ කෑල්ල ටිකක් කාලා බලපන් මේක රසයි"


"ම්ම්ම් රසයි තමා මොනාද බං ඒ වර්ගේ හෙන රසයි" 


වියා ඊළගට මොනාහරි කියන්න ගියත් කට හොල්ලන්න බැරි උනේ වැඩේ පත්තු වෙලා එක දිගට අපේ customers ලා එන්න ගත්ත නිසා කොහොමින් කෝම හරි ගැම්ම අරගෙන කරපු වැඩේ දැන් තියෙන්නේ අවසාන ටික


එකියක් ඇවිත් මට බැනලත් ගියා ගොඩ ගොඩ දාලා දීලා ඉවර කරලා කියලා උබවනම් හෙට මෙතන තියන්නේ නෑ කියලා මම සැලෙයි ඕවට මහ පෙරේතියෝ...ගොබ්බියෝ...

මම ඉතින් අවසානෙට ඉතුරු උන ඔක්කොම ටික මල්ලකට දාලා පැක් කරලා තිබ්බා 

පස්සේ එතනින් ඔෆිස් එකට යනවා දැකපු මේකිගේ පුංචිගේ පුතාට කතා කරලා බලෙන්ම ගෙන්න ගත්තේ මේකිමයි 


"සුද්දෝ අවසාන අඹ එක ගනින්නකෝ"


" හරි දියන්"


පර්ස් එකෙන් අරගෙන සල්ලි කොලයක් දික් කලා රුපියල් 1000ක් 


"මාරු සල්ලි නෑ ඕයි"


අම්මෝ මේකි කියන බොරු අච්චර මාරු සල්ලි ගොඩක් තියෙද්දී 


"තියාගනින්"


මටත් රවලා එතනින් ගියපු තව කොල්ලෙක් එක්ක අඹ මල්ල ගිල ගිල ඔෆිස් එකට ගියේ ඌ 


ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා භාජන ටික එහෙම සෝදලා ආහාර කාමරෙන් ගිහින් තිබ්බා දවසේ ආදයමත් ගණන් කලා අද වැඩියෙන් නෑ මමනේ හිටියේ විකුණන තැන මම කෝමත් පෙරේත කමින් දුන්නේ නෑ ගොඩ ගොඩ දාලා දුන්නා ...


"යමන්"


"කොහෙද"


"අරූ දුන්න සල්ලි වලට කන්න යමන්"


"ඇයි බං මාරු සල්ලි තියෙද්දී නෑ කිව්වේ මගේ හතුරෙක් උනාට පව් බං ඌ... කැකිරි වැඩ කරන්න එපා දෝනි "


"අනේ මේ ඌට ඔය දාහ මොකද්ද බං ඌට පීනන්න තරම් සල්ලි තියනවා උබ ලොරි ටෝක් නොදි හිටපන්"


දෝනිට තරහා ගිහින් යාළුවනේ මම සර්ව සාධාරණ නිසානේ මේ හැමදේම


අපි කැන්ටිමට යනකොට මේකිගේ පුංචිගේ පුතත් ටේබල් එකක ඉදගෙන ගිලිනවා තනියම නෙවෙයි පොඩි කෙල්ලෙක් ඌ ගාවම පුටුවෙන් තියාගෙන මූ නම් පැණියෙනක් වගේ චූටි කෙල්ලන්ටත් ලයින් දානවද කොහෙද සික් කැත වැඩ ඕවා 


මේ බැල්ලිත් මාව ඇදගෙන ගියේ නැතැයි අරූ ඉදන් හිටපු ටේබල් එකටම මම ඉදගන්නෑ කියලා දන්න නිසාමද කොහෙද මේකි පුටුවක් ඇදලා මාව ඉන්දුවා බලෙන්ම අරූ මගේ මූණ කෙළින්ම පාප මිතුරිය ඔහොම්මයි මේකි කැකිරි වැඩමයි කරන්නේ 


විහංගියා ගියා ඕඩර් එක දාලා එන්නම් කියලා අරූ කන ගමන්... මං දිහා නම් නිකමටවත් බැලුවේ නෑ... එතන ඉදන් ඉදපු පොඩි එකී මටත් හිනාවක් දාලා නැගිටිනකොට මේකත් ඔළුව ඉස්සුවා


"කාලා ඉවරද දැන් ඔය ඇතිද කෑවා"


"ඇති අයියේ"


"ආ මේක ගන්න"


"මේ මොනවද"


"ඔතන තියෙන්නේ කිරි පැකට් එකකුයි ඔයාගේ බෙහෙත් ටිකයි"


"අයියේ ඇත්තටම ඔයාට ගොඩක් තැන්කූ මම ගොඩක් බඩගින්නෙ හිටියේ මට සල්ලි තිබුණේ නෑ උදේට කන්න"


"අනේ පැටියෝ ඕක චූටි දෙයක්නේ තෑන්ක්ස් ඕනි නෑ ආයේ නොකා ඉන්න එපා අද වගේ කලන්තේ දායි හොදද"


"හරි අයියේ"


පොඩි කෙල්ල එහෙම කියලා ගියා මම තාමත් ගල් ගිලලා වගේ මූ දිහා බලන් කල්පනා කලේ මොකද්ද ඒ උනේ කියලා මේ පාරත් මම මෙයා ගැන හිතුවේ වැරදියට නේද කියලා හිතුණා ඇත්තටම අනේ මන්දා අමුතු මොකද්දෝ එකක් හිතට උනා... මෙයා නම් හොද පුංචිගේ පුතෙක් වගේයි 


ඇත්තටම අපේ ස්කෝලේ දුප්පත් ළමයි ගොඩක් ඉන්නවා උදේට කාලා නොයන නිසා ගොඩක් අය කලන්තේ දානවා මට සල්ලි තිබුණනම් මමත් ඇත්තටම කන්න නැති හැමෝටම කන්න අරන් දෙනවා අපේ ස්කෝලේ ඒකටත් පොඩි වැඩ පිලිවෙලක් යනවා කන්න නැති අයට අපි ලොකු ළමයි උදේට කෑම පාර්සලය වැඩිපුර අරන් ඇවිත් ආහාර කාමරෙන් තියනවා 


කන්න නැති අයට ඒවා ඊට පස්සේ ප්‍රසිද්ධියේ නැතුව ඉතුරු අයට නොදැනෙන්න බෙදලා දෙනවා ඒත් අද මේ පොඩි කෙල්ලව කට්ටියට මග ඇරෙන්න ඇති


"මොකද උබ"


පොඩි එකීට පැටියෝ මට උබ පෙනේද... අමතක උනානේ අපි හතුරොනේ ඉතින් ... එයා හොදයි කියලා හිතන්න එපා අයිවි... මේ ඉන්න කෙනා හොද නෑ... නපුරුයි... මෙයා ඔයාගේ හතුරා ඔයාගේ හොදම යාලුවව ඔයාගෙන් වෙන් කරපු කෙනා මේ ඉන්නේ ඔයා ඒ දවස් වල යාලුවෙක් නැතිව තනිවෙලා අසරණ උන විදිහ අමතක වෙලාද පලි ගන්න තියනවා ඔයාට කරපු දේට රිටන් එක දෙන්නම ඕනි පස්සේ බලමු සුදුමහත්තයා ඔයැයි මේ හැප්පිලා ඉන්නේ වැරදි කෙම්ල එක්ක 

මනෝපාරවල් ගහන්න ගිහින් අසරණ උන වාර අනන්තයි


"ඇයි පේන්නැද්ද තමුසේ කන දිහා බලන් මම කෙල ගිලිනවා එතකොට තමුසෙට අද පුළුවන් වොෂ් රූම් එකට වෙලාම ඉන්න"


"පල යන්න"

.

.

.

.

.

.

.


ගෙදර ඇවිත් වට්ස්ඇප් එකට ලොග් වෙලා ස්ටේටස් බල බල ඉද්දි එක පාරටම ප්ලේ උනේ එක එක ජාතියේ අරක්කු බෝතල් ටිකක් දාලා හදපු වීඩියෝ ටිකක් කැකිරි සමාජේ නිසා මනස විකෘති වෙනවා යාළුවනේ මගේ මොලරාජයට කුණාටුවක් වගේ අදහසක් පහළ වෙනවා දැන්නම්


අරූගෙන් පලි ගන්න තියන හොදම විදිහක් හොද වැඩේ කරන්නම් නරකයට ගෙදර කවුරුවත් නෑ මම විතරයි ඉන්නේ එහා ගෙදර අක්කා මගේ බොක්කේ පිට් එක ඒකිගේ ලව් එකට සපොට් කරන්නෙත් මේ මමනේ...සීන් එක කියලා ඒකිගේ බෝයි ෆ්‍රෙන්ඩ් ට කියලා අරක්කු බෝතලයක් ගෙන්න ගත්තා 


දැන් තියෙන්නේ මගේ වැඩේ ගත්තා හොද පෙට්ටියක් ඒකට බෝතලේ දාලා හොදට පැක් කලා චිට් එකකුත් ලිව්වා එකට දාන්න 


"මචන් උබ ඉල්ලපු අරක්කු බෝතලේ මම ගෙනාවා මේක ඉතුරු අයට අහු නොවෙන්න උබ කියපු විදියටම පැක් කරලා එව්වේ.."

             


ඒකත් බොක්ස් එකට දාලා ඊට පස්සේ වියා කෙල්ලගේ ගෙදර ඇඩ්රස් එකට යැව්වා පාර්සල් එක අරූට තරූ පේන්න වැඩේ සෙට් 


කොහොමද මෙයැයිගේ වැඩ දැන් වැඩේ පත්තු උනාම අරකිගේ පුංචිගේ පුතා ලෙප්ට්...සෑ වාව් දැන් ඌ ගුටි කන විදිහ මතක් කරමු කුඩේ කැඩෙනකන් දෙයි නේද


නාලා කාලා බීලා පාඩම් කලා... මම කරපු වැඩේ වැරදිද කියලත් හිතෙනවා දැන්නම්... ඒත් රිටන් එක දෙන්නම ඕනි ඇත්තටම මට හිතාගන්න ගන්න බෑ මගේ හිතේ ඇත්තටම ඔච්චර කියෙව්වට ලොකු තරහක් නෑ නැත්තෙමත් නෑ ඌ එක්කලා මට ඌව අව්ස්සගන්නම හිතෙනවනේ ඇත්තටම මම යාළුවෙක් නැතිව ඉද්දි හෙනට තනි උනා ඒකි වගේ සෙට් වෙන යාළුවෝ නෑ කියලත් මම දැනන් හිටියා මට ඒ මාස ගානේ හෙනට හිතින් දුක් වින්දා මූව දකිද්දි මට කේන්ති යන එක සාධාරණයි 


නිදාගන්න කලින් ඩේටා ඔන් කරද්දි මැසේජ් ගොඩයි බලන්න කම්මැලි ඒත් එකපාරටම මට මැසේජ් වගයක් ආවේ අරකිගේ පුංචිගේ පුතාගෙන් ඇත්තටම මම ඌගේ නමවත් තාම දන්නෑ සේව් කරලා තියෙන්නෙත් හතුරා කියලා 


"තැන්ක්යූ හොදද මේකට මම චූටි අයියත් එක්ක බිව්වා ඒක... උබ පව් බං ලොකු තාත්තා ගෙදර නෑ වැඩට ගිහින් ලොකු අම්මත් ගෙදර නෑ "




ඊයේ ඉල්ලුව නංගිට එපිසෝඩ් එක දෙන්න බැරි උනාට සොරි ක්ලාස් ඉවර වෙලා ගෙදර එද්දි හය පහුවෙලා බස් එකේ ඇවිත් ඔලුවේ කැක්කුමට බෙහෙත් බිව්වම නින්ද ගියා මෙතනින් එහා මම ලියලා නෑ කාගේ හරි කමෙන්ට් එකක් දැක්කම ස්කෝලෙත් නොයා මට ලියන්න හිතෙනවා පුලුවන්නම් රියැක්ට් කමෙන්ට් කරන්න එක්කෙනෙක් හරි කියවනවානම් මට ඇති මගේ පළවෙනි කතාව මේක මම ලියන්නේ කතාවක් ලියන්න පුරුදු වෙන්න ඉතින් ඒත් ලියන්න හිතෙන්නෑනේ හැම දෙයක්ම මගින් නවත්තන ලොකු කැත පුරුද්දක් මට චූටි කාලේ ඉදලම තියනවා මට හිතෙන්නෙම මේ කතාව හෙන කැතයි කියලා වෙලාවකට....අද අපේ 13 වසරේ පන්ති කවය තිබුණා ළමයි 😭💔

Report Page