ආත්මීය ප්‍රාර්ථනා...🕊️

ආත්මීය ප්‍රාර්ථනා...🕊️

@BL_ack_Hear_T



(අවසන් ප්‍රාර්ථනාව)




රසිකයෙක් නැති රචකයෙක් 💙




දෙවියන් රැකීමට දෙවියන්ම එවූ ඈ ඇයව රැකීමට දෙවියන්ම මැවූ ඔහු







හදිසියේ නොසිතූ ලෙස පැමිණි හලාහල විශ සහිත ඊතල යුගලක් රාධිට වදින්නෙ ඇය බිම ඇද වැටෙද්දී...



රාධි.....



පරිසරයේ සියල්ල මොහොතකට නතර වන්නෙ අහසින් මහ හඩක් සහිතව අකුණක් පුපුරා යද්දී..



ක්ශනිකව යතා තත්ත්වයට පැමිණි නීල රාධි වෙත දිව යන්නෙ යුදෙව් මහ හඩින් සිනා සෙද්දී...





'නීල හහ් හහ් බලාපන් උඹේ පෙම්වතී, ඓශාක්‍ය බලාපන් උඹේ ආදරණිය දියණි....උඹේ ලොකේ අසුර අපෙන් බේරා ගන්න සුරයන් බලය දුන් උඹේ කුමරි..සුරයනි බලාපියව් උඹේ නියෝජනය...රාධිකා.. හලාහල විෂ සමග සුරයන්ටවත් සටන් කරන්න බැරි තැන මේ මනූශ්‍ය දියණි කොහොම බේරෙන්නේ....රාධි රාධි රාධි උඹට තිබ්බා මගේ බිසව් වන්න එහෙම උනානම් උඹ ජීවතුන් අතර...'




නීල දුවැවිත් රාධිව උකුලට ගන්නෙ ඇගේ මුවින් රුධිරය සමග පෙණ වැගිරෙද්දී. ඔවුන් දෙදෙනා වටා ඇවිදිමින් විටෙක අඩපණව වැටී සිටින ඓශාක්‍ය රජු හා බිසව ගාවට යමින් යුදෙව් පවසන්නෙ සියලු දෙනා රාධි වෙනුවෙන් කදුලු හෙලද්දී...





සියල්ල සිහිනෙන් මෙන් ඇහෙද්දි රාධි දෑස් පියා ගන්නෙ  නිල තද කර අල්ලා ගනිද්දී..


ඒ වන විටත් අසුරයන් මුලු රාජ්‍යමය ආක්‍රමණය කර රටවැසියන් සමූල ඝාතනය කරමින් පැවතියා ..බොහෝ මිනිසුන්ව පණ පිටින් පුලුස්සා දමමින් මුලු නගරයම ගිනිබත් කරමින් පවතිනවා..




" රාධි.. නැගිටින්න..ඔබට බෑ රටවැසියාව මේ අසුරයන්ට භාර දී මියැදෙන්නට..ඔබව දෙවියන් තෝරා ගත්තෙ මේ පාපතරයින්ව විනාස කරන්න.. නැගිටින්න රාධි..මා වෙනුවෙන් ඔබ පියා වෙනුවෙන් මෑණියන් වෙනුවෙන්.. නැතිනම් ඔබ ගැන විශ්වාස කල රට වැසියා වෙනුවෙන්.. නැගිටින්න රාධි..ඔබ නැගිටිය යුතුයි.. ඔබ ජීවිතය අත හරිනවා යනු මුලු ලොවක් විනාශ වනවා යන්නයි...."



නීල මහ හඩින් මොර දෙන්නෙ යුදෙව් පැමිණ නිලව රාධි වෙතින් ඉවතට ඇද රාධි මතට භූමිතෙල් වත් කරද්දී ..



"රාධි නැගිටින්න....රාධිකා...."


අසුර බලපෑම් වලින් බන්ධිත නිල කෑ ගහන්නෙ මේ වෙද්දි ඓශාක්‍ය රජුට කෑ ගැසීමට පවා හයියක් නැති වෙද්දී ..



ආහ්..



මහ හඩින් සිනා වෙමින් යුදෙව් ගිනි ඇවිලූ පන්දමක්  සමග රාධි ලගට යන්නෙ සියලු දෙනාම මහ හඩින් විලාප දෙද්දී..


ඒත් නොහිතපු විදිහට රාධිගෙන් පිටවුණු කෙදිරියක් එක්ක යුදෙව් පිටිපස්සට විසි උනේ බිම වැටී තිබූ ත්‍රිශූලය රාධි ලගින්ම කෙලින් වෙද්දි..


හෙමින් හෙමින් චලනය වූ ඒ දෑගිලි වලට ත්‍රිශූලය හසු උනේ ඒ උදව්වෙන් ඇය අපහසුවෙන් සිට ගනිද්දී..


කෙලින් සිට ගත් ක්ශනිකව නැවත ඇද වැටිමට ගියද ත්‍රිශූලය විසින් ඇයව ඔසවා තැබුවේ එකපාරටම කැස්සක් සමග ඇගේ මුවින් රුධිරය පිට වද්දී..


ඇගෙ මේ දුක්ඛිත ස්වරූපය සියල්ලන්ටම ගෙන ආවේ මහ ශෝකයක්...



" යුදෙ..ව් උ..ඹට බෑ මගේ පණ කෙ..න්ද රැකිලා තියෙනකං මනුස්...ස ලෝ..කෙට වින්නැහිය..ක් කරන්..න...හර හර මහා දේව්..."




කටින් පිටවන රුධිරය පිස දමමින් පැවසූ ඇය දෑස් වසාගෙන මහ හඩින් ගර්ජනා කරමින් ත්‍රිශූලය අහස දෙසට යොමු කරන්නෙ එයින් පැණ නැගි නිල් පැහැ ආලෝක දාරාවක් අහසට පැන නැග විසිර නැවත අසුරයන් මතට වැටෙද්දී..ඒ කිරණක් කිරණක් පාසා අසුරයන් අලූ වී යද්දී රාධිගෙ මුවින් පිටව රුධිර ප්‍රමාණය වැඩි උනේ විශාල ආලෝක ධාරාවක් පැමීණ යුදෙව්ගෙ වදිද්දී..



'රාධිකා මං උඹෙන් පලි ගන්නවා... බලාගෙන ඉදපන්..'




මහ හඩින් විලාප  දුන් යුදෙව් ගිනි ගෙන අලු වී යන්නෙ ඔහුගෙ විනාශයත් සමග ත්‍රිශූලය රාධි අතින් අත ඇරෙද්දී...


එකම එක පාරක් නීල දිහා තම පියාණන් දිහා මැණියන් දිහා බලපු ඇය දේව රූප දෙසට හැරුනේ මුවේ සිහින් සිනාවක් රදවාගෙන..



" දෙවියනි , මා එය ඉටු කලා... තවත් මට ආයුෂ නෑ..දරා ගනු නොහැකියි...මා ආදරණියන් සියලු දෙනා රැක දෙත්වා...."



අවසන් වචනයත් සමග විශාල රුධිර ප්‍රමාණයක් මුවින් පිට වුන ඈ දේව රූප ඉදිරිපිටම ඇද වැටෙන්නේ සියල්ලන් ම විලාප දෙමින් දිව යද්දී..


නමුත් ඔවුන් ප්‍රමාදයි..


ඒ වන විටත් ඇය මෙලොව හැර ගොස්...




ඇගේ නිසල සිරුර බදා ගත්ත නීල නෑ ගැහුවේ මුලු අහසම දෙදරා යද්දී...



රාධී....


















හීනෙන්ම කෑ ගසමිනි අවදි වූ මේඝට ටික වෙලාවක් යනකං කිසි දෙයක් හිතා ගන්න බෑ.


ටිකෙන් ටික හීන අවබෝධ වෙද්දි මේඝට මතක් උනේ මීට මාස තුනකට කලින් පාරිට වෙච්ච දේ...



හ්ම් මාස තුනක් වෙනවා පාරි හැමෝම දාලා ගිහින්.ඒත් කවුරු මොනව කිව්වත් මේඝ පිලි ගන්න ලෑස්ති උනේ නෑ පාරි මැරුණා කියලා.

එයාගේ හිත හැමදාම කිවේ පාරි කොහේ හරි ඉන්නව ඇති කියලා.


ඒත් මාස තුනකට පස්සේ දැකපු මේ හීනෙ නිසා ඒ විශ්වාසෙ යම් තරමකට බිදිලා ගියේ ගිය ආත්මෙ රාධී වගේ මේ සැරේ පාරිත් ජීවිතෙන් තමන්ව තනි කරලා යන්න ගියාදෝ කියලා හිතෙද්දි..නොදැනිම ඇස් කෙවෙනි වලින් කදුලක් වැටූනේ දැනිච්ච අසරණ කමට..



" පාරි හැම ආත්මෙකම මාව තනි කරලා යන්නද උඹ ඉපදෙන්නෙ..ඇයි බැරි මං වෙනුවෙන් ජීවිතේ අල්ල ගෙන ඉන්න. හිතක් පපුවක් නැ වගේ මරණෙට පාරම තෝර ගන්නේ ඇයි මැණික....මාස තුනක් ගියත් මට හිතෙන්නෙම උඹ ජීවත් වෙනවා කියලා ඒ ඇයි ...."













❄️




දෙදිනකට පසුව මේඝ සහ අශ් සෙන්පාකා බලකොටුව අසලම ගම්මානයකට ගියේ බිස්නස් වැඩකට වෙද්දි දෛවය විසින් ඔවුන්ව ගෙන ගියා දැයි පැවසිමටද නොහැක.


මන්ද යත් ඔවුන් පැමිණි වාහනය ගමේ වූ විශාල ගෙයක් ඉදිරිපිට දී කැඩුනේ වාහනයෙන් බැසි ඔවුන් දෙදෙනා වාහනය පරික්ෂා කරද්දී..


කිසිම දෝෂයක් නොතිබුනද වාහනය පණ ගැන්වීමට නොහැකි වූ තැන අශ් අසල නිවසට පිය නගන්නෙ උදව්වක් ඉල්ලා ගැනිමටයි..



නමුත් දුටු දසුනත් සමග ඔහු එක තැන නවතිනනේ තම සමබරතාවය ගිලිහෙද්දී...



'මේ...ම්....මේඝ...නං..නංගී....මේඝ පා...රී....'



අශ් දුටුවේ ගෙදර ඉස්තෝප්පු කෑල්ලෙ ඇදක දිගා කරලා ඉන්න කෙල්ලෙක්ව වෙද්දි ඒ පාරා කියලා අදුන ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ..



වාහනේ සිහියෙන් හිටපු මේඝට අශ් ගෙ වචන ඇහුනේ හීනෙන් වගේ .. එක පිම්මට මේඝ වත්ත ඇතුලට දුවගෙන ගියේ දූවිලි කුණාටුවක් මැවෙද්දී..


ඔහු නතර උනේ පාරිව දිගා කරලා ඉන්න ඇද ලග වෙද්දි අශ් ගෙ කෑ ගැහිල්ලට ගේ ඇතුලෙන් වයසක පිරිමි කෙනෙක් ආවේ ප්‍රශ්නාර්ථ ලකුණු මුහුණෙ දක්වමින්..



* මහත්වරු මෙ දැරිවිව අදුනනවා මා හිතන්නෙ... මහත්වරු කවුද...*



පාරිගෙ අත තද කරගෙන අඩන මේඝ දිහා බලාගෙන වයසක පුද්ගලයා අශ් ගෙන් අහන්නෙ අශ් ඔව් කියල උත්තර දෙද්දී..




* දරුවන් ඔබලා පැමිණි එක හොදයි..ඇයි බෙහෙත් කිසිවකට ප්‍රතිචාර දක්වන්නෙ නෑ.. අපට ඇයව හමු උනේ මීට මාස තුනකට පමණ පෙර මහ වනය තුලදී. එදා වගේමයි අදත් කිසිදු චලනයක් නෑ.. ඇගේ තිබ්බ උණ්ඩ අයින් කරලා තුවාල වලට ප්‍රතිකාර කල ඒවාට තුවාල සුව උනත් අනිත් කිසිදු බෙහෙතකට ඇය ප්‍රතිචාර දක්වන්නෙ නෑ... දැං හොදම දේ ඇයව රෝහලකට ගෙන යන එක...*






❄️


පැය කිහිපයකට පසුව ඔවුන් සිටියෙ ආසිරි පෞද්ගලික රෝ්හලෙ icu එක ඉස්සරහ වෙද්දි පැයකට පසු වෛද්‍යවරයෙක් පිටතට පැමිණෙන්නනෙ මේඝ ඇතුළු ඇගේ ආගමනය ආරංචි වූ සුමිත් සාරධා, දුලාන් සුධර්මා, සනූ ඇතුලු පිරිසක් ඔහු අසළට දිව යද්දී...




" ඩොකටර් දුවට..."


'යු ආ...?'


"අයිම් සුමිත්..."



' මිස්ටර් සුමිත් බය වෙන්න දෙයක් නෑ..ඩෝටර් සේෆ්... කෝමා තත්වෙක ඉන්නෙ හැබැයි.. කොච්චර කාලයක් යයිද කියන්න බෑ සිහිය එන්න.. ඒ ආවත් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්න පුලුවන්....'



" තැනක් යූ ඩොකට්ර්...."





















සියල්ලටම ප්‍රථම මේඝ ඇය සිටින කාමරයට දිව යන්නෙ අනිත් අයත් ඔහු පිටුපස කාමරයට යද්දී....













ආත්ම ගාණක ප්‍රාර්ථනයක්,


හමු වෙවී හිමි නොවුන පෙම් කතාවක


නව ඇරඹුමක සටහනක්...!



ආත්මීය ආදර අන්දරයක,


අවසානයක් නොවූ,


ආරම්භයක්....!




ඉතින් තිතක් නොතබා


තබමි කොමාවක්,



අවසානයක් නොව මෙය ඇරඹුමක් පමණයි....,!














❄️



ඉතිං මෙතැනින් නවතිමි,


සිතින් අමතක නොකරමි...


තිතක් නොතබා


කොමාවක් පමණක් තබමි....







මේක මං

හිතේ මවා ගත්ත මං ජීවත් වෙච්ච ෆැන්ටසි ලෝකෙ පුංචි කතාවක්..


ඔයාට දැනුනෙ කොහොමද




අද නං දිග කමෙන්ට් එකක් ඕනි..


බය වෙන්න එපා special epi. එක දෙකක් ඒවි සමහර විට..



බලාගෙන ඉන්නවා ලස්සන කමෙන්ට් එකක් එනකං..


එහෙනම් නැවත හමු වෙමු අලුත් කතාවක් එක්ක..






      











Report Page