අහම්බයකින් දෝ අප හමුවුනේ...?

අහම්බයකින් දෝ අප හමුවුනේ...?

(පස්වන දිගහැරුම)Mr.King Av(official Writer✍️)

ආ එන්න ලක්ශිත පුතා


ඒ රන්දුල්ගේ අම්මයි,


ඉතින් කොහොමද ආන්ටී සනීපෙන් ඉන්නවාද?


ඔව් පුතා ඔයාට කොහොමද?


හොදයි ආන්ටී,ඉතින් ඉතින් අපිව දොරකඩම තියන්නද ආන්ටීගේ කල්පනාව හේ හේ?


අපොයි කතාවෙන් කතාව පුතාලාට ගෙට එන්න කියන්නත් අමතක උනානේ අනේ සොරී එන්න ලක්ශිත පුතා ඇතුලට


ආ දැන් එතකොට ලක්ශිතට විතරද ගෙට එන්න කියන්නේ මම එන්න එපාද?පුහ්හ්හ්


අනේ නෑ දරුවෝ දෙන්නාම මගේ තමා ඉතින් දෙන්නාටම තමා එන්න කිව්වේ


හූ හූ කොහොමත් රන්දුලයා ආන්ටී උබට වඩා මට තමා ආදරේ


අනේ නිකන් ඉදපන් සගෝ


අහ් හරි හරි කෝ දෙන්නාම ඇවිත් වාඩි උනොත් හොදයි


රන්දුල් සහ ලක්ශිත වාඩි වීමෙන් අනතුරුව,


පුතාලා දෙන්නාටම මහන්සි ඇතිනේ ඉන්න මම ටී එකක් හදාගෙන එන්නම්


අම්මේ...,


ඇයි දරුවෝ?


ටී නම් එපා කූල් ඩ්‍රින්ක් එකක් වගේ නම් ගොඩක් හොදයි


හා හරි පුතාලා ඔහොම ඉන්න මම අරන් එන්නම්


ඉතින් ලක්ශිත උබ අද ඩින'ර් එකත් අරගෙනම යනවද මෙහෙන්?


බලමු බං හෙට උදේන්ම මම යන්න ඕන වෝඩ් එකට මගේ නිවාඩු ඉවරනේ බං


හරි හරි මම ගිහින් දාන්නම් උබ ඩින'ර් එක අරන්ම යමන්


මෙන්න ආන්ටී අරගෙනත් ඇවිත් කූල් ඩ්‍රින්ක් එක


මෙන්න පුතාලා,

ඉතින් ලක්ශිත පුතා රෑ කෑමට ඉදලාම යමු නේද


බලමු ආන්ටි හෙට වැඩනේ මගේ නිවාඩු ඉවරයි


කමක් නෑ ඉතින් දැන් ටැක්සි එකකනේ යන්න වෙන්නෙත්

ඉතින් ඩින'ර් එක අරගෙනම යමු පුතා අපේ කොල්ලා ගිහින් ඇරලවයි


හා ආන්ටී එහෙනම්


පැය භාගයකට විතර පසු,


පුතා රන්දුල්...පුතා ලක්ශිත


ඕ අම්මා...ඕ ආන්ටී


එන්න කෑම කන්න


හරි එන්නම් අම්මා


ලක්ශිතයා ඉද ගනින් එසේ කියා කෑම මේසයෙන් පුටුවක් එලියටඇද දුන් රන්දුල් ද මේසයේ අනෙක් පස පුටුවක වාඩි උනේය


අම්මා කන්නේ නැද්ද?


තාත්තා ආවාම එයා එක්කම කන්නම් පුතා


ඕඕ ආන්ටී කෝ අන්කල්?අපිට එන්න කියලා එයා නැද්ද?


හදිස්සී බිස්නස් වැඩකට ගියා පුතා දැන් එයි,


ආන්න කියනවත් එක්කම ඇවිත්ද කොහෙදෝ මම ගිහින් බලලා එන්නම් පුතාලා කන්න


කෑම මේසය අසල සිටි රන්දුල්ගේ අම්මා එසැනින් පිය නැගුවේ ප්‍රධාන දොර ලගටයි


ආනේ මගේ නෝනේ...උම්ම්ම්ම්ම්ම්මා


එසේ කියා රන්දුල්ගේ අම්මාව බදා ගත්තේ ඔහුගේ පියයි


මේ..මේ පිස්සුද මහත්තයෝ අර ලමයිනුත් ඇවිත් ඉන්නේ


ඉතින් මොකෝ මේ ඉන්නේ මගේ රත්තරන් බිරිදනේ


එසේ කියමින් කරට අත දා ගත් රන්දුල්ගේ පියා අම්මා සමග කෑම මේසය ලගට පිය නැගුවේය


අම්මෝ බලහන්කෝ බං ඒ ආදරේ


එසේ කියා මෙතෙක් කෑම මේසය අසල තිබූ නිහැඩියාව බිදමින් ලක්ශිත රන්දුල්ට ඇසක් ගැසුවේය


ඕකට තමා බං කියන්නේ නාකී විසී ගෙටත් උසයි කියලා...හ්හ්හ්හ්හ්හ්


අනේ ඉකන් ඉන්න පුතා විහිලු නොකර


එසේ කියා ලැජ්ජාවෙන් ඇඹරුනේ රන්දුල් ගේ මවයි


ඒත් සමගම රන්දුල්ගේ පියා ඔහුගේ ප්‍රිය බිරිදගේ කම්මුලක් සිප ගත්තේ ඔන්න ඕකුන්ගේ ඉරිසියාව මැණිකේ කියාගෙනමයි


ඉතින් ලක්ශිත කොහොමද පුතා?


වරදක් නෑ අන්කල්


අපේ මිනිහා ගිය ටිකේම එහෙ නතර වෙලා සුළු පටු වදයක් නෙවේ නේද දෙන්න ඇත්තේ


හී...හී එහෙම නෑ අන්කල්


හරි හරි පුතා එහෙනම් කන්න ඔය ගොල්ලෝ මම වොශ් එකක් දාගෙන එන්නම් ටිකක් කතා කරන්නත් තියෙනවා ඔයාලා එක්ක


එසේ කියා රන්දුල්ගේ මවත් සමග පියාද උඩු මහලේ ඇති ඔවුන්ගේ කාමරයට පිය නැගුවේය

Report Page