අහම්බයකින් දෝ අප හමුවුනේ...?

අහම්බයකින් දෝ අප හමුවුනේ...?

(තෙවන දිග හැරුම)Mr.King Av(Official Writer✍️ )

මාසයකට පසු,


හෙලෝ ලක්ශිත, උබ අද වැඩකද?


නෑ මචං කියහන්


අහ් මේ, මට අද ඩොක්ටර් නිශාදිව මීට් වෙන්න යන්න ඕන


ඒ පාර මොකද උබට?


මොකුත් නෑ


එහෙනම් මොකටද එයාව මීට් වෙන්න යන්නේ?


අහ් නිකන්


පිස්සුද තොට?


ඇයි බං


උබ දැන් මේ මාසයක් තිස්සේ බොරුවට සල්ලී වියදම් කර කර නිශාදිව මීට් වෙන්න යනවා මොකද්ද මේකේ තෙරුම


මමත් දන්නේ නෑ බං


එහෙනම් ඇයි උබ යන්නේ?කිසි ලෙඩකුත් නෑ


අනේ මේ බං උබ එනවා නම් වරෙන් නැත්තන් නිකන් ඉදපන් උබ අද ආවාත් නැතත් මම යනවා


හරි හරි බෑ කිව්වේ නෑනේ බං එන්නම් මම


අන්න එහෙම වරෙන්


පැයකට පසු,


ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්....,


හෙලෝ,


ලක්ශිතයා මම ගේට් එක ගාව වරෙන් ඉකමනට


හරි හරි මචං මේ එනෝ


ලක්ශිත....,


ඒ ඇමතුවේ ඔහුගේ අම්මායි


ඇයි අම්මා?


කොහෙද මේ කඩි මුඩියේ දුවන්නේ පුතා?


අහ් නෑ අම්මා රන්දුල් ඇවිත් ඩොක්ටර් හම්බෙන්න යන්න

එනවාද ඇහුවා


ඇයි ඒ ලමයාට ආයෙත්?


ඌට පිස්සුනේ අම්මා


හරි,දෙන්නාම පරිස්සමට එහෙනම්


කඩි මුඩියේ දුවන් ආව ලක්ශිත මෝටර් රථයට නැග ගැනීමෙන් පසුව,


දැන් උබ නම්බර් එකක් දැන්මාද රන්දුල්


ඔව් මං දැන්මා


උබ මේ යන්නේ බොරු ගමනක් කියලා උබට හිතෙන්නේ නැද්ද රන්දුලයා


නෑ ඇයි උබ එහෙම කියන්නේ?


අඩෝ මම උබව අදුරන්නේ හුජ්ජ කාලේ ඉදලාම මට තෙරෙන්නේ නැද්ද උබේ වෙනස් වීම


ඇයි?


උබට පලවෙනි පාරට කෙල්ලෙක් ගැන හිත ගියා මෙච්චර කාලෙකට පුදුමයි බං


හ්ම්


ඇයි මිදි තිත්තද? මහත්තයෝ


නෑ බං,මට නිශූව දැක්ක මුල් දවසේ ඉදලාම මොකද්දෝ දෙයක් හිතට වද දෙනවා එයාව නිකන් පුරුදුයි වගේ බං


ඉතින්?


ඉතින් කියන්නේ,මම දැන් මාසයක් තිස්සේ එයා පස්සේ දුවන්නේ මට එයා නොදැක ඉන්න බැරි නිසයි මට ඒකීව ඕනෙමයි බං


ඒත් බං,


මොකද්ද බං ඒත්?


නිශාදී අපිත් එක්ක කැම්පස් එකෙන් අවුට් උනාට එයා අපිට වඩා වැඩිමල්නේ බං


ඔව් ඉතින්,


ඉතින් කියන්නේ බං උබට 29යි නිශාදිට 31යි නිශාදිට අවුරුදු දෙකක්ම එක්සෑම් රිපිටි කරන්න උනේ ඇක්සිඩන්ට් එක නිසානේ


ඔව් බං මම දන්නවා සේරම


ඉතින් බං දැනගෙනත් බබෙක් වගේ හැසිරෙන්නේ උබට ප්‍රශ්නයක් නැද්ද?


මොකද්ද ප්‍රශ්නේ?


වයස එයාගේ?


පිස්සුද උට්ටෝ? ආදරේට ඇයි වයස් සීමාවක්?


උබ හිතනවාද නිශාදි කැමති වෙයි කියලා?


අනික අපි දන්නවාද බං කොල්ලෙක් ඉන්නවාද කියලා වත්?


ලැබුනොත් එහෙමයි නැත්තත් එහෙමයි


අනේ මංදා,


විනාඩි කිහිපයකට පසු,


අහ් මේ උබ කාර් එකේම ඉන්නවාද උඩට එනවාද?


මම එන එක හරි නෑනේ රන්දුලයා උබ පලයන් මම ඉන්නම්


හරි බං තෑන්ක්ස් එහෙනම් මම යනවා


හති දමමින් පඩිපෙල් නැගපු රන්දුල් තප්පර කිහිපයකට පස්සේ,


හෙලෝ මිස්,


හෙලෝ,


අද ඩොක්ටර් නිශාදි ඉන්නවාද?


ඔව්,

ඔයා කවුද?


නිශාදිට කියන්න රන්දුල් කියලා කෙනෙක් ඇවිත් කියලා


අහ් වෙයිට්,


එස්කියුස් මී ඩොක්ටර්,


යෙස් කියන්න මිස්,


ඩොක්ටර්,රන්දුල් කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා ඩොක්ටර්ව මීට් වෙන්න


හරි මම එන්නම්,


සර්, ඩොක්ටර් එන්නම් කිව්වා ටිකක් ඉන්න කිවුවා


ඕකේ,


පැයකට විතර පසු,


හායි රන්දුල්,හව් ආයූ?


හායි නිශූ,අයි ඈම් ෆයින් ඇන්ඩ් හව් අබවුට් යූ?


නොට් බෑඩ් රන්දුල්


හේ...හේ...,


වයි රන්දුල්, මාව මීට් වෙන්න ඕන කිව්වේ?


මට වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා


එහෙනම් ඇතුලට එන්න


ඕකේ තැන්ක් යූ,


මිස් ටිකක් එලියට යන්න පුලුවන් ද? ආයේ අපොයිමන්ට් දාන්න එපා කියන්න


හරි ඩොක්ටර්,


ඉතින් රන්දුල් කියන්න


ඩොක්ටර් මේ...මේ...,


ඕ කියන්න රන්දුල්


ඩොක්ටර්ව මෙහෙම හම්බෙන්න ආවාට ඩොක්ටර් ගේ හස්බන්ඩ් කේස් දායිද?


හිකිස්...,,


ඇයි හිනා වෙන්නේ?


පිස්සුද? මට කොහෙන්ද හබී කෙනෙක්?


ඇයි මැරි කරලා නැද්ද?


නෑ


එතකොට බී එෆ්?


බී එෆ් කෙනෙකුත් නෑ,


යෙස්,වාව් මරුනේ


මොකද්ද?


නෑ නා ඩොක්ටර්


කියන්න


වතුර ටිකක් දෙන්න පුලුවන් ද?


අහ් ඉන්න මම අරන් එන්මම්


තප්පරයක් එහා මෙහා බලපු රන්දුල් ඩොක්ටර් ගේ කාමරේ සින්ක් එක ලගට ගියේ නිශූ එතන ඉන්න බව දැන දැනම,


රන්දුල්...?


ඇයි?


ඔයා මොකද මෙතන කරන්නේ?


නෑ මේ මම...මම...මේ


ඕ කියන්න රන්දුල්


මොකුත් නෑ,

අහ් වතුර එක


තෑන්ක් ස්


වතුර එක පසෙකින් තිබු රන්දුල් නිශාදී පුටුවේ ඉද ගන්නත් කලින් අතින් ඇදලා අරන් බිත්තියට හේත්තු කර ගත්තේ නිශාදීත් නොහිතපු විදියටයි


රන්දුල් ඇයි මේ?


ශ්ශ්ශ්...ශ්ශ්ශ්...,


කියන්න රන්දුල් ඇයි මේ?


කටවහා ගන්න කියමින් නිශාදිගේ බද දෙපසින් බිත්තියට දෑත් යොමා රන්දුල් තවත් ලං උනේ නිශාදිට ඇයගේ ඇගේ ගෑවී නොගෑවීය


මොකද්ද රන්දුල් මේකේ තෙරුම?


මමත් අහන්නේ මේකේ තෙරුම තමා නිශූ


මොකද්ද...මොකද්ද ඔයා මේ අහන්නේ


ගැහෙමින් වචන එකිනෙක අසීරුවෙන් ඒ ගැලපුවේ නිශාදී


තවත් වචනයක් කියන්න කලින් රන්දුල් ඉස්සර වෙලා නිශාදිගේ තොල් සිප ගත්තේ ඇස් දෙකත් පිය වෙන්නම ඇරලා


තප්පර කිහිපයකට පස්සේ,


රන්දුල් ඔයා මේ මොකද්ද කරේ?


මේක වැරදී,


නෑ මේක තමා හොදම දේ කියලා නැවතත් නිශාදිව පපුවට තද

කරගත් රන්දුල් ගත්ත කටටම,


මම ඔයාට ආදරෙයි නිශූ කියලා ඇගේ එක කම්මුලක් සිප ගද්දී

රන්දුල්ගේ වැලමිට ලගට පමනක් උස ඇති ඇගේ වත රෝස පාට වී ගියේය

Report Page