අහංකාර ඇස් 👁️👁️👩‍❤️‍👨 ~11 කොටස~

අහංකාර ඇස් 👁️👁️👩‍❤️‍👨 ~11 කොටස~

Hᴀsʜɪɴɪ Sɪʟᴠᴀ✰








🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿


පෙර කොටසට



1️⃣1️⃣.......👁️👁️👩‍❤️‍👨




අමාරුවෙන් නැගිටගෙන වැලිත් ගස ගසා මටබැන බැන ගෑනි ගෙට යන දිහා බලාගෙන මට තනියම හිනා..




ඒ හිනාව වාෂ්ප වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.. යකෙක් දැකල වගෙ උඩ ඉදන් එකෙක් මේ සිද්දිය දිහා බලාගෙන..




මූ මොකද මේ ජීවිතේට නොදැකපු එකෙක් ගානට මන් දිහා බලන් ඉන්නේ.....


මොකක් උනත් හොදකට නම් නෙවේ කියල තේරෙද්දී ..


කරන්න පුලුවන් හොදම දේ මම කරා...



හැරුනා එහා පැත්ත , ගැලවිලා හරි පලයන් කියලා ගස්සගෙන මම ගෙට ආවා...



" මොනාද අනේ පොඩි උන් වගේ ඔයාලා මේ කරගන්න වැඩ..."



එළියෙ ඉදන් ගෙට යන ටිකට මට ඉවෙන් වගේ තේරුනා අපේ එකී ගම ගිනිතියල කියලා...




 " බලනව ඕයී...තමුසෙට වඩා දෙව් ට ඩැමේජ්..."



පව් මගෙ අම්සරණයා.. ඌට වෙන්නේ මගෙ පදේට නට නට ඉන්න.. මොනා උනත් කුපාඩියට මම ආදරෙයි හරිත... ඒකනේ මම කන මාලු කෑල්ලෙනුත් භාගයක් එයාට දෙන්නේ..


කොහොම මේකිගෙ මේ අසාමාන්‍ය බර මූ දරාගත්තද දන්නැ..


" කෙහෙල්මල.."


ගාලා රෝස් වෙච්ච මොකද්ද එකක් වගෙ මූන හදාගෙන අහක බලාගත්තා...



 " කොහෙන්ද මන්දා මගුලක ඉදන් උස්සන් ආපු බල්ලෙක් නිසා තමුසෙ දැන් මට ආදරේ වෙලා තිබ්බ ටිකත් ඌට ආදරේ වෙලා..."



අනේ මෙහෙමත් ඊරිසියාකාරියක්...වෙන කාගෙද ඉතින්. මගෙ නම් නෙවේ.. ඔය මොනා උනත් ඒ කියපු එකට මගෙ අතෙ උන්නු දෙව් පැටියට නම් දුක හිතුනා....




 " කට.. එයාට වචනයක් හරි කියල තිබ්බොත්...ඔය කටෙ තියන දත් එකින් එක ගලවනව මම..."




 " මොනාද අයේෂී.. ඔයත් බබෙක් වෙන්න හදනවනෙ ඉදන්.. නංගිගෙ අත ඇමැට්ටි වෙලා.. තෙල් ටිකක්වත් ගාලා අතගාන්න වෙයී.."




 " මොන කුරුම්බැට්ටියක් හරි කමන්නෑ...අක්ක කෙනෙක් ආදරේට පොඩි පයින් පාරක් දුන්නම නංගිල වශයෙන් ඒක ඉවසා දරාගන්න ඉගෙන ගන්න ඕනා...පොඩි කාලෙ ඉදන්ම මම මේ උගන්නන්නෙ තමුසෙට ඉවසීම ප්‍රගුණකරගන්න හැටී..."




 " අනෙ රෙද්දෙ ඉවසීම... අම්මප අතට මොකක් හරි අහු උනානම් එවලෙ තමුසෙට ඉන්න වෙන්නෙ කනත්තෙ..අනික ඒ පයින් පාර කොහොමද පොඩි වෙන්නෙ කියල කියනවකෝ...මාව ගිහින් හැප්පුනෙ මේසේ.. මම යනව මේවට මානවහිමිකම්...."




" දෙන්නම නතර කරනවා... දැන් හුග වෙලාවක ඉදන් මම බලාගෙන...තමුන්ලා දෙන්නගෙ ඔය වලිය අද ඉවර වෙන පාටක් නෑ...අයේෂී ගිහින් ගන්නව අර පලා මිටිය.. තමුන් ඉදගන්නව අතනින්.. ගිහින් පොල් ටික ගාලා දෙනවා...කටවල් වගේ වැඩත් තියෙන්න එපැයී..."




හරිනෙ...හරිනෙ අමාරුව...අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නව කියන්නෙ ඕකටයි අම්මේ....



අහක උන්නු මාවත් ඇදගත්තනෙ මෙව්වට... පලාමිටියෙ වැඩෙ මට බාරවෙද්දී අරකි පණ දාගෙන පොල් ගානවා...




..............




රෑ තාත්ත ගෙදර එද්දි තමා හොඳ හොඳ සෙල්ලම්...





කොහෙන් කොහෙන් හරි කොණ්ඩෙ ගැන ඇදිල එද්දි තමා මට වැලේවැල් නැතුව ගියේ.. I miss you ටාසන් අයියේ...




" ළමයි උනහම ආස දේවල් කරල ඉන්නෝන නිර්මලා.. දැන් එයා කොණ්ඩෙ කපල ඉවරයිනෙ.. ඒක අතඇරල දාන්න.."




අම්මගෙ මූන නම් සගෝ බලන්න වටිනව...ඒක කිව්වෙ තාත්ත උනත් ඔරවන්නෙ අහක උන්න මට... උදාරයී





" තාත්තගෙ නැලවිල්ල තමා හරහට හිටියේ.."



" මගෙ කෙල්ලව මම නලවන්නැතුව කවුරු නලවන්නද වෙන.."



" ආ... නලවන්න නම් වෙන කාව හරි හොයාගෙනත් ඇති දැන් නම්.."



හෝව් හෝව්.. කොන්ඩෙන් පටන් ගත්තු කතාව බැරියර් කඩාගෙන වෙනත් දිෂාවකට ගමන් කරන වග මට පොඩ්ඩක් පොඩ්ඩක් වැටහේ...




 " අම්මෙ අද රෑට මොනාද..?"



" මොනා උනත් අක්කෙ...මස්සිනා තමුසෙට ගෙනත් දෙන චොකලට් වලින් පංගුවක් මට..."



දෙන්නම් උබට...



 " ලොකූ තාම පොඩියී.. දැන් ම ඕන්නෑ ඔව්වා...තියනව නම් අපිටත් කියල තියන්න.. වෙන අයගෙන් ආරන්චි වෙනවට වඩා හොදයි ඒක..."




" අනෙ ඔහොම කිව්වොත් කියයි කියයි මේන් කියලා.. මුන් දෙන්න බලන් ඉන්නෙ අපෙ කනෙන් රිංගන්න.."





" මම එහෙම කරල නෑ අම්මා.. "





" මොකද නැත්තේ...? "





" ආ...හා... නවත්තන්න ඇති ඇති.. අම්මයි දුවයි පැටලෙන්නැතුව ඉන්න... "





කොන්ඩෙ කපපුවයෙ තරහ අම්මා වචනෙන් දෙකෙන් මට දමල ගහද්දී විකට් කීපර් වෙලා තාත්ත පිටිපස්සෙන් හිටන් හිටියා...




මන් දන්නව එක දෙයක්.. කොයි වෙලේ හරි අම්මා මේ පතයෙන් මාව ලෙෆ්ට් කරලම දානවා...






...........




කහපාට රෙද්දට කලු පාටින් පහල පොඩි ඩිසයින් එකක් ගිහින් තිබ්බ ලුන්ගියය කලු පාටින්ම අත් කොට , කොට ටී ශර්ට් එකක්

හරිම දිගට තිබ්බ කොන්ඩේ (වෙන නැතුවට) බූලක් දාන්න කියලා පුලුවන් එකක් ඈ....ඒ මගුල කඩල දැම්මා...



මම සාලෙට යද්දී මේ ගෙදර මට කියල ඉන්න එකම ප්‍රාණසම සහෝදරී.. එයාට මම නැතුව මට එයා නැතුව ඉන්නම බෑ.. ළගින් ගියොත් ඇහැක් නෑ...




මන් අදිනව වගේම එකක් ඕන කියලා පොලොවෙ පස් කාපු නැති ටික විතරයි... පව් මගෙ අසරණ තාත්තා..




' තමුසෙව අරන් හදාගන්න ගත්තු එකියක් නිසා අරන් දෙන්නෑ..'




කියල කියද්දී මේකි මගෙ නලල දෙබෑ වෙන්නම මේසෙ තිබ්බ ඒකිගෙම කවකටු පෙට්ටියෙන්ම දමලඇරිය හැටි.. අම්මපා තුවාලෙ හොද වෙන්න සතියක් ගියා...යක්සනී..




 " ෆ්‍රෙන්ච් ගොතනවකෝ.."



ගාගෙන පනාවක් උස්සන් එනවා...



" සොරි එහෙම එකෙක්ව මන් දන්නෑ..."



" ගොතනවකො අක්කේ..."



" අක්කෙ.?කවුද තමුසෙගෙ අක්කා..?"



" අල්ලපු ගෙදර එකා...ගොතනවකෝ..."



" ඉතින් අල්ලපු ගෙදර ඉන්න අක්කට කියල ගොතාගන්නවකො මට පව් නොදී.."



බලනවකො ඉතින් මේ කේප්ප වැස්සි අර යස අගේට එහාපැත්තෙ ගෙදර ඉන්න මල්ලිල දෙන්නටත් ගවුම් අන්දලනෙ නතර කරේ...



 " අම්මේ...! "


" ඉදගන්නව ඉතින් මගුලක් කියවන්නැතුව.. "



සද්දයක් දාලා වැඩේ පටන් ගත්තා...



අගේට තිබ්බ මගෙ කොන්ඩෙ මතක් උනා.. කපන්නැතුව හිටියනම් මේ වගේ මොකක් හරි ඉලව්වක් කරන් ගියහැකිනෙ මටත්...නෑ එක අතකින් කපපු එක හොදා.. නැත්තම් මල වදයක්...




සේරම හමාර කරලා ලස්සනට ඇද පැලදගෙන පිට්ටනි එකට එද්දී එකොලහයි වෙලාව.. ඊට පස්සෙ අවුරුදු කුමාරිට යන අයට නම්බර්ස් දෙන පෝලිමේ...




මෙහෙම අව්වෙ තැම්බිලා තැම්බිලා අවසානෙදී ස්ටේජ් එකට නගිද්දී කරවෙච්ච ආප්පයක් වෙලා තියෙයිද දන්නෑ මූන... නෑ මම එච්චරමත් කැත නැතුව ඇති කියලා හිතලා හෙන උත්සහයක් ගත්ත හිත හදාගන්න.. කමන්නෑ කලු නෙවෙ මේ පාට තලෙලු.. ලංකාවෙ මිනිසුන්ගෙ සොභාවික පාට.. කොච්චර ලස්සනද මම...මට ගහන්න පුලුවන් තවත් කෙනෙක් මේ කොහෙවත් නෑ....




හරිම සන්තෝසයී...




 " අක්කෙ එනව බනිස් කන්න යන්.."



" බෑ පිස්සුද තමුසෙ මාව නොමග යවන්නැතුව යනවා.මන් ගෙදරින් බත් කාලා ආවෙ."



දෙයියනේ පාඩුවෙ පැත්තකට වෙලා ඉදපු මගෙනෙ ඒ ඇවිත් හිත කඩල දැම්මේ....



 " ඉක්මනට එනව ඕයී... ගියපාර වගෙ තමුසෙ තමා එක.. එනව ඉක්මනට.."



යකො අවුරුදු කුමාරිට යන්න තියනව බන් මම...කලවැද්දි වගෙ ඔතනට ගිහින් සමාජෙට විහිලුවක් වෙන්නෙ මොකටද නිකන්..ඔන්න ඔහෙ පස්සෙ බනිස් කාතැහැකිනෙ...



ඔය මොන බයිල කැහැවත් පෙරේතකම ලොකුයි කියනවනේ...



සෙරෙප්පු දෙක ගලවලා අම්ම ගාවින් තියලා ලුන්ගියෙ කොනක් උස්සන් මම බැස්සා ගේමට...



" ඔන්න ලෑස්තීද... ? "



" එකායී.."

" දෙකායී..."

" තුනායී..."



හරේ කමෝන් අයේෂී...


බනිස් නම් මොනාද අනෙ අපි කාලා තියන එව්වයෙ හැටියට...


හැබැයි මෙහෙමයී..


ඒක කරන්න අමාරුයී...



ගිලෙන්නෙත් නෑ යකො හදිස්සියට...



ඇබරිලා ඇබරිලා කන එක නම් කරගත්තා...මෙතනින් නැගිටිද්දී ලුන්ගිය ගැලවිලා අතට එයිද කියල බයයි දෙයියෝ... ප්ලීස් උදව්වට කුලියට අතක් එහෙම ගන්න බැරි වෙයිද දන්නෑ....



අන්තිම කොටස ගිලින ගමන් මම හතර අතෙ කල්පනා කරලා කරලා නැගිටින්න හැදුවේ සද්දෙට බෙරිහන් දෙන අහන් ඉන්න අමාරු විදිහෙ කටහඩක් තියන නිවේදකයගෙ කටහඩට.. මුගෙ මේ ටින් බෙලෙක්කෙට ගල් ගහනව වගෙ වොයිස් එක අහන් ඉන්න අපිට තෑගි දෙන්නොනා...




" ඔතන ඉදන් හිටියට හරියන්නෑ කාලා ඉවර වෙලා නැගිටලා දුවන් එන්නෝනා මේ දිහාට.. කහ පාට ඇදුම.."




යකෝ මූ මෙතනම මගෙ චරිතෙ විනාස කරල දායි වගේ...



මන් අහලම හිටන් ඉදපු සරම් කාරයගෙ සරම තමා අතට අහු උනා...



" තමුසෙ මගෙ සරමටත් වැඩෙ දෙන්නද හදන්නෙ ඒ පාර..."



මූ නම්.මම යන යන තැනට එනවද මන්දා...


කාපුවා උගුරෙන් පහලට ගියෙ නෑ වගේ පොඩ්ඩක් තේරෙද්දී අන්තිම ටිකත් ගිලලා දාලා සරමෙ අයිතිකාරයට පොඩි හිනාවක් දාලා දිව්වා අර ටින් බෙලෙක්කයා දිහාට...



ගේ ගෙම්බා වගේ ගෙට රිංගන් ඉන්න මේ පිසාච වඳුරට එලියට බහින්න හිතිලා මොකද දන්නෑ.. අපරාදේ සරමත් ඇදන් දුවන් එන්න තිබ්බෙ මට...



ර්... උගෙ සරම මට මොකටද.. ශික් උබ වල්වැදිලා ගිහින් අයේෂී... 




👁️👁️👩‍❤️‍👨...



මන් හැමදාම කතාව දෙන්නම්.🙃 හැබැයි ඔයාලා පොරොන්දු වෙන්න ඕනා දාන කතාවට උපරිම සාධාරණයක් කරනව කියල 😌




කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම හෝ වෙනත් සමූහ තුල පල කිරීම සපුරා තහනම් 📢🚫

Report Page