එක දවසකට විනාඩි පහක්...💛

එක දවසකට විනාඩි පහක්...💛



(කෙටිකතාවකි)


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 


ඉතින් ප්‍රේමිය, අවසන් වරට තවත් එක වතාවක් අපි හමුවිය යුතු නොවේද?



_ මොකටද ඕයි වද දිදී එන්න කියන්නේ.මට වැඩ තියනවා.මට කාලේ කන්න වේලාවක් නෑ...




+හුම්ම්...මට සමාවෙන්න.පොඩ්ඩක් ඔය මුණ දිහා බලාගෙන කතා කරන්න හිතුණා...





_ මොනවද කතා කරන්න තියෙන්නේ අපිට...





+ මහ ලොකු දෙයක් නෙවෙයි විදත්..පුංචි දෙයක් කියලා යන්න ආවේ....




_ මොකක්ද?කියන මගුලක් ඉක්මනට කියනවා.මට වැඩ තියනවා.




+මං ආදරෙයි...




_කාටද?



+ මට ඕන වුණේ ඔයාට ආදරෙයි කියන්න....




- ඉතිං.....?




+ ඉතිං මං ඔයාට ආදරෙයි විදත්.....




- ඇයි.....?




+ ඇයි අහන්නෙ...මම ඔයාට ආදරෙයි....




_ විකාර...





+හුම්ම්...කමක් නෑ....ඔයා මට ආදරේ කරත් නොකලත් මම ඔයාට ගොඩක් ආදරෙයි.....




- මගේ ආදරේ නැතුව තමුසේ ට කරන්න ආදරයක් තියනවද?මගේ ආදරේ ආපිට බලාපොරොත්තු වීමක් සිද්ධ වෙන්නේ නැද්ද....?





+ කොහෙත්ම නෑ විදත්......මං දන්නවා ඔයාගේ හිතේ මං ගැන හැඟිමක් නෑ කියලා....ඕනම කෙනෙක් ට පුළුවන් වෙන්න ඕන ප්‍රේමයක් දැනුන තැන ඒ හැඟීම ප්‍රකාශ කරන්න....ඒ කෙල්ලද කොල්ල ද ඉස්සරල කියන එක නෙවෙයි වැදගත්...





- ඒත් ඇයි ඒ ....?




+ සමහර වෙලාවට ඒ අපිට ආය කවදාවත් මුණ නොගැහෙන්න පුළුවන්නේ විදත්......




- ඉතිං ඔයා දැන් මට ආදරෙයි කියලා මගේ ආදරේ නෙවෙයිනම් බලාපොරොත්තු වෙන්නේ...ඔයාට මොනවද ඕන......?




+ මහ ලොකු දේවල් නෙවෙයි විදත්......ඉස්සරහට එන සමහර දවස් සමහර විට මට ගෙවන්න අමාරුම දවස් වෙන්න පුළුවන්....ඔයාට අලුත් ජිවිතයක් ලැබෙයි...ඒ වගේ ම ආදරයක් ලැබෙයි...සමහර විට අපි හොදම යාලුවෝ කියන එකත් අමතක වෙයි...මේ දැන් ඔයාට අමතක වෙනවා වගේ...




__මගෙන් මොනවද වෙන්න ඕන...




+ජිවිතේ ඉස්සරහට යන හැම දවසක ම ඔයාගෙන් මට ඕන වෙන්නෙම ඔයාගෙන් ආදරණීය කතා බහක්....වචන ටිකක්...එක දවසකට විනාඩි පහක් මං එක්ක කතා කරන්න...එතකොට මගේ ඇවිලෙන හදවත නිවන්න පුළුවන් වෙයි...ඔයා මගේ ලඟ ම ඉන්නවා කියලා හිත අස්ස ට දැනෙයි. ඒ හැඟීම ඇති මට ජිවිත කාලේ පුරාවට ම සැනසීමෙන් ඉන්න.........




__බලමු...මට පොරොන්දු වෙන්න නම් බෑ...




+හුම්...කමක් නෑ...විදත් මම යන්නම්.....පරිස්සමින් වැඩටික කරගන්න විදත්....




__ හ්ම්ම්...




විදත් දිහා එක පාරක් හැරිලා බලලා මං එතනින් ආවා...

මං ආයම හැරිලා බැලුවේ එයා ගිහින් කියලා...

නෑ...

එයා මං දිහා බලන් ඉන්නවා...

මං ආයම එයා ලගට ඇවිදන් ගිහින්...

කකුල් දෙකෙන් ඉස්සිලා ඒ කම්බුලේ මගේ තොල් දෙක ලාවට තියලා...

ආය හැරිලවත් බලන් නැතුව දුවන් ආවේ...

මට ආය ම එයා ලගට යන්න බය හිතෙයි කියලා....





අත් පටලගෙන ඉන්න ආදරවන්තයෝ දැක්කාම...

හැමදාම මම හිතුවේ...

"අනේ එයාලා හැමදාම සතුටින් ඉන්න ඕනේ"

කියලා....

ඒත්,

මං වෙනුවෙන් කවුරුවත් ම එහෙම ප්‍රාර්ථනා කරන්න නැතුව ඇති....



"තනියම ආදරේ කරන එක හරි අමාරුයි...මට හරි පාලුයි විදත්....






***********&&&&&&***************




විදත් :



කෙල්ල මගේ කම්බුලත් ඉඹලා ආයම හැරෙන්නෙවත් නැතුව ඉස්සරහට කලුවරේ ම දුවන් ගියා...

ශිට්!

මට එහෙම නොකර ඉන්න තිබ්බා...

ඔය ආදරේ දැනිලත් මං අන්ධයෙක් වගේ කරබන් හිටියා...

කෙල්ලට දුක හිතෙන්න ඇති...



"එක දවසකට විනාඩි පහක් මං එක්ක කතා කරන්න...



මගේ ඔලුව පුරාම දිව්වේ ඒ වචන ටික....

මට නිකමට හිතුණා එයා පස්සෙන් ගිහින් බලන්න...

ඒ නිසා මං ඉක්මනින් ම අඩිය තියලා ගියේ...

කලුවරේ කොහොම ගියාද කියලා දාහක් දෙවල් හිත හිත....





ඉස්සරහට එන්න එන්න කෙල්ල නැති වෙද්දී...

හිතට දැනුනේ බයක්....

මං දුවන් වගේ ඉස්සරහට ආවේ අතුරු පාර ඉවර වෙලා මහපාරට වැටෙද්දී....

මිනිස්සු හතර පස් දෙනෙක් වට වෙලා බලන් ඉන්නවා....




මගේ හිතට බයක් දැනුනා...

ඒ නිසා මං එතනට ගිහින් බැලුවා...

තනිකරම....

රතු පාට දියරයක් ගලන් යනවා....

කවුරුත් පේන්න නම් හිටියේ නෑ....

ඇක්සිඩන්ට් එකක්වෙලා වගේ....

මං සෙනග අතරින් එන්න හැදුවා විතරයි...




"අනේ...ඒ දරුවා නිවන් දකින්න ඕන මගේ කොල්ලාගේ ජිවිතේ බේරුණේ ඒ දරුවා නිසා...."




එතන හිටපු ගැණු කෙනෙක් අඬ අඬ ම එහෙම කිව්වා...

මං එතන ඉන්න මනුස්සයෙක් ලගට කිට්ටු වුණා..




"අන්කල් මෙතන මොකද වුණේ...."




"බලන්නකෝ පුතා...අර පොඩි දරුවා එහා පැත්තේ ඉදලා එක පාරට දුවන් ආවා.... එකපාරට වෑන් එකක් දැම්මා... මේ පැත්තේ ඉදලා දුවන් ආපු පොඩි කෙල්ලෙක් අර ලමයව බේරලා පාර අයිනට ඇදලා දැම්මා...ඒත් ඒ ලමයා නම් වාහනේ ට හැප්පුණා..."



"අන්...කල්....ඒ....ලමයා...මොකක්ද ඇදලා...හිටි...යේ...."




හිතට බයක් දැනෙද්දී මං ඒ මනුස්සයාගෙන් එහෙම ඇහුවා....



"කහ පාටට හුරු දිග ගවුමක්...."



"දිනු...ඒ කියන්නේ....අනේ අන්කල් ඒ ලමයා කෝ.. ."




"වැඩක් නෑ දරුවෝ...ඒ වෑන් එකේ ම මෙතන හිටපු ලමයි ටිකක් ඒ දැරිවි ව දාන් ගියා.....බෙල්ල කඩාගෙන වැටුණා....ඒ දරුවා එතනමයි......"





"සමහර වෙලාවට ඒ අය අපිට ආය කවදාවත් මුණ නොගැහෙන්න පුළුවන්නේ විදත්......"




ඒ වචන හිත ඇතුලේ දෝංකාර දේද්දී මං එතන ම කඩා වැටුණේ...

මුලු ලෝකේ ම මගේ කකුල් දෙක ඉස්සරහ කඩා වැටුණා වගේ හැගීමකින්....





"ඉතින් ප්‍රේමිය, අවසන් වරට තවත් එක වතාවක් අපි හමුවිය යුතු නොවේද?







කතාව කොහොමද? අදහසක් කියන්යන්න......




Report Page