අරලියා🌼✨

අරලියා🌼✨



(කෙටිකතාවකි)


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 


ලංවීමක් නැත්තම් හිතින් ආදරේ කරන්න හිතන්නවත් එපා.......💛



💛________________________________________________________💛





අරලිය...

සුදු ම සුදු පාට...

පෙති පහේ සුන්දර මලක්....



මං ආස ම මල අරලියා මල වෙච්ච කොට...

සුදු ම සුදු පාටට දනහිසටත් වඩා පාතට වෙන්න ඇදන් එන දිග ගවුමට...

මට තවත් උබව පෙනුනේ අරලියා මලක් වගේමයි...

සුදු පාටින් පිපිලා දසත පුරා සුවඳ විහිදෙන...

අරලියා මලක් වගේ...

හරියට නමවත් නොදන්න උබට මං දැම්ම නමත් අරලියා...

අරලියා...

කෑ ගහලා කියන්න හිතෙනවා..

උබ මගේ අරලියා මල කියලා ...

ලෝකේටම කෑ ගහලා කියන්න හිතෙනවා....





කඩා හැලෙන කොණ්ඩේ නිල්පාටට හුරු තද කලු ම කලු කතා කරන ඇස්...

තොල් දෙක යන්තම් ඈත් කරලා දෙන ඒ අහිංසක හිනාව...

ඒ හිනාව ලග මං අතරමන් වුණ දවස් කොච්චර තියෙන්න ඇතිද?





ඒ හැමදේම හේතුවක් වෙන්න ඇති මං උබ කෙරෙහි මේ තරම් බැදෙන්න...

මං උබ පස්සේ ආවේ කාන්දමක් වගේ..

සතියකට එක පාරකට විතරක් හැම සෙනසුරාදාම මං උබව දකින්න පෙරුම් පිරුවා...

මඟ බලන් හිටියා...

කැලැන්ඩරේ සතියක් සතියක් පාසා දින කප කප මං ඒ සෙනසුරාදා එනකම් බලන් හිටියා....




අඩු ම උබ මං දිහා ට එක බැල්මක්වත් පා නොකරද්දී..

මං කියලා කිසිම කෙනෙක් උබේ ජිවිතේ නෑ කියලා දැනෙද්දී පවා...

මං උබටත් හොරෙන් උබ දිහා බලන් හිටියා...





ඔව්....

මන් ඔයා වෙනුවෙන් කොච්චර බලන් ඉන්න ඇත්ද...

වරු ගනන් බලන් හිටියා...

මීට කලින් ජිවිතේ කිසිම දේකට...

මේ වගේ කැමැත්තක් ඇතිවෙලා නෑ...



ඒත්...

ඔයා දැක්කම ගොඩක් ආදරේ හිතුනා...

ඒ ඇයි කියන්න මම හරියටම දන්නේ නෑ..

හිතේ තියන ආදරේ ඒ හැගිම උබ එක්ක කියන්න බයේ මං බලන් හිටියා...

ඒත් මං හිතා ගත්තා කවදා හරි දවසක ඒ හැගිම...

අකුරු කරලා උබේ ඇස් දෙක දිහාම බලන් ඉදලා කියනවා කියලා...





බස් එකේ ගමනෙන් පස්සේ වෙහෙසකර බවක් දැනුනත්..

ඒ වෙහෙස අමතක කරන්න තියෙන එකම නිමේශය උබ බව දන්න නිසාම තමයි...

උබට කිලෝමීටර් ගාණක් දුරින් ඉන්න මම දවසෙන් බාගයක් ගත කරලා...

සතියේ හැම සෙනසුරාදා ම උබව බලන්න මෙතනට දුවන් එන්නේ...




අදත් ඒ වගේ ම දවසක්,

වෙනදා වගේ ම මම බලන් හිටියා වැලි මලුවට වෙලා...

උබ දැන් එයි දැන් එයි කියලා...

ඒත් තවම උබ නෑ...

කෝ මගේ අරලියා මල....

කෝ ඔයා...

හිත කෑ ගහ ගහ විලාප තියද්දී...

මං බලන් හිටියේ උබ දැන් එයි දැන් එයි කියලා...




නෑ...

පැය ගාණක් බලන් හිටියා..

උබ තවත් නෑ මගේ අරලියා...

වැලි මලුවෙන් නැගිටලා මං ඇවිදන් ආවේ...

හිත වේදනාවෙන් පිරෙද්දී...

ඇස් වල කඳුලු පිරෙනවා කියලා දන්න නිසාම...

මං බිම බලන් ඇවිදන් ආවේ..

කාට හරි මගේ කඳුලු පෙනෙයි කියලා.....




පාර දිගේ ම ඇවිත් ස්ටේශන් එකෙන් ටිකට් එකක් ගත්තේ..

හිත ට දැනෙන්නේ මහ මුසලම මුසල හැගිමක්...

උබ ට කරදරයක් ද මගේ අරලියා...

නෑ නෑ...

හැමදාම සෙනසුරාදාට බෝධි පුජා තියලා මල් පහන් පුජා කරන උබට..

කිසි කරදරයක් වෙන්නෑ...

ඒත් ඇයි උබ අද නාවේ...




මගේ හිත එක්ක තර්ක කර කර මං කෝච්චියට නැග්ගා....

පැය දෙකක ගමනකින් පස්සේ පුරුදු ස්ටේශන් එකේ ම බැහැලා..

ත්‍රිවිල් එකක් හයර් කරන් ගෙදරට ආවේ..

ඇගට පුදුම තරම් තෙහෙට්ටු ගතියක් දැනෙද්දී....




ගෙට ගොඩ වෙද්දී අම්මා ඉස්සරහට ආවේ මුණත් අකුලගෙන...




"දවසම රස්තියාදු ගහලා ගහලා කීයද බලනවා පොඩි පුතා ගෙදරට ගොඩ එන වේලාව...කවදද වගකීමක් කරට අරන් වැඩ කරන්නේ....ආ පුතේ...අර ලොකු පුතා වගේ වගකිමක් ඇතුව වැඩ කරන්න පොඩි පුතේ...."





අම්මා තව තව ඒවා කියද්දී...

ඔව්,

අපි හැමෝගේ ම අම්මලා එහෙමයි..

මං දන්නවා තාත්තාත් නැතුව අපිව අම්මා උස්මහත් කරන්න ලොකු වෙහෙසක් ගත්තා කියලා...

අම්මාගේ ලොකු පුතා හොද දරුවෙක් වෙද්දී...

මං වුණේ නරක දරුවෙක්...

එහෙම තමයි මට නම් හිතෙන්නේ...

එයාලා ගේ සතුට කවදාහරි දවසක අපි හොද තැනක ඉන්නවා බලන එක.....




අම්මා කියවගෙන කියවගෙන යනවා.....

මං නැහුණ ගානට ඇදට වැටුණේ ඇදුම්වත් මාරු නොකර...

ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවලා දාලා...

අත් දෙක ඇද පුරා විහිදලා හොද හුස්මක් පාත දැම්මා...




"තව සතියක් බලන් ඉන්න එපැයි...."





මං තනියම මිමිණුවේ ඒ ගැන..

අද ඉදලා ලබන සතියේ සෙනසුරාදාට තව සතියක් තියනවා...

මගේ අරලියා මල...

ඔය ඇස් දෙක දකින්න තව සතියක් මම ඉවසන්න එපැයි....

එහෙම්මම මම ඇස් දෙක පියා ගත්තේ මට උබේ මුණ මැවිලා පෙනේද්දී...




"පොඩි පුතා....ඇදුම් මාරු කරලා වොශ් දාගෙන එන්න කෑම ලැස්ති කරා...."




අම්මා ඇවිත් එහෙම කියද්දී මං ඔලුව උස්සලා අම්මා දිහා බැලුවා...



"මට බඩගිනි නෑ අම්මේ ඔයාලා කන්න...."



මං එහෙම කිව්වේ අද බඩේ ගින්දරට වැඩිය හිතේ ගින්දර වැඩි නිසා....



"හෙට එහෙම රස්තියාදු යනවා එහෙම නෙවේ.හෙට අයියාට මනමාලියෙක් බලන්න යනවා....ඒකට යන්න ලැස්ති වෙන්න උදේන් ම...."




අම්මා එහෙම කියලා කාමරෙන් එලියට ගියේ...

මං මගේ අරලියා මල ගැන හීන දැක දැක...

වොශ් රූම් එකට රිංගද්දී....








අද විශේෂ දවසක්,

මට නම් නෙවෙයි අපේ ගෙදර ලොකු එකාට...

මගේ අයියාට...

අයියා යාලු වෙලා ඉන්න ගැනු ලමයා බලන්න යන්න අද දින දාගෙන...

එහෙ යන්න උදෙන් ම ගමන පිටත් වුණා....





දැන් නම් එහෙට ඇවිත් මනමාලි එනකම් අපි තුන්දෙනා බලන් ඉන්නවා...

මනමාලි ගේ අම්මා විතරලු ඉන්නේ..

තාත්තා හාට් ඇටැක් එකකින් නැති වෙලා...

මනමාලි ගේ අම්මාටත් හාට් ඇටැක්ලු ඒ නිසා දුවව තනි කරන්න බෑ කියලා...

කටයුත්තක් හොයලා....





හොයන්න කලින් ලොකු එක්ක සම්බන්දයක් තියනවා කියලා...

මනමාලි කියලා....

ඒ නිසා තමයි දින දාගෙන තියෙන්නේ මගුල් තුලා කතා කරලා විසදගන්න....

අපේ ලොකු එකාගේ වයසත් හරි නිසා අම්මා නම්...

එකෙන් ම කැමති,




කතා බහෙන් තෙරුණ විදිහට අම්මා නම් මගේ වෙන්ඩ නෑනා ව කලින් දැකලා තියන පාටයි...

මං විතරයි දැකලා නැති එකම එකා...

කොහොමත් මං කොනේ නේ....

කෙහෙල්මල කියන්නේ පොටෝ එකක්වත් ගහලා නෑ බිත්තියේ...

එහෙම තිබ්බා නම් බලා ගන්න තිබ්බා කවුද වෙන්ඩ නෑනා කියලා...

කොහෙද ඉතින් එහෙමත් එකක් නෑ...

ආවම බලා ගන්නවා කියලා පොන් එක අරන්...

ඩේටා ඔන් කරලා කකුල් දෙකත් පද්ද පද්ද...

ස්ටේටස් බැලුවා...

අම්මා හොරෙන් කකුලට අනිනනවා...

රවනවා....




"තැනකට ආවා නම් සංවරව ඉන්නවා කොල්ලෙක් වුණත්..."




අම්මා හොර රහසින් කනට කරලා කිව්වේ ...

මං මගේ වෙන්ඩ නෑනා ගේ අම්මා එක්ක යන්තම් හිනා වෙද්දී....



"මම දුවව එක්කන් එන්නම්..."



වෙන්න නෑනා ගේ අම්මා එහෙම කියලා නැගිටලා යද්දී...

මං ආයම පොන් එක ඇතුලේ ඔලුව ඔබා ගත්තේ...

හිතට සතුටක් දැනෙද්දී...

සහෝදරයෙක් ඉන්න මට සහෝදරියක් ලැබෙන්න යනවා නේද?

කියන හැගිමෙන්...





මං ලග හිටපු ලොකු අයියා නැගිටිද්දී මං හිතුවා මනමාලි ඇවිත් කියලා...

ඒ නිසා පෝන් එක සාක්කුවට දාලා ඔලුව උස්සද්දී...

මං දැක්කේ මේ ලෝකේ තියන දරුණුම වේදනාව...

මට උරුමයි නේද කියන සිතුවිල්ලෙන්...






ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ලොකු ට බුලත් හෙප්පුව දික් කරලා ඉන්න එයාව......

මං අවුරුද්දක් තිස්සේ හිතන් පෙම් බැන්ද...

මගේ අරලියා මල....







මං කොහොම හුස්ම ගන්නද...

මගෙ ඇස් ඉස්සරහා ඔයා ඔහොම ඉද්දී.....

මුලු ඇගම පන නෑ වගේ...

කකුල් දෙක වෙව්ලද්දී මං කරේ බිම බලන් හිටපු එක...

ජිවිතේ පලවෙනි පාරට හදවතින්ම ආදරේ කරපු එකම කෙල්ල...





ඇයි දෙවියෝ මගේ ආදරේට මෙහෙම කරේ....

සමහර විට හදවතින්ම ආදරේ කරපු නිසා වෙන්නැති...

එකම වචනයක්වත් අග වන්නේ නැතුව...

හිතින්ම විතරක් ආදරේ කරපු හින්දා වෙන්න ඇති...




අද වෙනකම් ඇස් දිහා බලන් කියාගන්න බැරුව හිටපු හැගීම්...

සේරම පපුව අස්සේ හිරවෙලා කඳුලු ඇස් වල පිරිලා එලියට එන්න පොරකද්දී...

මං දෙපාරක් නොහිතා එතනින් නැගිටලා ආවේ...

කිසිම වෙනසක් නොපෙන්වා.....




මන් කොහොම විශ්වාස කරන්නද...

කොහොම ඒ දිහා තවත් බලන් ඉන්නද...

ඒත් මන් කොහොම එයා වෙනුවෙන් අඩන්නද...

මගේම සහෝදරයා ගේ මනමාලි වෙලා මං ඉස්සරහට එද්දී...

හිනා වෙවි මගේ ම සහෝදරයා දිහාට හෙප්වුව දික් කරද්දී....

ඒ හැමෝම ඉස්සරහා මන් කොහොමද කෑ ගහලා අඩන්නේ....

මං පිස්සෙක් කියලා හිතයි ඒ මිනිස්සු වුණත්....





ඒත් මන් කොහොමද අඩන්නේ නැතුව ඉන්නේ...

මට තේරේන්නෑ...

ගොඩාක් අමාරුවෙන් කදුලු ඇස් අස්සේ හිරකරන් එලියට ආවා...

ලොකු ඉකියක් පපුව අස්සේ හිර වෙලා කියලා මට දැනෙනවා......





විනාඩි ගාණක් මං එලියට වේලා බලන් හිටියා...

ඇතුලෙන් සැරින් සැරේ හිනා හඩවල් ඇහෙනවා...

ඒත්,

මට ඇතුලට ගිහින් ඒ හිනාවට හවුල් වෙන්න බෑ...

හැගිම් විරහිත මිනිහෙක් විදිහට මං බලන් හිටියා....

ඇස් වල කඳුලු පුරවන් බලන් හිටියා...




"පොඩි....."




ලොකු ඇවිත් මගේ උරහිසට තියලා කතා කරා....




"මොකද මේ එලියට ඇවිත්....යන් ඇතුලට...."




මං ලොකු දිහා නොබලා ම කතා කරේ මගේ ඇස් අස්සේ තියන කතාව ලොකුට තෙරෙයි කියලා සැකෙන්...




"මං මෙහෙම ඉන්නම් ඇතුලේ හරි රස්නෙයි අයියේ...මාව පිච්චෙනවා වගේ දැනෙනවා...."




එච්චර රස්නයක් නොදැනුනත් ඇතුලේ ඉද්දී...

පිච්චෙන පිච්චිල්ල මං විතරයි දන්නේ...

ඒ නිසාම වහෙන් ඔරව හරි මං කියන්න ඕන දේ කිව්වා....




"පොඩි මේ බලනවකෝ...."





අයියා ආය ආය කතා කරද්දී බැරි ම තැන..

මං ඇස් වල තිබ්බ කඳුලු හංගන් එයා දිහාට හැරුණා...




"මේ තමයි මගේ පණ අරලියා......"





ලොකු අයියා මගේ කියලා හිතාගෙන හිටපු අරලියාව...

තුරුල් කරන් කියන්නේ...

මං ඒ දිහා බලන් ඉන්න...




"අරලියා මේ තමයි මගේ පොඩි මල්ලී දෙනෙත්...."




"අ..ර...ලියා...."





මටත් හොරෙන් මගේ කට ඉස්සර වෙද්දී..

ලොකු මං දිහා බැලුවේ පුදුම වෙලා...




"ඔව්...මෙයාගේ නම තමයි අරලියා...."





ලොකු ආය සැරයක් කියද්දී මට හිනා ගියේ මං ගැනම දැනුන කලකිරිමට...

එක දවසක්වත් ලගින් ආශ්‍රය නොකර ඈතට වෙලා බලන් හිටියට...

හරියට ආශ්චර්යයක් වගේ එයාගේ නමත් මං දැනගෙන ඉදලා....





"ඔයාගේ අරලියා ව ඔයා පරිස්සම් කරන් සතුටින් ඉන්න ලොකු...."




හදවතින්ම සුභ පතලා පැත්තකට වෙනවා ඇරෙන්න...

මන් ආය වෙන මොනවා කියන්නද....

අයිතිවාසිකමක් නැතුව කොහොම අයිතිවාසිකම් කියන්නද...

බලෙන් ම රිද්දගෙන ඇස් වල කඳුලු පුරවන් හිතින් පිච්චි පිච්චි...

ලොකේට පේන්න හිනාවෙන්න වෙලා......

මගේ ම වැරදි නිසා....

ලංවීමක් නැත්තම් හිතින් ආදරේ කරන්න හිතන්නවත් එපා..







ජීවිතේ විදවීම් එක්ක ම ගින්දරක් හිතේ හිරකරගෙන තියාගෙන පිච්චි පිච්චි ඇවිලුණු හිත්වල ඕන තරම් ලස්සන ආදර කතා හැන්ගිලා තිබුනා...



ඕන තරම් එහෙම කතා ඇති.මේකත් ඒ වගේ කතාවක්...



මොනවද හිතෙන්නේ හිතෙන දේ කැමති නම් අකුරු කරමු....

Report Page