අයේශා

අයේශා

Peshala Nethmini
පස්වන කථාංගය





අයේශාගේ කම්මුල් දිගේ කදුලක් වැටුනේ අතීත සිදුවීම් මතක් වෙලයි.එදා තමන් උණ විකාරෙන් කියවද්දි ආච්චි සැනසුවේ නැත්නම් තමා අද නෑ නේද කියලා කෙල්ලට හිතුනා.ඉස්පිරිතාල වාට්ටුවේ ඉන්න ගමන් කෙල්ල මතක් කරේ අප්‍රසන්න මතක ටිකයි.


සුදත් විශාකා එක්කම නව නිවසකට ගියේ අලුත් පැටියෙකුත් අරගෙනමයි.අයේශා කොපමණ ආශා කලත් තමන්ගේ නංගි තමන්ගේ ඇස් ඉස්සරහට නාවේ බලාපොරොත්තු නැතිම කරලා.අයේශාගේ ජීවිතය කනපිට ගැහෙන්න ගන්නකොට යන්තම් දහ හතරක් උනා විතරයි.


"ආච්චම්මා.."


"දෝණි.."


"මට ෆෝන් එකක් ඕනි."


"අහ් මාත් මේ හිතුවේ ඒක තමයි.දැන් සේරම ඔන්ලයින්නේ කරන්නේ.."


"ඒක තමා ආච්චම්මා."


අයේශා හුරතලෙන් කරුණාවතිගේ ඔඩොක්කුවේ හිස හොවාගත්තා.ඇත්තටම අයේශාට ඕනි උනේ පාඩම් වැඩ වලට දුරකථයක් නොවේ.තම පෙම්වතා වූ සහන් හා සම්බන්ධ වීමටයි.කරුණාවතිගේ හයියෙන් අද දෙමහල් නිවසක ජීවත් උනත් අයේශාට ඒ ගැන අගයක් උනේ නෑ.


"දෝනි එහෙනම් ලෑස්ති වෙන්නකෝ හවස් වෙලා.අපි ඇදුම් ටිකකුත් අරන් එමු."


"හා ආච්චම්මේ."


අයේශාත් කරුනාවතිත් සවස ලෑස්ති උනේ දුරකථනයක් මිලදී ගන්නයි.


"ඔන්න දෝණි වැරදි වැඩ නම් කරන්න එපා..පේනවනේ රටේ ලෝකේ වෙන ඒවා."


'🥱ආපෝ ඔන්න පටන්ගත්තා.'අයේශාට කරුණාවති ගැන දැනුනේ නොරිස්සුමක්.කොහොමටත් අවවාද දෙද්දි අයේශාට තරහා යන එක සාමාන්‍යයි.


"ආච්චා.."


"ම්ම්ම්...මට ඉතින් ඕවා තේරෙන්නෑනේ."


අයේශාට හිත ගියේ සැම්සන්ග් වර්ගයේ දුරකතයකටයි.කරුණාවතී දුරකතනය ගෙන දුන්නේ අයේශා වඩාත් හොදින් අධ්‍යාපනයේ යෙදෙයි යන අදහසින්.ඒත් උනේ ඇය සහන් එක්ක සම්බන්ධ උන එකයි.


"ඔයා ෆෝන් එකක් ගත්ත එක ගොඩක් හොදයි."


"ඔව් අනේ..."


"කෝ දැන් ආච්චි"


"නිදි නිදි..."


"එහෙනම් වීඩියෝ කෝල් එකක් ගන්නකො.."


අයේශා ඒ අයුරින් ඇමතුමක් ගත්තේ ලැජ්ජාවෙන්.


🙃"වීඩියෝ කෝල් එකෙන් ඔයා හුගක් ලස්සනයිනේ."


අයේශා රතු වී ගියේ කවුරුන්වත් තමාට එවැන්නක් කියා නැති නිසයි.ඇයට සහන් දෙස බලද්දි තව තවත් ලැජ්ජ හිතුනා.දින ගනනාවක් යනවිට නොයෙක් නන්නාදුනන අය ඇයගේ චැට් ලැයිස්තුවට එකතු උනේ හරි අපූරු අයුරින්.ඒ අතරේ හිටපු නිපුන්,සිහස්,විශ්වව ඇය ඇදුම් ලෙස මාරු කල පෙම්වතුන් උනා.පාසල් ආරම්භයත් එක්ක ඒ අයත් නැතීවී ගියේ 'ඕකිට හිතක් නෑ..කොල්ලෝ සෙල්ලම් බඩු වගේ.' යැයි ඇය ගැන කතාවෙද්දි.


"මේ අයේශා..."


"ඕඕඕ.."


"අර කොල්ලා ලස්සනයි නේද?"


"කෝ.."


සිත්මි පෙන්නු පිරිමි ලමයා දෙස අයේශා ඕනෑ කමකින් නොබැලුවත් ඔහුව මනසේ ඇදුනේ අන් අයට වඩා තද බල ලෙසටයි.


'sithu'


'ooo kiyam'


'mn ar kollt kmthi bn.'


'mon'


'ara ed ub pennuve.clz ek issrhdi'


'aa...ethakota adhithyata mokd krnne..ut bootkd'


'ov ov ithin..ara ayiyaa gna visthra hoyl dennko..'


'ane mnd bn ubnm.'


මාස කිහිපයක් ගතවූ පසුත් ඇයට සොයාගත හැකි උනේ ඔහුගේ නම තාරුක බව පමණයි.


"මේ අයේශා.."


"ම්ම්.."


"අර බලහන්කො."


"මොකක්ද"


අයේශාට පපුවට ලොකු දුකක් දැනුනේ තවත් කුඩා කෙල්ලෙක් සමග යන තාරුකව දැකීමෙන්.අන් කිසිවෙක්ට ආදරය නොකල ඇය දුර සිට තාරුක ගැන බලාපොරොත්තු තබා ගත්තේ මේ කිසි දෙයක් නොහිතාමයි.එයිනුත් මාස කිහිපයකට පසු නැවත අයේශාගේ බලාපොරොත්තු මල් පල ගැන්වුනා.


"නංගි "


තාරුක සිත්මි ලගට ආවේ අයේශා පන්ති ගාස්තු ගෙවන්න ගිය අතරෙයි.


"මේ බයවෙන්න ඒම එපා.මන් ඔයාගේ යාලුවට කැමති."


"අහ්..එයානම් කැමති වෙයි අයියේ..ඔයාට කැමැත්තෙන් එයා කාලයක් හිටියා."


"ඇත්තමද"


තාරුක හිතින් උඩ පැන්නා.අයේශාගේත් තාරුකගෙත් සම්බන්දය ලස්සනට ගලාගියේ අයේශා තාරුකට අවංක වෙද්දි.පෙර කල වැරදි සියල්ල හදාගෙන රට වටේම හුන් පිරිමි මිතුරන් බ්ලොක් කර දැමුවේ තාරුකගේ හිත දිනා ගැනීමටයි.


"මැනික..."


"ම්ම්ම්"


"ඔයාලගේ ගෙදරට ආංරචි උනොත් හොද නෑනෙ."


"ආච්චිට මාව විශ්වාසයි අයියේ."


"ඒත් හරි නෑනේ.."


"මොකද කරන්නෙ."


"ඔයාට මාව විශ්වාසයි නේද?"


"හ්ම්ම් ඔව් අයියේ.."


"එහෙනම් මාත් එක්ක ආරක්ෂිත තැනකට යමුද?"


දෙදෙනාම ගියේ ඒසි කල බිත්ති හතරක් මැද්දටයි.එදා තාරුක අයේශාට මුකුත්ම නොකලේ අයේශාගේ විශ්වාසය දිනාගැනීමටයි.එහෙත් විටින් විටින් යද්දි තාරුකගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ අයේශාව මුලු ආත්මයෙන්ම තමන්ගේ කරගනිමින්.ඊට පසුව තාරුකට අයේශව එපා වී ගියේ ශෙහානි ජීවිතයට එනවත් එක්කමයි.


"අයියේ..."


"ම්ම්.."


"ඔය ෆෝන් එක පැත්තක තියලා මන් දිහා බලන්නකෝ.."


"මොකද ඕයි.."


"මට කන්න බොන්න බෑනේ.."


"ඉතින් මට මොකක්ද කියන්නෙ."


අයේශා එදා නිහඩ උන හැටි අයේශා මතක් කරේ තමා දැන් ලාබාල මවක් යන එකයි.ඇයට තමාගේ මව හා පියා පිලිබද දැනුනේ අපුලක්.තමා මවක් යන එක මුදල් වලින් යටකෙරුවත් ඇයට එම දරුව හදාගන්නා විදිහක් ගැන කල්පනා නොවෙන තරම්.ඇය වර්තමානයට පැමිණියේ හෙදියකගේ කටහඩටයි.


"ඔයාගේ ටිකට් කැපුවා.එක්කන් යන්න කවුරුත් එන එකක් නෑ වගේ."


"මට යන්න පුලුවන්."


"ඒත් ඔයා පොඩි ලමෙක්නේ."

කිසිම දෙයක් කනට නොගත් අයේශා ඔහේ කොරිඩෝව දිගේ ඇවිදාගෙන ගියේ තමා අත් හැර දැමු පෙම්වතුන් ගැන සිතමින්.නොදැනිම මාවතට එලඹෙද්දි යන්තමට හිස එසවුනේ සුපුරුදු කෙනෙක්ගේ සුවද දැනෙද්දි.


"තාරුක අයියා."


අයේශා ඒ දෙසට පය එසෙව්වේ වටපිටාව ගැන නිනව්වක් නැතිවයි.


තාරුක සිටියේ ශෙහානිගේ රැවටිල්ල ඉවසාගත නොහැකිවයි.මීට සුළු මොහොතකට පෙර ශෙහානි කඩවසම් කොල්ලෙක් සමග අතෙ එල්ලි යන අයුරු තාරුකගෙ දෑසේ සටහන් වූයේ පපුවට ඉදිකටු තුඩවල් වලින් අනිනවා වැනි හැගීමක් මතුවෙද්දි.


"අන්න අන්න කෙල්ලෙක් හැප්පුනා."


"කෝ ඉක්මනට එන්න..."


"අනේ එයාව උස්සන්න."


එක එක ඝෝශාවල් ඇහෙද්දිත් තාරුක තමන්ගේ පාඩුවේ යන්නට ගියා.එක්වරම කවුදෝ කෙනෙක් අතේ එල්ලුනා වැනි දෙයක් දැනෙද්දි තාරුක හැරි බැලුවා.ඒ හිටියේ අයේශායි.


"අඩෝ බන් අර උබේ කලින් කෑල්ල බන්.."


"මො..ක..ක්"


තාරුක අතේ එල්ලි සිටින අයේශා දෙස බැලුවා.ඇය සිනහාමුසු මුහුනින්ම තමා දෙස බලන හැටි ඔහුව තව තවත් රිද්දන්නට වුනා.


නිමි...


🥱ඔන්න ඒනම් මන් නවත්තින්නයි යන්නේ යාලුවනෙ..ඉක්මනට කතාව ඉවර කරන්න උනා. සත්‍ය කතාවක් ඇසුරින් ලිව්ව එකක්.පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා.මේ ඉන්න අයේශා තාමත් ජීවත් වෙනවනම් ඔයාලට එයාට දෙන්න තියෙන උපදෙසකුත් කොටාගෙන යන්න.තාම කෙල්ල ස.පෙළවත් ලියලා නෑ.අවුරුදු 16ක් කියලා කිව්වේ.අලුත් කතාවකින් හම්බෙනකන් බායි ලමයි..


පේශලා නෙත්මිනි🍃🖤😘

Report Page