අයේශා

අයේශා

Peshala Nethmini
සිව්වන කථාංගය



විශාකා ගෙදර වැඩ නිමා කොට ආයේශාත් සමිතත් සෙල්ලම් කරන තැනට ආවා.


"දෝණි අද මොනාද ඉගෙන ගත්තේ."


"අද ටීච කියලා දුන්නා ඉබ්බෙක්ව කොල වලින් අලවන්න.."


අයේශා තොල් පෙරල කියන හැටි විශාකා බලන් උන්නේ ආසාවෙන්.'අනේ අදවත් මට අයියගෙන් අහගන්න පුලුවන් උනොත් හොදයි.'


සුදත් ගෙට ගොඩවැදුනේ වෙනදට වඩා පමාවෙලයි.විශාකා මාන බල බල හිටියේ අවස්ථාවක් එනකනුයි.පුංචි අයේශව කලින්ම නිදි කෙරෙව්වෙත් ඒ නිසාමයි.


"දෝණි ඇයි කලින් නිදි."


"මල්ලි එක්ක සෙල්ලම් කරලා කරලා කලින්ම නිදාගත්තා."


"අහ්..."


සුදත් බත් කනකනුත් විශාකා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.දෙදෙනාම ඉස්තෝප්පුවේ ඉදගත්තෙ දවසේ දේවල් බෙදාහදාගන්නයි.


"හුග වෙලාවක ඉදන් මොකාක් හරි කියන්න හිටියා නේද?"


සුදත් ඇස් පොඩිකරන් විශාකාගෙන් ඇහුවා.


"මාත් ආසයි අයියේ...තව පොඩි බබෙක් ඉන්නවට.මන් වෙනස්කම් කරන්නෑ දෝණිට.ඒත් එයාටත් සෙල්ලම් කරන්න සතුටින් ඉන්න කෙනෙක් ඕනිනේ."


සුදත් හුස්මක් පිට කරේ බැරෑරුම්වයි.


"මේකයි...එයා ඉන්න නිසා තව කෙනෙක් අපිට ඕනි නෑ විශාකා."


සුදත් විශාකාගෙ ඔලුව අතගාගෙනම ගේ ඇතුලට යන්න ගියා.විශාකා වියරු වැටෙන්න ගත්තේ එදා ඉදනුයි.පසුදා අයේශව පෙරපාසල් යවන්නටවත් ඇයට උවමනාවක් උනේ නෑ.කරුණාවතීටත් මේ ගැන ගානක් උනේ නැත්තේ කලින් දවසේ අයේශා ටිකක් අසනීපෙන් හිටිය නිසාමයි.ඒත් අයේශට වෙන වෙනස්කම් ටික ටික දරුණු වෙද්දි කරුණාවතිත් සුදත්ටයි විශාකටයි පල නොකියා පලා බෙදුවා.


"ඔයත් මේ ගැනිගේ මායම් වලට ඇන්දිලා ඉන්නෙ පුතා."


"විශාකා ලමයව බලාගන්න හැටි මන් දැකලා තියෙනවා අම්මා."


මේ බහින්බස්වීම් වලින් පස්සේ උදා උනේ හරි මූසල දවසක්.මුලු අහසම කලු රෙද්දකින් වැහුවා වගේ තිබුනේ නපුරු දෙයක් අතලග කියලා පෙන්නන්න.එදා සුදත් ගෙදර හිටි දවසක්.විශාකා සුදත් ඉන්න තැන අයේශට පහරක් වත් නොගසා හිටියේ සුදත්ගේ හිත නොකැඩෙන්නයි.


"මන් පොඩ්ඩක් පාරට ගිහින් එන්නම්."


"හා..."


විශාකා සුදත් පිටවෙනකන් ඉදලා අයේශව තල්ලු කරලා දැම්මේ හිත් පිත් නැති ගානට.ඒත් විශාකාට වැරදුනෙ සුදත් අමතක උන යතුර ගන්න ඇතුලට ආවමයි.


"අම්මා කිව්ව දේවල් ඇත්තද එහෙනම්."


විශාකට ලේ රත් උනේ තමන්ට ඕනි දේවල් සිදුවන්නේ නැති නිසාමයි.


"ඔව්...මන් කිව්වා වගේ තව දරුවෙක් හැදුවනම් මොකද වෙන්නේ..මේකි නිසනේ බෑ කිව්වෙ."


දමයන්තිට පසුව මේ ගැහැනිය තමන් හා තදින් බැදි ඇති බවක් සුදත්ට දැනුනා.එදා කරුණාවති නිදි අතරෙම විශාකාත් සුදතුත් ලක ලැහැස්ති වී නිවසින් යන්නම ගියෙ නැවත නොයෙන්නයි.මුලු අහසම අයේශත් එක්ක අඩන්නට වුනේ මහා කුනාටුවක් එක්කමයි.අකුණු පිට අකුණු ගසද්දිත් සුදතුත් විශාකත් විශාකාගේ මහ ගෙදරට ගොඩ වුනා.


"අනේ..මේ මහ වැස්සේ."


විශාකාගේ මව ආවේ ස්වීටරයක් ඇග දවටාගන්නා ගමන්.


"ඔව් අම්මේ..එහෙ ඉන්න බෑ.."


සුදත්ට ඒ නිවසේ දෝශාරෝපණ බැල්ම වැටෙන්න මහ වෙලාවක් ගියේ නෑ.


"මට දැන්වත් හා කියන්න සුදත් අපි දරුවෙක් හදමු."


"හ්ම්ම්..."


විශාකාගේ මුහුනේ මතු උන ජයග්‍රාහි හිනාව සගවාගෙන ඇය සුදත්ට තව තවත් තුරුල් උනා.


කලින් දා රැය විශාකාට අවැසි දෙය උන නිසාම  විශාකා උන්නේ විඩාබරවයි.


"කෝ දුව තාම නිදිද."


විශාකාගේ මව සුදත්ට තේ කෝප්පය පාමින් විමසුවා.


"ඔව් අම්මේ..ඊයේ හවස් වෙලානේ ආවේ."


"හ්ම්..දැන් ඉතින් මෙහෙම ඉන්නද දෙන්නගේ කල්පනාව."


මේ ප්‍රශ්නය සුදත් බලාපොරොත්තු උනා.ඒකට හරියන විසදමකුත් මේ වෙනකොට සුදත්ගේ ඔලුවේ වැඩ කරනවා.


මේ අතරේ අයේශා උන්නේ උණ විකාරෙන් කියවන ගමන්.කරුණාවතිට පපුව හෙමි හෙමින් දෙකඩ වනවා බදු හැගීමක් ආවේ.


මතු සම්බන්දයි.


පේශලා නෙත්මිනි🍃🖤😘


Report Page