අයිතිකර ගන්නම ඕනද ආදරේ කරන්න🤍

අයිතිකර ගන්නම ඕනද ආදරේ කරන්න🤍


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

අයිතියක් නැතුව ප්‍රේම කිරීමත් ප්‍රේමයක්....






"මං ඉන්නවා ඔයා එක්ක"



ඔයාගෙන් මං අහපු ලස්සනම වචන අතරික් එක වචනයක් ඒ...

බැදීම් වලින් හති වැටිලා වැටිලා හිටපු මං සංසාර පුරුද්දට වගේ ඔයා ලගින් නතර වුණා...

මං හොයපු නිදහස මං හොයපු සෙනෙහස ඒ හිතේ ඕනවට වඩා මට දැනුනේ...

ඒ වචන ඉස්සරහ....





වචන වචන වචන.....

කෙනෙක් ගැන දැනෙන්න දැනගන්න...

බලවත්ම හේතුව තමයි වචන...

වචන එහෙට මෙහෙට පෙරල පෙරල හරව හරව...

හිතට දැනෙන්න ම කතා කරපු එකම කෙනා ඔයා....




ඒත්,

වචන කියන්නේ හැමදේමත් නෙමෙයි තමයි...

ඒත්,

හැබැයි වචන කියන්නෙත් යම් කිසි දෙයක්......





ඔයා කිව්ව සමහර වචන වල තෙරුම හොයාගෙන යද්දී......

මට දැනුනේ නම් අසීමාන්තික ආදරයක්...

ඉතින් ඒ අසීමාන්තික ආදරේ ට මං අහස තරම් ආදරෙයි...

ඒ ආදරේ සයුර තරම් හරි ගැඹුරුයි....




ආදරේ,

ආදරේ කියන්නේ කෙනෙක් කටින් නො ඉල්ලුවට...

පණ ගැහෙන හැම ප්‍රාණියෙක්ම අල්ලලා බදලා ළගින් ම තියාගන්න ආස කරන එකම දේ.......

හිතට දැනෙන්න ආදරේ කරන්න පුලුවන්ද කියලා...

ඕනම කෙනෙක්ට සැක හිතෙනවා ඇති......

හරියට මට වගේ......




ආදරේ ජිවත වලට අලුත් වචනයක් වුනාම...

මං ආදරේ කරන්න දන්නවද කියන

බය හිතෙන එකත් හරි අමුතු දෙයක්.....





ඒත්,

එකම එක දෙයක් හරියට ම හරි,

අපි නොදන්නවා වුනාට ආදරේ මුල් බැහැගෙන...

අපේ හිත් අස්සට වෙලා බලන් ඉන්නවා.....

හොඳම වෙලාව හරි ම වෙලා ව එනකන්......

හොදම වෙලාව ආපු දවසට,

ඒ ආදරේ හිත් ඇතුලෙන් එලියට එන එක කාටවත්ම නවත්ත ගන්න නම් බෑ....





ආදරේ,

රූපෙට රූපයක් නෙමෙයි ආදරේට ආදරයක් වෙන්න හිතාගෙන .... 

ජීවිතේට ජීවිතයක් දෙන්න හිතාගෙන.....

පණට පණක් දෙන්න හිතාගෙන....

ආදරේ කරනවා නම් කරන්න ඕන..

ඔයාගේ හුස්මක්වත් ස්පර්ෂ නොවන හදවතට..

මේ දැනෙන හැගිම...

අරුත් පද ගලපලා ලියන්න ඇත්තමයි මම තාම දන්නෑ.......





"මඳූ....එන්න...මට ඇත්තම කියන්න..."


"මොනවා ගැනද?"


"අපි අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද?"


"අපි හොදම යාලුවෝ..."


"බොරු...ඔයා කියන්නේ බොරු....මට ඇත්තම කියන්න මඳු...."


"වචනයක් දුන්නොත් එක ආය ආපස්සට ගන්න බෑ...."


"මං දන්නවා...."


"අහසේ මාලිගා හදන්න මම කැමති නෑ...විදුශ..."


"මාත් එහෙම තමයි මඳු...ඒත් එක්වෙනවද නැද්ද කියලා නොදැන ඉන්න කැමති නෑ...."


" හුම්....ඔයාගේ ගමන ඔයා යන්න...විදුශ..."


"ඔයාට තනියම යන්න පුලුවන් කියලා හිතනවද....මගේ ගමන කොහොමත් මම යනවා..."


"ඔව් මට තනියම පුලුවන්..."


"බෑ මඳූ ඔයා ඒක දන්නෙ නෑ..."


"විදුශ අපිට පුලුවන් ලං වීමක් නැතුව හිතින් කෙනෙක් ට ආදරේ කරන්න.ඒක වැරදි නෑ අනික එක ගැන වැඩිය හිතන්නත් ඕන නෑ..."


"ඔව් එහෙම පුලුවන්.ඇයි හිතන්න ඕනේ නැත්තේ...ඒත් කොච්චර කාලෙකටද හිතින් විදවන්නද?ඉතින් ඇයි ඔයා වචනයක් නොදෙන්නෙ..."


"මැරෙනකම් ම මම ඉවසන්නම්..."


"එච්චර පිස්සුද?එච්චර කල් දෙගිඩියාවෙන් ඉන්නෙ කොහොමද?"


"මට තෙරෙන්නෑ"


"එහෙනම් එහෙම ඉන්න පුලුවන් ද ඔයාට..."


"ඔව් පුලුවන්..."


"ඇයි කියන දේ තේරුම් ගන්නෙ නැත්තෙ..."


"මම යන්නම් තවත් කතා කරොත් මට ඇඩෙයි..."


"අඬන්න එපා කීවේ නෑනෙ මං එන්න කීවනේ මං ළඟට ඇවිත් අඬන්න.ඔයා හිතින් විඳවනවා..."


"ඔයා ට හොද කෙනෙක් ලැබෙයි විදුශ.."


"කවද්ද මට ආදරේ කරන්න ගත්තේ..."


"ගොඩක් කල්...ඒත් මං ඒක පිලි ගන්න කැමති නෑ..."


"ජීවිත කාලෙම විඳවනවද?"


"මට පුලුවන්..."


"මඳු...වටේ නොයා කෙළින් කතා කරන්න.ඔයාට නොවුණට මට මේක සෑහෙන්න වදයක්..."


"ඔයා හැරෙන්න එපා. මං ගැන බලන්නත් එපා එතකොට මට පුලුවන් ඉවසන්න...විදුශ..."


"ඔයාට මාව තේරෙනවද කියන්නකො මුලින්..."


"අහන්න මට පුලුවන් හිත හදාගන්න.ඒ ගැන ඔයා වද වෙන්න එපා...ඒක ගැන නෙවෙයි මට වද දෙන්නේ..."


"එහෙනම්...ජිවිත කාලෙම මට හිත හිත ඉන්න බෑ...


"එකනේ හිතන්න එපා කිව්වේ මම.."


"එක්කො ආදරේ කරලා එකතු වෙන්න නැත්තං වෙන්වෙන්න.එහෙම ම එකක් මෙතන නෑනේ..."


"හරි මං ඈත් වෙලා ඉන්නම්..


"නොහිතා ඉන්න බෑ කියලා කීපාරක් කියන්නද? ඉඳී...ඉඳී..."


"ඔව් පුලුවන් මට..."


"මං කොහොමද ඉන්නෙ.."


"ඔයාටත් පුලුවන් ඔයා කොල්ලෙක් නේ"


"කොල්ලො කියන්නෙ ගල් පිළිමද?"


"එහෙම නෑ...."


"එහෙනම් මොනවද මේ කියවන්නේ..."


"අනික දැන් ඉස්සරහට එන්නේ ඔයාගේ ජිවිතේ ලස්සන ම කාලේ ඒකට ලැස්ති වෙන්න..."


"මගෙ විතරද ?ඔයාගෙ නැද්ද?"


"ඔව් ඉතින් මගෙත් එහෙම තමයි.ඔයා ට හිත හදාගන්න පුලුවන් මං දන්නවා.."


"දන්න තරම තමා"


"බැරිද?ඔයාට?"


"බෑ දෙයියනේ බෑ.අද දෙකෙන් එක විසඳුමකට එමු..."


"ලං වීමක් නැති ආදර කතා ඕන තරම් තියනවා මේකත් එහෙම කතාවක්"


"මඳු මට සාම්ප්‍රදායික වෙන්න බෑ"


"මට නතර වෙන්න පුලුවන් ඔයා මාව ප්‍රශ්නයක් කර ගන්න එපා..."


"ඔයා මට බොරු කියන තරම්.කොහොමද ඔච්චර බොරු කියන්නෙ..."


"මං කරේ එකම දේ ඔයාට හිතින් ආදරේ කරපු එක මං එක තෙරුම් ගත්තට පස්සේ හිතුවා ඒ ගැන කියන්නැ කියලා කවදාවත්.අහසේ මාලිගා හදන්නෑ කිව්වේ මං..මං ඔයාට ආදරේ විතරයි කරේ ඔයාව අයිතිකරගන්න. යාලු වෙන්න කසාද බදින්න ඒවා හිතුවේ නෑ..."


"මඳූ දන්නවද දෙයක්.."


"කියන්න"


"මාත් මනුස්සයෙක් සහ මං ඔයාව කාලයක ඉඳන් ආශ්‍රය කරන්නේ..."


"දෙයක් ලැබෙන්න තියනවා නම් කොහොමහරි ලැබෙයි..දෛවය කියලා දෙයක් තියනවා නේ විඳුශ.."


"ඒක බොරුවක්.මිනිස්සු වෙන හැමදේටම අන්තිමට දෛවය කීවා.


"අනේ මන්දා.."


"බොරු කියන්න එපා. ඒ නිසා මං දන්නවා ඔයාව.."


"මොනවද?"


"ඔයා ඔතනින් නවතියි කියලා මං හිතන්නේ නෑ.."


"ඔයා කොහොමද එහෙම කියන්නේ.."


"මං දන්නවා මං ගැන.මං ඔයාව දන්න නිසා අහු නොවෙන්න බොරු කියන්න දන්නේ නෑ කියලා දන්නවා ඇතිනේ.."


"කියන්න දෙයක් නෑ මට.."


"මටත්...මං පිච්චෙනවා..."


"අපි යන්නේ සමාන්තර රේඛා දෙකක විදුශ...ලං වීමක් නෑ...වෙන් වීමකුත් නෑ.."


"ආනත නැද්ද එකක්වත්.ඔයාට එච්චර දුර පේනවද?"


"මං එහෙම හිතනවා.ඒත් මං අනාගතේ ගැන දන්නෑ නේ


"මගේ වෙන්න ඕනේද?"


"මං දන්නෑ..."


"දැන් තේරෙනෙවද ඇයි මඳු මං මගෑරියේ කියලා..."


"මං දන්නවා.."


"හිතලා කරේ කියලා.."


"ඔයා මාව ඇදන් ආවෙ ඇයි මෙච්චර දුර...මඳු මං හොඳින් කියන්නේ..."


"ඉතින් නවතින්න විදුශ මං බල කරන්නෑ.."


"මං ඇහුව දේට උත්තර දෙන්න.."


"ඔයාගේ හිතේ පුංචි තරුවක් හරි වෙලා මං දවසක නතර වෙයි විඳුශ.."


"ඒ කියන්නේ ඔයාට මාව යවන්නත් බෑනේ.බොරු කියන්නේ ඇයි අනේ.."


"හිතන් ආදරේ කරද්දී ලස්සනයි.."


"ඔයානේ වචනයක් නොදෙන්නේ.."


"ඔව් දන්නවා ඒත්,ඒකට හේතු තියනවා..."


"මට බෑ වෙන කෙනෙක්ට අසාධාරණයක් කරන්න..."


"කවුරු ගැනද කියන්නේ විදුශ..."


"ඔයාට මගේ වෙන්නත් බැලු. ඒත් තනියෙන් ඉන්නත් එපාලු..."


"මං එක සැරයක් කීවා.."


" ඔයා ට කැමති තැනක නතර වෙන්න විඳුශ...."


"මං නතර වෙන කෙනාට කරන්නේ අසාධාරණයක්..."


"මාව අමතක කරන්න අයියෝ.."


"හ්ම්"


"අපි අතර එහෙමට සම්බන්දයක් තිබ්බේ නෑනේ.අපි යාලුවෝ.."


"අන්තිම තීරණේ ඒකද"


"ඔව්.."


"ෂුවර්ද?අන්තිම වතාව..."


"ඔව් සුවර්...ඔයාට බෑ මට එපා කියන්න.මට ඕන නම් මම ආදරේ කරනවා."


"මං එපා කියන්නෙ නෑ මඳු.."


"ඔයාට ඕන තැනක නතර වෙන්න නතර වුණාම මටත් කියන්න විදුශ.."


"ඔයා මාව හොයයිද?"


"මං දන්නෑ..."


"කොහොමද ඉතින් හිතක් හදාගෙන ඉන්නේ..කමක් නෑ.මං යන්නම් එහෙනම්...Then friends forever..."


"ඔයා සතුටින් ඉන්න එක තමයි මටත් වටින්නේ.ලබන ආත්මේ දී මං ඔයා ව ම පතන්නම් 🖤..."


"මං ගැන හිතන්නේ නෑ නේ.."


"බුදු සරණයි විදුශ..පරිස්සමින් ඉන්න."


"ඔයත් පරිස්සමින් ඉන්න.බුදු සරණයි මඳූ..."




ඉතින් ඒ සමුගැනීම...

කොච්චර ලස්සනද...

කොච්චර ගෞරවාන්විතද..

හිමිවීමක් නැති...

වෙන්වීමකුත් නැති...

ලං වීමකුත් නැති....

ලස්සන ආදර කතාවක්....

ඒත් පපුව අස්සෙන් විදවන තරම්.....

කවුරුත් දන්නෑ...

කාටවත් පෙන්නෑ....



හදවතේ හරිමැද සියුම් රිදුමක්...

තාමත් මඟ බලන දෑස් දෙකක්...

ඔය හදවත එකම එක දවසක්...

ගැහුණා නොවෙද මගේ නමෙන්...




___________



අයිතිකර ගන්නම ඕනද ආදරේ කරන්න..

නෑ එහෙම ඕන නෑ...

අයිතියක් නැතුව ම ආදරේ කරපු අය ඕන තරම් හිටියා...

ඒ වගේ ම,

අයිති කරගෙනත් ආදරේ ට වංචා කරපු බොරු කරපු අය ඕන තරම් හිටියා...

අදටත් ඉන්නවා.....

ඒ වගේ ම ඉස්සරහටත් ඉඳී...

ඉතිං...

ආදරයක් ළඟ මුළු ජිවිතේ ම මවා ගෙන හිතින් විතරක් රහසින් හීන දකින හැමෝම වෙනුවෙන්....


මේ කතාව පුදකරනවා....


හිතුණ කියාගෙන යන්න....

Report Page