අමාවක 19
Nethuliඅමාවක 19
ලොහස් දුන් යතුරෙන් දොර ඇරගෙන ඇතුළට ආ විනෝද් දුටුවේ පුටුවේ ම නින්ද ගොස් ඉන්නා ශෙනාලිව යි.
දොර වැසූ ඔහු ඇයව ගෙන ගොස් ඇඳ මතින් තැබුවේ නිදා උන් දියණිය දෙස ද බලා ය.
දෙදෙනාගේ ම හිස සිපගත් ඔහු නාන කාමරයට ගියේ නාගෙන එන්න යි.
කරදරකාරි මතකයන් සියල්ලක් ම අවසන් නිසා විඩාබර හිස වතුර මල යටට දා ගත් විනෝද් සීතලේ ම නාගන්න වුනා.
වතුර එකටත් බනිමින් ම ජල කරාමය වැස්සේ ඔහුට කිවිසුම් පෝලිමක් ම ගිය නිසායි.
ෂෝර්ටකුත් දාගෙන කුටියට ආ ඔහු ගැස්සුනේ ශෙනාලිව දැකීමෙනි.
" ඇයි මේ රෑ වෙලා නෑවේ ? මොනාහරි බොන්න හදන්නද ? " ශෙනාලි අහද්දී විනෝද් සන්සුන් වුනා.
" හොල්මන් කරන්නැතුව නිදාගන්න. " කී ඔහු තුවාය මේසය මතට විසි කළේ ශෙනාලි ඔහුට බනිමින් ම තුවාය රැග් එකට දාද්දි යි.
" ඔය ලයිට් ඕෆ් කරලා නිදියන්න. " විනෝද් කියද්දී ශෙනාලි ලයිට් එක නිවා දැමුවා.
" ඇයි අරූ එක්ක ගියේ නැත්තේ ? " ඇඳට ආ ශෙනාලිගේ කණින් අදිමින් විනෝද් අහද්දී ශෙනාලිගේ අත ගියේ ඇගේ කණ මතට යි.
" අනේ රිදෙනවා විනෝද්..අතාරින්නකෝ. "
" පණ්ඩිත වැඩ කරලා..ඒ මදිවට ඒකට අරූවත් භය කරගෙන. "
" මන් භය කළේ නෑ අනේ. " ශෙනාලි කීවේ විනෝද්ගේ පපුව මතින් හිස තබාගෙන යි.
" ඔයාට දැන් හොඳයි ද ? තුවාල වුනේ නැද්ද ? "
" ම්ම්හු නෑ..අපි හෙට ඩුබායි යන්. මගේ යාලුවෙක් එක්ක බිස්නස් එකක් කරන්න හිතුවේ. " විනෝද් කිව්වා.
" ඒක හොඳයි.. " ශෙනාලි කීවේ ඔහුගේ පපුව මත ඉරි අදිමිනි.
"දැන් නිදියමු. " ඔහු කියද්දී ශෙනාලි හූමිටි තැබුවා.
💐❤️💐❤️💐❤️
වසර කිහිපයකට පසු...
" ශෙනූ..ශෙනූ..කොහෙද ඉන්නේ ? " විනෝද් ඇසුවේ බැල්කිනියටත් හිස දමා ය.
එහෙත් එහිද ඇය නොවී ය.
හිසත් කසමින් ම කුටියට ආ විනෝද්ට ඇසුනේ නාන කාමරයේ හඬ යි.
" ශෙනූ..ඉක්මනට එන්න. " විනෝද් කීවේ දොරටත් තට්ටු කරමිනි.
තත්පර කිහිපයකින් දොර ඇරී ඇය ඉවතට ආවා.
ඇගේ මුවේ වූ වෙනස්කම් දුටු විනෝද්ට ඈ ගැන මෙන් ම තමා ගැන ද වූ තරහව නිසා තරහින් ම නාන කාමරය තුළට ගියා.
" දෝණි පල්ලෙහා.. " නාන කාමරයට ආ ඔහු ඒ කීවේ ඇයට ඇසෙන්න යි.
හුස්මක් මුදා හෙලූ ශෙනාලි පහළට බැස්සේ ඇගේ කුසටත් අතක් තබාගෙන යි.
" අම්මා මන් වොෂ් දාන් එන්නම්..ඔයා ඉන්න. " ඒ ඇයයි..
ශෙනාලිවත් විනෝද්වත් දෙමව්පියන් කළ ඔවුන්ගේ ම නොවුනත් ඔවුන්ගේ ම මෙන් ආදරෙන් රැක බලා ගන්නා දියණිය කේෂානි ය.
" මන් හෝදන්නම් කේෂූ.. "
" එපා..අම්මි ඉන්නකෝ..මන් වොෂ් දාන් ඉක්මනට එන්නම්.. " කී ඇය සුළඟක් මෙන් වේගෙන් දිව ගියා.
" ලිස්සයි දෝණි..දඟ නොකර හෝදන් එන්න." කී ශෙනාලි කුසියට ගියේ කෑම බෙදන්න යි.
💐❤️💐❤️💐❤️
ශෙනාලිගේ දෑසේ වූ කඳුළු සිහි කරමින් ම විනෝද් මේ ජල කරාමය යට ගෙවන්නේ පළමු හෝරාවේ අවසන් මිනිත්තු කිහිපයයි.
දොරට ගසන හඬ ඇහෙද්දී තුවාය දවටාගත් ඔහු ගොස් දොර ඇරියා.
" මෙච්චර වෙලා වතුරේ හිටියේ ඇයි ? ඔය කොණ්ඩේ වේලගන්න " ඉදින් අදත් ඇය එදා මෙන් ම ඔහුට උපදෙස් දුන්නා.
" සොරි ශෙනූ..මේක මගේ වැරැද්ද වෙන්නැති. " විනෝද් කීවේ දෑසෙහි කඳුළු පුරවාගෙන යි.
" ඔයාගේ නෙවෙයි..අපි දෙන්නගෙ ම වෙන්නැති..කන්න යන්. " ශෙනාලි කියද්දී විනෝද් වෙනදා මෙන් ම තුවාය ගුලි කර ඇඳට දැමුවේ ශෙනාලි අදත් බනින විට යි.
💐❤️💐❤️💐❤️
" ශෙනූ... " විනෝද් කීවේ ශෙනාලිගේ උරහිස මත නිකට තබාගෙන යි.
" ම්ම්.. "
" අපි හෙට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්.. "
" ඕන්නෑ... "
" ඕන්නෑ නෙවේ මන් අපොයිමන්ට් එකක් දැම්මා.උදේට යන්.. "
" කේෂුගේ පේරන්ට්ස් මීටින්ග් එක හෙටනේ. "
" හවසට ගිහින් ටීචර්ව හම්බෙන්න. හෙට යන්න ලෑස්ති වෙන්න. "
" ඕන්නෑ විනෝද්. අපි තව ටික කාලයක් බලමු. "
" ඕන්නෑ නෙවේ ශෙනු අපි චෙකප් එකක් කරගමු. ඔයා හැමදාම අඬද්දී මන් කොහොම ද ඒවා පේන්නෑ වගේ ඉන්නේ.. "
" මන් අඬන්නෑ.තව ටික දවසක් බලමුකෝ. " ශෙනාලි දෑස් හීනි කර කියද්දී විනෝද් ඇයව වැළඳ ගත්තා.
විනෝද්ටත් වඩා ශෙනාලි මේ දුකෙන් උන්නේ ඔවුන්ගේ දිවියට දරු පැටියෙකු නොආ නිසා ය.
💐❤️💐❤️💐❤️
විනෝද් උන්නේ නිවසේ ය.
ශෙනාලි හා දියණිය පාසල් ගොස් ය.
අද දියණියගේ පාසලේ රැස්වීමක් ය. ශෙනාලි ගොස් උන්නේ එහි ය.
විනෝද් අද වේලාසනින් ආවේ ශෙනාලි හා දියණිය සමඟ එළියට යාමට යි.
💐❤️💐❤️💐❤️
කමෙන්ට් එකක් දාන් යන්න.
✍ නෙතූ