අමාවක අහවරයි... 💛

අමාවක අහවරයි... 💛

Ahasvii



අමාවක කාලයක් 🖤 කියවල එන්න...




Short story 11 🦋





හමුවෙලා එක්වෙන්න සසරේ පිරූ පින් අපි මදිවුනා...

යලිදු භවයක කොහේ හෝ දිනක් එයි අපි හමුවෙනා...!




මාස ගානකට කලියෙන් අපේ අවසාන හමුවීමෙන් පසුව මගෙ අතින් විරහවේ පද පෙළක් ලියවුණා...



මතු උපදින භවයකදි එයාගෙම වෙන්න ප්‍රාර්ථනා කරපු මට මොකක්දෝ වාසනාවක් තිබිලා..


අද වෙද්දි හැමදෙයක්ම ලස්සනට සිදුවෙලා අපේම ලෝකෙකට අපි පා තියලා තව වැඩි කාලයක් නෑ...



හැම රෑකම මම උන්නේ මගෙ බැල්කනි එකේ මට පේන අහස දිහා බලාගෙන උනත් අද ඉන්නෙ එයාගෙ බැල්කනි එකෙන් පේන අහස දිහා බලාගෙන...



" සුදු නෝනා... "


" ම්ම්ම්.. "


" මොනවද බලන්නෙ... "


" අහස කොයිතරම් ලස්සනයිද කියලා බැලුවේ... "


" ඔයා දන්නවද මම කවදාවත් මේ අහස දිහා බලං හිටියෙ නෑ... "



එයා කිව්ව දේ ගැන තේරුමක් නැති හින්දා ආපිටට හැරිලා ඒ මූණ දිහා බැලුවේ ඒ කිව්ව දේ තේරුම දැනගන්න...



" මාස ගානක් අවුරුදු ගානක් මම මේ බැල්කනි එකට ඇවිත් ඇති.. මම දන්නවා ඔයා හැමරෑම තප්පර කාලකට හරි අහස දිහා බලන්න අන්න අතනට එන විත්තිය..."



එයා කියන්නේ ඈතට පේන මගෙ කාමරේ බැල්කනි එක දිහාවට ඇස් යොමුකරං...



" ඔයා කිව්වෙ මුළු අහසම තියෙද්දි හදකට විතරක් ආදරේ දෙන්න ඕනි නෑ කියලා.. ඉතින් ළමයෝ මගෙ මුළු අහසම උනේ ඔයා.. කවදාවත් අර පේන කළුවර අහස දිහා බලන්න මට ඕන උනේ නෑ.. මට ඕන කළේ අහස දිහා බලාගෙන හිත නිවාගන්න ඔයාගෙ ඇස් දිහා බලන්න.."



මගෙ වචන වලටත් වැඩිය ලස්සන වචන ගොන්නක් එක්ක එයා කියන්නෙ හරි ලස්සන කතාවක්...




"දිලිහෙන තරු ගොන්නක් අහසෙ තිබුණ උනත් මට ඕන කළේ දිලිහෙන ඔයාගෙ ඇස් ඇතුළට කිමිදෙන්න... පෙළක් වරුවල තරු වලටත් වැඩිය ඔයාගෙ ඇස් කාන්තියෙන් බැඹලුනා.."




එයා දැකල තිවුණෙ මගෙ දිලිහෙන ඇස් විතරක් ද කියලා මට අහන්න හිතුණ උනත්...



"එතන ඉද්දි ඔයාව හරියට පේන්නෙ නෑ අයියේ..



"මාව පේන්නෙ කොහෙද අහසෙ අතරමං වෙනවනෙ ඔයා..."



"හරියට ඔයා මගෙ ඇස් අස්සෙ අතරමං උනා වගේද..? "



මට ඕන කළේ එයාගෙන් තව ලස්සන කතා ගොන්නක් අහගන්න...




"ඔව් සුදු නෝනා.. මේ ලෝකේ මට දැනුණු මාව ගිලුණු ගැඹුරුම ඇස් තියෙන්නෙ ඔයාට..


ඒව ඔය තරම් ලස්සන අර පේන අහස නිසාම වෙන්න ඇති..."


"නැහ්.."


"එහෙනම්.. ඔයා දන්නවද ඒ ඇයි කියලා?.."


"ඔව් අයියේ..

ඔය කියන තරමට මගෙ ඇස් ලස්සනට පෙනුණේ ඔයාට විතරයි..

මගෙ ඇස් දිලිසුණේ අහස නිසාවත් අමාවකට දාල යන හඳ නිසාවත් ලස්සන තරු නිසාවත් නෙමෙයි.. ඒ ඔයා නිසා ඔයාගෙ ආදරේ නිසා..."



දන්නවද අපි ආදරේ කරන මනුස්සයා මොන විදියෙ කෙනෙක් උනත් අපිට එයා තමයි ලස්සනම... එයා තරමට වෙන කිසිකෙනෙක් ලස්සනට පේන්නෙ නෑ ඇත්ත එහෙම නොවුනා උනත්...



"ඔයා මට ආදරෙයි කිව්ව දවස මතකද..?"



"කොහොම අමතක වෙන්නද.. උදේ හවා ගෙදර ඇවිදින් යන්න පුරුදු වෙලා උන්නු ඔයා මාව සහෝදරයෙක් ගානට දාල හිටියේ.. මම ඔයාට කියන්න තීරණය කළේ ඉවසල ඉවසල බැරිම තැන..."



"එතකොට මම ඔයාට මගෙ ජීවිතෙන් යන්න කිව්ව දවස..."



"මගෙ ජීවිතේ දුක්බරම දවස.. හිතුවක්කාර විදියට මගෙ වචන පිළිගන්නෙවත් නැතුව අහන්නෙවත් නැතුව මට යන්න කිව්ව දවස..."



අපි ආස දේවල් අපේ කරගන්න අන්තිම හුස්ම වෙනකල් උනත් සටන් කරන්න අපිට පුලුවන් වෙන්න් ඕනි.. අතාරින එක කොයිතරම් පහසු උනත් ආදරේ කියන්නෙ අතාරින එක නෙමෙයි කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනී...



"ඒ ගෙවුනෙ මට මාවත් අහිමි වෙලා යන්න පටන් ගත්තු කාලයක් අයියේ..."


"මම කොයිතරම් දේවල් කිව්වද... මගෙ මුළු අහසම ඔයා කියද්දිත් ඔයා මොකක්ද කිව්වෙ,


මේ අමාවක වෙන්න ඇති... ඔයාගෙ හඳ මම වෙද්දි එයා අහසක් වෙන්න ඇති.. ආයෙමත් අපි හමුනොවී ඉමු...




එයා මගෙ හඳ අහස තරු මේ මුකුත්ම නෙමෙයි.. අඩුම ඔයා කිව්ව විදියේ විසිරුණු වළාවක්වත් නෙමෙයි.. ඔයාට උනත් දැන් තේරෙනවනෙ එයා වෙනින් ලෝකේක හඳක්... මං ගෙව්ව අමාවක කාලෙදි මගෙ හඳ වෙන්න එයාට සිදුවුණා විතරයි.."



මට උනත් දැන් තේරෙනවා එයාට එදා එහෙම නොකියන්න තිබුණා කියලා...


"මට මාවවත් දරාගන්න බැරි වෙලාවක ඔයා සතුටු වෙන්න මං මාවම අල්ලගෙන උන්න එක ගැන.."


"අපි ඔය දේවල් දැන් කතාකරන්න ඕන නෑ සුදු නෝනා..."


"එහෙනම් අපි අපි ගැන කතා කරමු..."


"ඔක්කොටම කලින් අර පහළ ඉන්න ජෝඩුවටත් එක්ක කෑම ලෑස්ති කරමු..."


"අපොයි මෙයාගෙ මේ කවිකාර කතා හින්ද මට ඒ ළමයින්ව අමතක උනා.."




එයාගෙ ලෝකෙට එළිය විහිදන්න එයාගෙ අම්මලා තෝරගත්තු හඳ, අවසාන මොහොතෙදි වෙනින් අහසකට එළියක් වෙන්න තෝරගෙන තිබුණා.. ඉතින් ඒකමයි අද මගෙ අහස මගේම උනේ...



දෙන්නත් එක්කම පහළට ගියේ ඒ දෙන්න උනත් නොසෑහෙන්න විදෙව්වා නේද කියලා හිතන ගමන්...



"මම ඒත් බැලුවා අපිට ආරාධනා කරපු කුරුළු ජෝඩුව අපිවත් තනිකරලා ඉගිලිලා ගිහින්දෝ කියලා..."


"හී.. එන්න අපි කෑම කාලම ඉමු..."





නිමි...!






____________________________________


අමාවක කාලයක් 🖤

මේක කියවල තිබුනු ළමයිට කතාව තේරුම් ගන්න පුලුවන් ඇති..

හිත දුන්නෑ වෙන් කරලා දාන්න ඒකයි සෙකන්ඩ් එපිසෝඩ් එකක් විදියට මේ කතාව ලිව්වේ...



ඉතින් දැනුනු දේ කියලා යන්න ළමයෝ...

ආදරෙයි 🩶






Report Page