||•අමතක කරන්න බැරි මතකයක්•||

||•අමතක කරන්න බැරි මතකයක්•||

🤍painkiller 🤍


$HØŘŤ $ŤØŘ¥

සත්තමයි නුඹ අහසක් මට



අයියේ🖤.....


ඔයා දන්නවද ඔයා මාව ගොඩක් ලස්සනට බලාගත්තා. ඒ ඔයා මට ආදරෙයි කියලා කියන්නත් කලින්ම. ඒ අතීතය කොයිතරම් ලස්සනද නේද.. අද අපිට ඒ අතීතයට යන්න බෑ නේද...


මට හැම මොහොතකම මතක්වෙනවා ඔයාව...


2019 ඉදලා 2021 වෙනකන්


ඒ ගෙවුන ලස්සන අතීතය මතකද අයියේ.... මට එක පන්තියක් ඉවර වෙලා දවල්ට බත් කවලා මාව අනිත් පන්තියට ගිහින් දාන විදිහ... රජපීල්ල පාරේ ඔයාගේ අතත් අල්ලගෙන ඒ ඇවිදපු විදිහ...


පාරේ පිලිවලකට යන්නේ නෑ කියලා බැන බැන එක්කන් ගියපු විදිහ...


"මැණික අනේ හැප්පෙයි වාහනවලට...

පිලිවලකට යන්කෝ.....

එන්නේ නෑ මං ආය අම්මත් එක්කම යන එකයි ඇත්තේ...."


ඒ අතීතයට මම මාරම ආදරෙයි අයියේ... හැමදාම ඉරිදට ඔයා දෙන ඒ කිස් එක මට මිස් උනා අයියේ...



ඔයාට ඒ දේවල් කොහොමද දන්නේ නෑ... හැබැයි ඒ ඔයා මට ආදරෙයි කියලා කියන්නත් කලින් උන ලස්සන සිදුවීම්... මට දැන් හිතෙනවා ඔයා මට ආදරෙයි කියලා නොකියා හිටියනම් සමහරවිට අදටත් අපිදෙන්නා එකට ඉන්නවා වෙන්න පුලුවන්...


කමක් නෑ අයියේ ඔයා කැමති විදිහට ඔයා ඔයාගේ ජීවිතේ ගෙනියන්න.. මම ආපහු හැරෙන්නේ නෑ... ඔයත් ඒක දන්නවනේ... ඒත් කමක් නෑ අයියේ මේ වෙනකන් මං ඔයාට ආදරෙයි කියලා කටින් කියලා නෑ... ඒ මට ඔයාව නැතිවෙයි කියන බයට විතරයි....


ඒත් මං හරි ආදරෙයි අයියේ....

සමහරවිට මැරෙනකන්ම ...


මොකද මම වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා මට දුන්න ආදරේට වඩා වැඩි ආදරයක්....


ඒ හැමදේම මට දරාගන්න පුලුවන්.... ඒත් මට එක දෙයක් දරාගන්න බෑ අයියේ...


ඔයත් එක්ක තියන මතක ඒවා හරිම ලස්සනයි අයියේ... මං ඒ මතකවලට හරි ආදරෙයි.... වචනෙන් කියන්න දන්නේ නෑ මං..


හැබැයි ආදරෙයි....



දන්නවද එදා මම ඔයත් එක්ක shello musical show එකට ආවට පස්සේ මම ආය කවදාවත් යන්නේ නෑ ඒ පැත්තේ තියන කිසිම function එකකට ඒ හැම වෙලාවකම මට ඔයාව මතක්වෙන නිසා....


මට අදටත් එදා හරි ලගයි වගේ... හැමෝම ඉන්නතැන ඔයාට තුරුල්වෙලා හිටපු විදිහ මාව කිස් කලපු විදිහ මට කවදාවත් අමතක වෙන්නේ නෑ අයියේ ඒවා...


ඔයා වෙනුවෙන් මං බලන් ඉන්නද අයියේ....

මට බෑ ඒක කරන්න.... මොකද මං තීරනය කරලා ඉවර නිසා...


ඔයාගේ මතක මාව පන පිටින් මරනවා... මං මොනවා කරන්නද අයියේ... මං දන්නේ නෑ අයියේ හැබැයි මං හරි ආදරෙයි ඔයාට....



ඔයාව එපා කියන්න මට තේතු ගොඩයි අයියේ... ඔයා ඒ දේ දන්න නිසා වෙන්න ඇති අදටත් මට නංගි කියලා හරි කතා කරන්නේ...


මං ඔයා කතා කරන හැම වචනයකටම මත් වෙලා ඉන්නේ.. ඒත් මට ඔයත් එක්ක තරහයි...


ටිකක් නෙවේ හොදටම... ඇයි ඔයා ඔයාගේ ජීවිතේ සෙල්ලමක් කරගන්නේ...


ඔයාට වයස 26ක් අයියේ.... තාම කන්න කැමති කෑමක් ගන්නත් අර අහිංසක දෙමාපියන්ට වද දෙනවා


ජොබ් එකක් කරලා ඒක නැවැත්තුවා... මං කටවහන් හිටියේ ඉගෙන ගන්න නිසා... අන්තිමට ඒකත් නෑ අයියේ... උපාධිය ගන්න ඔන්න මෙන්න කියල ඒක නවත්තලා ජිම් යනවා...


ඇයි එහෙම...

ඔයා ඔයාට අරමුණක් තියාගන්න අයියේ...

ලස්සන ජීවිතයක් ගතකරන්න ඕනි ඒකට ඔයා ඔයාගෙම කියලා දෙයක් ගොඩනගාගන්න ඕනි...



මට සමාවෙන්න අයියේ....


මං කැමති නෑ දුක් විදින්න. මගේ අම්මා තාත්තත් කැමති නෑ...


මං දුක්විදලා ඉගෙනගෙන හොද සල්ලිකාර කෙල්ලෙක් වෙයි... ඒක මගේ බලාපොරොත්තුව ඉතින් මං කැමති නෑ මං ආදරේ කරන කෙනා නිකමෙක් වගේ ඉන්නවට හොදට ඉගෙනගෙන වැදගත් කොල්ලෙක් වෙනවට තමා හැම කෙල්ලම කැමති...


ඒ වගේ කෙනෙක් වෙන්න...

මම හදවතින්ම සුභ පතනවා ඔයාට....




මේ තරම් කාලයක් මාව බලාගත්තට පින්..

මට ආදරේ කරාට පින්

අවුරුදු 4ක් ආදරේ කරා... ඔයත් එක්ක එක ඇදේ තුරුල් වෙලා දවස් කීයක්නම් නිදාගත්තද...
ඉතින් මාව වෙන කෙනෙක්ට දෙන්න බැරිවෙන විදිහට මාව අපිරිසිදු ගැහැනියක් නොකර කෙල්ලෙක් විදිහට තියාගත්තට පින් අයියේ...
තමන්ගේ කෙල්ලගේ නිරුවත දැක්කත් මලක් වගේ පරිස්සම් කලාට පින්...
හැබැයි මේ අත අල්ලන් ඉන්න බැරිවෙනවාට මට සමාවෙන්න....



අදටත් මං ඔයාට ආදරෙයි💞








Report Page