අන්සතු ඔබ.....

අන්සතු ඔබ.....

Senadhi ♥️
💔💔💔💔💔


කෙටි කතාවකි.




අන්සතු ඔබ වෙත ලියමි....



|අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා..

|ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා..

|දැන දැන හිමි නොවනා බව නොදැනී..

|මම තව තව ඔබ වෙත පෙම් කරමී..




නොලැබුනා ම දුකයි...ඒත්...ඊටත් වඩා දුකයි ලැබෙන්න තිබිලා නොලැබෙන එක....



හරියට උඹ වගේ.....



ලැබීම පේන මානේ ම තිබිලා නොලැබිලා ගියා....



කොච්චරක් කියලා උත්සහා කළාද??....ඒත්.....



දන්නව ද මැණික.....උඹව මේ ඇස් වලින් දැක්ක දවසේ ඉඳන් උඹට ආදරේ කළා.....



එදා ඉඳන් උඹව ලබා ගන්න නොකරපු කැප කිරීමක් නෑ මැණික.....



ඒත් දෛවය.....



දෛවය අපිට හරස් වුණා මැණික අපිට.......




ලස්සනට දිලිසි දිලිසි ඉන්න උඹ ඉන්න කොට උඹව ලබාගන්න ගොඩක් අය මාන බැලුවා....මට විතරක් අයිති උඹව එහෙම වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්නේ කොහොමද මැණික මන්......



ඔව් මන් නිකන් හිටියේ නෑ.....මන් අත් වන වන ඉන්නේ කොහොමද උඹ වෙන කෙනෙක්ට අයිති වෙනකන්.....



මන් සටන් කරා.....උන් එක්ක.....උන් දුන්න අභියෝග එක්ක මන් තරඟ කරා...මන් දින්නා මැණික.....ඒ දිනපු හැම මොහොතකම මන් වගේම උඹත් සතුටු වෙන්න ඇති.....



ඒත්.......




උනුත් වැඩේ අතැරියේ නෑ......උන් දිගට ම මාත් එක්ක තරඟ කළා.....



දවසක්.....


ජයග්‍රහණය වගේම පරාජය පොදුයි කියන හැඟීම මට දැන් වූවා....ඔව් මන් පැරදුණා මැණික.....



එදා උඹත් දුක් වෙන්න ඇති නේද.....මාත් ගොඩක් දුක් වුණා බන්....



ඒත් මන් වැටුණේ නෑ...ඔව් මට තව අවස්ථාවක් ලැබුණා.....



ඒත්....එදාත්......



ඔව් එදාත් දිනුම පෙනි පෙනි ම මට පරදින්න වුණා මැණික.....



ඊට පස්සෙත් ලැබුණ අන්තිම තුරුම්පුවත් ගිලිහිලා ගියා.....



උඹට දුකයි ද?....ඊටත් වඩා මහ ගොඩක් දුකයි මැණික.....



දැක්ක දවසේ ඉඳන්....අහපු දවසේ ඉඳන් උඹව ලබාගන්න උපරිම කැප වුණා....



ඒත් මේ පාර ඒකට වරම් නැති වුණා......



උඹ දැක්කද....ඒ පැරදුණු හැම මොහොතකම මන් හිනාවුණා....පැරදුණත් හිත හයියයි බන්.....ඒකයි ඒ හිනා වුණේ....



ඒත් හිත නම් මහ ගොඩක් අඬනවා.....



දුකට.....



මේ පාර අයිති නැති උඹව ඊළඟ පාර කොහොමහරි ලබාගන්නවා බන්.....




එහෙනම් අකැමැත්තෙන් හරි මන් නවතින්නම් මැණික......


වෙච්ච හැම වැරද්දම , හැම අඩුපාඩුවක් ම හදාගෙන ඊළඟ පාර එන්නම්....ඒදාට උඹ මගේ කරගන්නවා....



"ICC T20 WORLD CUP"


මීට ,

Sri Lanka Cricket Team.





……………………………………………………………………




මේ දවස් වල match බලලා හිතට ආපු අදහසකින් ලිව්වේ.....😁☺️



හොඳයි නම් අදහසක් කියන් යන්........



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️


මන් ,

Senadhi ❤️























Report Page