අනාරක්ෂිත ද මේතරම්😭💔

අනාරක්ෂිත ද මේතරම්😭💔

Sesa Ooo
ඔච්චර විතර සෙනග හිටිය බස් එකක තමයි මේක උනේ....

එහෙනං පුතේ අදට අපි මෙතනින් නවත්තමු.


මේ පංති ලමයි බොහොමයක් අහන්න ආස වචන ටික දෝ වෙලාවකට හිතෙනව....


අපිත් පංතියෙන් එලියට බැහැල පයින්ම ගියේ බස් හෝල්ට් එකට ටිකක් දුරයි..


මේ වෙලාවට බස් වල සෙනග හෙනට......


හිරවෙලා තද වෙලා මිරිකිලා තමයි යන්න තියෙන්නෙ...


එක එක ජාතියෙ මිනිස්සු විවිධ වයස් වල විවිධ රැකියාවල නිරත වෙන අය ඉගෙන ගන්න අය විවිධ මානසික මට්ටම් වල ඉන්න හැම කෙනෙක්ම මේ අතර ඉන්නව......


සෙනග පිරුනු බස් එකක් කියන්නෙ ගෑනු ළමේකුට අනාරක්ෂිත තැනක් කියල කිව්වොත් ඔයාල සමහර විට එකග වෙන්න පුලුවන්..


කොහොම උනත් තමන් අසහනය පිට කර ගන්න බස් එකට නගින එක නම් හරිම වැරදි වැඩක්...


මම මේ කියන්න යන්නෙ මට දකින්න ලැබුනු දෙයක්......


අපේ සෙට් එකේ ගෑනු ලමයි 3 ක් පිරිමි ලමයි 10 ක් විතර ඉන්නව....


එදා පංති ඉවර වෙලා කලින් කිව්ව වගේම ෆුල් ලෝඩ් බස් එකකට නැග ගත්ත...


අපි තුන් දෙනා එක ලග තමයි ඉදියෙ කොහොම හරි මල්ටයි මටයි මැදින් මනුස්සයෙක් පැන්න. ඒත් දිශායි මමයි එක ලග හිටියෙ....


අර මනුස්සය මගෙ පැත්තට හැරිල එනව වගේ එකක් මට තේරුනා මොකක් නමුත් හොදකට නෙමෙයි කියල මට තේරුනා .... මම ඉක්මනට ඒ මනුස්සය දිහා රවල බලල එහාට උනා......


(මම හිතනව ඔයාලට තේරෙනව කියල මම කියන දේ)


ටිකකට පස්සෙ ඒ මනුස්සය එතන ඉදපු අක්කා කෙනෙක් පිටි පස්සෙන් හිට ගෙන ........


මට කර ගන්න දෙයක් නැති තැන මම දීශා ට කිව්ව...


අපි දන්න කවුරුත් ලග හිටියෙත් නැහැ... පිරිමි ලමයි වත්..


ආයි ඒ මිනිහ තව ගෑනු ලමයෙක් ලගටත් ගියා අර විදියටම හිටියා..


ආයිම ඒ මිනිහ අපි ඉන්න පැත්තට ආව දීශා බය වෙලා මට කියනව දාල යන්න එපාලු... ඒ මිනිහ අපිව පහු කරන් ඉස්සරහට ගියා...


මම හිතුවෙ බහින්න වෙන්න ඇති කියල ...


ඒත් ඒ හරියෙ ඉදපු අපේ වයසෙ ගෑනු ළමයෙක් ගාව ඉන්නව මම ලාවට සෙනග අස්සෙන් දැක්ක...


මම එයාගෙ නම දන්නෙත් නෑ තට්ටු කරල කතා කරන්නත් බෑ ..


මට මං ගැන වරදකාරී හැගීමක් දැනුන..


ටිකකින් ඒ දිහා බලපු මම දැක්කෙ එතන ඉදපු අයිය කෙනෙක් ඒ මිනිහගෙ ජරා වැඩේ දිහා බලනව...


"තෝ මොකක්ද බල්ලො ඔය කරන්නෙ කෙල්ලෙකුට බස් එකක යන්න දෙන්නෙ නෑ මම දැන් බලාගෙන හිටියේ .. තෝ කරපු බලු වැඩේ....."


ඔව් ඒ පැත්ත බලපු මට දකින්න හම්බ උනේ මිනිහගෙ කොලර් එකෙන් අල්ල ගෙන කෑ ගහන ඒ අයියව..


චටාස්.... හොද පාරවල් දෙක තුනකුත් ඒ මිනිහ ට දුන්නට පස්සෙ බස් එකෙනුත් බස් එකෙනුත් බස්සල තමා ඒ අයිය නතර උනේ...


ඒ අයිය නියම පිරිමියෙක්....


අර මිනිහ මම පිරිමි කියල ගෑනු ලමයින්ට පෙන්නන්න ගිය කොන්දක් නැති එකෙක්...







මේ මම ඇස් දෙකටම දැකපු දෙයක්...

එකක් විතරයි ඔය සමහර දේවල් ලියන්නත් බෑ...

ඔයාලත් මේ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම මුහුණ දීල ඇති..

ඒ වෙනුවෙන් කතා කරන්න..

විශේෂයෙන්ම ගෑනු ලමයිනේ ඔයා ඔයා වෙනුවෙන් පෙනී ඉන්න රවල බලන්නෙවත් නැතුව ඉන්න එපා....

මේ සමාජය හරිම දරුණු යි.. පරිස්සම් වෙන්න...

අනාරක්ෂිත තැනක් වලදි බය නොවී පරිස්සම් වෙන්න..

ඔව් මම දන්නව වෙන වෙලාවල් වලට දාහකට ගහන්න කට තිබ්බත් ඔය වෙලාවට බය වෙනව කියල

පරිස්සම් වෙයල්ලා හැමෝම..අනිත් අයටත් උදව් කරන්න අර අයියා වගේ...



හිතුන දේ කියන් යන්න...


මම


Sesa❤️🎀

Report Page