අදිසි මිතුරා

අදිසි මිතුරා

🦋🦋🦋



පෙර කොටස https://telegra.ph/%F0%9D%91%87%F0%9D%92%89%F0%9D%91%92-%F0%9D%90%BC%F0%9D%91%9A%F0%9D%91%9A%F0%9D%91%9C%F0%9D%91%9F%F0%9D%91%A1%F0%9D%91%8E%F0%9D%91%99-%F0%9D%91%89%F0%9D%91%8E%F0%9D%91%9A%F0%9D%91%9D%F0%9D%91%96%F0%9D%91%9F%F0%9D%91%92-04-22

04 කොටස


"යමු ඇතුළට....එන්න.......මං ඇඳුමක් දාගෙන එන්නම් " තුනි රෙද්දකින් මැසූ කොලරය නැති කමිසයක් ඇඳගෙන පැමිණි මහාචාර්ය වරයා අප ඉදිරියේ අසුන් ගත්තේය.


" මේ දවස් වල ගොඩාක් දාඩිය දානවා. දෙසැරයක්වත් ඇඟ සෝදන්න වෙනවා. "


" ඉතින් කොහොම ද රාජ මන්ත්‍රී මහත්මයා, හුගාක් කාලෙකින් දැක්කේ. මේ කවුද කියලා මට හඳුන්වලා දුන්නෙත් නැහැනේ.'


" ආ..... මේ මගෙත් එක්ක ඉන්න යාළුවෙක්. අපේ ඕ. අයි.සී. මහත්තයාගේ හොඳ යාළුවෙක්. එයා තමයි එහේ එක්කං ආවේ."


"හෙලෝ, බොහොම සන්තෝෂයි හඳුනා ගන්න ලැබීම."


" මම අනුරාධ සෙනෙවිරත්න, මම පොඩි රිසව් එකක් කරනවා මේ වන සතුන් හා පැළෑටි සම්බන්ධව "


" බොහොම හොඳයි. ඔයා නියම තැනටයි ආවේ. මමත් ආසයි ඒවගේ වැඩවලට. "


අයි පැයක් පමණ කතා කරමින් සිටියෙමු. මහාචාර්යතුමා විසින් පිළියෙල කරන ලද ඔසුපැන් විශේෂයක් බීමට ලැබුණි.


" හරිම රසයි. මොනවද ප්‍රොපෙසර් මේවට ආලා තියෙන්නේ?"


" ඔවා ඔය ඉරමුසු, කොහොඹ කොළ, නෙළුම් අල යුෂ, බෙලිමල් එකතු කරලයි හදලා තියෙන්නේ. බලන්න කොහොඹ කොළ දැම්මට තිත්ත රස තියේද කියලා "


" නෑ, පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ. "


ඇත්තෙන්ම එය ප්‍රණීත බිමක් විය.


" මහත්මයා, සමහර ඖෂධ පැළෑටි වල තියෙනවා එකක තියෙන ප්‍රධාන ලක්ෂණයක් තවත් එකකින් දුර්වල කිරීමේ හැකියාවක්. මම දිගු කාලයක් තිස්සේ අත්හදා බලල්ලා තමයි ඔය බීම වර්ගය හැදුවේ. ඇගේ දාහයට, කෑම අරුචියට බොහොම ගුණදායකයි. මම එකට මී පැණි ස්වල්පයකුත් එකතු කළා.එතකොට රසත් වැඩියි,ගුණත් හොඳයි.


මහාචාර්ය තුමාගේ පෙනුම වගේම කතා බහත් සිත් ඇද ගන්නා සුලුය.'සඳුනා' පැමිණ ඔහු වටේට කැරකී ඔළුව කකුල් වල අතුල්ලයි.


" මොකද මේ. බඩගිනි වෙලාද ඔයාට. අන්න මෙසේ උඩ කෙසෙල් ඇති. ගෙඩියක් අරගෙන කන්න. "


' සඳුනා' ඇතුළු කාමරයට දිව ගියේය.


* හරි. දැන් මම ඔය දෙන්නට දවල්ට කන්න මොකුත් ලැස්ති 3.සි කරන්නම්. දෙන්නා ටිකක් කතා කර කර ඉන්නකෝ."


* බොහොම ස්තූතියි ප්‍රොපෙසර්, අදනම් බැහැ. තරහ වෙන්න එපා. අද දවල්ටත් එක්කම අපි කෑම ලැස්ති කරලයි ආවේ. වෙන කවා දවසක එන්නම්. නාලා, කාලා යන්න." රාජමන්ත්‍රී කීවේය.


" ඔව් ප්‍රොපෙසර්, මම මේ වික්එන්ඩ් එකේ මෙහාට එනවා. මෙයත් ගමේ ගියාම මම පාළුවෙන් ඉන්නේ. ඇරත් මේ පළාත හොඳයි වගේ මගෙ වැඩවලට "


"ඔබතුමාට නිවාඩු තියෙන ඕනෑම වෙලාවක මෙහාට එන්න. මාත් පාළුවෙන් ඉන්නෙ. මගේ මේ යාළුවො නිසා තමයි ටිකක් හරි පාළුව දැනෙන්නේ නැත්තේ."


එවිට සාලයේ පසුපස දොරෙන් ඇතුළු වුයේ අඩි 3ක් පමණ උස දැවැන්ත වලසෙකි. ඌ අප දෙස සැකයෙන් බලමින් පැමිණ මහාචාර්යතුමාට හොම්බෙන් ඇණ දෙකකුල් මත සිය ඉදිරි ගාත් තබා බිම වැතිරුණි.


" දැක්කා නේද? මෙයා තමයි 'කළු පුතා' මෙයා මට හම්බවෙන කොට පුංචි පැටියා. මෙයාගේ අම්මා වළකට වැටිලා මැරිලා හිටියෙ. මම ගෙනැල්ලා බෝතලෙන් කිරි පොවලා තමයි හැදුවේ. මෙයා පොඩි ළමයෙකුටත් වැඩිය කීකරුයි."


" අනිත් දවසේ එනකොට නාලා, කෑම ටිකත් කාලා, රැයක් ඉඳලා යන්න බලාගෙනම එන්න."


අපි එතුමාගෙන් සමුගත්තේ යළි එන පොරොන්දුව පිටය. ආපසු එන විටත් අප කතා කළේ එතුමා ගැනය.


* කොහොම ද අපේ ප්‍රොපෙසර් හිතට ඇල්ලුවාද ? *


ෂා... කියලා වැඩක් නෑ....හොඳ වටිනා මනුස්සයෙක්. පෙනුම වගේම තමයි ක්‍රියාවත්. මමත් කැමතියි ඒවගේ අයත් එක්ක ආශ්‍රය කරන්න."


අපි ආපසු පැමිණ වැවේ නැවෙමු. අප්පුහාමි අතින් පිළියෙල වී තිබුණු දිවා ආහාරය ද ගත් පසු පැය කීපයක් නිදා ගත්තෙමු. සැන්දෑවේ රත්නායක විසින් මා වෙත එවා තිබූ වාර්තා සැලකිල්ලෙන් කියවා බැලුවෙමි.


මෙම නිධන් කොල්ලය හා අපරාධ පිටුපස සංවිධානාත්මක පිරිසක් ඇති බවට තොරතුරු ඇත. එමෙන්ම ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ඇතැම් පිරිස් බාධා කරන බව ද වාර්තාවල සටහන් විය. මේ අයගෙන් එක් අයෙකුට හෝ දඬුවම් දීම මගේ යුතුකමයි.





රාජ මන්ත්‍රී සිතුරාදා උදේ වැඩට ගියේ, ඔහු වැඩ අවසන් වී ගමේ යන බවත්, නැවත ආපසු පැමිණෙන්නේ සඳුදා උදේ බවත් කියමිනි. මට හොඳින් සලකන ලෙස ද අප්පුහාමිට කියා ගියේය.


මම නගරයේ ඇවිදීමට ගියෙමි. දහවල් වන විට නගරය එකම ගාලගෝට්ටියකි. කඩිගුලත් ඇවිස්සුණාක් මෙන් මිනිසුන් ද, ගැහැනුන් ද, ළමයින් ද, තැන් තැත්වල ඇවිදින්නේ හිස ගිනිගත්තවුන් මෙනි. අව් රශ්මියෙන් හෝ වැස්සෙන් ආවරණය වීමට කඩපිලත් මිස වෙනත් තැනක් නැත. බස් නැවතුම් පළ එකම දිය වළකි. රථවාහන වලින් ගලන කළුතෙල් ආදිය නිසා කළු පැහැ ගැන්වුණු එම ජලය තැන් තැන්වල පිරී ඇත. මඟීන්ට තනා ඇති ආවරණවල තහඩු ගැලවී ඇත. බස් හා වෑන් රථ පසුපසට හා ඉදිරි පසට ගනිද්දි මඟීන්ගේ දක්ෂතාව නිසා ප්‍රාණය බේරා ගන්නවා මිස රියදුරන්ගේ කිසිදු සැලකිල්ලත් නැත.


පල් වතුරේ පාවෙන කඩදාසි, සිගරට කොට හා ලොතරැයිපත්, දොඩම් ලෙලි, ටොෆි කොළ හා තවත් බොහෝ අපද්‍රව්‍ය බලන්නට පිළිකුල්ය. අයාලේ යන බලුරං වූ තැනින් තැන නිදා සිටිති. රෝහල හා වෛද්‍ය නිලධාරි කාර්යාලය ඇත්තේ බස් නැවතුම් පළ පේනතෙක් මානයේය.


සවස දෙකට පාසල් ඇරුණ ද සවස හතර පහ පමණ වනතුරු ගැහැනු ළමෝ ද, පිරිමි ළමෝ ද, බස් නැවතුම්පළේ රස්තියාදු වෙති. මා මෑතකදී ඇසූ තොරතුරකට අනුව යාපනයේ ළමුන්ට මෙසේ රස්තියාදු වීම තහනම්ය. පාසල ඇරුණු වහාම නිවෙස් වලට යා යුතුය. එය අසත්‍යයක් වීමට නොහැක. උතුරේ හොරකම් හා කාම අපරාධ ගැන කිසිවක් මා දැක නැත. මත්කුඩු පිළිබඳව අසන්නටවත් නැත.


මෙවැනි තත්ත්වයක් මේ රටට අත් වූයේ කුමන ශාපයකින් මට නොතේරේ. මේවා බලමින් ඇස්කන් පියාගෙන සිටීම මගේ පුරුද්දක් නොවේ. මම, රත්නායක සොයා ගියෙමි. ඔහු හමු වී මෙ සම්බන්ධව ගත යුතු පියවර සාකච්ඡා කළෙමි. පෞද්ගලික රා පිළිබඳවත්, එම රියදුරන් පිළිබඳවත් මීට වඩා දැඩි පිළිවෙනක් අනුගමනය කරන මෙන් දැන්වීමි. එමෙන්ම පාසල් ළමුන් පිළිබඳව මීට වඩා සැලකිල්ලක් දක්වන ලෙසත් ඉල්ලා සිටියෙමි. සවස් වනතුරු බස් නැවතුමේ රැඳී සිටීමට හේතු විමසන ලෙසත්, අදාළ විධ බස් රථ පැමිණි විගස ඔවුන් නිවෙස් බලා යැවීමට නිලධාරීන් කිහිපදෙනෙකු යොදවන ලෙසත් උපදෙස් දුනිමි.


නිකරුණේ රස්තියාදුවේ යෙදෙන ගැටවර පිරිස් පිළිබඳවත් අවධානයෙන් සිටීමට උපදෙස් දුනිමි. මා දන්නා පරිදි මත්කුඩු බෙදාහරින, පාවිච්චි කරන පිරිසක් මේ නගරයේ සිටිති. ඔවුන් බොහෝ විට පාසල් යන හෝ පාසල් ගමනේ අවසන් කර පෞද්ගලික පංති කරා නිකරුණේ යන පිරිස්ය. එවැනි අය ගැන සොයා බලන ලෙස උපදෙස් දුනිමි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නා නගර සභාව සමඟ සම්බන්ධ වී නගරයේ අපිරිසිදුකම දුරලීමේ වැඩ සටහනක් ආරම්භ කරන මෙන් ද දැන්වීමි. මේ පිළිබඳ පොලිස් අධිකාරිතුමාගෙන් අවශ්‍ය කටයුතු කරදීමේ වගකීම මම භාර ගතිමි.


මම එතුමාට දුරකථනයෙන් කතා කර විස්තර දන්වා අවශ්‍ය උදව් ලබාදෙන මෙන් ඉල්ලා සිටියෙමි. දැනටමත් නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝග ලැබී ඇති බව ද, නගරයේ සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කිරීමට කටයුතු යොදා ඇති බව ද, එතුමා මට දැන්විය. නගරයේ ආරක්ෂාව විධිමත් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා රත්නායක මහතාට උපදෙස් දීමට කටයුතු කරන බවට එතුමා පොරොන්දු විය.


මම සවස හතරට පමණ ආපසු නවාතැනට ගියෙමි, අප්පුහාමිට බුලත් පුවක් ද, දුංකොළයක් ද ගෙන ගොස් දුන්විට ඔහු තාමත් සතුටු විය.


සෙනසුරාදා උදෑසනින්ම පිබිදුනු මම මුහුණ සෝදායෙන එන විට ම අප්පුහාමි විසින් කැකුළු හාලේ බතක් ද, පරිප්පු හොද්දක් ද උයා උම්බලකඩ සම්බෝලයක් ද සාදා තිබුණි.


" මහත්තයා කැකුළු බත් කන්න කැමති නිසා අද මන්න කැකුළු බත් ඉව්වා. " ඔහු පැවසීය.


" මම හරි කැමතියි උදේට කැකුළු බත් කන්න. කොළඹදීත් මම උදේට කෑවේ කැකුළු බත්."


කෑම තා අවසන් වී මම ගමනට සූදානම් වීමි.


" අප්පුහාමි මා.....මම අද පොඩි ගමනක් යනවා. සමහර විට ආපහු මෙහේ එන්න වෙයි ද දන්නෙ නැහැ. පුළුවන් වුණොත් ඇවිල්ල යන්න එන්නං. රාජමන්ත්‍රී ආවාම කියන්න හොඳේ."


" හොඳයි මහත්මයා ගිහින් එන්නකෝ, තුනුරුවන් සරණයි." ඔහු පැවසීය. ඒ වදන් ඇසීමෙන් මට මගේ තාත්තා සිහිවිය.


මම කෙළින්ම ගියේ අපේ මිත්‍ර මහාචාර්යතුමා හමු වීමටය. මා එහි යන විට එතුමා වත්තේ කිසියම් කාර්යයක යෙදී සිටියේය. ' සඳුනා' හා ' කළු පුතා' ද බිම හාරමින් ඔහු ළඟම විය. මා දුටු විගසම නැගී සිටි මහාචාර්යතුමා තම කාර්යය නතර කර ආවේය.


" හෙලෝ, අනුරාධ, එන්න එන්න, මං මේ පොඩි වගාවක් කරමිනුයි හිටියේ. මාළු මිරිස් ඇට ටිකක් තවන් දැම්මා. නිකං ඉන්න බැහැනේ. මං කෑමට ගන්නේ මම වවාගත්තු දේවල්මයි. අපි වෙලාවක යමුකෝ මගෙ ගොවිපළ බලන්න..." මා පිළිගත් මහාචාර්යතුමා පැවසීය.


විනාඩි කීපයක සතුටු සාමීචි කතාවෙන් පසු කොළකැඳ සංග්‍රහයක් ලැබුණි. කිතුල් හකුරු සමඟ කොළ කැඳ ඉතාම ප්‍රණීත විය.


' මං මේ හතුරු ගෙන්වා ගත්තේ වැලිමඩින්. එහෙ ඉන්න මගෙ යාළුවෙක් හැම මාසෙකම වගේ කිතුල් හකුරු මුල් හතරක් පහක් එවනවා ටවුන් එකේ ඉන්න මගේ යාළුවෙකුගේ අතේ. එයා ඔය බිස්නස් වැඩවලට මාසෙකට සැරයක් උඩ පළාතෙ යනවා.!


අනුරාධ මහත්තයා ටිකක් විවේක ගන්න, එන්නකො මගේ පුස්තකාලෙට " ඔහු මා කැඳවාගෙන සාලයට යාබද වූ කාමරයට ගියේය. එහි අල්මාරි දෙකක් හා රාක්කයක් පුරා පොත් පිරී තිබුණි. ඉංග්‍රීසි පොත් විශාල ප්‍රමාණයක් ද සිංහල, පරිවර්තන හා ශාස්ත්‍රීය


කෘති මෙන්ම නවකතා රාශියක් ද එම පොත් අතර විය. වෛද විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාවට අදාළ පොත් ද ද හා සංස්කෘතික, සාහිත්‍ය කෘති ද වෙන වෙනම අසුරා තිබුණි


" මම නිතරම පොත් කියවනවා. කොළඹ යන්න ලැබුණෙ මම හැමදාම මරදානෙ පරණ පොත් විකුණන කඩ වලට ගිහිල් ඔය මොනවා හරි පොත් ටිකක් ගන්නවා. මං මොනවා හරි කන් හදනකං අනුරාධ ඔය පොතක් තෝරගෙන කියවන්න තො


මම 'ක්‍රිෂ්ණ මුර්ති' තුමාගේ කුඩා පොතක් රැගෙන කියවන්න වීමි.


පැයකින් පමණ මහාචාර්යතුමා පැමිණියේය.


" හරි... දැන් අපි නාන්න යමු. ඊට පස්සේ කෑම කමු අදහස් කළේ එතුමා නැමට යන්නේ ඉදිරියෙන් පිහිටි වැවට කියාය නමුත් ගෙය පිටුපස තුරු ගොමුව අතරින් වැටුණ අඩිපාරකිය ගොස් ඇහැළ ගස් වැටියක් ළඟින් යන්නට සිදු විය.


" මං හිතුවා අපි නාන්නෙ වැවෙන් කියලා"


" වැවේ ටිකක් මඩ තියෙනවා. දැන් වතුර අඩුයිනෙ. ඊට වැඩිය හොඳ තැනක් තියෙනවා යමුකො."


ඇසළ ගස් වැටිය ළඟින්ම විශාල ගල්කුළු සමුහයක් විය. එම ගල්කුළු පාමුල වූයේ ඉතා පැහැදිලි ජලධාරාවක් සහිත කුඩා දොළ පාරකි. දොළපාර ගල් දෙබොක්කාවක් තුළින් ඇද හැළෙන කුඩා දිය ඇල්ලකින් පෝෂණය වේ. මෙතැන ස්වාභාවික ජල තටාකය. 86 свев.


ජලාශයේ පතුලේ පිනන කුඩා මාළුවන් විසිතුරු මාළු ටැංකියප ඇති කරනවුන් මෙන් අලංකාරය. අවට වූ වැලිකඩදාසිවලින් මදින ලද්දක් මෙන් පිනිඳු මතුපිටින් යුත් ගල්ගෙඩි සමූහය පරිසරයට එක්කරන්නේ අපූරු සුන්දරත්වයකි. මල් පොකුරු කඩා හැළෙන මිදැල්ල ගස් හා ඒවායේ වෙළී පැටලුණු මල් පොතුරු වලින් යුත් ලතාවෝ පරිසරයේ චමත්කාරය සිය ගුණයෙන් දියුණු කළෝය.


* අනුරාධ කොහොමද තැන ලස්සන ද ?"


* කියන්න වචන නෑ මහාචාර්යතුමා ඇත්තෙන්ම මටම පුදුමයි.


මේ වගේ පළාතක මෙහෙම ලස්සන තැන් තියේවිද කියන එක ගැන "


" මං මුලින්ම කැලෑවේ ඇවිදින කොට දැක්කා මේ ස්වාභාවික ජල උල්පත. ඒකමයි මම තීරණය කළේ මෙතැන පදිංචිවෙන්න. මම දැන් මෙහෙ ඇවිල්ලත් සෑහෙන කාලයක්නෙ. කවදාවත් මේ උල්පත හිඳුණේ නෑ. ඔය ගල් දෙබොක්කාවට ඉහළින් තියෙන කැලෑ රොදෙන් තමයි ඒක ආරම්භ වෙන්නෙ. වැවේ වතුරට වැඩිය ගොඩක් හොඳයි මේ වතුර ටික."


ඇත්තෙන්ම ඔහු කීවාසේම මෙම ජල ධාරාවේ ජලය ඇඟට සුවදායක සීතලකින් යුක්තය.


" අපි බොන්නෙත් මේ චතුරමයි. මං තව ටිකක් ඉහළින් බටයක් දොලා තියෙනවා මං ඉන්න තැනටම පොළොව යටින් " මහාචාර්යතුමා කීවේය. අපි තා අවසන් වන තුරු 'කළු පුතා' ද අපට පහළින් ගල් දෙබොක්කාවක් අතර පෙරළි පෙරළී නාගත්තේය. 'සඳුනා' ත් තම පිරිසත් සමඟ ඇහැළ ගස් අතර දුව පනිමින් සිටියේය.


දිය නා අවසන් වූ අපි ආපසු ආවෙමු. සඳුනා ද ඔහුගේ සහචර පස් දෙනෙකුගෙන් යුත් වඳුරු පිරිස ද පෙරමුණේ වුහ. ඊට පසු සෙමින් සෙමින් අඩි තබමින් දෙපසට පැද්දෙමින් යන කළු පුතා ය. ඌ වරින් වර මඟ නැවතී ඇඟ සලිත කර දිය බිඳු ඉසියි. මේ පෙරහැර සමග යාමට විනාඩි දහයක පමණ කාලයක් ගත විය.


දිවා භෝජනය ඉතා ප්‍රණිත විය. අප ආහාර ගන්නා තුරු ' සඳුනා' සහ පිරිස සාලයේ වාඩි වී උන්නෝය. 'කළු පුතා ' ඌට දුන් කෑම ටික කා අවසන්ව කට ලෙවකමින් සිටියේය.


තම්බන ලද අල, කරවිල බැදුම සහ පොල් සම්බෝලය සහිත එම ආහාර වේල කටදිව පමණක් නොව සිත ද පිනවිය.


" ඔබතුමාට හොඳට උයන්න පුළුවන්නේ. කෑම හරිම රසයි."


" මම දැන් කොච්චර කාලෙක ඉඳල ද උයාගෙන කන්නේ. මම වෙලාවක අනුරාධටත් උයන විදිය හුරු කරවන්නකෝ. කසාද බැඳපු කාලෙක දී වුණත් ඉතින් නෝනට උදව්වක් කරන්න පුළුවන්නේ."


මහාචාර්යතුමා ගැන තොරතුරු ඇසීමට මට කීපවතාවක් සිතුණත් එය අමාරුවෙන් මැඩ පවත්වා ගත්තෙමි. හුදෙකල olde ජීවත් වීමට ප්‍රිය කරන පුද්ගලයෝ බොහෝ විට තම පෞද්ග තොරතුරු හෙළි කිරීමට මැළිවෙති. සමහර විට එම කතා පසුදිය ch ඔහුගේ හෝ ඇයගේ අමතක කළ අතීතයේ ශෝකාකූල අවස් උ කොතෙකුත් සැඟවී තිබෙන්නට පුළුවන. ඒවා නැවත විමසිම නි යාම සුදුසු නොවේ යයි මම සිතුවෙමි. ඔහු විසින්ම සුදුදු අවස්ථාවකදී එම කරුණු හෙළි කිරීමට ඉඩ තිබේ.


que


මම කෑම කා අවසන් වන විට කිරි හට්ටියක් හා පැළී ගන්න බෝතලයක් මහාචාර්යතුමා විසින් මේසය මත තැබුවේය. කළ කුර පුතා පැණි බෝතලය ඉවකර තොලකට ලෙවකයි.


" පැණි සුවඳට එයා කලබල වෙලා"


මහාචාර්යතුමා කුඩා කෝප්පයක් ගෙන පැණි ස්වල්පයක් වත්කොට වලසාට දුන්නේය. මහත් ගිජුකමින් ඔහු බොහෝ වේලා යනතුරු එම කෝප්පය බිම දිගේ යවමින් එය ලෙව කෑවේය.


භාජන දෙකක් මේසය මත තැබූ හෙතෙම කුඩා හැඳි දෙකක් ද ගෙනාවේය.


" කන්න අනුරාධ අලුත්ම මීකිරි, හොඳම කිතුල් පැණි "


" ඔබතුමාට කොහොම ද මේවා ලැබෙන්නේ ?"


"ඔය මීකිරි අල්ලපු ගමෙන්, එහෙ උදවිය රස්සාවට කරන්නේ මීකිරි මුදවන එක. හැමදාම හරක් කවන්න එන කෙනෙක් ඔය මී කිරි ගෙනෙනවා. කිතුල්පැණි නම් මං ටවුන් එකෙන් තමයි ගන්නේ. හොඳ විශ්වාස තැනකින් "


මම මිකිරි හා පැණි ඉතාම ආශාවෙන් කෑවෙමි. ආහාර ගෙන පැයකින් පමණ අපි විවිධ විෂයයන් ඔස්සේ සාකච්ඡා කළෙමු. කුඩා පැකට්ටුවකින් දුම්කොළ ටිකක් ගත් මහාචාර්යතුමා සාක්කුවෙන් දුම් පයිප්පයක් ගෙන දුම්කොළ ටික එයට දමා දල්වාගෙන දුම් උගුරු කීපයක් ඇද පිට කළේය.


" මං ඉතින් තනියම ඉන්න කෙනානෙ. මේක ශරීර සෞඛ්‍යයට හොඳ නැති වුණත් ඔහේ කල්පනා කර කර ඉන්න කොට මේ පයිප්පෙ ළඟ නැතුව බෑ. ඒක දැන් පුරුදු වෙලා ' හෙතෙම පැවසීය. මම එදින එම නිවහනේම ගත කළෙමි. මදුරුවන්ගෙන් හා උණුසුමෙන් තොර මේ රුක් ගොමු අතර වූ නිවහන සීතට ගතට දෙකටම සිසිලක්ම දැන විය. රාත්‍රිය බෙහෙවින් සුවදායක විය. නින්දට ගිය මට ඇහැරුණේ උදැසන කුරුලු නාදය ඇසීමෙනි.


මා අවදිවන විට මහාචාර්යතුමා උදේ ආහාර පිළියෙල කර අවසන් වී තිබුණි. මුහුණ සේදීමෙන් පසුව අපි උදේ ආහාර ගත්තෙමු. ධාන්‍ය වර්ග වලින් පිළියෙල කළ කැඳ වර්ගයක් හා කුරහන් පිටි වලින් තැනූ රොටී ද උදේ ආහාරයට තිබුණි. රොටි කෑමට සාදා තිබූ ලුණු මිරිස ඉතා රසවත් විය. ආහාර ගැනීමෙන් පසු මහාචාර්යතුමා මා අමතමින්.


* අනුරාධ මෙහෙම ඉන්නවානං මං කැමතියි. තව දවස් කීපයක්වත් ඉන්න." යනුවෙන් මට ආරාධනා කළේය.


මගේ රාජකාරිය නිධන් සොරුන් ඇල්ලීම බව මටම අමතකව


තිබිණි.


" බොහෝම ස්තූතියි. මං පුළුවන්තරම් කල් ඉන්න බලන්නංකෝ"


" දැන් අනුරාධගේ පර්යේෂණ වැඩ කොහොම ද?"


" දැන් මහාචාර්යතුමා, මට සොයාගන්න ඕන මේ ප්‍රදේශයේ සත්ත්ව කොට්ඨාස කොහොම ද පරිසරයට අනුවර්තනය වෙලා ඉන්නේ කියලා. කෝ, තාම මට කොහේවත් යන්න බැරිවුණා නොවැ."


" හරි එහෙනම් අපි අදම පටන්ගමු. යමු ටිකක් කැලෑවේ ඈතට. අනුරාධට මං හොඳ තැනක් පෙන්නන්නම් බලන්න වටින."


" එහෙනම් යමු "


එහෙම ගිහිල්ලත් බෑනෙ. දවල්ට කෑම කොහොම ද?"


" අපි ඔය මොනවා හරි කමු "


" හරි. මං එහෙනම් බිස්කට් ටිකකුයි, කෙසෙල් ගෙඩියි ගන්නම්. රෑට ඇවිල්ලා උයාගන්න බැරියැ."





අදට ඉවරායි....

මම,

🦋🦋🦋Millicent Bagnold 🦋🦋🦋

Report Page