අත්නොහැරම... 💙

අත්නොහැරම... 💙



(කෙටිකතාවකි)

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 


හදවතින් බැදුණ ආදරය සදාකාලිකයි....🖤





මිනිස්සු එක්ක හරි හරියට අඩි තියලා මං වේගෙන් වේගෙන් ඇවිදන් ගියේ......

වාට්ටුව දිහා ට....

මං බයෙන් බයෙන් ඇවිදන් ගියේ මට වේලාවට එන්න බැරි වෙයි කියලා....

ඒත් කොහොම හරි බස් එකේ දොරේ වගේ එල්ලිලා වෙලාවට වගේ එන්න පුලුවන් වුණා....




බෙහෙත් සැර හැම තැනම දැනෙද්දී අංක තුන කියලා සටහන් කරලා තිබ්බ වාට්ටුව ඉස්සරහ ට මං ඇවිල්ලා නතර වුණා....

වාට්ටු අංක තුනේ දා හත්වෙනි ඇද...

ඇදවිට්ටන් වල ගහලා තිබ්බ නම්බර් බල බල මං ඉස්සරහට ඇවිදන් ඇවිත්....

හරියට ම දාහත කියලා ගහලා තිබ්බ ඇද පාමු ල නතර වෙලා ඔලුව උස්සලා බැලුවා....



හුම්ම්....

හොදට ම නින්ද ගිහින්....

මට ත් නොදැනීම පිට වෙච්ච හුස්ම පාත දාලා මං ඇවිදන් ගියා....

හිමින් හිමින් අඩි තියලා ගිහින් නතර වුණ මං...

ඒ කෙහෙරැල් අතරේ මගේ අත යැව්වේ....

සනීපේට නින්ද ගිහින් ඉන්න ලෝභකම දැකලා....

මගේ අත ඒ හිස පුරා ම එහෙ මෙහෙ යද්දී...

එයාට ඇහැරුණා...




__ ඔයා ආවද?




එයා හිමින් නැගිටින්න උත්සහ කරද්දී...

මං එයා ව ඇද විට්ටමට හේත්තු කරලා ඉද ගන්න උදව් කරා...




_ ගොඩක් වේලාද ඇවිල්ලා?




ආයම යන්තම් හිනා වෙලා මගෙන් අහනවා...




+ දැන් ආවේ....




මං ගෙනාපු කෑම එකයි තේ වතුර බෝතලෙයි...

එතන කබඩ් එක උඩින් තිබ්බා...




__ඇයි ඔය හැටි මහන්සි වෙන්නේ. මෙහෙන් කෑම දෙනවනේ..අපරාදේ ආවේ..




+ මම කවන්නම්...




එයා එහෙම කියද්දී මං එතනින් ආවේ අත හෝදගන්න...

අතත් හෝදන් ගෙනාව කෑම එක ගෙනල්ලා දිග ඇරලා කවන්න එයා ලගට ගියා...




__ ඔයාට මගෙන් හරි කරදරයි මැණික....




එයා ඔහේ කියවන් යනවා...

මට කේන්තිත් එක්ක...




+කට අරින්න




මං ලොකු කටක් කට ඇතුලට එබුවේ...

කියවිල්ල නතර කරන්න ඕන කමට.......



__ අද ගෙදරින් ගෙනාව ප්‍රපෝර්සල් එකට මොකද වුණේ...



+ මොනවා වෙන්න ද මං බැ කිව්වා......




__ ඔයා ට පිස්සු මැණික...ඔයා හදන්නේ මේ අබ්බගාතයා වෙනුවෙන් ඔයාගේ මුලු ජිවිතේ ම කැපකරන්නද ?



+ ඔව්...



__ අර ප්‍රපෝර්සල් එකට කැමති වෙන්න දරුවෝ...





+ ඔයා අද ඉන්න මේ තැන මම අද හිටියා නම් ඔයා මාව අතැරලා වෙන කෙනෙක් ව බදිනවද?




මං එහෙම අහද්දී එයා ඔලුවත් බිමට හරවන් කට වහ ගත්තා...




__ ඔයා ගේ ජිවිතේ ම අඳුරු වෙයි දරුවෝ..




+ කමක් නෑ අඳුර අලෝකමත් වෙන්න ලයිට් දාමු...නැත්තම් ඉටිපන්දමක් හරි පහනක් හරි පත්තු කරමු....




__ ඇයි ඔහෝ ම හිතුවක්කාර...




+ ඒ මගේ හැටි....




__ ඉස්සර මං කියන දේවල් එක පාරින් ම ඇහුවා...ඒත් දැන් මං කියන දේවල් නාහන්නේ....මං අබ්බගාතයෙක් නිසාද?




+ඇයි ඔයා ඔහෝම කැලුම්...තමන් ව ම හැම තිස්සේ ම පාත දාලා කතා කරන්නේ....මං දන්නවා ඔයා අබ්බගාතයෙක් කියලා...ඒ නිසා ඔයා ඒක මට ඇගිල්ලෙන් ඇන ඇන ම ඒ ගැන මතක් කරන්න ඕන නෑ...




මගේ ඇස් වලින් කඳුලු ගලද්දී මං එහෙම කිව්වේ...

ඒ මුණ දිහා බලාගෙන....




_ ඔයා ට ජිවිතේ ඉස්සරහට යද්දී මං එක්ක ජිවත් වෙන එක ලැජ්ජාවක් වෙයි...




+ නෑහ්....ඔයා එක්ක ජිවත් වෙන එක මට ආඩම්බරයක් වෙයි.රට රකින්න ගිහින් ජිවිතේ ම පරදුවට තිබ්බ වීර හමුදා සෙම්පතියෙක් ගේ බිරිදක් කියන ඒ හැගිමෙන් මං ආඩම්බර වෙයි....



_ මාව අතාරින්නේ ම නැද්ද මැනික...



+කොහෙත් ම නෑ...මතකද ඒ කාලේ පපුවට තුරුල් කරන් කිව්ව ඒවා...මෙනෙ ප්‍රශ්න ජිවිතේ ට ආවත් අත්නොහැර ජිවිතේ ඉස්සරහට යන් කියලා...මතකද ඒ පොරොන්දු? ඔයාට නම් අමතක පාටයි කැලුම්...




__ එහෙම නෑ පුර්වි....ඒත් අපි දෙන්නා ජිවත් වෙන්නේ කොහොමද? මට ඇදට වෙලා ඉන්න වෙයි...



+ මට රස්සාවක් තියනවා. ඒකෙන් අපි ජිවත් වෙමු...ඔයා කරදර වෙන්න ඕන නෑ...



__ ගෙදරින් අකමැති වෙයි මාව කසාද බදිනවට...



+ ඔව්.. එදා ට මම අම්මට කියනවා....



__ මොනවද?



+ මං ආස ලෙමන් පෆ් වලට වඩා චොකලට් පෆ් වලට කියලා...මං ආසම වැනිලා අයිස් ක්‍රිම් වලට වඩා ඩොකලට් අයිස් ක්‍රිම් වලට කියලා..මං ආස සුදු චීස් කෑලි වගේ ඉන්න කොල්ලන් ට වඩා මේ ඉන්න චොකලට් කොල්ලට කියලා....



__ දවසක චොකලට් එපා වුණොත්...



+ පිස්සුද කොච්චර කෑවත් චොකලට් මට එපා වෙන්නෑ....



__ මගදී චීස් වලට ආස හිතුණොත්....

+ ඔයා දන්නැද්ද චීස් මට ඇලජික්....කෑවම කසනවා....



__ හිතුවක්කාරි...




+ නෑ....ඔයාගේ හිතුවක්කාරි....




__ තෙරුම් ගන්න දරුවෝ...මට එක කකුලක් නෑ....



+ මට කකුල් දෙකක් තියනවා...ඒ කකුල් දෙකට පුලුවන් ඔයාගේ නැති කකුලට හයිය දෙන්න...




__ කාලයක් යද්දී එපා වෙයි...




+ නෑ...කාලයක් යද්දී ආස වෙයි...



__ කොහොමද?




+මං ගොඩක් ආදරෙයි නේ....



__ඔයාට පුළුවන්ද මං වෙනුවෙන් මඟ බලාන ඉන්න?



+හ්ම්ම්..අහන්න දෙයක් නෑ..මං කොහොමත් ඉස්සරහට ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන්...



__ඒ තරම් මං වෙනුවෙන් කැපවෙන්නේ මං ඔයාට මොනා දුන්නටද?




+මේ ලෝකේ මට වටිනම දේ...




__ මොනවද



+ ඔයාගේ ආදරේ..



__ඒත්....මං දුන්නේ ආදරේ විතරනේ..මට බැරිවුනා ඔයා ආසා දේවල් අරන් දෙන්න..




+ඉතින් මං ඒ දේවල් ඔයාගෙන් ඉල්ලුවද?මට නොලැබුනා කියලා මං ඔයාට දොස් කිව්වද?




__ ඔයා මට ඒ දේවල් නොපෙන්නුවට ඔයා හිතින් දුක් වෙනවා ඇති..



+නෑ...කොහෙත් ම නෑ....මට මොනවා නොලැබුණත් මට වටිනම දේ ලැබුණානේ....මට ඔයා විතරක් හිටියොත් හොදටම ඇති....




__කොහොමද ඔහොම මං වෙනුවෙන් ඉවසන්නේ? මගේ තියන අඩුපාඩුකම් ගණන් නොගෙන මා එක්ක ඉන්නේ?



+මං දන්නවා අපි අතරේ නොගැළපීම් ඇති..ඒත් අපි දෙන්නට දෙන්නා ඒ දේවල් තේරුම් අරගෙන ඉන්නවා නම් ඇයි බයවෙන්නේ? මට විශ්වාසයි ඔයාවත් මංවත් අපේ ආදරේට බොරුවක් කරන්නෑ කියලා..ඉතින් අපි දෙන්නම කැපවෙමු..අපි දෙන්නා වෙනුවෙන් කැපවෙමු....කැපවෙලා ඉස්සරහට යමු.එතකොට අපේ ආදරේ හරි ලස්සනයි..ඒ ලස්සන මං දැන් විඳිනවා..ඉතින් මට පුළුවන් ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න...ඒ වගේ ම ඔයාට පුලුවන් වෙන්නත් ඕන මං වෙනුවෙන් වගේම....අපි වෙනුවෙන් ජිවත් වෙන්න....




__ඔයා මං වෙනුවෙන් කොයි තරම් කැපවෙනවද? වෙන කෙනෙක් නම් මාව අතෑරලා දාලා ගිහින් හුඟක් කල්...ඒත් ඔයා හැමදාම මගෙන් ඉල්ලුවේ ආදරේ විතරමයි..ඉතින් ඒ දැනෙන සැනසීම වචනවලින් කියාගන්න බෑ. ඒ ණය ගෙවාගන්නත් බෑ..ඇත්තමයි..මම ඔයාගේ ආදරේ ලබන්න ගොඩක් වාසනාවන්ත කෙනෙක්....




+ඔයා එක්ක මං ඉන්නවා හැමතැනකදිම...හරියට ම මෙන්න මෙතන.....



මං එයාගේ පපුව ලග ට අත තියලා කිව්වේ හිනා වෙලා....




+අපිට තව හුඟක් දුර යන්න තියෙනවා....ඒ ගමන දෙන්නම එකට යමු...එකම අරමුණකින්....අන්තිම හුස්ම වෙනකල්ම....



__ මං ආදරෙයි පුර්වි...



+ මට ඔයාව විස්වාසයි කැලුම්....ඒ වගේ ම මාත් මගේ පනටත් වඩා ඔයා ට ආදරෙයි....




මේ ලෝකේ කිසිම කෙනෙක්ට අද වෙනකම්...

සීයට සීයක් ගැලපෙනම බැදීම් මුණ ගැහුනේ නෑ....

කොහේ හරි කෙලවරක නොගැලපෙන එක හරි හේතුවක් තිබ්බා....

සමහර අය පුංචි පුංචි හේතු මහ ලොකුවට කරට අරන්....

ඒ හේතු නිසා ම අර බැදීම් මගදි හලලා ගියා....

තවත් සමහර අය සීයට සීයක් ම ගැලපෙන අය...

කවදා හරි තමන් ගේ ජිවිතේ ට ලැබෙයි කියලා...

ඇගිලි ගනන් කර කර බලන් හිටියා....



ඒත් හිත හයිය මිනිස්සු පිරිසක් නොගැලපෙන බැදීම් හිමින් සිරූවේ ගලපගෙන....

ජීවිතේ ගෙවන්න තීරණ කලා....

ඉස්සරහට යන්න මහන්සි වුණා...



දෙයක් කියන්නම්,

සීයට සීයක් ම ගැලපෙන මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නෑ...

ගැලපෙන්නැති තැන් හිමින් හිමින් ගලපගෙන ජිවිතේ හැඩි කරගන්න නැතුව හැඩ කරගන්න...


ඇත්තම ආදර කතාවල නොගැලපීම් කියන්නේ ම,
නිකම්ම නිකන් වචනයක් විතරමයි.... !




______________



දැනුන දෙයක් කියන් යන්න....



Report Page