ɱιɳҽ ρɾιɳƈҽʂʂ.. 🪄

ɱιɳҽ ρɾιɳƈҽʂʂ.. 🪄

ɱҽʂԋι 👀

BONUS




ඒත් එක පාරට දැක්ක දෙයින් යශ් ගොඩක් පුදුම වුණා....එයා දැක්කේ මමීගේ කබඩ් එක යට මොකක් හරි දෙයක් වැටිලා තියෙනවා...


ඒක මෙච්චර කල් දැකල නැත්තේ ඒක කබඩ් එක යටටම වෙලා තිබ්බ නිසා වෙන්න ඇති...බිමට නැමිලා යශ් අත ඇතුලට දාලා බැලුවෙ මේ මොකක්ද කියලා....


ඒක ඩයරියක්...ඒත් මෙච්චර කාලෙකට යශ් දැනං ඉඳලා නෑ මමී ඩයරියක් පාවිච්චි කළා කියලා......


වෙන කාගෙවත් ඩයරි එකක් බලන එක හොඳ නැහැ තමයි ඒත්...නිකමට යෂ්ට හිතුණා මේක බලන්නම ඕන කියලා....


පළවෙනි පිටුවේ ලස්සන අකුරෙන් ලියල තිබ්බේ මමීගේ නම...පිටු දෙකක් තුනක් බලද්දි..මිතු කතා කරනවා ඇහුන නිස...ඩයරි එකත් අරන් ඩෝ එකත් වහගෙන යශ් ගියේ මිතුව හොයාගෙන....



☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️



වෙලාව රෑ දහය හමාරයි...කෙල්ලටත් හොඳටම නින්ද ගිහින් හිටිය නිසා...යෂ්ට හිතුණේ දැන් තමයි හොඳම වෙලාව ඩයරිය කියවන්න කියලා....


ඉක්මනටම මම ඩයරියත්එ අරන් මමීගේ රූම් එකට ගිහින් දොරත් ලාවට වැහුවේ මිතූ වත් එයි කියලා...



අන්තිමට ඒ ඩයරිය ලියල තිබ්බේ...හරියටම මමීගේ ඇක්සිඩන්ට් එකට කලින් දවසේ රෑ...හැබැයි ඒක ලියලා තිබ්බේ ගොඩක් හදිස්සියෙන් වගේ..

ඒකෙ තිබුණු විදිහට නම්....මමී කැම්පස් යන කාලේ ඉඳන්ම..ෂෙල්ටන් කියන කෙනෙක්..මමීට කැමැත්තෙන් ඉඳලා තියෙනවා.හැබැයි මමී නම් මේ මනුස්සයාට චුට්ටක්වත් කැමති වෙලා නෑ...

ඊට පස්සේ තමයි මමී ඩැඩී එක්ක සම්බන්ධයක් පටන් අරගෙන තියෙන්නේ...ගෙදරෙනුත් අකමැත්තක් තිබ්බෙ නැති හින්දා දෙන්නම මැරි කරලා....

හැබැයි මමී මැරිකලා කියලා නෑ ෂෙල්ටන් කියන මනුස්සයා දිගටම මමි පස්සෙන් ඇවිල්ලා තියෙනවා...



මට හිතුණ දේ හරියටම හරි..ඔව් ඒක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි මඩර් එකක්...හැබැයි මගේ මමීව මගෙන් වෙන් කරපු කාටවත් ජීවත් වෙන්න මං ඉඩ තියන්නෑ...




ආපස්සට ගියහම මට මතක් උනේ ඒ ඇක්සිඩන්ට් වෙච්ච දවස...මට කිසිම දෙයක් මතක නෑ..ඔළුවේ තිබ්බ බර ගතියත් එක්ක මම නැගිටිනකොට මං ළඟ හිටියෙ එක නස් කෙනෙක් විතරයි...


"මගේ මමීට මුකුත් කරදරයක් නෑ නේද .....මගේ මල්ලි .....එයාලා හොඳින් නේද කියන්න.... ප්ලීස්...."


"කලබල වෙන්න එපා එයාලට කිසිම ප්‍රශ්නයක් නෑ.... ඔක්කොටම කලින් ඔයා හොඳ වෙලා ඉන්නකෝ...."


"නෑ....මට එයාලව බලන්නයන්න ඕනේ මේ දැම්ම..."


"සර් ප්ලීස් කලබලයක් කරන්න එපා සර්ට හොඳටම අමාරුයි....පොඩ්ඩක් රෙස්ට් කරන්න ...."


"නෑ මට ඒවා බලන්නම ඕනේ..."


කවුරුත් පේන්න හිටියෙ නැති වෙලාවක මං බොහොම අමාරුවෙන් නැගිට්ට ...අතේ උඩ ඉඳන් යටටම බැන්ඩේජ් කරලා...හැබැයි මගේ කකුල් වලට නම් මොකුත් වෙලා තිබ්බේ නෑ...එහෙන් මෙහෙන් තිබ්බ තුවාල වලින් ආපු වේදනාවට වඩා මට ඕනේ උනේ මමීව බලාගන්න....


හෙමින් හෙමින් ගියේ අයි සී යූ එක පැත්තට...දොරත් අරන් ඇතුලට යද්දි දැක්ක දෙයින් මගේ පපුව එක පාරට නතර වුණා කිව්වොත් හරි...මගේ මමි මං නිසා ගොඩක් දුක් විඳිනවා...එයාව මැෂින් ගොඩකට හිරවෙලා...එයා හරි අමාරුවෙන් තමයි හුස්ම ගත්තේ...


හැබැයි එකපාරටම ඒ මැෂින් එකකින් ආපු සද්දෙන් මට තේරුණා මමී මාව දාලා ගොඩක් දුර ගියා කියලා....එතකොටම වගේ දොරත් අරන් ඇතුලට ආවේ ඩැඩී ..


"ඩැඩී.....🥺 "


ඩැඩී අතින් කීවේ කතා කරන්න එපා කියලා ....


ටික වෙලාවක් මමී දිහාම බලන් හිටිය ඩැඩී එලියට ගියේ කදුලුත් පිහ පිහ....මට එතකොට මතක් උනේ මගේ මල්ලිව...


එයා හිටියේ වෙනම රූම් එක්ක...ලොකුවට ඩැමේජ් එකක් නොතිබ්බට මං රූම් එකට යද්දි මල්ලි මං දිහා බැලුවේ ජීවිතේට දැකලා නෑ වගේ....


"මල්ලි..🥺 "



" ක...කව්ව්...ද.... ඔයා...."


"මං....මං....ම... ඔයා.....ගෙ...


නෑ මට කියාගන්න බෑ...


"පුතා..... මං ඔයාගේ ඩැඩී.....මේ ඔයාගේ කවුරුත් නෙමේ..."



ඩැඩී එහෙම කියද්දි මං එකපාරටම හැරිලා බැලුවේ ඩැඩිගේ මුහුණ දිහා....



"ඩැඩී ඔයා මොනාද මේ...."


"ඇති...!!!! තව එක වචනයක් කියන්න එපා....අම්මව පරිස්සම් කරගන්න බැරි උන පුතෙක්ගෙන් මට ඇති වැඩක් නෑ...."


" චූටියි ..මායි තව සතියකින් ඕස්ට්‍රේලියා යනවා..."


"ඒත් ඩැඩී.."


"ඉනෆ් යශ් !!!"





🖇️🖇️🖇️🖇️🖇️🖇️🖇️🖇️🖇️



"අනේ යෂ් මොකද පැටියෝ මේ...."


එතකොට වගේ මිතු දුවගෙන ආවේ ..මම ගැස්සිලා ඩෝ එක දිහා බලද්දි..



මිතූ මං දිහාම බලන් හිටියේ පුදුමෙන් වගේ ....


"ඇයි මේ.. ම්ම්ම් ...."


මං ඔලුව දෙපැත්තට හෙලෙව්වේ මොකුත් නෑ කියන්න....


"සමහර විට මටත් කීවොත් ඔයාගේ හිතට සහනයක් දැනෙයි ..... "



මං මගේ කතාව මුල ඉදම් අගට මිතූට කිව්වේ මිතූගේ ඇස් වලත් කදුලු පිරෙද්දි....



"කෝ එන්නකෝ ..."


මීතූ මාව අතින් අල්ලන් රූම් එකට ගියා..


ලයිට්ස් ඕෆ් කරලා ටේබක් ලෑම්ප් එක දාපු එයා...කොට්ටයක් බෙඩ් එනේ පිටිපස්සෙන් හේත්තු කරලා....ඒකට හේත්තු වෙන්න ඉදගත්තා.....ඊට පස්සෙ මං දිහාට අත් දික් කරලා ඔලුවෙන් කීවේ එයා ලගට එන්න කියලා....



මං ඉක්මනට ගියේ එයාගේ තුරුලට.....මට මෙච්චර කාලයක් මගේ දුක කියන්න උනේ ඇදේ කොට්ටෙට වෙද්දි...දැන් මට දුක බෙදාගන්න මිතූ ඉන්නවා




🖇️🖇️🖇️🖇️🖇️🖇️🖇️🖇️🖇️


මිතූගේ පැත්තෙන්..

____________________


එකාපාරටම මට ඇහැරුනේ වතුර තිබහක් ආපු නිසා ...නැගිටලා බලද්දි යශ් බෙඩ් එකේ නැ....මං කිචන් එකට යන්න හදනකොට බාගෙට ඇරිලා තිබ්බ රූම් එක්කින් ඇහුනේ ඉකි ගහන් සද්දයක්..


.මං ඇතුලට ගිහින් බලද්දි දැක්කේ යශ්ව....නෑ....වෙන්න බෑ.....මගේ යශ්ගේ ඇස් වල කදුලු ...මං යශ් ලගට ගිහින් ඇයි කියලා ඇහුවත් එයා කරේ ඔලුව දෙපැත්තට හෙල්ලුව එක විතරයි



.....ඒත් මං දන්නවා ඕනම කෙනෙක්ට දුකක් තියෙද්දි ඒක වෙන කාට හරි කීවම ඒ දුක ටිකක් හරි අඩු වෙනවා....


කොහොම හරි යශ් එයාගෙ කතාව කිව්වා ...



අනේ කොහොමද ඔයා මෙහෙම දුකක් දරාගත්තේ....ඔව් මට ගොඩක් දුක හිතුනා යශ් ගැන....මං එයාව එක්ක රූම් එකට ගිහින් ලය්ට්ස් ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක දාල...



කොට්ටයක් තියලා ඇදේ පිටිපස්සට හේත්තු උනා...ඊට පස්සෙ යශ්ට එන්න කීවේ මගේ තුරුලට....පොඩි එකෙක් වගේ යශ් ඇවිත් ඔලුව තියාගත්තේ මගේ පපුවේ...


මං හෙමින් හෙමින් එයාගෙ කොන්ඩේ අස්සෙන් ඇගිලි යැව්වේ යශ් හයියෙන් හුස්ම ගද්දි....ටික වෙලාවක් යද්දි මං හිතුවේ යශ්ට නින්ද ගිහින් ඇති කියලා....



මං ඒ ඔලුව අතිම් අල්ලන් කොට්ටෙකුත් අරන් ඒකෙන් තියන්න යද්දිම මෙන්න ආය නැගිටලා ආවේ මගේ පපුව උඩටමයි...


තාමත් ඒ ඇස් වල කදුලු...


මං ඉතින් සුට්ටක් විහිලුවටත් එක්ක....


"කෝ...කෝ....මගේ චූටි බබූ අඩන්නෙපා හරිත....දොයියගන්න්කෝ හොදේ....."


"දොයි...දොයි...දොයි.....දොයිය බබා....."



මෙන්න ඒ පාර මූ හිතලම අඩනවා......😐



"කුක්කු ඕනි අම්මී..."


"ඈ.....😩 අනෙ මේ මං විහිලුවක් කරේ....යනවා කොට්ටෙට..."


කියලා මං යශ්ව කොට්ටෙටම අතෑරලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තේ යශ්ගේ හැටි දන්න නිසාමයි...


කොහෙද මේක එක්ක බෑ....මාව එයාගේ අස්සටම කරන් තුරුලු කරගත්තේ කනත් චුට්ටක් හපලා....













ඔන්න බෝනස් එකක් දුන්නා ලමයි....


කතාව ලස්සනද....👀



Report Page