Zoom

Zoom

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•



💟 තම පෙම්වතිය සමග කතා කරන්න එකතු වීමට නිර්මාණය කරපු ඇප් එකෙන් ලොව ජයගත් අපූරුව්‍යාපාරිකයා චීනයේ එරික් යූආන්.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️


වර්තමානයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම නොයෙක් ආකාරයේ විවිධ ඩිජිටල් සොයාගැනීම් අපිට අහන්නත් දකින්නත් තියෙනවා .


ඒ සොයා ගැනීම්වලින් මිනිසාට සිදුවන සේවාවන් බොහෝයි.ඉතින් ඒ ආකාරයේ විවිධ සේවාවන් රැසක් එකවරම ලබා දුන් හරි අපූරු ඇප් එකක් ගැන තමයි මේ අපි කියන්න යන්නේ .


ගොඩක් දෙනෙක් මේ ඇප් එකට කියන නම අහලවත් නැතුව ඇති නමුත් වර්තමානය වන විට නම් මේ ඇප් එක ඔවුන්ට නැතුවම බැරි දෙයක් බවට පත් වී අවසන් .ඒ තමයි මේ දවස්වල වයස් භේදයකින් තොරව සියලුම දෙනා භාවිතා කරන zoom app එක.


ලොව පුරා පවතින තත්වය හේතුවෙන් පරිශීලකයන් විශාල ප්‍රමාණයක් තම අදහස් සහ යෝජනා හුවමාරු කිරීම සඳහා යොදා ගත්තේ මේ අපූරු zoom app එකයි.


වර්ෂ 1970 චීනයේ shandong ප්‍රදේශයේ උපත ලබන එරික් යුආන් නැමැති පුද්ගලයා විසින් ලොව ප්‍රථම වරට බාධාවකින් තොරව අදහස් හුවමාරු කරගැනීමට හැකි මේ zoom app එක හඳුන්වා දෙනවා .


App එක නිර්මාණය කිරීමට මොහුට හේතු වෙන්නේ ඔහුගේ පෞද්ගලික හේතුවක් .ඔහු සහ ඔහුගේ පෙම්වතිය අධ්‍යාපනය ලබා ඇත්තේ වෙනත් ප්‍රදේශවල පිහිටා ඇති කොලේජ් දෙකක .ඉතින් මේ නිසාම මොවුන් දෙදෙනාට අවුරුද්දට දෙවතාවක්වත් හම්බවෙන්න නම් අවස්ථාවක් ලැබිලා නැහැ .


ඒ හේතුව නිසාම මොහු ඇය සමඟ අදහස් හුවමාරු කිරීම සඳහා ,ඒ වගේම ඇයව දිනපතා දැක ගැනීම සඳහා මොනවා හරි ම දෙයක් කරන්න ඕනේ කියන සංකල්පය මොහුගේ හිතට ආවා.ඉතින් මේ අතරතුර කාලයේදී ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු වලින් ඔහුට ඇමරිකාව බලා පිටත් වීමට අවස්ථාවක් උදා වෙනවා .


ඉන්පසු එහි ආයතනයක් සමඟ වැඩ කිරීමට සම්බන්ධ වන ඔහු පාරිභෝගිකයන් නිතර සම්බන්ධ කරගනිමින් විවිධ ආකාරයෙන් කාර්යයන් සිදු කරන්න සිද්ධ වුණා.ඉතින් විවිධ ආකාරයේ පාරිභෝගිකයන් එකම වෙලාවට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඔහු නැවතත් අපහසුතාවයට පත් වෙනවා .


ඉතින් මෙන්න මේ ගැටලු ගැටළු සහගත තත්වයන් නිසා ඔහු තීරණය කරනවා සමාගමෙන් අයින් වෙලා මේ සියල්ලටම සුදුසු විසඳුමක් ඔහු විසින්ම නිර්මාණය කරන්න .


ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි zoom app එක මේ ලෝකයට බිහි වෙන්නේ.මේ නිර්මාණය කළ පසු මුලින්ම බොහෝදෙනෙක් මෙය අත්හදා බලන්න පෙළඹුණේ නැතත් ඔහු මේ ඇප් එක ඔහුගේ දෛනික ක්‍රියාවලින් සාර්ථකව කරගෙන යාම සඳහා යොදා ගත්තා.


මේ වන විට ඔහුගේ ව්‍යාපාර කටයුතුවල නිරත වෙලා සිටින අතර එම ව්‍යාපාර කටයුතු ද ඔහු ඉතාමත් පහසුවෙන් කර ගන්නේ මේ zoom app එක හරහා කියලා ඔහු පවසනවා .


වර්තමානය වන විට විශ්ව විද්‍යාල දේශකවරුන් විසින් පවත්වන දේශනයන්,පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය පාඩම් මාලාවන් ,අමතර පංති මෙහෙයවන ගුරුවරුන් ,කාර්යාල වැඩකටයුතු ආදී සියලුම දේ සිදුවෙන්නේ zoom app එක හරහායි.


මුල්ම අවස්ථාවේ කිසිවෙකුගේ නෙත නොගැටුණු මේ ඇප් එක වර්තමානය වන විට මිලියන දෙසිය දක්වා පරිශීලකයන් ප්‍රමාණයක් ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා .


මුල් පරිශීලකයන් ප්‍රමාණය මිලියන 10 වුවත් එය වර්ෂයක් වැනි කෙටි කාලයක් ඇතුළත මිලියන දෙසිය දක්වා වැඩිවීම මොහුගේ මේ අපූරු නිමැවුමේ සාර්ථකත්වය මැනවින් තහවුරු කරනවා .


කොයි තරම් කාර්යබහුල ජීවිතයක් එරික් ගතකලත් තම පවුලේ සාමාජිකයන් සමග සතුටින් ඉන්න කාලයක් අනිවාරෙන්ම ඔහු වෙන්කර ගන්නවා.ඉතින් මේ සඳහා අවශ්‍ය කාලය සපයාගන්නේ zoom app එක හරහා ඔහුගේ වෙළෙඳ ව්‍යාපාර කටයුතු සිදුකර කාලය ඉතිරි කරගනිමින් .


වර්තමානය වන විට විශාල පරිශීලක ප්‍රමාණයක් zoom app එක google play store හි බාගත කිරීම හේතුවෙන් මේ වන විට ඔහුගේ ආදායම ඩොලර් බිලියන දොළහකට 12 කට අධික මුදලක් දක්වා වර්ධනය වූ බව තක්සේරු කර ඇත.


ඒ වගේම අද වන විට ඔහු ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයන් හාරසිය දෙනා අතරට ද එක් වී ඇති බව විවිධ ආරංචි මාර්ග පවසනවා.


ඉතින් තමන්ගෙ හිතට ආපු පුංචි සංකල්පයෙන් ලොවක් දිනන්නට තරම් හැකියාවක් ඇති අපූරු නිර්මාණයක් හඳුන්වාදුන් එරික් යුආන් නැමැති පුද්ගලයාගේ ජීවිතයෙන් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ නම් බොහොමයි.එනම් යම්කිසි සංකල්පයක් හිතට දැනුනනම් එය සාර්ථකව අවසන් කරන තුරුම ඒ හා සමග සටන් වැදිය යුතුය යන්න.එවිට විශිෂ්ට ව්‍යවසායකයකු ලෙස ඔබට ලොව දිනන්නට හැකි වේ. 

    💟  එසේම, ලොවටත් වඩා වටිනා තම උත්තරීතර ප්‍රේමය වෙනුවෙන් කළ නොහැකි දෙයක් නොමැති බව එලෙස යූආන් ලොවට පෙන්වා දුන්නේය.

 උපුටාගැනිමකි

Report Page