youth

youth


Ep.8


ශශිනි පහල දොර අසල ඉන්නවා දැක්ක අකර්ශ පහලට යනවා.. අකර්ශ පහලට එන කොට ශශිනි ගේ ඇතුලට එනවා.. ගෙ ඇතුලට අපු ශශිනිට ගෙදර ඉදපු තවත් සෙවිකාවක් එයාට ගෙට යන්න නොදි ප්‍රශන කරනවා. නමුත් මෙතනට අපු අකර්ශ සෙවිකාවට සියල්ල පැහැදිලි කර ශශිනිව එක්ක යනවා. 'මොකද පරක්කු උනේ ?' අකර්ශ ශශිනි ගෙන් අහනවා.. 'ම්ම් ..මම මේ අපේ ගෙදරට ගියා.. එකයි.' ලැජ්ජාව පිරි මුනෙන් යුතුව ශශිනි බිම බලාගෙනම අකර්ශට උත්තර දෙනවා.. 'අම්මෝ මෙයාගෙ ලැජ්ජාව.. මුන දිහා බලල කතා කරන්න මන් ගිලින්නෑ ඔයවා.. දෙයක් කියන්නම් මන් ගැන වැරදියට හිතන්න එපා..' අකර්ශ ශශිනිට කියනවා. ශශිනි මුකුත් නොකිය ඔලුව සොලවනවා.. 'ඔය ගවුමට ඔයා හරි ලස්සනයි .. ලස්සනම ලස්සන රොසමලක් වගේ ..' අකර්ශ ශශිනිට කියනවා.. ශශිනි මුකුත් නොකිය පොඩි හිනාවක් දානවා.. 

             උඩට අපු ශශිනිව දැක්ක අකර්ශ ගෙ නන්ගි ලිහිනි  'ශශිනි අක්කී' කියලා දුවලා ගිහින් ශශිනි ගේ අත අල්ල ගන්නවා..  'ඔන්න ඔයගේ යලුවා ඇවිලා දොනි..' කියලා අකර්ශ ගේ අම්මා ලිහිනිට කියනවා... 'අම්මේ මන් අක්කා එක්ක පඩම් කරන්න යන්නද?' ලිහිනි අම්මාගෙන් අහනවා ... 'හරි දොනි එක්ක යන්න අක්කාව ..' කියලා අකර්ශගේ අම්මා ලිහිනිට කියනවා...

          මේ වෙලාවේ මෙතනට ශෙරින් එනවා.. 'උදෙනි තමුට ලැජ්ජ නැද්ද මේ වැඩ කාරයන්ගේ ලමයි එක්ක තමුන්ගේ ලමයි තියන්න මේ අශොක්ගේ ලමයි මුන් වගේ වෙඩ කරයන්ගේ ලමයි එක්ක තියන්න පිස්සුද? .. ශෙරින් අකර්ශ ගේ අම්මාට කියනවා.. අකර්ශ ගේ අම්මාගෙ නම තමා උදෙනී... මේ කතව ඇහුනු ශශිනි ගේ ඇස්වලට කදුලු එනවා.. ශශිනිගේ අම්මා අසරන කමින් හා දුකින් පිරුනු මුහුනින් ශශිනි දෙස බලනවා... 'මේ මගේ ලමයි එයාල කා එක්කද ඉන්නෙ කියන එක මන් බලාගන්නම් ඔයා එවට මැදිහත් වෙන්න එපා ශෙරින් ...'  උදෙනි ශෙරින්ට කියනවා.. අකර්ශත් කෙන්තියෙන් මේ දිහා බලන් ඉන්නවා.. 'උබ හිගන්නියෙක් උනාට ලමයිට එහෙම ඉන්න දෙන්න බෑ මොකද ඒ අශොක්ගේ ලේ ...' ශෙරින් උදෙනිට කියනවා.. මේ කතාවට අකර්ශට හොදටම තරහා යනවා... එය ශෙරින්ට බනින්න හැදුවත් අම්මා අකර්ශව නවත්තනවා.. 'දුව ඔයා අක්කා එක්ක කාම්බරයට යන්න' උදෙනි ලිහිනිට කියනවා... තමන් කියු කිසිම දෙයක් කනකටවත් මයිම් නොකරපු නිසා ශෙරින් කෙන්තියෙන් මෙතනින් පිට වෙලා යනවා...

           මේ අතර විලී එයාගෙ සටන් ගුරුතුමා ලගට යනවා ... විලි ඉන්නෙ එයාගෙ සටන් ගුරුතුමා සමග ඒ ගුරුතුමාගෙ නම තමයි සිංහ එයා ගොඩක් දකශ සටන් ශිල්පියෙක් සිංහගේ තාත්තා පරම්පරික වෙද දුරෙක්.. විලිව දෑකපු වෙද මහත්තයා... 'ආ.. දරුවෝ ඔයා අවද? මහන්සිද පුතාට' වෙද මහත්තයා අහනවා. විලි නැහැ සියේ කියා පිටවී ගුරුතුමා ලගට යනවා.. විලිව දැක්ක ගුරුතුමා අදරයෙන් ඔහුව වැලදගන්නවා ... ටිකවෙලාවක් ගුරුතුමා සමග කලය ගතකල විලී ඔහුගේ පුහුනු විම් වල නිරත වෙනවා..විලි පුහුනු වෙන තැනට අපු වෙද මහත්තයා  'දරුවො අද ඔයාගේ තාත්තා කතා කලා' කියලා විලිට කියනවා මේක ඇහුනු විලී පුහුනු විම් නතර කරනවා..

         'ඔයා ගෙදර ගියෙම නැද්ද දරුවෝ ?' වෙද මහත්තයා විලිගෙන් අහනවා.. 'මන් ඉන්නෙ ගෙදර තමයි' විලි වෙදමහත්තයට එහෙම කියලා නැවතත් පුහුනු වීම් සිදු කරනවා.. ටික වෙලාවක් විලි දෙස බලා සිටි වෙද මහත්තයා එතනින් පිටවී යනවා.. 




තාරුන්‍ය ep.8 අවසන්.......

mr.pc

Report Page