WHITE ROSE 🖤

WHITE ROSE 🖤

DINU💙
🖤💜️🖤💜️🖤💜️🖤💜️

දෙවන කොටස

මෙහෙන්දි ඇහැරුනේ දොරට තට්ටු කරන සද්දෙට . ඇවිත් හිටියෙ කියාරා

"Good morning මෙහෙන්දි"

"Good morning කියාරා "

"බොස් මේක දෙන්න කිව්වා. තව පැයකින් රෙඩි වෙලා ඉන්න කියලා කිව්වා ".

"හ්ම්ම්ම්.......හරි"

මෙහෙන්දි දොරත් වහගෙනම ඇතුලට ගිහින් බැලුවේ බෑග් එකේ තියෙන්නෙ මොනාද කියලා

ඒකෙ තිබ්බෙ ගෝල්ඩන් පාර බොඩර් එකක් එකක් ගියපු කහ පාට සල්වාර් එකක්. මෙහෙන්දි වොශ් එකක් දාගෙන සල්වාර් එකත් ඇදන් ගියේ කියාරාව හොයාගෙන

කියාරා කියන්නේ සාහිල්ගේ සෙකට්‍රි.සාහිල්ගේ හැම ඩීල් එකක්ම හැම ගැන තොරතුරු දන්න කෙනා.ඒ හින්දා කියාරාට නැවෙන් පිරට යන්න කිසිම අවස්තාවක් නෑ . නැවෙන් පිට කාත් එක්කවත් කනෙක්ශන් තියාගන්නත් බෑ. කියාරා කියන්නෙ හොදට ඉගෙන ගෙන කැම්පස් ගියපු කෙල්ලෙක් . ඒ හින්දමයි සාහිල් කියාරාව තමන්ගේ වැඩ වලට සම්බන්ද කර ගත්තෙ.ඒත් කියාරා මේ වැඩ කරන්නේ කිසිම කැමැත්තකින් නෙවෙයි. සාහිල් ඇගෙන් තමාට ඕන දේවල් කරගන්න තියාගෙන ඉන්නෙ හොදම තුරුම්පවක් . ඒ ඇගේ මව. සාහිල් බිල්ලට තියාගෙන ඉන්නෙ කියාරට ඉන්න එකම නෑදෑයා.ඇය කරන එක වැරැද්දකින් ඇගේ මවගේ ජීවිතය අනතුරේ වැටෙනවා.

මෙහෙන්දි සල්වාර් එකට හරිම ලස්සනයි. මෙහෙන්දිට තිබ්බෙ දිග ක්‍රේල් කොන්ඩයක් . ඒහින්ද මෙහෙන්දිට තිබ්බෙ හුරු බුහුටි බවක්.

"කියාරා ඔයත් අපිත් එක්ක එනවද"

"නෑ මෙහෙන්දි මය මෙහෙ වැඩ තියේනෙ. බොස් නැතුවහම ඒවා බලන්න එපැයි."

"කියාරා මොනාද සාහිල් කරන බිස්නස්"

මෙහෙන්දි ඇහුවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ.....මෙහෙන්දි දන්නෑ සාහිල් කරන්නෙ මොන වගේ දේවල්ද කියලා. ඒ දේ ගැන ඇහුවහම හැමෝම කරන්නේ ඒ ප්‍රශ්න මග අරින එක.

"මෙහෙන්දි වාඩි වෙලා ඉන්නකො දැන් බොස් එයි. "

මෙහෙන්දිට තේරුනා කියාරා මුකුත් කියන්නෙ නෑ කියල .

ටික වෙලාවකින් සාහිල් ආවා. කැශුවල් විදිහට ඇදලා කැප් එකක් දාන . සාහිල් දැක්කෙ මැගසින් එකක් කියවන මෙහෙන්දිව කහ පාට සල්වාර් එකට ක්‍රේල් කොන්ඩෙ කඩා දාල . මෙහෙන්දි දිහා සාහිල් බලාන හීයෙ වශී වෙලා වගේ. මෙහෙන්දි දැක්කා සාහිල් ඇවිත් ඉන්නෙ කියලා බලාන ඉන්නෙත් තමන් දිහා කියලා .

"Good morning සාහිල් ......"

" ආ.හ්....මොකද්ද"

"Good morning කියලා කිව්වෙ"

"අහ්.good morning ....."

"අපි යමු . දැනටමත් පරක්කු වෙලා "සාහිල් මෙහෙන්දි ලගින් ඇස් දෙක අරන් ඉස්සරහට ගියේ මෙහෙන්දිත් ඒ පස්සෙන් එද්දි.

ගමන යන්න ගත්තෙ පොඩි නැවක්. පොඩි උනාට ඒකෙ ගොඩක් දේවල් තියෙනවා. මෙහෙන්දි බලාන හිටියෙ නිල් පාට මුහුද දිහා . ඇයට දැනෙන්නෙ අමුතු හැගීමක් . කලින් ගිහි තියෙන තැනකට යනවා වගේ.

"මෙහෙන්දි ....."

"ආ....."

"යමු මාත් එක්ක ඔයාගෙ රූම් එක පෙන්නන්න."

"හ්ම්ම්ම්.....

මෙහෙන්දි සාහිල් පස්සෙ ගියෙ වට පිටේ දේවල් ගැනත් බලන ගමන්. සාහිල් පෙනුවේ පොඩි කාමරයක්. කලින් එක තරම් ලොකු නොව්නට තිබ්බෙ හුරු බුහුටි බවක්." රෙස්ට් කරන්න මන් පස්සෙ කතා කරන්නම්".

"හ්හ්ම්ම්"

සාහිල් ගියාට පස්සෙ ටිකකින් මෙහෙන්දි ටිකක් ඇලවුනේ ඇයට එහෙම්මම නින්ද යද්දි.



නිර්වාන් නැගිට්ටෙ තද ඔලුවෙ කැක්කුමක් එක්ක.ඉවස ගන්නම බැරි හින්ද හයියෙන් කෑ ගැහුවෙ ඒ සද්දෙට විකී දොර හයියෙන් ඇරන් ඇතුලට එද්දි.

"මොකද යකෝ කෑගහන්නෙ බෙල්ල මිරිකනවා වගේ....."

" අම්මො මගේ ඔලුව බන් ....... ඉන්න බෑ රිදෙනවා......"

" හ්..... බෝතල තුනක් අමුඅමුවෙ ගැහුව ඒවගේ ප්‍රතිඵල තමා ඔය. "

"උබත් කෑ ගහන්නෙතුව මට දෙහි එකක් ගෙනත් දීහන්කො....."

"අම්මපා මුට නම් කියල වැඩක් නෑ කියන කට හොදා ගලක අතුල්ල ගන්න."

විකී ගියාට පස්සෙ නිර්වාන් ටවල් එකත් අරන් ගියේ වොශ් එකක් දගන්න. ටික වෙලාවකින් ඇවිත් මේස උඩ තියෙන දෙහි එකත් බීල නිර්වන් ගියේ බිත්තෙයේ ගහලා තියෙන පින්තූරයක් ලගට.

නුවී..... ඒ ඔහුගේ නුවී. පොඩි කාලේ ඉදන් අම්මා නැති අඩුව පිරෙව්වෙ ඇය ඒත් දැන් ඇයත් නොකියාම යන්න ගිහින්. ඒ මතක මතක් වෙද්දී ඒක ටික වෙලාවකට හරි අමතක කරන්න නිර්වාන් තෝර ගත්තෙ බොන එක.ගොඩක් රැයවල් ගත කරන්නෙ ඔහු හොද සිහියෙන් නෙවෙයි. දෙහි එකත් බීලා කොල්ලා ගියේ පහලට විකී මොනාද කරන්නෙ බලන්න.


මන්

DINU💙





Report Page