WHITE ROSE 🖤

WHITE ROSE 🖤

DINU💙
🖤💜️🖤💜️🖤💜️🖤💜️


පලමු කොටස 🖤💜️


හයියෙන හමන් එන සුලන් රැලි.ඈත පේන සිතිජය . මුහුද මැද නවත්තලා තියෙන නවීන පන්නයේ විශාල නැවක් නැවේ ඉදන් ඈත පේන සිතිජය දිහා බලන් ඉන්න ගෑනු ලමයෙක් . මොනවාදෝ කල්පනාවක. ඒඇස් වල තියෙන්නෙ හිස් බවක්.

"මෙහෙන්දි.........."

" ආ..... ඇයි කියාරා...."

"බොස් ඔයාට එන්න කිව්ව."

"හ්ම්ම්ම්...... හරි යමු....."

"මෙහෙන්දි " ඇය නමින් මෙහෙන්දි තුවින්‍යා ...... හැමෝම ඇයව හදුන්වන්නේ ඒ නමින්. සිදුවූ අනතුරක් නිසා ඇයගේ මතකය නැති වී යනවා.

"මෙහෙන්දි ඔයා රූම් එකෙන් ඉන්න . ඔයාට මෙතනින් එහාට එන්න තහනම්. බොස් එයි ඔයාව හම්බෙන්න."

"හ්ම්ම්ම්ම්ම්...."..ඇය එසේ පවසා යන්නේ නැවේ තිබුනු තමාගේ කාමරය වෙතයි. ඇයට ඕන කරන හැමදේම ඒ කාමරේ ඇතුලෙ තිබුනා. සෝෆා එකෙන් වාඩි වෙලා ඇය බලාන හිටියෙ ඔහු එනකන්.

විනාඩි දහයකට විතර පස්සෙ දොර ඇරන් ආවේ ඔහු . නමින් සාහිල් ශාරන්‍ය සිදේත්.

ඔහුව නමින් අදුරන අය බොහොම ටික දෙනයි. ඔහුව බොහෝදෙනෙක් අදුරන්නේ මාෆියා බොස් විදිහට.ආසියාවේ ගොඩක් රටවල් වල ගොඩක් ජාවරම් කරන කෙනෙක්.

සාහිල් කියන්නෙ කෙල්ලොන්ව පිස්සු වට්ටන කඩවසම් බවක් තියෙන කොල්ලෙක්. එත් ඔහුගේ හිත නැවතුනේ මෙහෙන්දි ලග.

දොර ඇරන් ආපු සාහිල් ඇවිත් කෙල්ලගේ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා.ඒ උනුසුම මෙහෙන්දිට හරිම නුහුරුයි . කියාගන්න බැරි හැගීමක් ඇති වෙන්නේ . වචනෙන් විස්තර කරන්න බැරි හැගීම් නිසා මෙහෙන්දි ගොඩක් වෙලාවට අසරන වෙනවා.

"ඔලුව ටිකක් අතගාන්නකො...."

සාහිල් කිව්වෙ ලොකු කල්පනාවක හිටපු කෙල්ලට..

"හ්ම්ම්ම්ම්........"

මෙහෙන්දිගේ ඇහිලි තුඩු කෙස් අතරින් යද්දි සාහිල්ට දැනුනෙ සුව පහසුවක් . ඔලුවෙ තියෙන බර නිදහස් වෙනවා වගේ. ඒතරම් සනීපයි. සාහිල් ගොඩක් කෙල්ලො ආශ්‍රය කරලා තියෙනවා. ඒත් ඒ අය මෙහෙන්දි තරම් දැනිලා නෑ.

"හරි සනීපයි..."..සාහිල් කියන්නේ තාමත් ඇස් පියාන.....

" මන් ඉස්සරත් මෙහෙම කරනවද...."

මෙහෙන්දි ඇහුවෙ එයාට අමතක සාහිල්ට මතකයි කියලා හිතෙන අතීතය ගැන ..... නමුත් සාහිල් හැමදාම මග අරින ප්‍රශ්නට ඒක.

"අපි හෙට ලංකාවට යනවා....."

අදත් වෙනදා වගේම කෙල්ල ප්‍රශ්නය මග ඇරියා.මෙහෙන්දිත් මුකුත් ඇහුවෙ නැත්තෙ සාහිල් මොකුත් කියන්නේනෑ කියලා දන්න නිසාමයි.

"ඇයි ඒ...... ඔයාගෙ වැඩකටද"

මෙහෙන්දි ඇහුවෙ මීට කලින් සාහිල් නැවෙන් පිටට ගිහින් නැති හින්දයි.

"ඔව් පොඩි ගනුදෙනුවක් තියෙනවා මට කෙනෙක් එක්ක බේර ගන්න. "

සාහිල් කියන්නේ සමච්චලේට වගේ..

"හරි දැන් නිදා ගන්න අපි හෙට උදෙන්ම යනවා ගුඩ් නයිට්."

" ගුඩ් නයිට් "

සාහිල් ගියාට පස්සෙ මෙහෙන්දි කාමරේ ලොක් කරන් කල්පනා කරේ සාහිල් ගැන. ඇයට හිතා ගන්න බැරි නැවේ ඉන්න මිනිස්සු ඇයි ඔහුට ඒතරම් බය කියලා. නැවේ වැඩ කරන ඕන කෙනෙක් සාහිල් ව දැක්කහම ගැහෙනවා. ඒ ඇයි කියලා කෙල්ලට තේරෙන්නෑ. කබඩ් එකේ තිබ්බ පෙට්ටියකින් ටැබ්ලෙට් දෙකක් අරන් බීලා මෙහෙන්දි නින්දට වැටුනා.

මේ අතරේ සාහිල් හිටියේ ඔහුගේ කැබින් එකට වෙල. ඒක තිබ්බෙ නැවේ පහලම තට්ටුවේ. ඒ පැත්තට මෙහෙන්දිට එන්න අවසර තිබ්බෙ නෑ.මොකද ඒ කොටසෙ ජීවත් වෙන සාහිල් මෙහෙන්දිත් ඒක ඉද්දි ඉන්න සාහිල්ට වඩා හාත් පසින්ම වෙනස් නිසා.එතන හිටියෙ මාෆියා බොස් සාහිල්. ඔහු නම් රාක්ශයෙක් . මිනිස් ජීවිතයක් තඹ දොයිතුවකට ගනන් ගන්නැති , ජීවිත බිලි ගන්න රකුසෙක් . සාහිල් කරන්නේ ගොඩක් නීති විරෝදී වැඩ හින්දම ගොඩක් රටවල සාහිල්ව කොටු කර ගන්න හැදුවත් ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සාහිල් ඉන්නෙ ඒ අයට අල්ලන්න බැරි තරම් තැනක.

මේ අතර සාහිල්ට විරුද්ද වෙන අයත් නැතුවම නෙවෙයි. එහෙම විරුද්ධ උන ගොඩක් අයට ලැබුනේ මරනය.ඒ හින්දමයි මිනිස්සු මේ තරම් සාහිල්ට බය.

සාහිල් මේසේ ලාච්චුව ඇරලා ගත්තේ පොටෝ එකක්. ඒක දිහා සාහිල් බලාන හිටියෙ වෛරය පිරුනු ඇස් වලින්. ඒ මනසේ වැඩ කරේ පලි ගැනීමේ අදහසම විතරයි.

***********************************


කමෙන්ට් එකක් දාගෙන යන්න .🖤🖤

මන්

DINU💙

Report Page