Target

Target

Esh 😁😁
බාධක මැඩගෙන ඉදිරියටම යන්න 💕💕

Part 2

🌼💕🌼💕🌼💕🌼💕🌼💕🌼💕🌼💕🌼💕

" මීට මාස 3 කට කලින් AA කම්පැනි එක හදුන්වලා දුන්නු මේ උපකරණය අද වෙනකොට මුළු ලෝකයටම නැතුවම බැරි දෙයක් වෙලා. මේ උපකරණය නිසා AA කම්පැනි සන්නාමය හැමෝගෙම හදවතේ රැඳුණු සන්නාමයක් වෙලා.

වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක අද දවසේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය ලබා ගන්නේ අශ්විනි අදීරා මෙනෙවියයි. "

👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

නිවේදිකාව එහෙම කියද්දී, ශාලාවම දෙදරුම් කන අත්පොළසන් හඬ මැද්දෙන් මම වේදිකාවට ගියා.

ඔව් අද මම සාර්ථකයි. මගේ මහන්සියේ ප්‍රථිපලය අද මාව මුළු ලෝකයක් දන්න කෙනෙක් කරලා. මුළු ලෝකෙම ඉස්සරහ මම හොඳම ව්‍යවසායකයා ට හිමි සම්මානය ගත්තෙ සතුටු කදුලු පේලියක් මගේ ඇස් වලින් වැටෙද්දී.

" මීට මාස 3 කට කලින් මම එළිදැක්වපු මගේ නිර්මාණය අද මාව මුළු ලෝකයම දන්න කෙනෙක් කරලා. ගොඩක් ස්තුතියි ඒ දුන්නු වටිනාකම ට. හදවතින්ම ගරු කරනවා හැමොටම. මේ සම්මානය අයිති මට විතරක් නෙමේ. මගේ ළඟ ඉඳන් මම මානසිකව වැටෙද්දී මගේ හයියට හිටිය මගේ නංගිටත් මේ සම්මානය අයිති. 🥺💕 නිර්මාණය මම එළිදැක්වන දවසේ මගේ නංගී මාත් එක්ක හිටියේ නැති උනාට අද එයා මා එක්ක ඉන්නවා.

" Ladies and gentlemen please welcome Miss. Ashu Madara, the second owner of AA company."

👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

එහෙම කියලා මම වේදිකාවට එක්ක ආවෙ මගෙ නංගී ආශු මදාරා. නංගිගේ ඇස් සතුටින් දිලිසෙනවා මම දැක්කා. මුළු ලෝකයම ඉස්සරහ මගේ නංගී කතා කලේ මගේ ඇස් වලත් කදුලු පුරවන ගමන්.

" ජීවිතේ මම ලබපු ලොකුම සතුට අද මම ලැබුවා. මම හිතන්නේ මං තරම් වාසනාවන්ත කෙනෙක් තවත් නැතුව ඇති. ජීවිතේ ලොකුම සතුට අද මගේ අක්කා මට දීල තියනවා. අක්කා මගේ අනාගතයට වගේම මේ නිර්මාණයටත් දවල් රෑ බලන්නේ නැතුව මහන්සි උන විදිහ මම මගේ ඇස් දෙකෙන්ම දැකල තියෙනවා. මේ නිර්මාණය හදන්න ගිහින් ඒක වැරදුනාම අක්කා මානසිකව වැටුණු වාර ගණන අනන්තයි. ඒ වෙලාවට මම මගේ අක්කා ලඟින් ඉඳන් අක්කට හයියක් උනේ අක්කා සාර්ථක වෙනවා කියලා මම හොඳටම දන්න නිසයි. ඉතින් අක්කි ඔයා අද සාර්ථකයි. මට ඔයා ගැන ගොඩක් සතුටුයි." ❤❤

👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

අත්පොළසන් හඬ මැද්දෙන් අපි දෙන්නා වේදිකාවෙන් බැස්සේ අපේ කම්පැනි එක තව තවත් දියුණු කරනවා කියන බලාපොරොත්තුවෙන්.

___________________________________________

අවුරුදු 3 කට පසු .......

අද වෙනකොට AA කම්පැනි එක මුළු ලෝකෙම දන්න අංක එකේ කම්පැනි එක වෙලා. ඒ මගෙයි, නංගිගෙයි උත්සාහය, කැපවීම නිසා. හැම පාරම පිට පිට හොඳම ව්‍යවසායකය සම්මානය ගත්තෙ අපි.

කාගෙවත් උදවුවක් නැතුව අපි අද වෙනකොට ඉන්න තැන ගැන අපේ අම්මා, තාත්තා පවා බලන් සතුටු වෙනවා ඇති...

🌼💕🌼💕🌼💕🌼💕🌼💕🌼💕🌼💕🌼💕

ජීවිතයට ඕන තරම් කරදර එනවා. ඔයාගෙ ගමන දුශ්කර ඇති. ඒත් ඒ කරදර නිසා හිත දුර්වල කරගන්න එපා. මානසිකව වැටෙන්නත් එපා. තමන්ට තමන් ඉන්නවා කියන විශ්වාසයෙන් වැඩ කරන්න. නිසැකවම ඔයා සාර්ථක මිනිසෙක් වේවි.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

නිමි.....

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

දෙවැනි කොටස කෙනෙක් ඉල්ලලා තිබ්බා. මම සාර්ථක ද මම දන්නේ නැහැ...

වැරදි අඩුපාඩු තිබ්බොත් අනිවාර්යයෙන්ම මට කියන්න...

කියවන හැමෝම පොඩි හරි comment එකක් දාන්න..

By Esh 💕💕...

Report Page