TAISIYA

TAISIYA

Hiru😋

12 කොටස

🌀.🌀.🌀.🌀.🌀


🌀 11 කොටසට...




" එමා.. මම කිව්වනේ ඔයාට දැන්.. "



" මේක බලන්න ජේ.. එටකොට ඔයාට තේරෙයි.. ඔය වොයිස් මැසේජ් එක අහන්න.. "




                        🌀.🌀.🌀.🌀.🌀





වොයිස් මැසේජ් එක අහදද්දි ජේගේ මූන බලන් ඉද්දි වෙනස් උනා.. 




අතකින් මූන පිහ දාලා ජේ මම දිහා බැලුවේ මොනාද කරන්නේ කියලා ඇස් වලින් මගෙන් අහන ගමන්.. 



" ජේ ඔයාටත් තේරෙනවනේ ඒ මිනිස්සු ජෝන්ව මැරුවේ එයා මාව බේරගන්න ගිය නිසා.. ඒහින්දා ජෝන්ට සාධාරණයක් කරන්නම ඕනි මම.. "



" මට තේරෙනවා බබා.. ඒත් මමී කීයටවත් මෙවෙලේ ඕක තේරුම් ගන්නේ නෑ.. "



" මට යන්න බෑ ජේ.. පරක්කු උනොත් උන් එවිඩන්ස් නැති කරලා දායි.. "





ඇස් දෙක පිහාගෙන අත් දෙකෙන්ම මූන වහගෙන ඔලුව පාත් කරගෙන මහේ එහා පැත්තෙ වාඩි වෙලා කල්පනා කර කර හිටිය ජේ.. 



" ම්ම්ම්.. එහෙනම් වැඩක් කරමු.. "



" මොකක්ද ජේ.. "



" හැබැයි ප්‍රශ්න අහන්න බෑ මගෙන්.. ප්‍රොමිස් වෙනවද.. ම්ම්ම්.. "



" ශුවර්.. "



" මොකුත් කියන්න එපා ඔයා.. මම කියන දේවල් වලට ඔලුව හොලවන්න ඒ ඇති.. හරිද.. "




" හරි.."




එහෙම කියලා මගේ නලලට කිස් එකක් දුන්න ජේ මමීට කතා කරා.. 



" මමී.. "


" මමී.. "



රවාගෙනම රූම් එකට ආව මමි මම දිහා ඇස් කොනෙන් බලලා ජේ දිහා බැලුවේත් රවාගෙනමයි.. 



" මමී.. ප්ලීස් මම කියන දේ ටිකකට අහන්න.. "



" ඔයා කියන්න හදන්නේ එමාව අරන් යන්න එපා කියලා නම් ඒක වෙන්නේ නෑ.. "



" නෝ මමී.. මේකයි.. ඔයා දන්නවනේ එමා තමා මගේ කම්පැනි එකේ ලීගල් ලෝයර්.. අපේ ගොඩක් සීක්‍රට් දන්නේ එමා.. හෙට අපේ කම්පැනි එකේ ඇනුවල් ඔඩිට් එක.. ඒකට එමා ඉන්නම ඕනි.. අනික එමා අපේ කම්පැනි එකත් එක්ක ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නේ ලයිෆ් ටයිම්.. "



කෙටි හුස්මක් අරගෙන මමී මම දිහා බැලුවේ ජේට විරුද්ධ වෙන්න එයාට කොහොමත් බැරි වෙද්දි මාත් එක්ක තරහෙන් වගේ.. 





" ඒ කියන්නේ එමා ඉන්නම ඕනි මෙහේ එහෙමද.. "




" ඔෆ් කෝස් මමී.. එමා ගොඩක් දුරට වැඩ කරන්නේ කම්පැනි එකේ.. ඉදලා හිටලා තමා වෙන කේසස් භාර ගන්නේ.. අනික් එක මමී.. මම මීඩියා වලට එමා ගැන කිසි දෙයක් යන්න දුන්නේ නෑ.. අඩුම ගානේ එම ගෙදර ගෙනාවා කියලවත්.. ඒ නිසා මමී භය වෙන්න එපා.. "



" එමාගේ ඩැඩී එන ගමන්.. ආවම අපි මේ ගැන කතා කරමු.. "




එහෙම කියලා මමී රූම් එකෙන් යද්දි ජේ ඇහැක් ගහලා හිනා වෙලා මම දිහා බැලුවා.. 



" ඔයාට ඔහොම බොරු කියන්න පුලුවන් කියලා මම දන්නෑනේ ජේ.. කොහේ තිබ්බ ඔඩිට් එකක් ගැනද ඒ කිව්වේ ඔයා.. අපි ඒක ඉවර කරනේ.. "



" අනෙහ් මෝඩියේ.. වෙන මොනා කියන්න්න්ද මම.. ඔයාව නතර කර ගන්නත් ඕනිනේ.. "




" ඒත් ජේ ඩැඩී කැමති වෙයිද.. "



" මම ඒක කරන්නම් එමා ඔයා බය නැතුව ඉන්නකෝ.. හැබැයි.. ඔයා කීයටවත් මෙතනින් පස්සේ මේ ගෙදර ඉන්නේ නෑ.. ඔයා මට ප්‍රොමිස් වෙනවා නම් මම ඩැඩීවත් ආපහු යවනවා.. "




" මූන බෙරි කර ගන්න එපා ප්‍රින්සස් මම ඔයා ගැන හිතලනේ මේ කියන්නේ.. "




අත් දෙකෙන්ම මගේ මුනා අල්ලහෙන මගේ මූනට බර වෙලා ජේ කතා කරද්දි මම ඒ ඇස් අතරේ අතරමං උනා.. 




"  ප්ලීස් අන්ඩස්ටෑන්ඩ් බේබි.. මෙතන ඔයා ඉන්න එක අවදානම්.. ඔයාට ජෝන්ට සාධාරණයක් කරන්න ඕනි නම් ප්‍රොමිස් වෙන්න හිතුවක්කාර වෙන්නේ නැතුව මම කියන විදිහට ඉන්නවා කියලා.. "

 


" ප්‍රොමිස්.. "



එහෙම කියලා මම ජේට තුරුල් උනේ එයා තව තවත් මාව එයාගේ පපුවට තුරුල් කර ගනිද්දි.. 





                           🌀.🌀.🌀.🌀.🌀




" ඕකේ.. එහෙනම් ජේසන්.. ඔයා ගැන මම උපරිම විශ්වාසේ තියලා මෙයාව මෙහෙ දාලා යන්නේ "



" මම ඒ විශ්වාසේ කඩ කරන්නේ නෑ ඩැඩි.. මෙයා අදින් පස්සේ වැඩ කරන්නේ මගේ කම්පැනි එකේ විතරයි.. අනික් එක මම ඩිසයිඩ් කරේ මේ ගෙදර ආයෙත් දීලා මගේ අපාර්ට්මනෙට් එකටම යන්න කියලා.. "




" ඉට්ස් අ වෙරි ගුඩ් අයිඩියා.. බලන්න මෙහේ තට්ට තනියම මරල ගියත් දන්නෑ කවුරුත්.. අච්චර සෙනග ගොඩක් මැද්දේ පිහියෙන් ඇන්නා නම් මෙහෙම තැනකට ඇවිත් මොනා කරන්න බැරිද.. "




" කොහොමත් ආයේ එහෙම දෙයක් වෙන්න එයා ජීවතුන් අතර නෑනේ ඩැඩී.. "




" ඒඋනාට ජෝන් වගේ තව අය ඉන්න පුලුවන් ඔයා එක්ක තරහෙන් එමා.. ඒකයි කියන්නේ දැන්වත් ඔව්වා නවත්තන්න.. "




" ඕකේ ඩැඩී ආයෙත් කරන්නෑ.. "



" ජේසන්.. ජෝන් මැරුනේ යාලුවව මරන්න උත්සහා කරපු එකට පසු තැවීමට කියලනේ ලෙටර් එකේ තිබ්බේ.. එතකොට පොලිසියෙන් එමා ගැන හොයන එකක් නැද්ද.. "




" මෙයාට කට උත්තරයක් දෙන්න අනිද්දට පොලිස් ස්ටේශන් එකට යන්න වෙනවා ඩැඩී.. දැට්ස් එන්ඩ්.. මෙයා වරදක් කරලා නෑනේ මෙතන ඒහින්දා අව්ලක් නෑ.. මේක මීඩියා වලට ගියා නම්නේ මෙයාට කේස් වැටෙන්නේ.. ඒකයි මම ඒ යන එක නතර කරෙ.. "




" ඒක නම් ලොකු දෙයක් පුතා.. "




                                  🌀.🌀.🌀.🌀.🌀




"  සර්.. ෆ්ලයිට් එක කීයටද තියෙන්නේ.. "



" සික්ස් තර්ටි "



" සර් ආයේ එන්නේ කවද්ද කියලා කියන්න බැරිද.. "



" මෙහෙ එමාගෙයි මගෙයි මතක වලින් පිරිලා ඩෝරා.. මම කොහොමද ඒ මතක අස්සෙන් ජීවත් වෙන්නේ.. මට ටික කාලයක් ඕනි.. දැන් මාස දෙකක් ඩෝරා මගේ පැටික්කි මගේ ඇස් ඉස්සරහම කට්ටියක් ඇවිත් අරන් යද්දි.. අදටවත් මම දන්නේ උන් කව්ද කියලවත්.. "



" පොලිසිය තවමත් මැඩම්ව හොයන එක නතර කරලා නෑනේ සර්.. බලාපොරොත්තු අත ඇර ගන්න එපා.. "



" අඩුම එයා ජීවත් වෙනවද කියලවත් මට දැන ගන්න ලැබුනනම් ඒකම ඇති මට.. "




🌀.🌀.🌀.🌀.🌀


හායි ළමයි.. මොකුත් කියන්නෑමයි.. අහිංසක මට මරන තර්ජන එහෙම එපා හොදේ..



Hiru😋

Report Page