I still waiting for my miracle train..

I still waiting for my miracle train..

Bedmi Janesha.

නිල් අහස කොච්චර ලස්සනයි ද ?? පාට හතෙන් පායන දේදුන්න.. රතු පාට කහ පාට ලොකු අකුණු.. පුළුන් වගෙ සුදු පාට හිම කැට.. මුතු ඇට වගෙ දිලිසෙන වතුර බිංදු.. එක එක වෙලාවට වෙනස් වෙන දම් පාට කහ පාට තැඹිලි පාට ලා නිල් පාට කලු පාට ලොකු චූටි පාට පාට වළාකුළු.. ම්ම් එක එක රටා මවන හුරුබුහුටි හැඩ වලින් ඒගොල්ලො කරන්නෙ මිනිස්සුන් ට හීන දෙන එක එක.

හොදායි දැන් හිතින් මවාගන්න අහස තරම්ම ලොකු ලා කොළ පාට ඝණට වැඩුණු පුංචි තණකොළ වලින් පිරුණු මිටියාවතක්.. ඒ මිටියාවත ලෝකෙ තියෙන ඔක්කොම සතුටු හිතෙන දේවල් වලින් පිරුණු එකක්.. අශ්වයො කැළෑ මල් හිතුමතෙ ගලා යන වතුර පාරවල් කලු පාට තිත් වැටුණු කුරුමිණියො පාට පාට සමනල්ලු කාලෙන් කාලෙට වෙනස් වෙන ඍතු භේද.. තව හුගක් ජාති තියෙන මිටියාවතක් මේක.

උවමනාවෙන් මේ දෙකම දිහා බලන කෙනෙක් ට පෙනෙයි.. නිල් අහසයි ලා කොළ පාට මිටියාවතයි එකට එකතු වෙලයි ඉන්නෙ කියලා.

ඒත් ඒක එහෙම පෙණුනට ඇත්තටම එහෙම නෙවෙයි. මොකද ඒක මැවුණු දෙයක්.. උවමනාවෙන් බලන කෙනා දකින්න ආස කරන දෙයක්.. ඇත්තම දේ නම් නිල් පාට අහසයි කොළ පාට මිටියාවතයි කවදාවත් එකට එකතු වෙන්නෙ නැ. ඒගොල්ලොන්ට කවදාවත් එකට ඉන්න බැ. හැබැයි එයාලා එකට එකතු උනොත් වාව්.. ඒක මේ ලෝකෙ තියෙන ලස්සනම ගැළපීම වෙයි.

ඒක හරියට එයාගෙයි මගෙයි කතාව වගෙ..

එකම එක දවසක්.. අහම්බෙකින් ඇත්තටම ඔව් ඒක ලොකු අහම්බයක්.. මායි එයයි එකට හිටියා.. ලොකු සතුටකින්.

හරියට ලස්සන හීනයක් වගෙයි.. ඒක හීනෙකට වඩා ලොකුත් නැ.. හීනෙකට වඩා පොඩිත් නැ..

ඒ වගේම මං තාමත් සීත ඍතුවෙදි ලා නිල් පාට කෝච්චියක්.. රේල් පාරක් නැතුවම අපෙ ගේ ඉස්සරහින් යනකල් බලන් ඉන්නවා. ඒක ආයෙ කවදාවත් ම එන්නෙ නැ කියලා දැන දැනත් මං ඒක එනකල් තාමත්.. බලන් ඉන්නවා.. සමහරවිට මං මැරෙනකල්ම ඒක එනකල් බලන් ඉදියි.


මං ජීවිතෙ පළවෙනියටම පෙරවදනක් ලියපු එකම කතාව.

කොටස් 12ක පුංචි මැජිකක් කතාවක්

ඉතිම් ආසයි නම් දිගටම මාත් එක්ක ඉන්න කියලා මං ආරාධනා කරනවා.

Report Page