♥️ Sweet heart ♥️

♥️ Sweet heart ♥️

Diha
පිස්සු කෙල්ලෙක් වෙනුවෙන් තවත් කොල්ලෙක්ට ඉරිසියා කරන හැම්සන් කොල්ලෙක්


මේ කතාව අමන්දි ගැන....



අමන්දි කියන්නෙ කව්ද....මුලින් ම අමන්දි ගැන විස්තරයක් කරන්නම්කෝ.....



• මට වයස 21යි... මගේ නම දිහාන්‍යා අමන්දි.... මම කැම්පස්.... මම කරන්නෙ මියුසික්.... වයලින් ප්ලේ කරන එක තමයි හොබී එක... එතකොට මගෙ ක්‍රශ් එක තමයි චනුල්.... එයයි මායි දෙන්නා මුලින් ම හම්බුණේ සංගීත පන්තියේ දි... එයත් කරන්නෙ වයලින් ගහන එක.... හැබැයි මම එයා තරම් වයලින් ගහන්න දක්ෂ නෑ....




චනුල් ගැන මන් විස්‍තර හොයා ගන්නෙ මගෙ අතිජාත් මිතුරිය ශනලිගෙන්.... එයාගෙ සම්පූර්ණ නම ශනලි සිතාරා...ඒත් මම එයාට කියන්නෙ ශනූ කියලා..... ඒ විතරක් නෙමේ මට චනූ ගැන ලැබුණු ආරංචි මාර්ග වල හැටියට නම් චනුල් යාළු මගේ පොඩි එකම කාලේ සතුරා චමුදින්‍යා එක්ක කියලා තමයි මට පණිවිඩේ දීපු කෙනා නම් කිව්වේ.... පණිවිඩේ දුන්නෙ ප්‍රබෝධනී කිය්ලා ගර්ල් කෙනෙක්....




" අනේ... ඇයි චනූ ඔයා එයා එක්ක ම යාළු වුණේ.... කොහොම හරි ඉතින් මන් කැම්පස් ආවා.... කැළණිය.... මියුසික් A.... "



කතාවට බහිමුකෝ.....


❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️




" අමායා.... ලෑස්ති වෙන්න සර්ව හම්බෙන්න යන්න ඕනෙ නේද... 😑 "





( ඒ අපෙ අම්මා... එයා මට ගෙදරට කතා කරන්නෙ අමායා කියලා.... ටීවි එකේ ඇඩ් එකක් ගියා මතක ඇති ඔයාලට....




අයින් වෙන්න අයින් වෙන්න.... 😵

අමායගේ ප්‍රථමාධාර..... 😵

සෑම් සීයට බෙහෙත් ගෙනියනව.... 🤭



ඔන්න ඔය ඇඩ් එක නිසා අපේ අම්මි මට කියන්නෙ අමායා කියලා... කොහොමද වැඩේ නේ... එක වෙලාවකට ඉතින් අමා කියලත් කියනවා.... )




" ඉන්ඩෝ මන් තාම ලෑස්ති වෙනවා.... 😝 "




" කෝ... ටග්ගාලා යන්න... බුලත් ටික ගත්තද... යන ගමන් බිස්කට් එකකුත් අරන් යන්න.... නැත්තම් හරි නෑනේ...😑 "





" හා හා... "





( මන් ඉතින් තාත්ති එක්ක ගියා... අනේ දෙයියො බැලුවා වගේ චනුත් ඉන්නවා එයාගෙ මිත්‍රයා දසන් එක්ක... )





( මන් ඉතින් සර්ටත් ලාස්සන හිනාවක් දාලා චනූ දිහා හොරැහින් බැලුවා.... එයත් මන් දිහා කන්න වගේ බලන් හිටියා... තාත්තිත් ඉන්න නිසා මන් සුනෙරිටත් හිනා වෙලා සුනෙරි හිටිය තැනට ගියා... තාත්ති මාව දාලා ආය ගෙදර ගියා.... )




" ශිෂ්‍යාව කොහොමද ඉතින්.... "




( සර් ගියපු ගමන් ම එහෙම ඇහුව නිසා සර්ට ආයම හිනා වුණා... )




" ඉන්නවා සර්... ☺️ "




" හ්ම්ම්.... චනුල් ශිෂ්‍යයා... දැන් කැම්පස් ගිහින් මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ... "





" මියුසික් සර්... 🙂 "




( මා ඉතින් හොරාට චනුල් දිහා බැලුවා... හුටා ඌත් හිටියෙ මන් දිහා බලාගෙන... පොඩියට හිනා වෙලා ආයම මන් ලැජ්ජාවට බිම බලාගත්තා... )





( සර් අනිත් ළමයි එක්ක කතා කර කර ඉන්න අතර තුරේ මාත් ඉතින් ඔහේ හිටියා... ඊට පස්සෙ ළමයි ටික සර්ට වැන්දා... මාත් ඉතින් අන්තිමටම සර් වැන්දා... චනුලුත් ඒ එක්කම සර්ට වදින්න ගිය පාර අපි දෙන්නාගෙ ඔළු ගෙඩි දෙක එකට වැදුණා... හුටා කරුමෙටම මගේ කොණ්ඩෙ චනුල් ඇදගෙන හිටිය අත්දිග සුදු ෂට් එකේ පැටලිලා... )




" ආව්.... 😖 "




" අයියෝ ශිෂ්‍යාව... කොණ්ඩෙ පැටලුනා නේද.... "




( සර් හිනා වෙවී එහෙම අහද්දි මන් උපරිම ට්‍රයි කරේ චනුල්ගෙ ටීෂට් එකෙන් මගේ කොණ්ඩෙ ගලව ගන්න... )





( මගේ කොණ්ඩෙ ක්‍රේල් බොහොම අමාරුවෙන් ඉන ලගට වවාගත්තෙත්... ලොකු ට්‍රයි එකක් දීලා චනුල්ගෙ ටීෂට් එකෙන් කොණ්ඩෙ ගලව ගත්තා... )






( ඊට පස්සෙ ඉතින් තාත්තිට කෝල් එකක් දීලා ආයම තාත්ති එක්ක ගෙදර ආවා..... ගෙදර කාටවත් ම කිව්වෙ නෑ සංගීත සර්ව හම්බෙන්න ගිහින් වුණ දෙ... ඒත් ඉතින් අක්කිට නම් කියන්න සිද්ද වුනා.... මොකද අක්කි දන්නවා මගෙ ක්‍රෂ් එක චනූ කියල... )





( රෑ වෙලා වොෂ් එකක් දාගෙන කොණ්ඩෙත් ගුලියක් ගහන් කිචන් එක පැත්තට උඩ පැන පැන දිව්වා... )





" ආවා... සොයා.... ආවා සොයා... ආවා සොයා ආ... ආ... ආදරේ.... ❤️ "




( සින්දුවක් කිය කිය කිචන් එකට යද්දි ඇගේ හැප්පුණේ අයියණ්ඩිය... )





" ආ..... කව්ද කොල්ල.... සංගීත සර්ව හම්බෙන්න ගිය වෙලේ ඉදන් ආවා සොයා... මේ දැන්ම නම් ඒවට ලෑස්‍ති වෙන්න එපා හොදද අහු වුණොත් හම ගහනවා.... 😡 "






( අයියා එහෙම කිව්වම කෙලත් නෑ මට ගිලින්න බොහොම අමාරුවෙන් කෙල ටික ගිල ගෙන අයියට ලං වුණා...)





" එහෙම නෑ අනා... 😘 ඔයානෙ මගෙ ලව් එක...😍 "





( අයියට ටික ටික ලං වෙලා අයියගෙ නහය මිරික මිරික එහෙම කිව්ව... )




" අනේ මේ... තමුසෙගෙ බටර් මන් අහුවෙයි... යනවා යනවා... 😑 "






අලුත් කතාව කොහෙමද...comment දන් යන් බලන්න.....



පරිස්සමෙන් ඉන්න ඔයා දන්න මන්,


දීහා 💞


https://t.me/Diha415

https://t.me/Dihastory


My Gruop 👆


Report Page