Study

Study

Study tips

Study

Study tips කීපයක්



_පාඩම් කරන ක්‍රම ඕනෙ තරම් කියන්න පුළුවන්._


_කෙනෙක් කට පාඩම් කරලා රෑන්ක් එකක් දැම්මම ඔයත් ඒක කරාට ඔයාටත් රෑන්ක් දාන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා.හැමෝටම එකම විදිය හරියන්නෑ.ඔයාට ගැලපෙන, වැඩි කාලයක් මතක හිටින විදිහ ඔයා තෝරගන්න ඕනේ._




_STUDY TIP_ 1




*Q & A*




ඔයාට පුළුවන් ප්‍රශ්න සහ උත්තර විදියට පාඩම් කරන්න.ඒ කියන්නෙ මේකෙදි වෙන්නෙ ඔයාම හදාගන්න ප්‍රශ්න වලට ඔයාම උත්තර ලියනවා.




_1.ඉස්සරලම එක පාරකට එක විෂයක එක පාඩමක එක කොටසක් තෝරගන්න._




_2.ඊට පස්සෙ ඒ කොටස කියවන්න.සාමාන්‍යය විදියට නිකන් ඉක්මනින් කියවන්න.එහෙම කියවද්දී ඔයාට තේරෙනවා මේ කොටසෙ තියෙන්නෙ මේ වගෙ දේවල් කියලා._




_3.ඔයා ඒ කොටස තව පාරක් කියවන්න ඕනෙ.හැබැයි ඔයා කියවන්න ඕනෙ අවබෝධයෙන්.ඒ කියවද්දි ඔයාට තේරෙන්න ඕනේ මේ මේ කරුණු වැදගත් මේ කොටසින් විභාගෙට මේවගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා._


_අන්න ඒ විදියට එන ප්‍රශ්න ඔයා කොලේක ලියාගන්න ඕනේ...ඔයා තෝරගත්ත කොටස ඉවර වෙනකන්ම ඒ විදියට ප්‍රශ්න හදන්න ඕනේ._




ඔයා හදාගන්න ප්‍රශ්න කෙටි ප්‍රශ්න වෙන්න පුළුවන් රචනා ප්‍රශ්න වෙන්න පුළුවන්.




_4.දැන් ඔයා දෙපාරක්ම පාඩම කියෙව්වා.ඒ වෙද්දී ඔයාට ඒකෙ තියන වචන හුරුයි.ඒ කොටසෙ තියන දේවල් ඔයා දන්නවා.සමහර කරුණු ඔයාට මතකයි._


_දැන් ඔයා ඒ කොටස හොඳට පාඩම් කරන්න ඕනේ.ඒ පාඩම් කරන ගමන් ඔයා අර වැදගත් කියල හිතපු පොයින්ට්ස් ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ._




_5.පාඩම් කරලා ඉවර වෙලා පොත වහලා අර ඔයා ලියාගත්ත ප්‍රශ්න වලට මතකෙන් උත්තර ලියන්න ඕනේ._




_6.අමතක උන දේවල් ආයේ පාඩම් කරල උත්තර ලියන්න._




ඒ විදියට හැම පාඩමක්ම පාඩම් කරන්න පුළුවන්.




ッ‣....




_STUDY TIP_ 2




*Mind Palace*




මේකෙදි වෙන්නෙ ඔයා හොඳට දන්න ගොඩනැගිල්ලකට පාඩම් කරන්න ඕනේ දේවල් සම්බන්ධ කරන එක.ෂර්ලොක් ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවානම් මේගැන දන්නවා ඇති.ඒ ක්‍රමේ ඔයාගෙ පාඩම් වැඩ වලට යොදා ගන්න පුළුවන්.




_1.මුලින්ම තෝරගන්න ඕනේ ගොඩනැගිල්ලක්.ඔයා හොඳට දන්න එකක් වෙන්න ඕනේ.ඒ කියන්නෙ ඔයා ඇස් දෙක පියාගෙන මතක් කරලා බැලුවොත් ඔයාට ඒ ගොඩනැගිල්ලෙ තියන දේවල් මතක් වෙන්න ඕනේ.ඉතින් ඒකට ගැලපෙනම තැන තමයි ඔයාගෙ ගෙදර._




_2.ඊට පස්සේ ඔයා ඔයාගෙ ගෙදර තියන දේවල් ටිකක් අනුපිළිවෙලට හදාගන්න ඕනේ._


උදා :-


1.ගේට්ටුව


2.මිදුල


3.ඉස්සරහ දොර


4.ටීවී එක


5.ඇඳ


6.අල්මාරිය


7.කබඩ් එක


8.පොත් මේසේ


9.කාමරේ ජනෙලෙ


10.ෆ්‍රිජ් එක



_මේවාගේ පිළිවෙලකට හදාගන්න ඕනේ._




_- වැදගත් -_




• නිතර එහා මෙහා යන්නෙ නැති දේවල් වෙන්න ඕනේ.කෝප්ප පිගන්,එළවළු වගේ දේවල් තෝරගන්න එපා.




• ඔයාගෙ පෑන් පැන්සල් වගේ පොඩි පොඩි දේවල් වලට වඩා දොර කබඩ් වගේ ටිකක් ලොකු දේවල් තෝරගන්න.




_3.එහෙම තෝරගත්තට පස්සේ ඔයා පාඩම් කරන්න ඕනේ කරුණු ඒ ඒ තෝරගත්ත දේවල් වලට ආදේශ කරන්න._




හිතන්නකෝ ඔයාට ඉංග්‍රීසි වචන 5 ක් මතක තියාගන්න ඕනේ.ඔයා ඔයාගෙ ගෙදර අර කිව්ව විදියෙ තැන් 5 ක් තෝරාගෙන එක එක වචනේ එක එක තැන්වල ගිහින් තියනවා වගෙ තමයි.එක වචනෙකට එක තැනක්.




AL කරන කෙනෙක්නම් ගෙදර කොටස් 3 කට විෂයන් 3ට බෙදාගෙන එක එක තැන්වල කරුණු ගබඩා කරන්න පුළුවන්.





_4.ඇස් දෙක පියාගෙන මනසින් ඔයා ඒ ඒ තැන් වලට යද්දී ඔයා ආදේශ කරපු දේවල් ඔයාට මතක් වෙනවා._




_5.ඉතින් ඔයා නිකන් ඉන්න වෙලාවට ඇස් දෙක පියාගෙන මනසින් ගෙදර එහාට මෙහාට යන්න.ඔයා ඒ ඒ තැන් වලට ආදේශ කරපු දේවල් මතක් කර ගන්න._




ටික කාලයක් ප්‍රගුණ කරනකොට ඔයාට ඒක හුරු වෙනවා.මේක ගොඩක් ඵලදායී වෙන්නෙ ඔයාට කරුණු ආදේශ කරන්න තියන දක්ෂතාවය අනුව.




ッ‣....




_STUDY TIP_ 3




*Study Like Teacher*




මේක මම පාවිච්චි කරන එක ක්‍රමයක්.වෘත්තියෙන් ගුරුවරයෙක් වෙන්න ආසා නෑ.ඒ උනාට මේ විදියට පාඩම් කරනවා.මට ඒ විදිය සෙට් වෙන හින්දා


ඒකෙදි මුලින්ම,




_1.ඉස්සරලා පාඩම් කරන්න කොටසක් තෝරාගෙන ඒ කොටස සාමාන්‍ය විදියට පාඩම් කරනවා._




_2.ඊට පස්සේ ඒ පාඩම් කරපු ටික තව කෙනෙක් මගෙ ඉස්සරහ ඉන්නවා කියලා හිතාගෙන උගන්නනවා._




ඔයාට හරියටම ඒ කොටස තේරුනා නම් ඕනෙම මට්ටමක ඉන්න කෙනෙක්ට ඒක තේරෙන විදියට සරලව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ.




_3.ඊට පස්සේ ඒ ඉස්සරහ ඉන්නවා කියලා හිතාගත්ත ළමයි ඔයාගෙන් ඒ පාඩම සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා කියලා හිතාගෙන ඔයා ඒවට උත්තර දෙන්න ඕනේ._




_ඒ කියන්නේ ඔයාට ඒ පාඩම සම්බන්ධයෙන් එන හැම ප්‍රශ්නයක්ම අර ඉස්සරහ ඉන්නවා කියලා හිතාගත්ත ළමයි අහනවා කියලා හිතාගෙන ඔයා ඒවාට පිළිතුරු දෙන්න උත්තර හොයන්න._




ගුරුවරයගෙ චරිතෙයි ළමයගෙ චරිතෙයි දෙකම ඔයා තමා කරන්න ඕනේ.




ッ‣....




_STUDY TIP_ 4




*Pictures*




_මේකෙත් මම පාවිච්චි කරන තව ක්‍රමයක්._


_ඒකෙදි කරන්නෙ ඔයා පාඩම් කරන කොටස වගුව,ප්‍රස්තාර,කොටු, රවුම්,මල් මොකක්හරි පින්තූරෙකට දාලා මතක තියාගන්නවා..._




ッ‣....




STUDY TIP 5




*Mnemonic*




_මේකෙදි අපිට පුළුවන් අපිට මතක තියාගන්න ඕනේ දේ කවියකින්,පොඩි කතන්දරයක් හදාගෙන මතක තියාගන්න...._


_ඒකෙදි වෙන්නෙ අපිට පාඩම් කරන්න ඕනේ දේ අපිට හුරු පුරුදු දන්න වචන ටිකකට ආදේශ කරන එක.._




_අපි චූටි කාලෙ දේදුන්නෙ පාට මතක තියාගත්තෙ, ආවර්තිතා වගුව පාඩම් කරේ...අන්න ඒ වගේ..._




ッ‣....




_STUDY TIP_ 6




*Pomodoro Technique*




මේකෙ දි කරන්නෙ සරලව කිව්වොත්




_1.ඔයාට ඒක එක දිගට හරියට පාඩම් කරන්න පුළුවන් උපරිම වෙලාව හොයාගන්න ඕනේ._




විනාඩි 20, පැය භාගයක්, විනාඩි 45 ක්,පැයක් ...


එක එක්කෙනා අනුව ඒ වෙලාව වෙනස් වෙන්න පුළුවන්.




උදාහරණයක් විදියට අපි විනාඩි 20 යි කියලා ගමුකෝ.




_2.ඔයා පාඩම් කරන වෙලාවෙ විනාඩි 20 න් පාඩම් කරන්න._




_3.ඊට පස්සේ විනාඩි 5 ක චූටි බ්‍රේක් එකක් ගන්න._




ඒ වෙලාවේ පෝන් එකනම් ඔබන්න එපා.එතකොට පාඩම් කරපු කිසිම දෙයක් වැඩක් නෑ.




ඔයාට පුළුවන් එලියෙ චුට්ටක් ඇවිදලා එන්න සිංදුවක් කියන්න නටන්න චිත්‍රයක් අඳින්න සීංදුවක් නිසදැස් වගේ දෙයක් ලියන්න...ඒ වගේ දෙයක් කරන්න.




හැබැයි විනාඩි 5 යි.




_4.ඊට පස්සේ ආයේ විනාඩි 20 ක් පාඩම් කරන්න._




_5.විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න._




_6.අයේ විනාඩි 20 ක් පාඩම් කරන්න._




ඔය විදියට දිගටම කරන්න.




ッ‣....




_STUDY TIP_ 7




*Think Practically*




මේකේදි කරන්නෙ ඔයා පාඩම් කරන දේ ප්‍රෑයෝගිකව හිතන්න ඕනෙ...




_Business, physics, Economics වගේ විෂයන් කරන කෙනෙක්ටනම් මේ විදිය ගොඩක් ලේසි.._


_මොකද ඒවා ගොඩක් දුරට ප්‍රායෝගික විෂයන් නිසා...මම හැම විෂයක් ගැනම දන්නෑ ඔයාලා බලන්න ඔයාලා කරන විෂයන් වලට ඒ විදිය භාවිතා කරන්න පුළුවන් ද කියලා_




ッ‣....




තව ක්‍රමයක් තමයි ලියන ගමන් සහ හයියෙන් කියවන ගමන් පාඩම් කරන්න පුළුවන්.ඒකෙනුත් හොඳට මතක තියාගන්න පුළුවන්.




තව තියෙනවා ඕනේ තරම් study tips.ඔය ඒවගෙන් කීපයක් විතරයි.




මටවත් වෙන කෙනෙක්ටවත් කියන්න බෑ ඔයාට හරියනම ක්‍රමේ මේක කියලා.ඔයා ගැන හරියටම දන්නෙ ඔයා.ඉතින් Try කරලා බලන්න.




ඔයාට දිගුකාලීන මතකයක් ලැබෙන හොඳට මතක හිටින ක්‍රමයක් තෝරගෙන පාඩම් කරන්න.




ッ‣....




තව ක්‍රම ඉස්සරහට කියලා දෙන්නම්.




😇ッ‣ *_Best of luck_* ✍️

Report Page