SEX

SEX


තමන්ගේ ගෑණු ළමයාව ඇඳේදී උපරිමයෙන් තෘප්තිමත් කරන්න ආසයිද? එහෙමනම් මේ උපදෙස් පිළිපදින්න.

June 6, 2021

ආටිකල් එකේ හෙඩිම දැක්කම කොර වෙලා ගියා නේද? මේකයි බ්‍රෝ ඉතිං කතාව (ආහ් සිස්ලත් ඇති) හෙළුවෙන් කියන්නේ හෙළ බසින් ඒ කිව්වේ සිංහලෙන් කියන එක. ඉතින් අපි අද කතා කරන්න යන්නෙ BDSM ගැන සිංහලෙන්. එහෙනම් වැඩි කතා බතා නැතුව අපි කෙලින්ම මාතෘකාවට බහිමු.

 

1. BDSM කියන්නේ මක්කද?


සිංහලෙන් තාම BDSM වල​ට හරි වචනයක් නෑ, අඩුම ගාණේ අසභ්‍ය වචනයක්වත්. හැබැයි අහම්බෙන් වගේ “පනිෂ්මන්ට්” කියන වචනේ හම්බ වුණත් ඒකෙන් හරි තේරුම දෙනවද කියන එක ප්‍රශ්නයක්. BDSM කියන වචනේ ඇතුළේ ලිංගික දිශාන්ති තුනක් හැංගිලා ඉන්නවා.

Bondage & Discipline (B&D)

Dominance and Submission (D&S)

Sadism & Masochism (S&M).

මේ වචනවලට හරියටම තේරුම් දෙන වචන සිංහලෙන් හොයන්න අමාරුයි (ඒ නිසා හෙඩිමේ හෙළුවෙන් කිව්වට හෙළුවෙන්ම දෙන්​න බෑ)

 

2. BDSM කියන්නේ සෙක්ස්ද?


BDSM වලදී ලිංගිකව එක් වීම අත්‍යවශ්‍ය නෑ. දැන් කල්පනා කරනවා ඇති නේද මේ මොකද්ද කිව්වේ කියලා. අපි ඒක උදාහරණයකින් පැහැදිලි කර ගමු. සම්බාහනයක් එහෙම නැත්නම් මසාජ් එකක් සමහර අයට ලිංගික ක්‍රියාවලිය දෙන්න උත්තේජනයක් බවට පත්වෙනවා. (මසාජ් හොයාගෙන සමහරු යන්නේ ඒ නිසා) ඒත් සමහරුන්ට මසාජ් කියන්නේ තමන්ගේ ජීවිතයේ නිරෝගී කම රැකගන්න සිදු කරන චිකිත්සාවක් වගේ දෙයක්.

 

3. BDSMකියන්නේ අපචාරයක්ද?


ගොඩක් අයට BDSM කිව්වම ඔලුවට යන්නෙ අතපය බැඳලා දාලා පහරදෙන දර්ශනයක්. එයාලා මේක තේරුම් ගන්නේ මෙය ශාරීරිකව සහ මානසිකව යම් කෙනෙක් අපහරණයට ලක් කිරීමක් කියලා. නමුත් BDSM සිදුකිරීමේදී දෙදෙනාගේම එකඟත්වයෙන් සිදු වෙන්න ඕන. ඒ වගේම අවශ්‍ය ඕනෑම මොහොතකදී යම් සංඥා (Safe words) වලින් අනෙකාගේ ක්‍රියාකාරකමකට තමන්ගේ විරෝධය හෝ අකමැත්ත ප්‍රකාශ කිරී​මේ හැකියාව තියෙනවා. ඊට අනෙක් පාර්ශවය ගරු කළ යුතු වෙනවා.

 

4. Fifty Shades of Grey 


අපේ රටේ ගොඩක් අය BDSM ගැන දැනගෙන තියෙන්නේ Fifty Shades of Grey චිත්‍රපටිය හරහා. මේ චිත්‍රපටය ගැන BDSM ලෝලීන් නම් ඉන්නේ මත දෙකක. පිරිසක් කියන්නේ මේ චිත්‍රපටය හරහා BDSM ගැන සමාජ කතිකාවතක් ඇති වුණා කියලා. හැබැයි එහෙම කියන අයත් පිළිගන්නේ BDSM ගැන වැරැදි ප්‍රතිරූපයක් (නරක) ඇති කිරීමට Fifty Shades of Grey සමත් වුණා කියලා.

 

5. Top, Bottom සහ Switch 


BDSMවලට ප්‍රිය අය කොටස් දෙකකට වර්ග කෙරෙනවා. Top එහෙම නැත්නම් Dominant කියන්නේ ක්‍රියාවලියේදී ආධිපත්‍ය පතුරන අය. Bottom එහෙමත් නැත්නම් Submissive කියන්නේ ක්‍රියාවලියේදි යටතට පත්වෙන පාර්ශවයට. Switch කියන්නේ මේ චරිත මාරු කරගන්නවට.

 

6. කෝඩුකාර BDSM


සමහර විට ඔයා නොදැනුවත්වම BDSMවලට සම්බන්ධ දෑ මේ වෙනකොටත් ලිංගික සංසර්ග අවස්ථාව රසවත් කරන්න පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ආවරණයකින් ඇස් වසාගෙන ලිංගිකව එක්වීම, පුරුෂයා ගේ භූමිකාව සහකාරියට ඉෂ්ට කරන්න කීම, අයිස් කැට භාවිතා කිරීම, සැපීම වගේ දේවල් සිදු කරලා තියෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් සෑම කෙනෙක්ගෙම ඇතුළේ BDSMවලට ආශාවක් තියෙනවා.

 

7. දැනගෙන කරන්න


යම් විදිහකට BDSMවලට ඔයා කැමතිනම් එහෙමත් නැත්නම් ඔයාගේ සහකාරයා හෝ සහකාරිය ගෙන් එය සඳහා ඇරයුමක් ලැබුණොත් හා කියන්න පෙර දෙවරක් හිතන්න. ඔහු හෝ ඇය එක්ක සිදුකිරීමට යන දේ ගැන නිවැරදි අදහසක් සාකච්ඡා කරලා ලබා ගන්න. ඒ පිළිබඳව අන්තර්ජාලයෙන් කියවන්න, වීඩියෝ පට නරඹා ඒ පිළිබඳව දළ අදහසක් ලබා ගන්න. යම් විදියකට ඉන් අනතුරුව එය සිදුකිරීම පිළිබඳව දෙගිඩියාවක් ඇති වේනම් ඔයාගේ සහකාරයාට හෝ සහකාරියට කාරුණිකව පහදා දෙන්න.

Report Page