Secret

Secret

✍pen friend

episode 19

episode 18


"ඔයා දන්නවනෙ දේශ්ට වෙඩි තිබ්බෙ හේරාගෙ මිනිස්සු කියලා. ඔව්... හේරම තමයි. මොකද දේශ්ට හේරා එක්ක ප්‍රශ්න තිබුනා. මම හිතුවා මර්ඩර් එකෙන් පස්සෙ හේරා දේශ් එක්ක තිබුනු ඔක්කොම නවත්තලා දායි කියලා. ඒත්...."



"ඒත්..?"



"එයා තවම නවත්තලා නෑ නංගි. හේරා දිගටම අපේ පස්සෙනුත් පන්නනවා. එයා දේශ්ගෙ ප්‍රොපටීස් ඔක්කොම ඉල්ලුවා. මම ඔක්කොම දුන්නෙ බබාලා දෙන්නා ගැන හිතලා. ඊට පසෙ ආයෙ එයා ආවෙ නෑ..ඒත්..."



"ඔයා පොලීසියට ගිහින් කම්ප්ලේන් කරන්න. යමු මා එක්ක..."



"ඕනෙ නෑ නංගි. මට දේශ්ව නැති උනා. මට බෑ බබාලා දෙන්නා නැති කරගන්න.."



"ඔයා හේරාව දැකලා තියෙනවද...?"

මම ඇහුවෙ ඇස් හීනි කරලා.



"ඔව්.. මම හොදටම දන්න කෙනෙක්. ඔයා එන්න පැය බාගෙකට විතර කලින් එයා ආවා..."



"මොකක්....!"

මට කෑගහුනා.



"ප්ලීස් නංගි කෑගහන්න එපා. එයා දැනටත් කොහේ හරි ඉදන් බලාගෙන ඉන්නවද දන්නෙ නෑ."



රන්දි කිව්වෙ බයෙන් වටපිට බලන ගමන්. තව ටිකක් කලින් ආවා නම් මට හේරාව බලාගන්න තිබුනා.



"ඔයා එන්න කලින් මම දැනගෙන හිටියා ඔයා එනවා කියලා. එයා කිව්වා මේ කිසිම දෙයක් ඔයාට කියන්න එපා කියලා... "



"වට්...!"


මම පුදුමෙනුත් පුදුමෙට පත් උනේ ඊට පස්සෙයි. ඒ කියන්නෙ හේරා දැනගෙන ඉදලා මම එනවා කියලා. ඒ කොහොමද..! ඒ කියන්නෙ හේරා කියන්නෙ මම හොදටම දන්න කෙනෙක්.



"ඔයා මෙහෙ එනවා කියලා තව කිව්වෙ කාටද කියලා මතක් කරන්න නංගි..."



මම නැගිට්ටා. මට තවත් එතන ඉන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. බයටද පුදුමයටද.... මගේ අත් වෙවුලන ගමන් තිබුනෙ. මගේ ඇස් අන්ධ වෙලාද... හේරා කියන එකා අතේ දුරින් ඉදිද්දි නොපෙනෙන්නෙ..!



රන්දි ඊට පස්සෙ මගෙන් අහපු කිසිම දෙයක් මට ඇහුනෙ නෑ. මම ගිහින් කාර් එකට නැගලා කාර් එක ස්ටාට් කලා.



මම මෙහෙ ආවා කියලා දන්නෙ තාත්තයි රකිතයි කේශුයි රශ්මිකායි විතරයි. කොහොමටවත් රශ් වෙන්න බෑ. පහුගිය දවස්වල උනු දේවල් ෆිල්ම් එකක් වගේ මගේ ඇස් ඉස්සරහ මැවුනා.



තාත්තා හිටියෙ නිතරම බයෙන්. කේශ් එක පාරට ආයෙම මතු උනා. දේශ්ගෙ මර්ඩර් එක, එලියට ආපු දේශ්ගෙයි හේරාගෙයි රහස්, රකිතට හේරා එක්ක තියෙන සම්බන්ධෙ, රකිතගෙයි කේශ්ගෙයි නොදන්න රහස, නොහිතපු විදියට ඉක්මන් වෙන මගේ මැරේජ් එක.....



අන්තිමට හේරා මගේ ලගම කෙනෙක් කියන සැකය. ඒ වගේම රන්දිට වගේම බබාලට හේරගෙන් වෙන කරදර....



මේ ඔක්කොම එක්ක මගේ ඔලුව පුපුරන්න වගේ. අන්තිමට රන්දි කියපු දෙයකුත් මට මතක් උනා.



"ඔව්.. මම හොදටම දන්න කෙනෙක්. ඔයා එන්න පැය බාගෙකට විතර කලින් එයා ආවා..."



රන්දි හොදටම දන්න කෙනෙක් නම්.....



රකිත....!



මේ හැම දෙයකටම ගැලපෙන්නෙ රකිතව. කේශ් කොහොමටවත් රන්දිව දැනගෙන ඉන්න විදියක් නෑ. අනික දේශාන් නැති උනාට පස්සෙ තමයි රකිතගෙ බිස්නස් වෙනදට වඩා නැගලා ගියේ.



මේ හැම දෙයකින්ම උනේ මට මාව වත් විශ්වාස කරන්න බැරි තත්වෙට මාව වැටෙන එක. මැරේජ් එක වගේම ඔලුවට අලුතින් ආපෙ මේ ප්‍රශ්නෙ ගැන හිතලා මගේ ඔලුව පුපුරන්න වගේ.



මම දන්නෙ එකම එක දෙයයි...... මම ඉන්නෙ ප්‍රශ්න ගාලක හිර වෙලා. මොකද..... 



හේරා මගේ ලගම කෙනෙක්...!



💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜



"අද නම් රූම් එකට පැනගන්න මම මාර කට්ටක් කෑව ඒන්ජල්. කොහෙද ඉතින් අද ඔයාගෙ කිසි ඇක්ටිව් ගතියක් නෑනෙ."



කේශ් කිව්වෙ අමාරුවෙන් රූම් එකට පැනගන්න ගමන්. සීසීටීවී වලට හොරෙන් රූම් එකට පනින්න පුදුම ස්කිල් එකක් තියෙන්නෙ කේශ්ට.



මම ඇද ලග බිම වාඩි වෙලා දණ දෙකේ මූන ඔබාගෙන හිටියෙ. කේශ් ඇවිත් එයාගෙ ඇගිලිතුඩු මගේ කෙස් අතරින් යවන්න ගත්තම මට වදයක් වෙලා තිබුනු ඔලුව ඇතුලෙ පිරිලා තිබුනු ප්‍රශ්න ඔක්කොම ගියා වගෙයි දැනුනෙ.



"මේ මොකද මේ...? ඔලුව රිදෙනවද...?"



මම කොහොමද දෙයියනේ මේ වගේ මනුස්සයෙක් හේරා වෙන්න පුලුවන් කියලා හිතුවෙවත්..? මම මටම බැනගත්තා. කේශ් වෙනදා වගේමයි. හරි ආදරෙයි...



"නෑ..."



"එහෙනම්....?"



මම මොකුත් නොකියා කේශ්ට තුරුල් උනා. ඔක්කොම ප්‍රශ්න මගෙන් ඈත් වෙලා යනවා වගේ දැනෙන්නෙ. මම ඒ තරම් කේශ්ට පුරුදු වෙලා. ප්‍රශ්නයක් උනු වෙලාවට තාත්තාවත් ලග නැති මට කේශ් කියන්නෙ මහා මේරු පර්වතයක් වගේ.



"කේශ් මම මේවා ඔයාට කියනවද නැත්ද කියලා තවම කල්පනා කරන්නෙ... මම දන්නෙ නෑ මොනවා කරන්නද කියලා. ප්ලීස් මගෙන් අහන්නෙපා ඒ මොකක්ද කියලා. මට ඕනෙ ඔලුව නිදහස් කරගන්න.."



කේශ් වෙනදා වගේමයි. හරි ඉක්මනට මාව තේරුම් ගන්නවා. මොකුත්ම අහන්නෙ නැතුව මාව පපුවට තුරුල් කරගත්තා එයා.



උනු සිද්ධිය මම කේශ්ට කිව්වෙවත් නෑ. මොකද මේ වෙලාවෙ අඩුම ගානෙ මට තාත්තාවත් ශුවර් නැති මට්ටමක් තිබුනෙ.



💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜


මැරේජ් එක කිට්ටු නිසා රකිත එක්ක හොටෙල් එකේ වැඩ ටිකක් බලන්න යන්න හිතාගෙන මම දවස පටන් ගත්තෙ. තව දවස් තුනයි වෙඩින් එකට. කේශ් තවම අපේ තාත්තා එක්කවත් කතා කරලා නෑ.



ස්ලීව්ලස් කලු පාට ෆ්ලෝරල් ෆ්‍රොක් එකක් ඇදලා කොන්ඩෙ කඩලා දැම්මා මම. රකිත එනකොටම මම පහළට ගියේ එයා තාත්තා එක්ක කතා කලොත් තාත්තගෙ ඔලුවට විකාර අදහස් දාන්න පුලුවන් නිසා.



මගේ පළවෙනි සැකය උනේ රකිත. එයාගෙයි දේශාන්ගෙයි අතරෙ බිස්නස් නිසා ගොඩක් රණ්ඩු තිබුනු බව රන්දි කිව්වා මට මතකයි. කලින් වතාවෙ කෝල් කල වෙලේ එයා මට කිව්වෙ දේවල් මගේ හිතේ හොල්මන් කරනවා.



"නංගි ඔයා මෙහෙ ආවට පස්සෙ මම හේරා ගැන ඔයාට කිව්වා කියලා එයා දැනගෙන. මට බයයි නංගි එයා දරුවන්ට මොනවා හරි කරයි කියලා."



"අක්කෙ බය වෙන්න එපා. මම අක්කා හේරා ගැන කිව්වා කියලා කාටවත්ම කිව්වෙ නෑ..... අනේ... මම අහන්නෙ එකම දෙයයි.. කවුද ඒ හේරා..? කියන්න ප්ලිස්ස්...."



-see you in the next episode-


කමෙන්ට් දාගෙන යන්ඩෝ...

කට්ටිය ගෙස් කරනවා හේරා කවුද කියලා🤭 කට්ටියක් කියනවා කේශ්ලු. තව කට්ටියක් රකිතලු.... බලමුකෝ....


ආදරෙයි හැමෝටම.❤


මම,

✍penfriend



Report Page