Secret

Secret

✍pen friend

episode 17

episode 16


බැරිම තැන මම කෑගැහුවෙ එයා ලගින් අයින් වෙන ගමන්. මට ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර ඕනෙ උනා.



"ඇයි එදා රකිතගෙ ඔෆිස් එකේදි මාව දැක්කම මග ඇරලා ගියේ..? මට ඔක්කෝටම කලින් ඒකට උත්තර දෙනවා කේශ්...!"



"මම කියන්නම් හැම දෙයක්ම. රිලැක්ස් වෙන්න..."



"කවදද කියන්නෙ...? මට මේ දැන්ම කියන්න."



කේශ් මගේ මූන දිහා බලාගෙන ටික වෙලාවක් හිටියෙ මමත් ඒ ඇස් අස්සෙ තනි වෙද්දි. කේන්තියටද දුකටද සතුටටද මන්දා මගේ ඇස්වල කදුලු කියලා මට තේරුනා.



"ඔයා මැරි කරන්න ඉන්න කොල්ලගෙ ඔෆිස් එකේදි මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ උනේ නෑ. ඒක ඔයාට හරි නෑ."



"එහෙනම් ඇයි දැන් මට කතා කලේ..? කතා නොකරම ඉන්න තිබුනනෙ. එදා මාව දාලා ගියපු විදියට මගේ ගැන හොයන්නෙ නැතුව හිටපු තැනම ඉන්න තිබුනනෙ. මාව අර නරුමයට දීලා බලාගෙන ඉන්න තිබුනනෙ..!"



"ඔයා දන්නවා සේයා ඔයා නැතුව මටවත් මන් නැතුව ඔයාටවත් ඉන්න බෑ කියලා..."



එයා කිව්වෙ මගේ ඇස්වලට එබෙන ගමන්. ඒ සීතල ඇගිලිතුඩු මගේ කෙස් අතරින් රිංගන්නෙ හරි ආදරෙන්. මම එයාට තුරුල් උනා.



💜💜💜💜💜💜💜💜💜💜💜



තාත්තා කේශ්ට අකමැති නිසාත් මාව රකිතට ප්‍රපෝස් කරලා තියෙන නිසාත් කේශ්ගෙයි මගෙයි ආයෙම අලුතින් පටන් ගත්තු සම්බන්ධය කාටවත් නොකියා ඉන්න අපි දෙන්නා තීරණය කලා. අඩුම තරමෙ රශ්ටවත්...



කලින්ටත් වඩා මම කේශ්ට ලං වෙන බව දවසින් දවස මට තේරුනා. මම කලින් තරම්ම පිස්සු හැදෙන්න තරම් එයාට ආදරේ කලා. මට මාව අමතක වෙන තරමට.



ලෝකෙටම හොරෙන් අපි මුණගැහෙන විදිය දැනගෙන හිටියෙ අපි දෙන්නා විතරයි. බීච් සයිඩ්, රෙස්ටුරන්ට් , රිවර් සයිඩ් එයාගෙයි මගෙයි කතාවලින් පිරිලා ගියා.



කොහොම උනත් මම සතුටින් හිටියෙ කේශ් එක්ක ඉන්න කාලෙ විතරයි. තාත්තා බයෙන් ජීවත් වෙන එක වැඩි උනා මිසක අඩු උනේ නෑ. රශ් කිව්වෙම මේ යන විදියට තාත්තට පිස්සු හැදෙයි කියලාමයි. තාත්තා මගෙත් එක්කවත් ඒ ප්‍රශ්න බෙදා නොගන්න එකත් මට ප්‍රශ්නයක්.



රකිත පුරුදු විදියට එයාගෙ මුරණ්ඩුකම් කරගෙන ගියා. රකිත වෙනදට වඩා කලබලයි. එයා මගේ මූන දිහා බලලා කතා කරපු දවසක් මතක නැති තරම්.



ඔක්කොම වෙනස් වෙන්න ගත්තෙ දේශාන් කලංසූරියගෙ මර්ඩර් එකත් එක්ක. දන්න කියන හැමෝම කිව්වෙ පොලීසිය ඒ කේස් එක යට ගැහුවා කියලයි. පොලීසිය උනත් හේරාට ඔලුව නවාගෙන ඉන්නවා කියන කාරණේ හැමෝම අතරෙ ගින්නක් වගේ පැතිරිලා ගියා.



ෆ්‍රෑන්ස්වල මම වැඩ කරපු කම්පැනි එකෙන් මාස දෙක තුනක නිවාඩුවක් ඉල්ලගත්තෙ හරි අමාරුවෙන්. ඒක කරන්නත් මට කේශ්ගෙ උදව් ලැබුනා.



එහෙම නිවාඩු ඉල්ලනවා කියන්නෙම අමාරු වැඩක්. ඒත් කම්පැනි එක මාස දෙකහමාරක වැකේශන් පීරියඩ් එකක් දුන්නෙ මට කේශ් එක්ක ඉන්න පුලුවන් කාලය තවත් වැඩි කරමින්.



"ඔයා මේ මාස දෙකහමාරෙන් පස්සෙ එහෙ යන්නකො. මම මොකක් හරි ගේමක් දීලා එහෙට එන්න බලන්නම්."


"එහෙම කොහොමද හදිසියෙන් එහෙ යන්නෙ...? ඔයාට ටික කාලයක් යයි."


"ඔව්... බලමුකෝ.. ඔයා ගියාට පස්සෙ පුලුවන් ඉක්මනින් මම එන්නම්."



අපි ආයෙම අලුතින් එකතු උනාට පස්සෙ කේශ් මට දුන්නු හැම පොරොන්දුවක්ම හරියටම කරපු නිසා කේශ්ගෙ පොරොන්දුවල සැක කරන්න දෙයක් මට තිබුනෙ නෑ. මම දන්නවා එයා ඒක කොහොම හරි කරනවා කියලා.



කේශ් මුරණ්ඩු කෙනෙක්. ඒ වගේ කොල්ලෙක් එක්ක ඉන්න එකත් අමාරු වැඩක්. ඒත් එයාගෙයි මගෙයි බොන්ඩ් එක මේ තරම් හොදට තියාගන්න ගොඩක්ම උදව් උනේ මම ඕනෙවටත් වඩා එයාව විශ්වාස කරපු එක.



ඕනෙම දේකදි මටත් වඩා එයාව මම විශ්වාස කරන්නත් එයා ඒ විශ්වාසෙ ඒ විදියටම තියාගන්නත් අපි දෙන්නා වග බලාගත්තා.



💜💜💜💜💜💜💜💜💜💜



ගෙට ඇතුල් වෙනකොටම සෝෆා එකේ වාඩි වෙලා දුම් පයිප්පෙ කටේ තියන් හිටපු තාත්තා මට කතා කලේ තරහින් බව එයාගෙ ටෝන් එකෙන්ම තේරුනා. තාත්තට දැන් හැම නිතරම ස්මෝක් කරන එක පුරුද්දක් වෙලා.



"සේයා මෙහෙ එනවා...!"



"ඇයි තාත්තා..?"



එයාගෙ ඇස්වල බය තවම එහෙමමයි. තාත්තා මගේ දිහා බැලුවෙ සැකෙන් වගේ. මම ගියේ කේශ්ව මීට් වෙන්න කියලා එයා දැනගෙනවත්ද....



"කොහෙද ගියේ..?"



"රශ්ව මීට් වෙන්න.."

මම කිව්වෙ තාත්තගෙ ඇස් මග අරින ගමන්.



"රශ්ට මම කෝල් කලාම කිව්වනෙ ඔයා ආවෙ නෑ කියලා...?"



"මම ගියේ රශ් එක්ක අවුට්ෆිට් වගයක් බලන්න. රශ් ගෙදර හිටියෙ නෑ. ඉතින් මම තනියම ගියා."



"තනියම...?"



"ඔව්..."



"හරි... රූම් එකට යන්න එහෙනම්.."



මගේ හිත සතුටින් උඩ පැන්නෙ තාත්තට සැක හිතුනෙ නෑ නේද කියලා හිතන ගමන්. ඒත් මම ආයෙම නැවතුනා...



"ඒ උනාට කමක් නෑ. අද ඉදලා මේ මාසෙම තමුන්ට එලියට යන්න බෑ. මේ මාසෙ ගෙදර ඉදලා ඊට පස්සෙ ෆ්‍රෑන්ස් ගිහින් ඕන මගුලක් නටාගන්නවා.."



"තාත්තා....!"



"ඔව්... තාත්තා තමයි කිව්වෙ...!"



ඒ කියන්නෙ තාත්තගෙ සැකය හොදටම ගිහින් නෑ. එයාට තවම මාව සැකයි. මාව ආයෙම හිර කලොත් කේශ්ව මීට් වෙන්නෙ කොහොමද මම...? එයාව ආයෙම බලන්න බැරි උනොත් මම මැරිලා යයි...



තාත්තා ෆෝන් එකත් ගන්න කලින් මම කේහ්ට මැසේජ් එකක් දැම්මෙ ආයෙම මට එයාව මීට් වෙන්න ගෙදරින් පැනගන්න බෑ කියලා. කේශ් එක ඉමෝජියකින් විතරක් රිප්ලයි එකක් දාලා තිබුනා.



💜💜💜💜💜💜💜💜💜💜


ගොඩ දවසකින් රකිත අපේ ගෙදර ඇවිත්. අද නිවාඩු නිසා තාත්තත් ගෙදර. මට ගෙදරින් එලියට බහින්න නොදෙන නිසා තරහටම මම රූම් එක ඇතුළට වෙලා හිටියා.



"නෑ අංකල් මම රූම් එකට ගිහින් එයාට කතා කරන්නම්.."



පහළින් රකිතගෙ කටහඩ ඇහෙනවා. මේ මිනිහා මගේ රූම් එකට ආවොත් කියලා හිතාගෙන ඇදෙන් බැහැලා ඇදගෙන හිටපු සුදු පාට ස්කිනි එක උඩින් ශර්ට් එකක් දාගත්තා මම.



නිවාඩු ගත්තත් මට තියෙන වැඩ කොටස මම කොහොම හරි කරලා දාන්න ඕනෙ නිසා මම හිටියෙ ඒ වැඩ එක්ක බිසී වෙලා. තාත්තා කතා කරනවත් එක්කම මම පහළට ගියා. මොනවා උනත් තාත්තා ලිවින් රූම් එකෙන් එහාට රකිතට එන්න දුන්නෙ නෑ.



"දුව... මේ රකිත එක්ක කතා කරන්න ටිකක්.."



මම මූනෙ කිසි හිනාවක් නැතුව රකිත ලගට ගිහින් හිටගත්තම මට එන්න කියලා සන් කරන ගමන් එයා එලියට ගියා. එයා ගිහින් වාඩි උනේ ගාර්ඩන් එකේ පැත්තක තියෙන ලී බංකුව උඩ.



-see you in the next episode-


කමෙන්ට් දාගෙන යන්න ළමයි.


ආදරෙයි හැමෝටම.❤


මම,

✍penfriend

Report Page