Princess ❤️✨️

Princess ❤️✨️

Tj👻🖤 

Princess ❤️✨️




යළි උදා වූ වස්සානය.....




හතළිස්හත්වන වස්සානය 🍂🍂🍂





එකපාරම ඩොක්ටර් ලා තුන් හතර දෙනෙක් අසීයු එකට ගියා... තුහින බය වුනේ එකපාර ම මොකද කියලා.....



තුහින දුවලා ගියේ අසීයු එකේ වීදුරුවෙන් පේන සාවින්ද්‍යාව බලන්න... කෙල්ල හයියෙන් හයියෙන් හුස්ම ගනිද්දි ඩොක්ටර්ලා කෙල්ල වටේ ඉරිලා... තුහීට ඉහෙන් කනින් දාඩිය දාන්න පටන් ගත්තා.. ටිකකින් ඩොක්ටර් කෙනෙක් එළියට ආවා... තුහින මිනිත් දුවගෙන ගියේ ඩොක්ටර් ළගට....



මොකද ඩොක්ටර්... ඇයි... දැ... දැන් කොහොමද සාවිට....



ඩෝන්ට් වොරි.... දැන් හැමදේම හොදින්... ලෙඩාට සිහිය ආවා... ඔයාලට දැන් එයාව බලන්න පුළුවන්... හැබැයි වැඩිය මහන්සි කරවන්න එපා... ඕකේ...



තැන්කිව් ඩොක්ටර් තැන්කිව් වෙරිමච්...



කොල්ලා කිව්වේ හිනාවෙවී උනත් ඒ ඇස් කදුලින් බර වෙලා... ඒ දුකට නම් නෙවේ සතුටට... සතුට වැඩි කමට... 



මොකද බන් මේ... ගෑණි වගේ හැම එකකට ම අඩන්නේ...



මිනිත් කොල්ලව ඇගට හේත්තු කරන් කියද්දි තුහින හිනාවෙවී ඇස්වල කදුලු පිහිදාගත්තා... 



හරි හරි දැන්වත් යමන්... මෙච්චර වෙලා බලන් හිටියේ සිහිය එනකන් නේ... 



යමු එහෙනන්...



නෑ ඉස්සර වෙලා උඹ පලයන්... මම ගෙදර අයට කෝල් එකක් දෙන්නම්... ම්..



මට ඒකත් අමතක වුනා... මේ අයියා කෝ බන්....



අයියා කෙල්ල එක්ක කැන්ටිමට ගියානේ බන්... චූටියා උදේ ඉදන් බඩගින්නේ නේ හිටියේ... 



ඔව්... පව් බන් ඒ පොඩි එකී... හරි හරි මන් සාවිව බලලා එන්නම්...



කියලා කොල්ලා අයිසීයු එක ඇතුලට ගියා... තුහින මේ සාවිව දකින්නේ දවස් තුනකට පස්සෙ... කොල්ලට මේ දවස් තුන දැනුනේ අවුරුදු තුනක් වගේ... නෑ... ඊටත් වැඩිය දිගයි... තුහින සාවින්ද්‍යා ළගට ගිහින් සාවින්ද්‍යාගේ අත අල්ලගත්තා... ඒ අතේ කැනියුලාවක් ගහලා... එතන රතු වෙලා... කොල්ලට ලෝබ හිතුනා... අතට ලාවට තොල් තියන හැටි දැකලා සාවින්ද්‍යාගේ ඇස් බොද වුනා... සාවින්ද්‍යා ලස්සනට හිනා වුනා... සාවින්ද්‍යාට කතා කරගන්න තරම්වත් තාම හයියක් නැහැ... සාවින්ද්‍යා ඇස්වලින් කිව්වෙ තුහිනට ඉදගන්න කියලා... 



තුහින බිම දණගහගෙන කෙල්ලගෙ අත තුහිගේ අත් දෙකට මැදි කරගත්තා... 



ඇයි මෙහෙම කරගත්තේ... මට වුනා නම් දුකක් නැහැ... කොහොමද මම ඔයාව මෙහෙම...



තවත් වචනයක්වත් කියන්න කලින් තුහිනගේ කදුලු ඉස්සර වුනා... 



සාවින්ද්‍යා අනිත් අතින් කොල්ලගේ කම්මුල දිගේ බේරෙන කදුලු පිහදැම්මා... කොල්ලා ඒ අත කොල්ලගේ කම්මුලට තියාගත්තා... 



දැන් ඔයා එළියට යන්න... 



එතන හිටපු නර්ස් කෙනෙක් තුහිනට කිව්වා....



මට වැඩිවෙලා ඉන්න බැහැ... ඒත් මන් ආයෙ එන්නම්.... 



කෙල්ලගේ ඇස් හැම තැනකම දුවනවා...



මන් දන්නවා ප්‍රින්සස්ව නේද හොයන්නේ...



කෙල්ල දෙපාරක් විතර ඔලුව වැනුවා...



ඊලඟ පාර එයත් එක්ක එන්නම්....



කියපු කොල්ලා කෙල්ලගේ නළලට හාදුවක් තියලා එළියට ගියා...




එළියට එද්දිම හේෂාන් කෙල්ල එක්ක දුවගෙන ආවා... ඒ මූනෙ හිනාව පිරිලා...



කෝ... නංගිට සිහිය ආවලු නේ... 



ඔව් අයියේ.... දැන් සිහිය ආවා... මම ගියා... ඒත් වැඩිවෙලා ඉන්න බැරිවුනා..



තුහින කෙල්ලව වඩාගෙන අසීයු එකේ වීදුරුව ළගට ගියා... ඒ වීදුරුවට සාවින්ද්‍යාව හොදට පේනවා... කොල්ලා වීදුරුවට දෙපාරක් තට්ටු කළාම කෙල්ල ඒ පැත්ත බැලුවා... චූටික්කිව වීදුරුවෙන් පෙන්නුවා... සාවින්ද්‍යාට හරි සතුටුයි.... දෝණිටත් එහෙමයි... සාවින්ද්‍යා තොල් වලින් කිස් එකක් දුන්නම කෙල්ලත් ඒ විදියට ම කෙල්ලට කිස් එකක් දුන්නා... සාවින්ද්‍යාගේ ඇස් බොද වෙලා... 



අපි තව ටිකකින් ආයෙ එමු දෝණි... අම්මට ටිකක් වෙලා රෙස්ට් කරන්න දීලා...



සාවින්ද්‍යාට නින්ද ගිහින්... කොල්ලා සැරින් සැරේ ඇවිත් වීදුරුවෙන් බලන්නේ හරියට කෙල්ලව කවුරුහරි උස්සන් යාවි කියලා බයෙන් වගේ... විනාඩි පහෙන් පහට ඇවිත් වීදුරුවෙන් පේන සාවින්ද්‍යා දිහා බලාගෙන ඉන්නවා... කෙල්ලව ගෙදර යැව්වේ හොස්පිටල් එකේ වැඩි වෙලා තියාගන්න එක දරුවට උනත් හොද නැති හින්දා...





..............................................................






පැය තුන හතරකට පස්සෙයි තුහිනට සාවින්ද්‍යා ළගට යන්න ලැබුනේ... දැන් නම් කෙල්ලට කලින්ට වඩා හොදයි... 



කොල්ලා කෙල්ල ළගට ගියා... වෙනදට හිනාවෙන ඇස් අද හරි අමාරුවෙන් හිනා වෙන්නේ... කට පියන්නේ නැතුව කියවන කෙල්ල අද සද්දයක් නෑ... කොල්ලට හරියට දුකයි... හැමදෙයක් ම වුනේ තමන් නිසා කියලා හිතෙනවා... කොල්ලා ගිහින් ඇද ළගින් හිටගත්තා... 



මොකෝ ඔය....



කෙල්ල අමාරුවෙන් අහනවා...



මොකද්ද.



මොකෝ ඔය මූණෙ හැටි විතරක්....



කොල්ලා ඔලුව දෙපැත්තට වැනුවා...



ඔයාට තුවාලද....



කෙල්ල කොල්ලා දිහා ඇස් යවනවා...



තවත් මම ගැනද බලන්නේ... ඔයාට මොකක්හරි උනානම්....



කොල්ලා මෙච්චර වෙලා හංගන් හිටපු කදුලු කැට හෝ ගාලා වැටෙන්න පටන් ගත්තා...



මොකද මේ... 



කෙල්ල කොල්ලගේ කම්මුලට අතක් තියාගෙන අහනවා... කොල්ලා කෙල්ලගේ අත අරගෙන තොල්වලට තියාගත්තා...



අඩන්න එපා අනේ.... මටත් දුකයි එතකොට.....



ඇති දැන්.... ඔය....



කෙල්ල කොල්ලට කියනවා....



කවදාවත් ආයේ මේ වගේ දේවල් කරන්න එපා... මට දරාගන්න බැහැ...



හරි හරි දැන් අඩන්න එපා බබෝ....



කෙල්ල හිනාවෙවී කියනවා....




🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂




අදහසක් දාන්න... 



හිතෙන දෙයක් කොටන්න... පීස්....😌




Tj👻🖤 

Report Page