Princess ❤️✨️

Princess ❤️✨️

Tj👻🖤 

Princess ❤️✨️




යළි උදා වූ වස්සානය.....




හතළිස්එක්වන වස්සානය 🍂🍂🍂





තමුන්ගේ වටින කියන දෙයක් නැතිවෙලා නේද....



තුහින ෆෝන් එක කට් කරන්න හැදුවත් එහා පැත්තෙන් ඇහුන දේ නිසා තුහින ගල් ගැහුනා....



මො... මොකද්ද මිනිහෝ තමුන් ඔය කියන්නේ...



තුහින මහ සද්දෙන් කතා කරද්දි සාවින්ද්‍යා සකුනි වගේම කාන්තිත් එතනට දුවගෙන ආවා...



ඇයි තුහී....



මොකද මල්ලි මේ...



හැමෝම පුදුමයෙන් වගේ ඇහුවේ තුහිනගේ හැසීරීම නිසා...



ෆෝන් එකේ අනිත් පැත්තෙන් උත්තර හම්බවෙද්දි තුහිනට හීන් දාඩිය දැම්මා...



මොකද... හොයාගන්න බැරිද.... කොහෙ හොයන්නද.... ඉදලා එයැයි නේ...



තවුද උඹ.... මගේ යකා අවුස්සගන්න එපා...



තුහින අත මිට මොලවා ගත්තා....



හෝව්... හෝව්... මිස්ටර් තුහින කලබල වෙන්න එපා... ඔයාගේ දූ පොඩ්ඩ තාම නම් පරිස්සමට ඉන්නවා... කලබල වෙන්න තරම් දෙයක් තාම නම් වුනේ නැහැ....



මේ අහපන් මිනිහෝ මගේ පුංචි එකාට කරදරයක් වෙලා තිබුනොත් මම උඹව මරනවා....



හැමෝම තුහින දිහා බලන් හිටියේ යකෙක් වගේ කෑ ගහන නිසා...



අහනවා... තමුන්ට දුවව ඕනෙද....



ඔව්.... උඹට මොනවද ඕන... කියපන් බ/ල්/ලා.... උඹට මොනවද මගෙන් ඕන....



ඉක්මනට මට ඕන තැනට ආවනේ... හරි ඉතින් ඔයා අහන නිසාම මම කියන්නම්... කෝටි දහයක්... නෑ පහළවක් හොදටෝම ඇති.... කෝටි පහළවක් අරගෙන මම කියන තැනට එන්න ඕන....



කොතනටද... කියපන්... මම එන්නම්...



තනියම එන්න ඕන.... කවුරුවත් එක්ක නෙවේ තනියම ම එන්න ඕන.... අහ්... තව දෙයක් පොලීසිය එක්කන් ඇවිත් මෙතන නාට්‍යක් රගන්න හැදුවොත් මට එතකොට නම් ඔන්න වගකීමක් ගන්න බැහැ....



මොකද්ද ඒ කතාවේ තේරුම....



මේක නේ මිස්ටර්... මට තමුන් නිසා මගේ හැමදේම මට නැති වුනා... ඉතින් මට තවත් නැතිවෙන්න කියලා දෙයක් නැහැ... එතකොට මට ජීවිතයක් නැති කරන්න ඉතින් වැඩිය හිතන්න තරම් දෙයක් නෙවේ....



මේක හොදට අහගනින්... මගේ පුංචි එකීට එක නියපොතු පාරක් හරි වැදුනොත් මම උඹව ඉතුරු කරන්නේ නැහැ....



හරි එහෙනම්..... දූ ඉන්නේ එයාගේ අප්පච්චි එක්ක පාර්ක් යන්න ආසාවෙන්.... ඒ නිසා ඔන්න වෙලාවට එන්න ඕන හොදේ....



මහ හඩින් හිනාවෙන ගමන් නලීන් ෆෝන් එක කට් කරද්දි තුහිනට මැසේජ් එකක් ආවා... කොල්ලා ඒ තත්පරෙන් ම ඒක බලද්දි ඒ ඇස්වලට කදුලු ඉනුවා... පිටවෙන්න ගියපු ඉකිය කටට අත තියාගෙන ෆෝන් එක දිහා බලාන ඉද්දි හේෂාන් ෆෝන් එක තුහිනගෙන් උදුරලා ගත්තා...



ෆොටෝ එකේ හිටියේ චූටික්කි... මුකුත් නොතේරෙන පොඩි කෙල්ල ලස්සනට හිනාවෙලා ඉන්නවා.... 



මොකද්ද අයියේ...



සාවින්ද්‍යා එබිලා ෆෝන් එක බලලා ෆෝන් එක මූණට තියාගෙන අඩන්න ගත්තා...



අනේ මගේ අහිංසකි... අහ් ආ.....



සාවින්ද්‍යා ආයෙම අඩද්දි ඇස්වලින් හෝ ගාලා කදුලු කඩන් වැටෙන තුහින කදුලු පිහ දදා එතනින් එහාට වේගෙන් ඇවිදන් ගියේ වැලහින්නක් වගේ අඩන සාවින්ද්‍යා දිහා බලන් ඉන්න බැරුව....



මචං... තුහී....



මිනිත් තුහින පස්සෙන් ගියා.... දුවලා ගිහින් කොල්ලගේ උරහිසට අත තියලා කොල්ලව නවත්තගත්තා... ආයෙම මිනිත් දිහාවට හැරුන කොල්ලාව මිනිත් තදින් බදාගත්තා... යාලුවෙක් විදියට තමන්ගේ හොදම යාලුවට මේ වෙලාවේ හයියක් වෙන්න මිනිත්ට ඕන වුනා... පිටට ලාවට තට්ටු කරන ගමන් කොල්ලගේ හිත හදන්න හුගාක් දේවල් කිව්වා...



තුහින....



පිටිපැත්තෙන් කතා කරපු සාවින්ද්‍යාගේ කටහඩ නිසා තුහින ඇස් ඇරලා බැලුවා... මිනිත්ගෙන් ඈත් වුන තුහින ගිහින් කෙල්ලගේ අත් දෙක අල්ලගත්තා...



මට සමාවෙන්න සාවි.... අනේ පුළුවන් නම් මට සමාව දෙන්න... මේ හැම දේයක් ම මම නිසා... මම නිසයි අද ඔයා මේ විදියට දුක් විදින්නේ... මම නිසයි අද අර චූටික්කිව අපි ළග නැත්තේ... මගෙන් පළිගන්නයි මට මිනිහා මේ දේවල් කරේ... මම නිසයි....මේ හැම දේකට ම වැරදිකාරයා මම තමයි.... මමයි වැරදිකාරයා......



සාවින්ද්‍යා ඇස්වලින් කදුලු වැටෙද්දි කොල්ලා කියන හැම දෙයක් ම අහන් හිටියා....



සමාවෙන්න... සමාවදෙන්න බෑ නේද මට...



එහෙම කියපු කොල්ලා සාවින්ද්‍යාගේ අතින් තමන්ගෙම කම්මුලට හයියෙන් ගහගන්න පටන් ගත්තා...





🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂




අනෙව් ළමයි කමෙන්ටුවක් දාන්නකෝ....❤️




Tj👻🖤 

Report Page