Princess ❤️✨️

Princess ❤️✨️

Tj👻🖤 

Princess ❤️✨️



යළි උදා වූ වස්සානය.....




තිස්පස්වන වස්සානය 🍂🍂🍂 




°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



කලින් කොටස තිස්හතර... අත්වැරැද්දකින් තිස්තුන කියලා තිබ්බේ...




°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°




දැන් නම් මගේ හිත නිදහස්...



සාවින්ද්‍යායි තුහියි පාර්ක් එකේ බෙන්ච් එකේ වාඩිවෙලා හිටියා... චූටි කෙල්ල නම් හොදට ම සෙල්ලම් කරනවා.. එහාට දුවනවා... මෙහාට දුවනවා... ඔංචිලි පදිනවා... සීසෝ පදිනවා... එකම සෙල්ලමක් එයාගේ... සාවින්ද්‍යා තුහිනගේ අතින් අල්ලගෙන කතාවට වැටුනා....



අම්මෝ ඔව්... මම නම් හිතිවෙම...



සාවින්ද්‍යා කියන්න ගියපු දේ ගිලගත්තත් තුහිනට තේරුනා සාවින්ද්‍යා කියන්න හදපු දේ නැවැතුව බව...



ඇයි... ආහ්... මොකෝ කියන එක නැවැත්තුවේ...



කොල්ලා ලාවට හිනාවකුත් මූණේ තියාගෙන අහනවා...



නෑ... ඒක ඕනේ නෑ...



නෑ... නෑ... කියන්න ඉතින්... හංගන්න දෙයක් නෑනේ...



ඒක ඕනෙ නෑ කිව්වනේ...



ඔයා කියන්න හැදුවේ අපි දෙන්නට එකතුවෙන්න බැරිවෙයි කියලා නේ....



ඔයා... කො... කොහොමද...



තුහින සාවින්ද්‍යාගේ හිත කියෙව්වා වගේ...



මේ බලන්න සාවි... සමහර අය ඉන්නවා ඒයාලව මවලා තියෙන්නේ එයාලට ලු... මොන බාධක ආවත් ඒ අය වෙන් කරන්න බෑලු... හැබැයි එයාලා ඇත්තටම එයාලට ආදරේ වෙන්න ඕන...



එහෙනන් අපිත් ඒ ගොඩේ ද...



හ්ම්... මම එහෙම හිතනවා...



සාවින්ද්‍යා හිනාවෙලා තුහිනගේ උරහිසට ඔලුව තියාගත්තා...



අර කෙල්ලට තියෙන විසයක්...



සාවින්ද්‍යා සනූ දිහා බලාගෙන කියනවා...



පොඩි එකෙක්නේ සාවි.. ඔහොම තමයි අපිත් ඒ දවස්වල... අලියන්ට ලමයින්ට නලියන්නමයි හිත කියලා කියමනකුත් තියෙන්නේ....



අප්පේ මෙන්න මෙයා...



ඇයි මොකෝ...



කෙල්ල ඔලුවත් උස්සලා කියද්දි කොල්ල හිනාවෙවී ම උත්තර දෙනවා...



දැන් රචකයෙකුත් වෙලා නේ...



ඒක එහෙම වුනෙත් ඉතින් ඔයා නිසා තමයි....



මම නිසා... ඒ කොහොමද....



කවුරු මොනවා කිව්වත්, පොත්වල කොච්චර තිබුනත් ආදරේ කියන දේ ඇත්තටම මම වින්දේ ඔයාගෙන්... ආදරේ විතරක් නෙවේ තනිකම පාලුවත් මට ඔයා නිසා ලැබුනා... මොකද ඔයා කතා කරන්න පරක්කු වෙනකොට... අපිට ප්‍රශ්න එනකොට වගේ හැම තැනකදිම... ඉතින් කොච්චර දරාගන්න අමාරු තැන් තිබුනත් මට දැන් තේරෙනවා මනුස්සයෙක්ට ආදරේ ඕනේ... හිතට දැනෙන හිතට සැනසීම ගේන ආදරයක් ඕනේ...



කොල්ලා රොමෑන්ටික් වෙලා...



කෙල්ල ඇහැක් ගහලා කිව්වා...



තාම මගේ රොමෑන්ටික් ගතිය ඔයා හරියටම දැක්කේ නැතුව ඔය...



සාවින්ද්‍යාගේ බද වටේට අත දාපු තුහී ඒ තත්පර ගානට කෙල්ලව ඇදලා ගත්තේ කෙල්ලගේ මූණ කොල්ලගේ පපුවේ ඇවිත් නතර වෙද්දි... අනිත් අතින් කෙල්ලගේ නිකටින් අල්ලලා මූණ උස්සලා ඒ දොතොල්වලට දෙතොල් තිව්වා... තත්පර ගානකට ඒ පහසට නතුවුන සාවින්ද්‍යා එකපාරටම ඇස්දෙක ඇරලා කොල්ලගෙන් ඈත් වුනේ කොල්ලගේ බඩටත් හොද පාරක් දීලා...



අම්මේ... 



වේදනාව වැඩිකමට ම කොල්ලට කියවෙද්දි කොල්ලා කෙල්ල දිහා බැලුවේ මොකද්ද වුනේ කියලා අහන්න වගේ...



ඉන්නේ කොහෙද කියලවත් මතක නෑ... මෝඩයා...



කෙල්ල කියද්දියි කොල්ලට මතක් වුනේ ඉන්නේ පාර්ක් එකේ කියලා... 



මදැයි මාත් රොමෑන්ටික් වෙන්න ගියා...



කොල්ලා මූණත් ඇද කරගෙන කියන විදියට නම් කෙල්ලටත් හිනා....




ටිකක් වෙලා ඉදලා ආයෙම තුන් දෙනා එක්ක වාහනේට නැග්ගේ ගෙදර යන්න බලාගෙන... ඒත් යන අතරමගදි දැකපු දේවලෙකට යන්න සාවින්ද්‍යාට ඕන වුන නිසා කොල්ලා වාහනේ නැවත්තුවා... කෙල්ල පඩුරු ටිකකුත් අරගෙන කාර් එකෙන් බැස්සෙ සනූවත් වඩාගෙන... වාහනෙත් ලොක් කරලා ආපු තුහින චූටි කෙල්ලට අත පාද්දි කෙල්ලත් දෙපාරක් නොහිතා කොල්ලගේ අතට පැන්නා.... කෙල්ලවත් වඩාගෙන අනිත් අතින් සාවින්ද්‍යාගේ අතත් අල්ලගෙන දෙන්නම ඇතුලු වුනේ දේවාල භූමියට...



මම අහලා තියනවා කාලි මෑණියොගේ අනුහස් හුගක් තියෙනවලු...



සාවින්ද්‍යා කියනවා... දන්න දන්න හැම විස්තරයක් ම ඒ විනාඩි දෙක තුනට තුහිනට කිව්වේ කටර් එක වගේ...



කාලි මෑණියන්ගේ පිළිමේ ළගට ගිහින් සාවින්ද්‍යා ඇස් පියාගෙන අත් දෙක එකතු කරලා වැදගත්තා... තුහිනත් කාලි මෑණියෝ දිහා බලලා වදිද්දි චූටි කෙල්ලත් මෑණියන්ට වැන්දා... 



තුහින ටිකකින් බැලුවේ සාවින්ද්‍යා දිහා... සාවින්ද්‍යා තාමත් ප්‍රාර්ථනාවක... කොල්ලට ඇස් අහකට ගන්න බැරි තරමට ලෝබයි... කෙල්ල දිහාවම බලන් ඉදලා ආයෙම චූටික්කි එක්ක දේවාලෙන් එළියට ආවා....



මොනවද ඔච්චර ඉල්ලුවේ....



කෙල්ලත් එළියට ආවම තුහින සාවින්ද්‍යාගෙන් ඇහුවා...



ඒක රහසක්.... පස්සෙ කියන්නම් කෝ...



ඉතින් කියන්න කෝ....



බෑ.... යමු දැන්...



කෙල්ල කොල්ලගේ අතිනුත් අල්ලගෙන කාර් එකට ගියා....




🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂



අදහසක් දාන්න ළමයි....



බකට් එකක් ඕනෙද....



Tj👻🖤 

Report Page