Princess ❤️✨️

Princess ❤️✨️

Tj👻🖤 

Princess ❤️✨️




යළි උදා වූ වස්සානය.....




තිස්තුන්වන වස්සානය 🍂🍂🍂 





කේ... කේෂාන් ඔයා... ඇ.... ඇත්තටම කොහොමද....



 අයියා... ඔව් කේෂාන්... එහෙම්පිටිම්මම ඒ කේෂාන් තමයි....




සාවින්ද්‍යා ගල්ගැහිලා වගේ බලන් හිටියේ මේ ඇස් මානෙම පේන දේ විශ්වාස කරන්න බැරුව... ඒ රූපේ හරියට ම කේෂාන් ම තමයි... කිසිම අඩුවක් නැහැ... සාවින්ද්‍යා එක පාරටම දුවගෙන ගියා එයා ළගට... 



කේෂාන්... මේ ඔය්...ඔයා.. කොහොමද...



ඔයාට වැරදිලා මම කේෂාන් නෙවෙයි...



තුෂ්නිම්භූත වෙලා වගේ තුහීගේ අයියා කියද්දි... සාවින්ද්‍යා එයාගෙ අතින් ඇල්ලුවා...



මොකද මේ...



එයාටත් හිතාගන්න බැරුව බලන් හිටියේ මේ සිද්දවෙන්නේ මොකද්ද කියලා... තුහිනට හිතාගන්නත් බෑ...



නෑ... ඔ... ඔයා කේෂාන් නෙවේ... ඒත් කොහොමද....



සාවින්ද්‍යා අයියගේ අත ඇතෑරලා කිව්වා.. සනූ දුවලා ඇවිත් සාවින්ද්‍යාගේ අතින් අල්ලගත්තා... සාවින්ද්‍යා කෙල්ලව උස්සලා උකුලට ගත්තා...



අම්මෙ... මේ ඉන්නේ.. ගෙදල අප්පත්ති නේද....



නෑ පැටියෝ... මේ එයා නෙවේ....



ඔයා කොහොමද ඒක ඔච්චර විශ්වාසෙන් කියන්නේ...



ජයසේකර සාලෙට ආවේ එහෙම කියාගෙන...



තාත්තේ... ඔයාවත් කියනවද මොකද්ද ඔයා කරන්න හදන්නේ කියලා...



තුහින ජයසේකරගෙන් අහද්දි ජයසේකර අතින් සන්කලේ පොඩ්ඩක් ඉන්න කියලා...



දැන් හැමෝම වාඩිවෙන්න... 



කවුරුත් උඩ බිම බල බල ඉන්නේ ජයසේකර මෙහෙම සන්සුන් ව හැසිරෙන නිසා...



මට කියන්න කතාවක් තියෙනවා... ඒ නිසා හැමෝම ඉදගන්න.. දුවේ අම්මවත් එක්ක එන්න...



ජයසේකර සකුනිට කියද්දි සකුනි ඔලුව වනලා කුස්සියට ගියේ කාන්තිව එක්ක එන්න... හැමෝම සෝෆාවෙන් ඉදගනිද්දි සකුනි කාන්ති එක්කගෙන සාලෙට ආවා...



ඉදගන්න ඔයත්....



ඔයා මොකද්ද මේ කරන්න හදන්නේ... එතකොට මෙයා...



කාන්ති සාවින්ද්‍යා දිහාවට හැරිලා කියද්දි ජයසේකර කාන්තිට වාඩිවෙන්න කිව්වා...



මේකයි මම ඔයාලට මේක කියන්න ඕන... මොකද මේක තවත් හංගන් ඉන්න එකේ තේරුමක් නැහැ... මේ කතාව එළියට එන්න තිබුනේ මීට කලින් වුනත් මොනමහරි හේතුවකට ඒක මටම කියන්න සිද්දවෙන විදියට දැන් වැඩ සිද්දවෙලා...



තාත්තේ විනාඩියක් ඉන්න....



තුහීගේ අයියා කතාව මැදදි කතා කරා...



පුතේ මෙහෙ එන්න... ඔයාට සෙල්ලම් කරන්න ඕනේද...



සාවින්ද්‍යාගේ ඔඩොක්කුවේ හිටපු කෙල්ලව කතා කරලා ළගට අරන් ඇහුවා... කෙල්ල ඔලුව වනලා ඔව් කිව්වා...



පුතා... මෙහේ එන්න...



තුහීගේ අයියා කතා කරද්දි අවුරුදු පහක හයක විතර පොඩි කොල්ලෙක් සාලෙට දුවන් ආවා...



එන්න.. මේ නංගිවත් ඔයාලගේ සෙල්ලමට ගන්න... යන්න පුතා මේ අයියා එක්ක...



අයියා කියද්දි සනූ බැලුවේ සාවින්ද්‍යා දිහා සාවින්ද්‍යා යන්න කියලා කිව්වම දෙන්නම ගියා සෙල්ලම් කරන්න...



හොදයි... මේකයි එහෙනන්... මටයි අම්මටයි(කාන්ති) මුලින්ම හම්බුනේ ඔයාලගේ අක්කව.. අක්කාගෙන් පස්සෙ අම්මට ලැබුනා දරුවො දෙන්නෙක්... එයාලා නිවුන්නු... ඒ එක්කෙනෙක් තමයි පුතේ ඔයා...



ජයසේකර තුහීගේ අයියගේ දිහාවට ඇගිල්ල දික්කරලා කිව්වා...



එතකොට අනිත් කෙනා...



තුහින ඇහුවා...



ඒ දවස්වල මගේ බිස්නස් එක මෙච්චර සරු නෑ.. මම හුගක් අමාරුවක වැටිලා හිටියේ ලෝන්වගයක හිරවෙලා... ඒවා ගෙවාගන්න බැරුව... ඉතින් ඔහොම ඉන්දැද්දි මගේ හොදම යාලුවෙක් මට උදව් කරා... එයාට හොදට සල්ලි තිබුනා.. පරම්පරාවෙන් හම්බුන ලොකු දේපලක් එයාට තිබුනා.. එයා මගේ බිස්නස් එක ගොඩ ගන්න මට නොසෑහෙන්න උදවු කරා...



හැබැයි එයා බැදලා හිටියට එයාට දරුවො හිටියේ නැහැ.. මට නිවුන්නු දෙන්නෙක් ඉපදුනා කිව්වම ඒ යාලුවා මගෙන් ඉල්ලුවා එක දරුවෙක් හදාගන්න... මගේ ජීවිතේ මම මහා හුගක් අසරණ වුන මොහොතක් පුතේ ඒක... මගේ ලෙයින් ඉපදුණු දරුවෙක් ව කොහොමද යාලුවට උනත් දෙන්නේ... හැම බැදීමකට ම වඩා ලොකුයි නේ ලේ බැම්ම... මම හිත හදාගත්තත් අම්මා කොහොමද මම කැමති කරවගන්නේ කියලා මගේ හිත අහද්දි මම අසරණ වුනා...



ඒත් මට යාලුවගේ ඉල්ලීම අහක දාන්න බැහැ... මොකද මම වෙනුවෙන් කිසිම දෙයක් බැහැ නොකිය මට උදවු කරා එයා... ඉතින් අන්තිමට අපි තීරණය කරා එක දරුවෙක් ව එයාලට දෙන්න... ඒ ඔයාගේ මල්ලිව අපි දුන්නා ඒ ජෝඩුවට... දෙන්නා ලොකුවෙන කොට ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා එයා නෝනයි දරුවයි එක්ක රට ගියා පදිංචියට... ඒ යාලුවා තමයි දුමින්ද සමරදිවාකර....



සාවින්ද්‍යා කටට අත තියාගත්තා... 



අපි ඔයාට හේෂාන් කියලා නම තියද්දි ඔයාගේ මල්ලි කේෂාන් කියලා නම තිව්වේ අපේ ආසාව නිසා... මොකද අම්මයි මමයි හුගක් ආසාවෙන් හිටියා ඔය දෙන්නට එක වගේ නම් තියන්න.. එකවගේ අන්දවන්න... ඒ නිසා මම යාලුවට කිව්වා ඒ නම තියන්න කියලා...



ඉතින් ඔන්න ඕකයි පුතේ කතාව... එතකොට මේ ඉන්නේ ඔයාලගේ සහෝදරයගේ නෝනා... 



ජයසේකර කතාව ඉවරකරද්දි හැමෝටම අහන්න ප්‍රශ්න හුගක් තිබුනා.. මුලින්ම ප්‍රශ්නෙ ඇහුවේ හේෂාන්...



එතකොට මගේ මල්ලිට මොකද වුනේ..



කදුලු පිරිච්ච ඇස් එක්ක එහෙම ඇහුවා...



එයා දැන් මේ ලෝකේ නැහැ පුතා... ඒත් ඔයා කණ්නාඩිය ඉස්සරහට ගියොත් ඔයාට කේෂාන්ව දකින්න පුළුවන්...



ඒ කියන්නේ....



ඔව්... ඔයා එක දශමයක් වත් වෙනස් නැහැ... ඔය දෙන්නා එකම වගේ...



සාවින්ද්‍යා උත්තර දුන්නා..



ඒකයි එහෙනන් ඔයා රැවටුනේ...



හ්ම්ම්



එතකොට මම කොහොමද මේක නොදැන හිටියේ...



තුහින ඇහුවේ මෙච්චර දෙයක් තුහින නොදන්න නිසා...



මොකද පුතා... ඔයා කේෂාන් ගැන අහපුවා විතරයි ඔයා දන්නේ.. එයාව දැකලා නෑ නේද...



දුරින් දැක්කා ෆොටෝ එකක... ඊට වැඩිය නම්....



ඒකයි හේතුව...



මෙච්චර වෙලා සද්දයක් නැතුව ඉදපු කාන්ති ඉකිගහලා අඩන්න ගත්තා...



ඇයි කාන්ති මේ...



ජයසේකර අහද්දි... කාන්ති උත්තර දුන්නා..



ජයේ... මගේ දරුවගේ මූණ ආයෙත් වතාවක් බලන්න ආස වුනත් මට ඒකට පින නැති වුනා... එයා අපට නොකියම යන්න ගිහින් නේද... 



එතනට සනූ දුවගෙන ආවේ සාවින්ද්‍යා හොයාගෙන.... කාන්ති සනූව ළගට කතා කරගත්තා...



මේ ඇස් නම්... කිසි වෙනසක් නෑ පුතේ... තාත්තා වගේමයි...



කාන්ති කෙල්ලව තුරුලු කරගත්තා... ටිකක්වෙලා තුරුලෙන් අයින් වුන කෙල්ල දැක්කා කාන්තිගේ ඇස්වල තියෙන කදුලු... කෙල්ල අතින් හිමි හිමීට කදුලු පිහදැම්මා...



ආත්තම්මා... අදන්න එපා.... ඇයි අදන්නේ... 



මුකුත් නෑ පුතේ...



කාන්ති කෙල්ලගේ ඔලුව ආදරෙන් අතගානවා...





හැමෝම තේ බීලා බිස්කට් කේක් එහෙම කෑවා...





සාවින්ද්‍යායි තුහිනයි එළියට ආවේ ඒ වෙලාවේ....



මේ දේවල්... හීනයක් වගේ...



තුහින කියන්නේ චූටි කෙල්ලව වඩාගන්න ගමන්...



ඔව් මටත්... මම කොහොමටවත් ම මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ තුහී...



ඒක තමයි... කොහොමහරි අන්තිමට ඔයාගෙයි මගෙයි ප්‍රශ්නෙ විසදුනානේ...



ඒත් දැන් ඔයාගේ අයියා මගේ හස්බන්ඩ් වුන එක ප්‍රශ්නයක් වෙයිද දන්නෑ..



එහෙම මුකුත් වෙන්නෙ නෑ කෙල්ලේ... මේ ඉන්නේ මගේ අයියගේ දරුවා තමයි... ඒත් දැන් මෙයා මගේ ප්‍රින්සස්...



කොහොමහරි මේ දේවල් සෙට්ල් වුන එක නම් ලොකු දෙයක්... හැබැයි ඔයාගෙ අයියා නම් ලොකු දුකකින් ඉන්නේ තුහී...



එහෙම නොවුනොත් නේ පුදුමෙ... මොකද එයාගේ එක කුසේ ඉපදුණු සහෝදරයනේ... එක දවසක්වත් දකින්න බැරි වුන නිසා තමයි ඔච්චර දුකක් ඇත්තේ...



ඇත්තටම දෛවය කියන දේ හරි පුදුමයි නේද...



හ්ම්... අන්තිමේදී අපිට එකට ජීවත් වෙන්නත් ඒකේ ලියවිලා නිසා මම ඒකට කැමතියි....



නංගි... එන්න....



සකුනි ඇවිත් කතා කරද්දි දෙන්නම ගෙට ගියේ දවල්ට කෑම කන්න...



කාන්ති හුගක් ආදරෙන් මිණිබිරීට කෑම කැව්වා... හැම ප්‍රශ්නයක් ම විසදුන නිසා සාවින්ද්‍යා හිටියේ හුගක් සතුටින්... 



කේෂාන්ගේන් ලැබුන ආදරේ තුහිනගෙන් ලැබුණ එක පුදුමයක් නෙවේ... 



සාවින්ද්‍යා සකුනි එක්ක කෑම කාලා ඉවර වෙලා එළියේ ඉදන් කතාවකට වැටුනා...



මොකද එයාලා සහෝදරයොනේ... ඒ නිසා වෙන්න ඇති....



ඔව්... එහෙම නිසා වෙන්න ඇති... ඒක නෙවේ අක්කේ හේෂාන් අයියා මොන වගේ කෙනෙක් ද...



එයා හුගක් හොද කෙනෙක් නංගි... තරහා ගියාම නම් ටිකක් වසයි... ඒත් එයා දරුවන්ට මට හරි ආදරෙයි...



තුහින මොකද...



ඇත්තටම කේෂාන්ගේන් පස්සෙ මම මගේ ජීවිතේට කාටවත් ලං වෙන්න දුන්නේ නෑ අක්කේ... මගේ හිත ගන්න පුළුවන් වුන එකම කෙනා තමයි එයා... ඇත්තට ම තුහින ආවට පස්සෙ මගේ ජීවිතේ ලොකු හිඩසක් පිරවුනා.. මගේ විතරක් නෙවේ මගේ කෙල්ලගේ අප්පච්චි කියන චරිතේ එයා එයාටම තෝරගෙන සනූවත් සතුටින් තියනවා... 



ඉතින් ආදරේ කියන්නේ මේකට නෙවේද... මට ඒ ආදරේ තුහිනගෙන් අඩුවක් නැතුව හරි ලස්සනට ලැබෙනවා අක්කේ....





🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂




අම්මෝ.... ඇති නේද... ඔන්න දිගට දුන්නා...😉



ළමයි කමෙන්ට් ටිකකුත් දාමු නේද...



අවංකෙන් ම අද කොටස ලස්සනයි නම් 🖤 හාර්ට් වලින් කමෙන්ට් බොක්ස් එක පුරවන්න... 🤗





Tj👻🖤 


Report Page