Princess ❤️✨️

Princess ❤️✨️

Tj👻🖤 

Princess ❤️✨️




යළි උදා වූ වස්සානය.....




විසිහත්වන වස්සානය 🍂🍂🍂 




සාවින්ද්‍යා රාමු කරපු කේෂාන්ගේ ෆොටෝ එක ගෙනත් සාලෙන් තිව්වා... මෙච්චර දවසක් එතන පාලුවෙලා තිබුනේ කේෂාන්ගේ අඩුව නිසා...



දැන් හලි....



සනූ ඇවිත් ෆොටෝ එක ළගින් වාඩිවුනා... 



අම්මේ දන්නෝද වැදක්...



මොකද්ද දෝණි....



සාවින්ද්‍යාත් ඇවිත් කෙල්ල ලගින් වාඩිවුනා...



මත අප්පත්තිලා දෙන්නෙක් ඉන්නවා....



දෙන්නෙක්....



ඔව් නෙ.... ගෙදර ඉන්න අප්පත්තියි, එළියෙ ඉන්න අප්පත්තියි...



කවුද ඒ... 



ඇයි අනේ මේ ඉන්නේ ගෙදර ඉන්න අප්පත්ති.... එතකොට අපි එක්ක එළියට යන්නේ අනිත් කෙනා...



අනෙ...අනේ... පැහිච්ච ආච්චි... 



සාවින්ද්‍යා කෙල්ලව තුරුලු කරගත්තා...



එතකොට මට කියන්න ඔයා වැඩිපුර ආදරේ කාටද කියලා...



මම දෙන්නට ම ආදරෙයි... මෙයා ඉතින් මගේ ළගට එන්නේ නෑනේ අම්මේ....



කෙල්ල කේෂාන් දිහාවට ඇගිල්ල දික්කරලා කියද්දි සාවින්ද්‍යා ඇස්වල කදුලු චූටික්කිට නොපෙනෙන්න පිහදලා දැම්මා..



අප්පච්චි හුගක් දුරනේ ඉන්නේ දෝණි... ඒ නිසයි එන්නේ නැත්තේ...



අප්පත්ති නැතුව පාලුවෙන් අම්මයි මායි ඉදපු නිතා අප්පත්ති අපිට අලුත් අප්පත්ති කෙනෙක්ව එව්වද අම්මේ...



කෙල්ල කියපු කතාවට දෙන්න උත්තරයක් සාවින්ද්‍යාට හිතාගන්න බැරිවුනා...



ම්ම්... සමහරවිට....



මම දෙන්නට ම ආදලෙයි ඉතිම්....



දෝණි.... 



ඇයී....



ඇයි දෝණි ගෙදරින් එළියේ ඉන්න අප්පච්චිට අප්පච්චි කියන්නේ...



දන්නෑ අම්මේ... මත එයාව දැක්කම හිතුනා එයා තමයි මදේ අප්පත්ති කියලා...



හ්ම්... එහෙමද....



අම්මේ මෙයා මත ආදලේද....



කෙල්ල කේෂාන් දිහාවට ඇගිල්ල දික් කරලා අහනවා...



ඔව් දෝණි... එයා දෝණිට ගොඩාක් ආදරෙයි... 



ඉතින් එහෙනන් ඇයි මදේ ළගත එන්නේ නැත්තේ අම්මේ...



දෝණි දන්නවද දෙයක්.... 



ම්හ්... මොකද්ද....



අපිට දෝණිව ලැබුන දවසේ මේ අප්පච්චි ඔයාව තුරුලු කරන් ඇඩුවා සතුටට... එතකොට දෝණි රෑට නිදාගන්නේ නැතුව අඩන කොට දෝණිව අතේ තියන් ඇවිදිනවා කාමරේ පුරාම... අප්පච්චි දෝණිට ගොඩාරියක් ආදරෙයි... අම්මටත් වැඩිය ආදරෙයි දෝණිට...



ඇත්තද අම්මේ... අප්පත්ති මත එච්චර ම ආදලේද...



ඔව් දෝණි... අප්පච්චිගේ මුලු ලෝකෙම වුනේ ඔයා... ඒත් අප්පච්චිට බැරි වුනා ඔයා ලග ගොඩක් කල් ඉන්න...



අම්මත් අප්පත්තිට ගොදක් ආදලේ නේද...



ඔව් පැටියෝ... 



සාවින්ද්‍යා කිව්වේ කෙල්ලගේ නලලට හාද්දක් දීලා... කෙල්ල සාවින්ද්‍යාගේ ඇගට හේත්තු වෙලා හිටියා...



ඇත්තටම කේෂාන් ඔයාද තුහිනව අපේ ළගට එව්වේ... ඔයා නැති අඩුව පුරවන්න ඔයාද එයාව එව්වේ... කොහොම වුනත් තුහින හුගක් හොද කෙනෙක් කේෂාන්... දුවටයි මටයි හුගක් ආදරෙයි... ඔයාව මන් තුහිනගෙන් දකිනවා... හැඩරුව විතරක් නෙවේ ඔයාගේ ගතිගුණ එයා ළග තියෙනවා... 



ඔයා අපි දිහා බලන් ඉන්නවද කියන්න මන් දන්නේ නෑ... හැබැයි ඔයාගෙන් පස්සෙ මාව වටින තව කෙනෙක්ව මට ලැබුනා... මම දැන් සතුටින් ඉන්නේ... මම ඔයාට ආදරෙයි... ඒක මෙච්චරක් කියන්න බෑ කේෂාන්... මොකද ඔයා තමයි මගේ පළවෙනි ආදරේ... කවදාවත් ඔයාව අමතක වෙන්නේ නෑ මට...



සාවින්ද්‍යා කේෂාන්ගේ ෆොටෝ එකට දෙතොල් තිව්වේ කදුලු කම්මුල් දිගේ පහළට වැටෙද්දි... ඒ ආදරේ ඒ තරම්ම හැගුම්බරයි... 



කෙල්ල දිහා බලද්දි සාවින්ද්‍යාගේ තුරුලෙම කෙල්ලට නින්ද ගිහින්... කෙල්ලව උස්සන් ඇදට ගියපු සාවින්ද්‍යා චූටික්කිව ඇදෙන් තියලා කොට්ටවලින් තාප්පයක් බැන්දේ කෙල්ලගේ දැගලිල්ලේ තරම හොදට ම දන්න නිසා...





🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂




පොඩ්ඩයි නේද ළමයි.... 



ඊලඟ එක ටිකක් දිගට දෙන්නම් කෝ....😁





Tj👻🖤 

Report Page