Pegasus Spyware

Pegasus Spyware


PEGASUS

ලොව පුරා විශාල කතාබහක් ඇතිකිරීමට සමත් වුනු ප්‍රංශය,පාකිස්ථානය,දකුණු අප්‍රිකාව වැනි රටවල රාජ්‍ය නායකයින් පවා බිය ගැන්වූ Pegasus කියන්නේ මොකක්ද? ඒ ගැන මෙතැන් සිට...

ඊශ්‍රායලයේ NSO Group එක නිපදවන ලද Pegasus Spyware එක 2016 පමණ සිට ලෝකයේ පැවති අතර මේ පිළීබඳ වැඩි අවධානයක් මේ පිළිබඳව යොමු වන්නේ ලෝකයේ පුද්ගලයන්ගේ දුරකථන අංක 50,000 ක ලැයිස්තුවක් නිකුත් වීමත් සමඟයි.මේ ලැයිස්තුවේ රටවල් 21 පමණ ජන මාධ්‍යවේදීන්ගේ දුරකථන අංක තිබී ඇති බවත් වාර්තා වේ.

PEGASUS

එමෙන්ම මෙසේ නිකුත් වූ ලැයිස්තුවේ රටවල් 11 ක පමණ රාජ්‍ය නායකයන්ගේ දුරකථන අංකද තිබී ඇති බව වාර්තාවල සඳහන් වන අතර ජනමාධ්‍යවේදීන්ගේ දූරකථන අංක මෙම ලැයිස්තුවේ අන්තර්ගත වූ බැවින් බොහෝ මාධ්‍ය ආයතන මේ පිළිබද සිය අවධානය යොමු කිරීමට කටයුතු කළහ.මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන්ම කටයුතු කරන Forbidden Stroies Organization එක සහ ඒ සමඟ එක් වූ Amnesty International ආයතනය ඉතා පුළුල් ගවේෂණයක් ආරම්භ කළ අතර මේ සඳහා Guardian පුවත්පත හා Washington Post යන මාධ්‍ය ආයතනන්ද එක් විය. මේ සදහා ජංගම දුරකථන 67 නියැදියක් ගෙන පරීක්ෂා කළ අතර එයින් Anroid මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන 3 ක් හා iPhone 37 ක් ඒ වන විටත් මෙම Pegasus Spyware හි ගොඳුරු වී අවසාන බවයි වාර්තාවල දක්වා ඇත්තේ.

Amnesty International

ඉහතින් සඳහන් කළ පරිදි නිකුත් වූ රාජ්‍ය නායකයින්ගේ නම් ලැයිස්තුවේ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, පාකිස්ථාන අගමැති Imran Khan දකුණු අප්‍රිකානු ජනාධිපති Cyril Ramaphosa ආදී ප්‍රබල රාජ්‍ය නායකයන්ගේ නම් තිබූ බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මේ අතර එක් වාර්තාවක සඳහන් වූයේ Emmanuel Macron සිය ජංගම දුරකථනය හා සියලු දූරකථන අංක වෙනස් කළ බවයි. ඒ වාර්තාවේ කොටසක් පහතින්;

French President Emmanuel Macron has changed his mobile phone and phone number in light of the Pegasus spyware case, a presidency official said on Thursday, in one of the first concrete actions announced in relation to the scandal.

"He's got several phone numbers. This does not mean he has been spied on. It's just additional security," the official told Reuters. Government spokesman Gabriel Attal said the president's security protocols were being adapted in light of the incident.

A global outcry was triggered when several international media organisations reported that the Pegasus spyware was used in hacking smartphones belonging to journalists, human rights activists, and government officials in several countries.

අපි මෙතෙක් අවධානයට යොමු කරේ මෙම Pegasus Spyware එක සම්බන්ධයෙන් වාර්තා වූ විවිධ ප්‍රවෘත්ති. දැන් අපි මෙය නිර්මාණය කළ ආයතනය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු.

ඔබ දන්නවා ඇති ඊශ්‍රායලය බොහෝ අංශවලින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වන රටක්.එමෙන්ම නොබෙල් ත්‍යාග ලාභීන් බොහොමයක් සිටින රටක්.කෙටියෙන්ම කිව්වොත් ඊශ්‍රායලය කියන්නෙ වැඩ්ඩො ඉන්න රටක් විදිහට හඳුන්වන්න පුළුවන්.ඉතින් මේ Pegasus Spyware එක නිර්මාණය කළ NSO Group එකත් ඊශ්‍රාලයේ පවතින සංවිධානයක්.NSO Group එක පවසන්නේ ඔවුන් මෙම නිර්මාණය ලබාදෙන්නේ රජයන් වෙත බවත් මෙමගින් අදාළ රටේ සිදුවන අපරාධ ආදිය මැඩලීමට අවශ්‍ය සහයෝගය ලැබෙන බවත්ය.කෙසේ වෙතත් මෙමගින් Privacy එක සඳහා දැඩි තර්ජනයක් එල්ල වී ඇත.

මෙම Spyware එක ඔබේ දූරකථනයට පැමිණිය හැකි ආකාර;

1.SMS

2.E-mail

3.Facebook

4.Whatsapp ආදී ලෙස ඕනෑම සමාජ මාධ්‍ය යෙදුමක් හරහා පැමිණෙන Link එකක් ලෙස මෙය ජංගම දූරකථනයට පැමිණිය හැක.

මෙහිදී ඔබට එක් දෙයක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එය තමයි එක් අවස්ථාවකදී මෙම spyware එක WhatsApp හරහා ලැබුනු ඇමතුමක් ලෙස දූරකථනයට පැමිණ ඇති බව පර්යේෂණයකදී අනාවරණය වී ඇත.

ආරක්ෂා වීමට උපදෙස්:

1.ඔබට විවිධාකාරයෙන් ලැබෙන Link මත click කිරීමේදී සැළකිලිමත් වීම.

ඔබට ලැබෙන Link එකක් මත click කිරීමට පෙර එයට ඔබට ලැබුනේ විශ්වාසදායී මූලාශ්‍රයකින්ද යන්න තහවුරු කරන්න.එසේ විශ්වාසදායිභාවය පිළිබඳ මත පමණක් කටයුතු නොකොට එය එවූ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසන්න.

2. ඔබේ ජංගම දූරකථනය යාවත්කාලීනව තබා ගැනීම.


Anroid හා Iphone යන දෙවර්ගයටම බලපෑම් එල්ල කළ Pegasus Spyware එක තම දූරකථනයේ ඇත්දැයි හඳුනා ගැනීමට Iphone සඳහා වූ iVerfy නම් යෙදුමක් හඳුන්වා දී ඇත.


අන්තර්ජාලය භාවිතයේදී සැළැකිලිමත් වන්න...

දිගටම අප සමඟ රැදී සිටින්න....


Join to our telegram channel

Follow Us on Twitter - @WidoxTech

@WidoxLK

#Pegasus


Widox Logo










Report Page