Paradise

Paradise

Dulaj Darmasingha

ඇත්ත කතාවක් 


මං දන්නෙ නෑ මේක කොහොම පටන් අරන් කොහොම ඉවර කරන්න ඕන කතාවක්ද කියලා 😞 ඇත්තටම කිව්වොත් මේක කතාවකට වඩා මං ඔයාලගෙන් ඉල්ලන උදව්වක්. මේ කතාව කියවලා මගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දීලා යන්න කියලා ඉස්සෙල්ලම ඉල්ලනවා 🙏



මං බාලිකා පාසලක ඉගෙන ගතිපු පොඩ්ඩක් අති පණ්ඩිත , නපුරු , කියන දේ මූණටම කියන ජාතියෙ චුට්ටක් දරදඬු කෙල්ලෙක් කිව්වොත් හරියටම හරි. මොන්ටිසෝරි කාලෙ ඉඳලා හිටපු එකම එක පිරිමි යාලුවෙක් ඇරෙන්න වෙන කිසිම පිරිමි යාලුවෙක් හිටියෙ නෑ .


කාලයක් යද්දි චුට්ට චුට්ට ලොකු වෙද්දි අර යාලුවත් මගෙන් ගොඩක් ඈත් උනා. එක අතකට ඒකට එක හේතුවක් මගේ යාලුවො . එයාලා ටියුෂන් ක්ලාස් වලදි එහෙම ඒ කොල්ලට මගේ නම කිව්වා. මට ඒ කොල්ලගෙ නම කිව්වා. සමහරවිට එයා ඒවා නිසා මගෙන් ඈත් වෙන්න ඇති .


ඒක අමතර කතාවක් 😁 කතාව ඒක නෙවෙයි 😌


අපේ පවුලට සමීප පවුලක පිරිමි ළමයෙක් මගේ යාලුවෙක් උනේ ඔය අතරෙදි. කාලයක් ඒ පවුල ආස්‍රය කරත් එයයි මායි අඳුරගෙන හිටියෙ නෑ . කොහොම උනත් දැන් අපි දෙන්නා හොඳම යාලුවො වගේ.


මං හිතන්නෙ මටත් නොදැනිම මං එයාට ආදරේ කරන්න ගත්තා. මට ඔය අනිත් අයට වගේ හීතල හුළඟක් හමාගෙන ගිහින් , හින්දි සිංදු ඇහිලා එක එක විකාර උනේ නම් නෑ 😂💔 මං එයාට ඇබ්බැහි වෙලා වගේ එකක් විතරයි උනේ 😁🙈


මං තාමත් දන්නෙ නෑ ඒක ආදරේද වෙන එකක්ද කියලා . හැබැයි මං ඒක ආදරේ වෙන්න ඇති කියලා හිතනවා. මං දවස පටන් ගන්නෙ , දවස ඉවර කරන්නෙ එයාගෙ මැසේජ් එකක් තියෙනවද බලලා. ඒ තරමට ඇබ්බැහි වෙලා මං 🥺


මේ ලඟදි දවසක එයා මට කිව්වා විශේෂ දෙයක් කියන්න තියෙනවා කියලා 🙈 


ඔයාලා හිතන දේම මටත් හිතුනා. මං ඉතින් දත කට මැදගෙන අහන් හිටියා මේ මොකද්ද කියන්න යන්නෙ කියලා 😁. 


(ආ කියන්න අමතක උනා නේ .... එයාට කලින් gf කෙනෙක් ඉඳලා තියෙනවලු. එයා කොහොමහරි මෙයාව දාලා ගිහින්ලු. )


ඒ බං .... මට උඹෙන් ලොකු උදව්වක් ඕන 🥺 ප්ලීස් බං බෑ කියලා කියන්න එපා 🙏 මට අර කෙල්ල නැතුව ඉන්න බෑ බං 😞 ප්ලීස් ආපහු එයාව මට ගෙනත් දීපන් බං 🤧 එයා මාව එපා කියලා ගියාට එයාටත් මං නැතුව ඉන්න බෑ බං 🥺 උඹ හොඳම යාලුවෙක් නේ මගේ 🥲 ප්ලීස් මට ඒ කෙල්ලව ගෙනත් දීපන්කෝ 🥺


ඕක ඇහුන ගමන් මට මොකක් උනාද කියලා හිතා ගන්න බැරි උනා. හිත කෑලි කෑලි වලට කැඩිලා ගියා වගේ දැනුනා. ඒ වෙලාවෙ වෙන කියන්න දෙයක් නැති කමට "අනිවා බං " කියලා කිව්වත් හිතට එකඟව නෙවෙයි එහෙම කිව්වෙ 🥺🤧


දැන් මට තියෙන ප්‍රශ්නෙ මං එයාට එයාගෙ කෙල්ලව ගෙනත් දීලා පැත්තකට වෙනවද? නැත්නම් එයාට ආදරෙයි කියලා කියනවද? 😖😖


මේ දැනුත් මං හිතනවා මොකද්ද කරන්න ඕන කියලා 🫀 කියනවා ආදරෙයි කියන්න කියලා 🧠 කියනවා එයාලා දෙන්නා එකතු කරලා පැත්තකට වෙන්න කියලා 🥲


මං මොකද්ද කරන්න ඕන?


උත්තරයක් දෙන්නකො ඔයාලට හිතෙන විදියට 🥺

Report Page