Mia

Mia

chamithi
13 වෙනි කොටස


මම ජෙෆ්රි දිහා බලන් හිටියා. “මගෙ අම්ම ගැන අරයා මොනාද කිව්වේ?” මම ඇහුවෙ ඉස්සර හිටපු මියා වෙනස් වෙලා කියල දැනෙද්දි.

අද එතැන් සිටට⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐


“ඒකද මේකනෙ මියා අර ලියුම තියෙන්නෙ? ඒක මොකක්ද කියල මම ඔයාට කිව්වෙ නෑනේ?”


“ඒකෙ තියනව බේඩ් පවුලට විරුද්ධව ඔක්කොම සාක්ෂි ටික” එයා කිව්වා.


වෙන්න බෑ නේ මම ඒක දැක්කනේ අංක වගයක් ඇරෙන්න වෙන මුකුත්ම තිබ්බෙ නෑ මව කල්පනා කළා. ජෙෆ්රිට මුකුත් නොකිය එයාගෙ කටින් ඒක එළියට ගන්න විදියක් මගෙ ඔළුවට ආවා.


“ඒත් ජෙෆ්රි ඒ ලියුම් කවරෙ ගොඩක් පොඩියි නේ?” මම ඇහුවා.


“ඔව් මොකද ඒකෙ නෙවෙයි සාක්ෂි තියෙන්නෙ” එයා කිව්වා.


මොන හතර බීරි කථාවක්ද ඒ ? දැන් ටිකකට කළින් ඒකෙ තියෙනව කිව්ව දැන් නෑ කියනවා.


“ආා?”


“ඔව් මියා ඒ සාක්ෂි ඔක්කොම තියෙන්නෙ බැංකු ගිණුමක.ලියුමෙ තියෙන්නෙ ඒකෙ අංක ටික පෙන්නුවමයි අපිට දැන ගන්න පුළුවන් සේප්පුව මොකක්ද කියල" එයා කිව්වා.


“ඔයාල බැංකුව මොකක්ද කියල දන්නව නම් , ඒකෙ ඔක්කොම සේප්පු බලන්න පුළුවන්නෙ ගොඩක් තිබ්බත් කාලෙ ගියත් අන්තිමට අරක අහුවෙයි” මම කිව්වා.


එයා ඔළුව දෙපැත්තට වැනුවා.


“ඔයා හිතන තරම් ඒක සුළු පටු දෙයක් නෙවෙයි , එතන සේප්පු 300 කටත් වඩා ඇති ඒ ඔක්කොම රටේ වැදගත් මිනිස්සුන්ගෙ රහස් හංගන් ඉන්නවා. ඒව හිතු මතේට චෙක් කරන්න බෑ අපිට ඇරත් එහෙම කළොත් ලොකු ප්‍රශ්නයක් වෙනව" එයා කිව්වට පස්සෙ තමා මට ඒක තේරුණේ.


“ඒ කෙයි මගෙ අම්මයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද?” මම ඇහුවා.


“ඔයාගෙ අම්මා එයා තමයි ඒ සාක්ෂි ඔක්කොම දුන්නේ”


විනාඩි කිහිපයකට එතන මීයට පිම්බ වගේ වුණා.


“ඒ හින්දද ඔයාල සැක කරන්නෙ මගෙ අම්ම මැරුණෙ අනතුරකින් නෙවෙයි කවුරු හරි එයාව මැරුව කියල?”


එයා ඔළුව වැනුව.


“ඔයාගෙ අම්මගෙ කාර් එක පුපුරල ගිනි ගත්තා.ඒකයි වුණේ”


මම බිම බලා ගත්තා.


“ඒ මගෙ තාත්ත නෙවෙයි , ඒ එයා නම් එයාට ආය වෙන කාවහරි බඳින්න තිබුණා. මන් පවා එයාගෙන් ඉල්ලුවා. ඒත් එයා අම්මට ආදරෙයි ඇත්තටම ඒ හින්ද එයා ඒක ගැන කතා කරන්නත් අකමැතියි. එයා නෙවෙයි කොහොමටවත් එයා එහෙම දෙයක් කළා කියල මම නම් හිතන්නෑ”


“ඔයා කියනවනම් එහෙම වෙන්නැති ,මට දුක එයාගෙ ජීවිතේට සාධාරණයක් කරන්න බැරි වුණ එක . මන් අසාර්ථකයි . ලියුම තිබුණනම්!” ජෙෆ්රි එහෙම කියද්දි එක පාරටම මගෙ කටෙන්


“මම ඒක කියෙව්වා” කියන එක එළියට පැන්නා.


“මොකක්ද ? දෙයියනේ මේකනම් තෑග්ගක් ! මට කියන්න ඔයාට ඒක මතකද?” එයා සතුටින් බංකුව වටේ පොඩි ළමයෙක් වගේ නටන ගමන් ඇහුව.


එයා දිහා බලද්දි මට ලොකු කළකිරීමක් ආවා. මේ කිසිම දෙයක් මට දකින්න නොතිබුණානම්!

මට අනිත් සාමාන්‍ය ළමයෙක් වගේ ඉස්කෝලෙ ගිහිල්ල ගෙදර එන්න විතරක් කරන්න තිබ්බනම්!


“මට හරියටම මතක නෑ ඒත් මම මතක් කරන්නම්" මට හොඳටම මතක වුණත් මම බොරුවක් කිව්වා.


“හරි ඒකට කමක් නෑ ඒත් ඇයි ඔයා කලින් කිව්වෙ නැත්තේ?”


මම එයාට උත්තර දෙන්න කළින්ම එයාට කොල් එකක් ආවා.


“මට විනාඩියක් දෙන්න” කිව්ව එයා ඈතට ගියා.


මම නැගිටල ඇතුළට යන්න ගියේ එළිය ගොඩක් ්‍සීතල හින්දා.


ඒත් මාව කාගෙ හරි ඇගක වැදුණා .


සීතල වතුර පාරකින් සපත්තු තෙත් වුණා.


“අනෙ පුංචි නෝන මට සමාවෙන්න මම දැක්කෙ නෑ” එතන හිටියෙ වයසක සුද්ද කරන ආච්චියෙක් එයා මාව නැගිට්ටෙව්වා.


“කමක් නෑ මම හිතන්නෙ මමයි උඩ බලාගෙන ආවෙ” මම කකුළ් ගසන ගමන් කිව්වා.


“ඒ කෙ පාඩුවට මම ඔයාට පොඩි තෑග්ගක් දෙන්නම්" එයා සුදු කෙස් පිටි පස්සට කරල මා ගාවට පහත්වෙන ගමන් කිව්වා.


“ඒ මොකක්ද?”


“පොඩි උපදේසයක්"


“උපදේශයක්?”


“වාසියට කවුරු ඔයාට ලං වුණත් ,අන්තිමට ඔයාට ඉතුරු වෙන්නෙ පවුල විතරයි,ඒ හින්ද හැමෝටම කලින් පවුල විශ්වාස කරන්න” 


මාව සීතල වුණා.


එයා ඒක දැනගෙන මාමගෙ කෙනෙක් .මම පිටිපස්සට දුවල ගියා.


ආය මාව කාගෙ හරි ඇගේ වැදුණා.


“මියා ඇයි මේ ඔයා බය වෙලාද? නෑනේද?”  දෙයියන්ගෙ පිහිටෙන් ඒ ජෙෆ්රි.


මම ආය පිටිපස්ස බැලුවා . එයා ගිහිල්ලා.නාකි වුණාට හාව වගේනෙ වැඩ.


“නෑ මුකුත් නෑ මට සීතලයි”


“අනේ මට සමාවෙන්න කවුදෝ පිස්සු මිනිහෙක් වැරදි නම්බර් එකක් ගහල”

අපි ඇතුළට යමු.”‍


“ජෙෆ්රි අංකෙ?”


“පස්සෙ බලමු ඔයා මුලින් විවේක ගන්න”


“හ්ම්ම්ම්" 


මම ඇඳ උඩට වෙලා අර නාකි ආච්චිගෙ කථාව කල්පනා කළා.


මට තවත් පවුලක් කියල එකක් නෑ මම අන්තිම තීරණේ ගත්තා.


…………………………………………………………………………….,.......................................

                                                      සති 2 කට පසු


                                               

“අපි දැන් සජීවීව සම්බන්ධ වන්නේ පොලිස් පරීක්ෂකයන් සමඟ”


“මේ සම්බන්ධව ඔබතුමා කියන්නේ කුමක්ද?”


“අපි බොහොකල් සිට මේ නීති විරෝධී ජාවාරම් ගැන පරීක්ෂණ කළේ, සාමාන්‍ය වියාපාරිකයන් සේ සිටි බේඩ් ව්‍යාපාරය තමා අපි ඉලක්ක කර ගත්තේ , දැඩි මහන්සියකින් කැපවීමකින් අනතුරුව අපි මේ ජයග්‍රහණය ලබා ගත්තා. නම් ගම් එළි කිරීමට විරුද්ධ බොහෝදෙනා මෙයට සහය දැක්කුවා.”


“මෙය සංවිධානය කළ සියලු දෙනාම දැන් අත් අඩංගුවට අරගෙනද සිටින්නේ?”


“ඇත්තටම නෑ හැබැයි අපි බොහෝ දෙනාව අත්අඩංගුවට අරගෙන සිටින්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලියම් වේල්ස් පැන ගිහින් තියෙනව .ඊට අමතරව ඇලෙක්ස් බේඩ් මීට අවුරුදු කිහිපයකට පෙර හමුදා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා. ලියම් වේල්ස් දැනට මේ ප්‍රාන්තයේ නැති බවයි සැක කරන්නේ. නමුත් ඔහු සොයා තාම පරීක්ෂණ ක්‍රිරියාත්මකයි.”



තවත් උණුසුම් පුවත් සමඟින් අප හමුවෙමු ලබන…………………..



මම ටීවි එක ඕෆ් කරල ආය අසනීප ඇඳේ වාඩි වුණා.


දොරට කවුරු හරි තට්ටු කළා.


“ඇතුළට එන්න”



“ජෙෆ්රි! දැක්ක කල් හැමදේම හරි ගියාට පස්සෙ ඔයාට මාව අමතක වුණා නේ?”

මම ඇහුවා.


“අනේ මියා ඔයාව අමතක කරනවඳ මම? මේ දවස් ටිකේ වැඩ ටිකක් වැඩී ,ඒත් මම ආවානේ බලන්නකෝ මම ඔයාට ගෙනාපු දේ”


“චොක්ලට්" ඒකනම් නියමයි. මම එකක් දැම්ම කටේ දා ගත්තා.


“මම ඔයාට තව පොඩි පණිවිඩයකුත් අරන් ආවේ” 


“ඒ මොකක්ද?” 


“අර මිසිස් ඩොන්ලෙගෙ කේස් එක ඔයාට ආය උසාවියන්න වෙනව ඒත් මාව විශ්වාස කරන්න ඔයාට ප්‍රශ්නයක් නෑ” එයා කිව්වා.



මගේ මතකෙ ආය මම උසාවියට ගිය පළවෙනි දවසට ගියා.

..................................................................................................................................


“අහන්න මියා මම දන්නව ඔයා බය වෙලා ඉන්නෙ කියල ඒත් ඔයා බය වෙන්න එපා .මම හොඳ නීතීඥයෙක් ගෙන්නල තියෙන්නෙ” හරිද?


“මට එපා ජෙෆ්රි මට බඩගිනි නෑ”


“මියා මම කියන දේ අහන්න”


“මම ට්කකට කළින්නෙ කෑවෙ ජෙෆ්රි?”



“දෙයියනේ මියාාා”


හරි ඉතින් මම අන්ධ භූත වෙලා හිටියෙ ඒ වෙලාවෙ


උසාවිය පටන් ගත්තා. මිසිස් ඩොන්ලෙත් ආවා. මිස්ට ඩොන්ලෙ තමා අපරාධ පරීක්ෂකයා.


මගෙ එහා පැත්තෙන් මගෙ නීතීඥවරිය වාඩි වුණා.


“ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා හරිද? මම ඔක්කොම බලා ගන්නම්”


එතනින් උසාවිය පටන් ගත්තා.එතන වෙච්ච කම්මැළි සිද්ධි මම මඟ අරින්නම්



අප:පරී - ස්වාමීනි මේ දැරිය පසුගිය ……. දින ඇගේ අනාථ නිවාස පාලකවරියට පහර දී වටින මාලයක් සොරා ගෙන ඇගේ මුදලුත් ගෙන පැන ගොස් තිබෙනවා.දැක් ඇය පවසනව ඒ මාලය ඇගේ පියා විසින් ඇයට දුන්නක් බව. 


මගේ:නීති- ස්වාමීනි දැරිය බොරු කියන්නේ නැති බව ඔප්පු කළ හැකියි


නඩුකාර: -එය ඔබගේ බව ඔප්පු කළ හැකිද?


මම:- එහෙමයි ස්වාමීනි මංඟාව ඒකත් එක්ක ගත්තෆොටෝ තිබ්බා.


අප:පරී - ඇගේ කට උත්තරයෙන් අප ගොස් සොයා බැලුවා ස්වාමීනි එවැන්නක් හමුවුණේ නෑ


එක පාරටම මාව නැගිට්ටුණා. මගේ එහා පැත්ත මාව ආය වාඩි කළා


නඩුකාර:- එය ඔබගේද?


මිසිස්:ඩො:- නෑ ස්වාමීනි නමුත් එය බොහෝ කලකට පෙර අනාථ නිවාසයෙ සිටි දැරියකට අයත් වූවක් ඇය එය දමා ගොස් තිබෙනවා.


මගේ:නීති:- මෙහි කිසිම විවාධයක් නෑ ස්වාමිනි සාක්ෂි ඉදිරිපත් කිරීමට අවසර


නඩුකාර:- අවසර ලැබෙනවා.


උසාවිය දොර ඇරගෙන ආපු කෙනාව දැක්කම මගෙ ඇස් උඩ ගියා


⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

තව කොටස් 3කින් විතර කථාව ඉවරවෙනවා.

අවසානය කවුරු හරි ගෙස් කරොත් එයාට විතරක් ඔක්කොම ටික මුල ඉඳන් අන්තිම වෙනකන් pdf එක එවනවා එතකොට දවස් 3 ක් ඉන්න ඕනෑනේ?🤣

කමෙන්ට් එකක් දාගෙනම යන්න😁😁

Report Page