Mia

Mia

chamithi
12 වන කොටස



“මම හිතන්නෙ මම ඔයාට පොරොන්දු වුණා හැමදේම කියනව කියලා” ජෙෆ්රි කථාව පටන් ගත්තා


...........අද එතැන් සිට........................................


“මට දැන් ටික කාලෙකට කලින් මිෂන් එකක් ලැබුණා.මම ඒක ඉහලින්ම කරන්න තීරණය කළා. හැමදේම ගැන තොරතුරු හොයද්දි මට  තැනක් තැනක් ගානේ යන්න වුණා.


ඒත් කිසිම සාර්ථකත්වක් තිබ්බේ නෑ. ඒත් එක දවසක් එයා මට කෝල් එකක් ගත්තා.මට තිබුණ අන්තිම නූල් පොට. ඒක තමයි ඔයා ගාව තිබුණ ලියුම .ඒ රහස් පරීක්ෂකයෙක්. මම එයාට පොරොන්දු වුණා එයාව කොහොම හරි බලා ගන්නව කියල ඒත් මට බැරි වුණා.

එයාව කවුරු හරි පැහැර ගත්තා. අන්තිමට කොහොම හරි පුදුමාකාර විදියට ඒක ඔයාට ලැබුණා.”


ජෙෆ්රි කථාව කියන අතරතුර පොලිස් කාන්තාවක් ආවා .මගෙ බ්‍රෙක්ෆස්ට් එක අරගෙන. සීනි සිරපුයි මෆිනුයි 😋😋😋


මම සීනි සිරප් ගොඩාක් මෆින් එක උඩට හලාගෙන ඒකෙ මනහර සුවඳ උඩට ඇද්දා.ම්ම්ම්.


මම ජෙෆ්රි දිහා බැලුවෙ මෆින් එක කටට යන අතර මඟ නැවතිලා තියෙද්දි.


එයාගෙ මූණෙ තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්?


හරියට නිකන් “මම මේ කෙල්ලට වැදගත් කථාවක් කිය කිය හිටියා ඒත් එයාට ඊට වඩා මෆින් ලොකු වෙලා වගේ බැල්මක"


“මාෙකද? , මම තාම උදේටවත් කාල නෑ .මෆින් කෑවට මගෙ හිත ඔතන.ඉතින් දැන් කියන්නකෝ ඔයා ඔච්චර අගය කරපු ඔය මිෂන් එක මොකක්ද කියලා?


එයාගෙ ඇස් ආය බරවුණා. ලොකු හුස්මක් බිම දැම්මා.


“මට සාමාවෙන්න මියා”


“මට කරන්න තිබුණු මිෂන් එක තමයි බේඩ් පවුලෙ ජාවාරම් ඔක්කොම හොයාගෙන නැති කරල දාලා ඒවට අදාල අයව අත්අඩංගුවට ගන්න එක”


එකපාරටම මාව උඩ ගියා. කටේ රසකරකර තිබ්බ මෆින් එක මැටි ගුලියක් වගේ වුණා. අමාරුවෙන් හරි ඒක ගිල්ලේ එළියට දාන්න බැරි හින්දා. 


මගේ උගුරේ මොකක් හරි හිරවෙලා එළියට පනින්න  බලන් හිටියා.හරියට ඉඳිකටු පබා්ලයක් ගිල්ල වගේ


“ඔයා මොකක්ද කියන්න හදන්නනේ?” මම ඇහුවෙ මගේ ඇස් පුපුරු ගහද්දි.


“ඒක ඇත්ත මියා” එයා බිම බලාගෙන කිව්වා.


“ඔයා ,ඔයා ද මගෙ තාත්තගෙ මරණෙට වගකියන්න ඕන?ඒක එහෙම නෙමෙයි කියන්න .කියන්න"මගෙ ඇස් පුපුරු ගහන්න ගත්තා. 


අනේ ජෙෆ්රි කියන්නකා්ෙ මම ඔයාව විශ්වාස කරපු එක වැරදි තීරණයක් නෙවෙයි නේද ?මම ජෙෆ්රි දිහා බලාගෙන නිහඬවම ඉලලුවා.


ජෙෆ්රි බිම බලා ගත්තා.


“මිනීමරුවා,ඔයා නිසා තමයි ඔක්කොම ඔයා තමයි ඔක්කොටම වැරදි !!.” මම කෑගහන්න ගත්තා.


මගේ ජීවිතේ වුණ හැමදේම නරක දේවල් වල වැරදි ජෙෆ්රි පිට දාන්න මට ඕනි වුණා.ඒත් මගේ හිත අවංකවම දැනන් හිටියා ඒ එක දේකටවත් ජෙෆ්රි අදාල වෙන්නෑ කියලා.


“ඇත්තටම මට ඔයාගෙ තාත්තවත් වෙන කාවවත් මරන්න උවමනා වුණේ නෑ,ඒත් ඒක වුණා.එදා මම එහෙම නොකෙරුවානම් අද මමවත් මගේ කණ්ඩායමවත් මෙතන නෑ”එයා කියන්න ගත්තා.


මගෙ ඇස් වලින් කදුළු වැල් බේරෙද්දි මම ආයෙත් කොට්ටටෙ ඔළුව ඔබාගෙන ඇඩුවා.


මට අම්මව පේනව වගේ දැනුනා. “ඔයා තමයි ඔක්කොටම වගකියන්න ඕන.ඔයාට මාව අරන් යන්න තිබ්බේ. ඔයා මැරුණ එකමයි හොඳ.” මම එයාට කෑ ගහන්න ගත්තා.


 එහෙම්මම හැම දේම අදුරු වුණා.


…………………………………………….


මගෙ ඔළුව ගිනි ගන්නවා වගේ දැනුණා.

සීතල අතක් මගෙ නළල උඩ තිබුණා.


මම යාන්තමට ඇස් ඇරල බලද්දි එතන ගෑනු කෙනෙක් හිටියා.


එයාට රත්තරන් පාට කොණ්ඩෙකුයි අළුපාට ලස්සන ඇසුයි තිබ්බා.


තාම හැමදේම බොඳයි.


“මම මැරිලද?” මම ඇහුවා;.


“නෑ වස්තුවේ ඔයාට ටිකක් උණ තිබ්බා ඔයා දවස් 3ක් විවේක ගත්තානේ දැන් ඔයාට හොඳටම හොදයි.” එයා කිව්වා.


මම ඩොක්ටර් ක්ලෙයා.. 


මම ඇදේ වාඩි වුණා. ක්ලෙයා මගේ මූණ මොකක්ද රෙද්දකින් පිහිදුව .දැන්නම් මට හොදට පෙනුනා.


මම වටපිට බැලුවා . මම හිටියෙ අසනීප කාමරයක. එතන සෝෆා එකක් තිබ්බා.


ඒකේ ජෙෆ්රි නිදාගෙන හිටියා.


ක්ලෙයා මගේ ඇදුම හදන්න ගත්තා.


“එයා ඔයාට අසනීප වෙච්ච දවස් ටිකේම මෙතනමයි හිටියේ.” එයා කිව්වා

“මම ඉස්සර හමුදා රෝහලක වැඩ කළා.,එයා ගොඩක්වෙලාවට එක එක අය එක්කන් ආවා.

එයා වැඩිය සද්ද බද්ද නැති කෙනෙක් . එයාට ඔයාවනම් විශේෂයි වගේ.සමහරවිට එයාට එයාගෙ පොඩි කාලේ මතක් වෙනව ඇති.”


“ජෙෆ්රි ගැනද කියන්නේ?”


“ඔව් එයත් ඉස්සර අනාථ ළමයෙක් ,ඉන්න මමගිහින් එයාව ඇහැරවන්නම්.”


ක්ලෙයා එයා ළගට ගියා."මිස්ටර් , නැගිටින්න”එයා කථා කළා.


ජෙෆ්රි උඩ ගියා.


ක්ලෙයාව දැක්ක ගමන් ජෙෆ්රි එයාගෙ ලොලිපොප් එක තරමටම රතු වුණා.


“ good morning ඩොක්ටර්" එයා ඹළුව පිටිපස්ස අත ගාන ගමන් ිම බලාගෙන ඇහුවා.


“අන්න කෙනෙක් ඔයා එනකන් ඉන්නවා.” ක්ලෙයා කිවවා.


“ආා මියා” ජෙෆ්රි මන් දිහාට එද්දිම මට බෙඩ්ශීට් එකේ කොණ ගැන අමුතු උනන්දුවක් ආවා.


එදා බැන්න විදියට මම කොහොමද එයා එක්ක කථා කරන්නේ?


“මියා ඔයාට කොහොමද දැන්?” එයා ඇහුවා.


“හොදයි” මම බෙඩ්ශීට් එකේ කොණ අඹරවන ගමන් කිව්වා.


ක්ලෙයා දොර වගෙන එළියට ගියා.


“මියා මට සමාවෙන්න" ජෙෆ්රි කිව්වා.


“ඒකට ඔයා වැරදි නෑනෙ ජෙෆ්රි , මට දුක හිතුණු හින්දයි බැන්නෙ ඒකට ඔයාගෙ වරදක් නෑ.”


මම ජෙෆ්රි ගෙ මූණ දිහා බැලුවා.


මටකථාව වෙනස් කරන්න ඕනි වුණා.


“ඩොක්ටර් ක්ලෙයා හරි ලස්සනයි නේද ජෙෆ්රි?”


එයෙ අසිහියෙන් වගේ “ හ්ම්ම් , මොකක්ද? නෑ මේ මං කිව්වෙ ඔව්"


මම එයාට එපා කරපු හිනාවක් දැම්මා.


“මොකද? ලස්සන කෙනෙක්ට ලස්සනයි කියාන්නැතුව කැතයි කියන්නද? පණ්ඩිත ආච්චි”


කියාගෙන දොරත් වහගෙන එළියට ගියා.


මම ආයෙත් කොට්ටෙට ඔළුව තිබ්බා.


මට එහෙම්ම නින්දගියා .මට හීනෙන් පෙනුනෙ පරණ මතකයක්.


මායි තාත්තයි දෙන්නම හිටපු කාලෙ එකක්.


මම ඉස්කොලෙ ගිහිල්ල ඇවිල්ල බෑග් එක විසික් කළා.

තාත්තා සෝෆා එකේ හිටියා. මම දුවල ගිහිල්ල එයාගෙ බෙල්ල බදාගෙන සෝෆා එක උඩට පැන්නා.


“ආා මේ මගේ චණ්ඩි පැටියා ඇවිල්ලා . අද කොහොමද ඉස්කෝලේ?” එයා මාව බදාගෙන හුරතල් කරන්න ගත්තා.



“තාත්තේ මට ලොකූ …. ප්‍රශ්නයක් තියෙනවා” මම ඇහුවා.


“ඒ…. මොකක්ද අනේ ඒ්? කවුරු හරි ගැහුවද ඔයාට” එයා මාව බදා ගෙන තුරුල් කර ගත්තා.


“නෑ” 


“එහෙනම්”


“ටීචර් මේක දෙන්න කිව්වා.” මම තාත්තට ලියුමක් දුන්නා.


මම තාත්තට උඩින් එබිල බැලුවා.



“ඔබේ දරුවා මියා බේඩ් ගැන සාකච්චා කිරීමට අවශ්‍යයි.ඇය පාසලේ ළමයි බොහොමයක් සමඟ ගැටුම් ඇති කරගෙන තිබෙනවා. කරුණාකර පැමිණ හමුවන්න.”



“මියා ඇයි මේ පිරිමි ළමයෙක් වෙලා මමවත් පොඩි කාලෙ ඔයවගේ දෙවල් වල පැටලුණේ නෑ.”

එයා ඇහුවා.


“එයාල මට වැඩ බෑ කියල හිනා වෙනව .තාත්තට තේරෙන්නෑ.මොකද ඔයාට නරක ටීචර් කෙනෙකුයි,මෝඩ මොළේකුයි තිබිල නෑනේ”


එයා මන් දිහා බලාගෙන හිටියා.


“හරි මන් ටීචරව හම්බෙලා බලන්නම්කෝ.කවුද මගේ චණ්ඩි පැටියට පාට් දාන්නෙ කියලා”

මම නින්දෙන් ඇහැරුණා.


මගේ ඇස් කදුළු වලින් පිරිල තිබ්බා.



පහුවදා උදේ නැගිට්ටට පස්සේ මාව ජෙෆ්රි කාමරයකටමරයකට එක්කන් ආවා.

එතන මැද ලොකු මේසෙකුයි වතුර ඩිකැන්ටරයකුයි තියල තිබ්බා.

   


මම ගිහිල්ල එතන වාඩි වුණා. ජෙෆ්රි කිව්ව විදියට දැන් ප්‍රශ්න අහන අය එන්න ඕන මම වාඩිවෙලා බලන් හිටියිා


දොර ඇරෙන සද්දෙට මම පිටිපස්ස බැලුවා. දොරෙන් ඇතුළට ආවෙ දුඹුරු පාට කොණ්ඩයක් තියෙන ගෑනු කෙනෙකුයි රත්තරන් පාට කොණ්ඩයක් තියෙන මැදි වයෙසෙ පිරිමි කෙනෙකුයි.


එයාල ඇවිල්ල මා ඉස්සරහින් වාඩි වුණා.


“කොහොමද මියා , මම තමයි නෙලී ඩීන් , මම හිතන්නෙ ජෙෆ්රි ඔයාට මෙතන වෙන දේ පැහැදිලි කරන්න ඇති? ඔයා අපිට මේ වැඩේට උදව් කරනවනේ?” එයා ඇහුවා.


“හ්ම්ම් මම උදව් කරන්නම්" මම ගෑණු කෙනාට අතට අත දීල ආය වාඩි වුණා.


රත්‍රන් පාට කොණ්ඩෙත් මට අතට අත දුන්නා.ඒත් එයාගෙනම් ප්‍රියමනාප බවක් ගෑවිලාවත් තිබුණෙ නෑ.


පිරිමි කෙනා ගෑණු කෙනාට ෆයිල් එකක් දුන්න .එයා ටික වෙලාවක් ෆයිල් එකේ තිබ්බ එක කියෙව්වා.ඒ අතරෙ දොර ඇරගෙන ආපු ජෙෆ්රි මට ඇහැක් ගහල දොර ගාවම බිත්තියට හේත්තු වුණා.


ටිකකින් ආය ගෑනු කෙනා පටන් ගත්තා.


“මියා මම ඔයාට වුණ දේවල්  කියනව එතෙන මොනා හරි වැරැද්දක් තියෙනව නම් කියන්න"

මම ඔළුව වැනුවා. මගේ අතේ ඇගිලි එකට වෙලුණා. ලොකු හුස්මක් ගත්ත මම මගේ පාපොච්චාරණයට ලෑස්ති වුණා.


“ඔයාගෙ නම මියා බේඩ් .වයස අවුරුදු 12 යි . ඔයා හිටියෙ මෑන්හැටන්වල චිල්ඩර්න්ස් කෙයා කියන අනාථ නිවාසෙ .?”

මම ඒකට එකග වෙනව කියල පෙන්නන්න ඔළුව වැනුවා.


“ඔයා එහෙන් පැනල ගියා අනාථ නිවාස පාලකවරියගෙන් වටින මාලයකුත් ඇගේ සල්ලිත් අරගෙන තව එයාට ගහල?”


“ඔහොම ඉන්න ඔහොම ඉන්න! ඒක මගෙ මාලෙ මිසක් මම හොරෙන් ගත්තු එකක් නෙමේ ඒක මගෙ තාත්ත මට දුන්නෙ" මම කිව්වා ඒ අතරෙ මගෙ අත නොදැනීම ගියේ මගෙ මාලෙට .

“ඒක මගෙ අම්මගෙ එකක්" මම කිව්වෙ ලියම් ගාව තිබුණු අම්මගෙ ෆොටෝ එක මතක් කරන ගමන්


“මියා ඔයා ඇත්ත කියන්න කොහොමටවත් බය වෙන්න ඕන්නෑ.ඇරත් ඔයා තාම පොඩි ළමයෙක් නෙ මෙහෙම අත්වැරදීම් වෙනව කොහොමත්.”


“පුහ්” “අත්වැරදීම්?” රත්‍රන් කොණ්ඩෙ තරහින් වගේ එහෙම කියද්දි දුඹුරු කොණ්ඩෙ එයාට රැව්ව. එයා අහක බලා ගත්තා.


“මොනවද කියන්නේ? ඒක මගේ. මන් ගාව ෆොටොත් තිබුණා. හරි මම පිළිගන්නව මිසිස් ඩොන්ලෙගෙ සල්ලි ගත්ත කියල . තව එයාට ගැහුව කියලත්.ඒ මන් කලබල වුණ හින්ද මට කරන්න වෙන දෙයක් තිබුණෙ නෑ. ඇරත් මිසිස් ඩොන්ලෙ මගෙ මාලෙ කිසිම හේතුවක් නැතුව ගත්ත එක තමා ලොකුම වරද” මම එක හුස්මට කියාගෙනගෙන ගියා.


දුඹුරු කොණ්ඩෙ පිරිමි කෙනා දිහා බැලුවා.මම හැරිල ජෙෆ්රි දිහා බැලුවෙ මොනාද මේ වෙන්නෙ කියල අහන බැල්මක් දාගෙන.


මම දන්නෑ කියල අදහස් කරන්න වගේ එයා උරහිස් ඇකිලුවා.


“මොනාද මිසිස් ඩීන් ඔයා මේ පුංචි හෙර කියන දේවල්ද විශ්වාස කරන්නේ? නැත්තම් මගේ වයිෆ් කියන දේවල්ද මගේ් වයිෆ් මෙයාලත් එක්ක වැඩ කරන්නෙ අවුරුදු ගාණක් ඉදල”

රත්‍රන් කොණ්ඩෙ එහෙම කියද්දි තමා මට හැම දේම තේරුණේ

“ඔයා මිස්ට ඩොන්ලෙ එහෙම නේ?”මම ඇහුවෙ ලොක්කෙක් වගේ පුටුවෙ පිටිපස්සට බර වෙන ගමන්.


“ඔව් ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?”එයා මට රැව්වා.


මම සමච්චල් හිනාවක් දාගෙන “දැන්නෙ මට තේරුණේ මෙයා මෙච්චර බොරු කියන්නෙ ඇයි කියල, පේනව නේද මිසිස් නිලා?”..... නෙලී මම නෙලී ඩීන් දුඹුරු කොණ්ඩෙ මැද්දෙන් පැන්නෙ මට බාදා කරමින්. 


“කවුරු හරි මම කිව්වේ පේනව නේද මෙයා වයිෆ්ව බේරගන්න හැම වැරැද්දම මට දාල සුදන වගේ ඉන්න විදිහ. ලැජ්ජයි මට කොච්චර නරක වැඩ කළත් මගෙ තාත්තවත් වැරදි පොඩි ළමයෙක් පිටින් දාල බේරෙන්න හදන එකක් නෑ මට විශ්වාසයි” මම එහෙම කිව්ව හැටියෙ මිස්ටර් ඩොන්ලෙ රතු වුණා.


“ඔයා මොනව කියනව කියලද හිතාගෙන ඉන්නෙ තමුන්ගෙ තාත්තව මට සම කරන්න හදනවද ? මම රජයේ ගෞරවනීය අපරාධ පරීක්ෂකයෙක් .ඇරත් තමුන් මාව සම කරන්න හදන්නෙ තමන්ගෙ ගෑනිවම මරා ගත්ත මිනිහෙක්ට . අඩුම තරමෙ එයාට එයාගෙ දුවව වත් හරියට හදා ගන්න තිබ්බා. මන්දබුද්දිකයෙක් කරන්නැතුව” එයා කෑ ගැහුවා.


එයාගෙ අතෙන් ඇද්ද ඩීන් “ඕක නවත්තන්න" කියල කෑ ගැහුවා.


පළවෙනි වතාවට මට මිනීමරන්න තරම් කේන්තියක් ආවා.මට කවදාවත් එහෙම දැනිල නෑ.මගෙ කන් දෙකින් දුම් දානව වගේ දැනෙද්දි මම නැගිට්ටා. පවුලෙ පුරුද්දටද කොහෙද එක පාරටම මගෙ අත ගියේ වතුර වීදුරුවට.


මම ඒක අරගෙන උපරිම වැර දාල ඩොන්ලෙට දමල ගැහුවා.


මොකක් හරි එයාගෙයි මගෙයි පූරුවෙ පිනකට එයා නැවුණා.


වතුර වීදුරුව බිත්තියෙ වැදිල කෑලි දහස් ගාණකට බිදිල ගියා.


මගෙ ඇගම දාඩිය දාලා.


ජෙෆ්රි මාව අල්ල ගන්නව තේරුණා.


“මේ යක්ෂණීව එළියට අරන් යනව ජෙෆ්රි” ඩොන්ලෙ කෑ ගහන්න ගත්තා.


ජෙෆ්රි මාව ඒ අප්‍රසන්න මිනිහගෙන් ඈතට අරන් ගියා


ජෙෆ්රි මාව ටිකක් එළියට අරගෙන ගියා.


මම බංකුවෙ වාඩි වෙලා හිටියා. මට ලොකු වේදනාවක් දැනුණා. ඒ මිනිහ කියන දේවල් ඔළුවෙ හොල්මන් කරනව වගේ . ගෑනිව මරපු මිනිහා,මන්දබුදදික කෙල්ල


මට ඇඩුන්නෑ මම ඔක්කොම හිර කර ගත්තා.


“මගේ උපදේශෙනම් ඔයා දුකක් දැනුනම හයියෙන් අඩන්න හිර කරගන්න එකෙන් ඔයාට කිසිම සහනයක් ලැබෙන්නෑ.” ජෙෆ්රි මගේ එහා පැත්තෙන් වාඩි වුණා.


“ඇයි?” මට කතා කරගන්නත් අමාරුවෙන් හිටියෙ .


“ඒක තමා ඔයාගෙ පවුලෙ ලක්ෂණේ , ඒත් ඒක හොඳ දෙයක් නෙවෙයි . ඇඩුවම දුක තුනී වෙනව හිර කරගත්තම ඒක වෛරෙකට හැරෙනවා. මම ඒක දැක්ක හොඳටම. එතන හිටියෙ  නියම මියා බේඩ්. බේඩ් පවුලෙම උරුමක්කාරි . මම එයාව අදුරන්නෑ. ඒත් මම දන්නේ මියා වේල්ස්ව. එයා ඔයා තුළ ජීවත් කර ගන්න ඕන. එහෙම ගත්තෙ නැත්තම්

ඉදල හිටල තරහ ගියාම මතු වෙන බේඩ් හැමදාම ඔයා ළග ඉදියි.ඒක ලොකු විනාශයක් වෙන්න පුළුවන් අනිත් හැම කෙනෙක්ටම වඩා.”


මම එයා දිහා බැලුවා. එයා අදහස් කරනදේ මට තේරෙනව. එයා කියන්න හදන්නෙ මම මාව පාලනය කර ගත්තෙ නැත්තම් ඊළඟට එයාට මර්දනය කරන්න වෙන භයානකම බේඩ්  මම වෙන්න පුළුවන් කියලයි.


“මම නම් එහෙම හිතන්නෑ ජෙෆ්රි කොහොමත් මන්දබුද්දිකයෙකුට එච්චර දෙයක් කරන්න බෑ” මම නැගිටල යන්න ගියා. එයා මාව නැවැත්තුවා.


“ගොඩක් මිනිස්සු තේරුම් ගන්න අමාරු දේවල් කරන අයට මෝඩයා කියනව ඒ එයාල බුද්ධිමත් කියල හිතන හින්දා.”


“සමහර කට්ටියගෙ ජිවිතේ සමහර මතක එයාලව වෙනස් කරනව මියා.ඔයා කියන විදියට මටනම් තේරුණේ ඔයාගෙ තාත්ත ඒක ගැන ගොඩක් හිතල තියෙනවා.එයා පරිස්සම් වෙලා ඒ වගේ මතක ඔයාගෙන් ඈත් කරල.”


“ඒත් මට තේරෙන විදියට එයා නැති හින්ද ඒව ඔයාව හොයාගෙන එනවා. එයාට ඕනවෙන්න නැතුව ඇති ඔයාත් එයාවගේ වෙනව දකින්න.ඒ හින්ද ඔයා දැනගන්න ඕන ඒවගෙන් ඈත් වෙන්න.”

මම ජෙෆ්රි දිහා බලන් හිටියා. “මගෙ අම්ම ගැන අරයා මොනාද කිව්වේ?” මම ඇහුවෙ ඉස්සර හිටපු මියා වෙනස් වෙලා කියල දැනෙද්දි.

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

අද ගොඩක් වැඩියි වගේ නේද?

ඉක්මනට දීල ඉවර කරන්න හඳන්නෙ එහෙම හොඳයිනේ?

අදහස් කියාගෙනම යන්න😁යන්න





Report Page