Mia⭐

Mia⭐

chamithi
5 වන කොටස

“අනේ දෙයියනේ මම එයාව මැරුවද ?” මම කල්පනා කළේ අත් දෙකත් ඔළුවෙ ගහගෙන.

මම අසිහියෙන් වගේ කාමරේ පුරාම ඇවිදින්න ගත්තා.මම ආයෙත් මිසිස් ඩොන්ලෙ දිහා බැලුවා . එයා කිසිම හැල හොල්මනක් නෑ .



මගෙ ඇස් ගියෙ මිසිස් ඩොන්ලෙගෙ පර්ස් එකට මම ඒක අතට අරගෙන සාක්කුවට දා ගත්තා. මම මෙහෙන් යනවා මම අන්තිමතීරණෙ ගත්තා.


මම තවත් මහෙ හිටියයොත් මාව පොලීසියට අරගෙන යයි. ඊට පස්සෙ මට වෙන්නෙත් තාත්තට වුණ දේම තමා. මගෙ ඔළුව පුපුරන්න වගේ ආවා.


මම අනාථ නිවාසෙ පිටිපස්සට ගියා.ඉදල හිටල කම්මැලි වුණාම හොරෙන්ම එළියට ගියා මම ඒ විදියටම අනාථ නිවාසෙ තාප්පෙට බැරල් එකක් හේත්තු කරල තාප්පෙන් එහා පැත්තට පැන්නා.


මම හීතලේම හයියෙන් දුවන්න ගත්තා . මම මිනීමරැවෙක් වෙලා අද ඉදල හැමෝම මාව හොයන්න ගනී . මගේ ඔළුව අස්සෙන් කවුදො කියන්න ගත්තා


නෑ නෑ ඒක හදිසි අනතුරක් විතරයි, ඇරත් මොන ලෝකෙද ට්‍රේ එකක් වැදුණා කියල ඇතින්නක්  මැරුණේ. ඒ ඔළුවෙන් ආපු තව හඩක්.


මම කෙළින්ම ගියේ බස් නැවතුමට. මම එතන සෑහෙන වෙලාවක් බලා හිටියා.

ගතවුණු හැම තප්පරයක් ම මට දැනුනෙ පැයක් වගේ ඒ හැම මොහොතකම මම බයෙන් වෙවුලුම් කෑවා.


මට දැනුයි තාත්ත කොච්චර පීඩනයකින් ඉන්න ඇද්ද කියල තේරුණෙ , මියාා මියාා ඔයා මේ මොන විකාරද හිතන්නෙ ඒක අනුකම්පා කරන්න පුළුවන් වැරැද්දක් නෙමෙයි 


මම මාත් එක්කම වාද කරන්න ගත්තා .මට නිකන් පිස්සු වගේ 


මේ අහන්න මියා එයා මැරුන්නැ. ඔයා ඕනවට වඩා හිතනවා . ඕක අමතක කරල දාලා ඊළගට මොනාද කරන්නෙ කියල හිතන්න. මම මටම කියා ගත්තා.


බස් එකක් ඒ වෙලාවෙ ආවා. මම බස් එකට නැග්ගෙ මාලෙයි සල්ලියි විතරක් අතේ තියාගෙන.


ඒ බස් එකේ ගොඩක් අය හිටියෙ නෑ මම ගිහිල්ල මැදක වාඩි වුණා. මම ළග හිටිය මිනිහ දිහා මම බැලුවා. එයා ඇගිල්ලෙන් නහය හාරලා ඒ ඇගිල්ල කමිසෙ පිහිදුවා. එයා මන් දිහාට හැරිලා අවලස්සන හිනාවක් දැම්මා මම එයාව ගන්න ගන්නැතුව පිලිකුලෙන් අහක බලා ගත්තා.

"පැනල යනව නේ?" අප්‍රසන්න මිනිහ ඇහුව.

මාව සීතල වෙලා ගියා.

"අතඇරල දාන්න බොරු කියන්න මහන්සි වෙන්න ඕන්නෑ.මෙතනින් ඕන තරම් අය පැනල යන්නැති.මට එයාලව හොදට අදුරන්න පුළුවන්."

දැන් මොකද කරන්නේ? මෙයා මාව අහුකරල දෙයිද?

"සල්ලි" "ඒක තියෙනවනම් මගෙ කටට ඉබ්බ දාගන්නව" එයා කිව්වා.

මට මතක් වුණේ අන්තිම මොහොතෙ විද්ද මිසිස් ඩොන්ලෙගෙ පර්ස් එක.

මමට මෙච්චර අසාධාරණ කරලත් හිස් අතින් යන්නෙ කොහොමද?

මාව මිසිස් මෂ් ගබඩාවෙන් ගත්තෙ නැත්තම් දැනටමත් සීතලට මැරිල.

මම පර්ස් එකේ තිබ්බ සල්ලි ඔක්කොම එයාට දුන්නා.

"ෂා හොඳ කෙල්ල. "එයා සාක්කුවට ඔබාගෙන ගියා.

මම මිසිස් ඩොන්ලගේ පර්ස් එක බැලුව.

ඒකෙ මොනාද ලියුම් වගයකුත් ඔබල තිබ්බා.

මමම එවා ටිකක් උඩින් උඩින් බැලුවා.

බිල් බිල් බිල්

ඒ අස්සෙ මට ඇහැ ගැටුණෙ මගෙ නම.

මම ඒ ලියුම ටිකක් කියෙව්වා


මියා බේඩ්

දෙමාපිය සංගමය

පාසල් ප්‍රධානි තුමා වෙත

ළමුන්ට ඉගෙනීමට සුදුසු වාතාවරණයක් සෑදීම


ඉහත නම සදහන් දරුවාගේ වැරදි හැසිරීම් හා වැරදි පවුල් පසුබිම් නිසා එම පන්තියේ ඉගෙනුම ලබන ළමුන්ට මෙන්ම ගුරුවරුන්ටද බාධා ඇත. මීට පෙරද මේ පිළිබඳව ඔබතුමා දැනුවත් කර තිබුණත් මේ පිළිබඳව කිසිඳු ක්‍රියා මාර්ගයක් ඔබතුමා නොගත්තේ මන්ද යන්න අපි නොදනිමු. නමුත් දරුවන් ඇතුළු සමස්ත ගුරු මණ්ඩලය ගැන සිතා අපි නැවතත් මෙය සලකා බලන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.මෙයට සහය දක්වන්නන්ගේ අත්සන් පහතින් දක්වමු.


මීට දෙමපිය සංගමය,


ඒක යට අත්සන් 50 කට වඩා තිබ්බා.

මට ආපු තරහට මම ඒක ගුලි කරල විසික් කළා.

මගෙ ඇස් වලට කදුළු ආවා.

ලස්සන වචන පාවිච්චි කරල කොච්චර කැත වැඩක්ද කරන්න යන්නේ


තාත්ත මේක ගැන දන්නවනම් ,

ඉස්සර මට කවුරු හරි මොනා හරි කිව්වොත්ෙමා්ඩ ළමයා වගේ දෙයක්. එයාට ගොඩක් තරහ යනවා.

මම ඒක ගැන තව දුරටත් නොහිත ඉන්න තීරණය කළා.

මම පර්ස් එක ජනේලෙන් එළියට විසික් කළා.


මට ටික වෙලාවක් නින්ද ගියා . මම ඇහැරුණෙ ලීයක් ඔළුවෙ වැදුණ නිසා.


මම නැගිටල වට පිට බැලුව . උදේ වෙලා රියැදුරො මාරු වෙලා. සෙනග ගොඩක් හිටිය 


මගෙ ඔළුවෙ වැදුණෙ ලීයක් නෙවෙයි හැරමිටියක් මම ඒ සීයට වාඩි වෙන්න ටිකක් එහාට ුණා .


එයා වාඩිවෙලා පාර්සලයක් ලිහන්න ගත්තා. 


අම්මෝ එකෙන් එදා ආපු සුවද මට අදටත් මතකයි ඒකෙ තිබ්බෙ ඇපල් ප්‍රේස්ට්‍රි . මගෙ කටට කෙළ වුණන්න ගත්තා.


එයා දැක්ක මම බඩගින්නෙ බව .  එයා මට එකක් දික් කලා . මම ඉක්මනට ඒක අරගෙන කටට ඔබා ගත්තා


තාත්ත නැති වුණ දවසෙ ඉදන් මගෙ හැසිරීම් ඔක්කොම හිගන කෙල්ලෙක් ගානට වෙනස් වුණා . ගොඩක් වෙලාවට මට මහ ආත්මාර්ථ කාමී අදහසක් එනවා .


මගෙ තාත්ත ජීවත් වුණානම් කියලා.අනිත් අය මොනව හිතුවත් මොනව වුණත් කමක් නෑ කියලා.


එයා දුන්න කෑම එකේ තිබුනෙ පුදුම රසක් . මට ඒ වගේ රසවල් අමතක වෙලා තිබුණෙ.


මම එයාට කිව්වා හැමදේම . හැමදේම නෙමෙයි සමහර දේවල්.


එයා මට එයා ගැන කිව්වා. එයාටයි එයාගෙ නෝනටයි කෑම කඩයක් තියෙනවලු සවුත් විල් වල ( අදමයි ඇහුවෙ) 


මට අලුත් අදහසක් ආවා. “මට පුළුවන්ද ඔයාට උදව් කරන්න මම ඔයාලට වැඩ කරන්නම් අනේ අනේ මට යන්න වෙන කොහෙවත් නෑ.” මම ඉල්ලන්න ගත්තා.


එයා කල්පනා කරන්න ගත්තා. “බෑ බෑ මම පොඩි ළමයි වැඩට ගන්නෑ” එයා කිව්වා

“අනේ මොකක්ද අනේ මම දැන් පොඩි නෑ මට12යි .”


එයා ආයෙත් හිතන්න ගත්තා.


“හැබැයි මට ඔයාව හදාගන්න පුළුවන් එතකොට ඔයා අපිට උදව් කරන්න”


“මම කැමතියි.” මට කොහොමටත් ඉන්න තැනක් තිබ්බෙ නෑනේ මම කැමති වුණා.


එයා මාව එහෙ එක්කගෙන යන්න පොරොන්දු වුණා.


මට ඉදිරිය ටිකක් පැහැදිලි වුණා.මම ආය කවදාවත් මෑන්හැටන් යන්නෙ නෑ. මම තීරණයක් ගත්තා.


සවුත් විල් එච්චර ජනාකීර්ණ පැත්තක් නෙවෙයි . මම අර සීයගෙ, ආා ඒ මිස්ටර් මිලර්. නෝනව ඒකියන්නෙ මිසිස් මිලර්ව හම්බුණා. එයා ඇමරිකන් නෙමෙයි . එයා කථා කළේ අමුතු උච්චාරණයක්කින්.


එයාව දැක්කම මට මතක් වුණේ මමයි තාත්තයි බලන්න ගිය සර්කස් එකක හිටපු සූමෝ කෙනෙක්


එත් මට පහු වෙද්දියි තේරුණේ ඇගේ සයිස් එක එයාලට ආදරෙන් ඉන්න බාධාවක් නෙවෙයි කියලා.


මම ටික දවසකින්ම එයාලට හොදට හුරු වුණා. මම ඒ දෙන්නට ආච්චියි සීයයි කියන්න හුරු වුණා.


මම හැමදේම අමතක කරල අලුතින් ජීවිතයක් පටන් ගන්න හිතුවා.


එත් මම ඒ තරම්ම වාසනාවන්ත කෙනෙක් නම් නෙමෙයිනේ


කෝම හරි මම තීරණය කළා මිසිස් ඩොන්ලෙ හොදින් ඇති කියලා.මොකද ඉතින් ප්‍ර්‍රවෘත්ති වල වත් ගියේ නෑනේ.


මම ඩිලිවරි වැඩේ පටන් ගත්තා. මම පළවෙනි වතාවට ගොඩ කාලෙකින් පස්සෙ යාළුවෙක් හදා ගත්තා. 


එයා තමයි ජේකබ්. එයා තමයි ඉස්කෝලෙ ඉන්න පණ්ඩිතයා. ලොකු කණ්ණාඩි දෙකක් දාගෙන හැමදේම දන්නව වගේ ඉන්නේ. ඇත්ත කථාවනම් එයා මට වඩා දේවල් දන්නවා.


එයා මම එන්නත් කලින් ඉදල තමයි සීයටයි ආච්චිටයි උදව් කරන්නේ. ඒ එයා ඒදෙන්නව ඇසුරු කරන්න කැමති හින්දා. මම ඉතින් පස්සෙ ඇවිල්ල එයාට ලොකු සීන් දාන එක හරි නෑනේ.


ඒ අවාසනාවන්ත දවසෙත් මම එයා එක්ක ඩිලිවරි කරන්න ගියා.


“ඇයි මියා ඔයා අනාථ නිවාසෙන් පැනල ආවේ?” ජේකබ් ඇහුවා . 


“ නිකන්” මම උත්තර දුන්නා.


“නිකන්? මෙච්චරකල් එහෙ ඉදල පැනල එන්න හිතුනෙ නිකන්ද? ඔයා මොනවහරි හංගනවා”

එයා කිව්වෙ බැරෑරුම් මූණක් දාගෙන.

 

අන්න ඒ වෙලාවෙනම් මට හිතුණා ඒ කණ්නාඩි දෙක ඔළුව අස්සටම ඔබන්න.


“ඕන්නැති දේවල් කියවගෙන ඇවිල්ල ඔයා හදන්නෙ අංක22  ගෙදරට කියලා   ඔයාගෙ ඔළුවෙන් පොටෑටො චිප්ස් අයින් කරවගන්න තමයි” මම කිව්වෙ  රතු කට්ට පැනල තියෙද්දි.

කී මම එතනින් ගියේ එයාව එතන  තනි කරලා. “මියාාා තරහගන්න එපාාා”


මම එයාව දාලා ගියා. මම අන්තිම ඩිලිවරි එකත් කරල ගෙදර යන්න හැදුව විතරයි.


මොකක් හරි තෙත අතක් මාව ඇදල ගත්තා…..

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

කමෙන්ට් එකක් දාගෙනම යන්න.

පැය ගාණක් ටයිප් කරන එකේ සතුට ලබන්න ඔයාලගෙ එක කමෙන්ට් එකත් ඇති.

අද ගොඩක් ගැහුව . එහෙම ගැහුවම කියවන්න කම්මැලියි වගේ නම් කියන්න පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්. වැරදිත් කියන්න එතකොට ඒව හදා ගන්න පුළුවන්නේ?




Report Page