Mafia

Mafia

✍pen friend

27 කොටස

රිදී ඉරකින් සිත්තම් වූ අදුරු ප්‍රේමය🖤

පෙර කොටසට: https://telegra.ph/Mafia-10-30-2


මාෆියාකාරයොත් එක්ක ඉන්න එක හරිම අවධානම් වැඩක්. අයියාව වගේම ඩැඩීවත් ඒ උගුලෙන් ගලවගන්න මට බැරි උනත් ගෞතම්ව කොහොමහරි හොද මනුස්සයෙක් කරන්න ඕනෙ කියන එක මගේ හිතේ නිතරම වැඩ කලා.



"මම ආවා."

ජනේලය ලග තිබුනු හාන්සි පුටුවෙ වාඩි වෙලා පොතක් කියවමින් හිටපු මම ගැස්සිලා කෙලින් උනේ කන ලගින් ඇහුනු ඩෙවිල්ගෙ............නෑ......ගෞතම්ගෙ කටහඩ ඇහිලා.



"ආ............ආවද යක්ශයෝ......."

මම පොත පුටුව උඩින් තියලා ගෞතම්ට කිට්ටු උනා. කලින් ඩෙවිල් ලගට එනකොට මම පස්සෙන් පස්සට ගියා වගේ දැන් මම එනකොට ගෞතම් පස්සෙන් පස්සට යන්නෙ නිකන් මට බය වෙලා වගේ.




"කොහෙද ගියේ?"

මම හිනා වෙන ගමන් ගෞතම්ගෙ බ්ලෙසර් එකෙන් ඇදලා මගේ ලගට ගත්තා.



"වැඩකට"

මම මගේ මූන ගෞතම්ට ලං කරද්දි ගෞතම් අනික් පැත්ත බලාගත්තා.



"ඇයි?"

මම බ්ලෙසර් එක අතාරිමින් ඇහුවෙ ටිකක් අමනාපෙන්.



"මේක හරියන වැඩක් නෙවෙයි."



"මොකක්ද?"



"මේ එෆෙයා එක"

ගෞතම් කියද්දි මට ආවෙ පුදුම තරහක්.



"ඇයි එහෙම කියන්නෙ?"



"මම කොහොම හිටපු කෙනෙක්ද කියලා ඔයා දන්නවා. මුලු අන්ඩර්වර්ල්ඩ් එකම මගේ අතටම ගන්න මට තිබුනෙ තව අඩි දෙකක් තුනක් වගේ. හැබැයි මට කලින් තිබුනු කන්ෆිඩන්ස් එක දැනටම නැති වෙලා. පිස්ටල් එක අතට ගනිද්දි මගේ අත වෙවුලන්න ගන්නවා. මොකද මට මේ රිලේශන්ශිප් ගැලපෙන්නෙ නැති නිසා. මට ඒක කරදරයක්. ඉස්සරහට යනකොට ඒක ඔයාටත් කරදරයක් වෙයි."



මම ගෞතම්ට තවත් කිට්ටු උනා.



"ආදරේ කියන්නෙ හැම කෙනෙකුටම ඕනෙ දෙයක්. ඒක කරදරයක් කියලා හිතන්න එපා. අනික ඒක ඔයාගෙ පොසිශන් එකට කොහොමත් බාධාවක් නෙවෙයි. අනික ඔයා කරන්නෙත් එච්චර හොද වැඩ නෙවෙයිනෙ ගෞතම්. මේ රිලේශන්ශිප් එක ඔයාට කරදරයක් කියලා හිතන්න එපා. ඔයාට ආදරේ කරන අයට බය නැතුව ආදරේ කරන්න."

මම ගෞතම්ගෙ මූන පුරා මගේ ඇගිලි තුඩු තවරමින් ආදරෙන් කිව්වා. මගේ ඇස් දිහා ටික වෙලාවක් බලන් හිටපු එයා ලොකු හුස්මක් පිට කලා.



"අනේ මන්දා"

අන්තිමට ගෞතම් කිව්වා.



ඇද ලග බිම වාඩි වෙලා අපි දහසක් දේ ගැන කතා කලා.



"ඒක නෙවෙයි, අයියා ආවෙ නැද්ද මාව හොයාගෙන?"



"ආවා........මොකද ආවෙ නැත්තෙ? කී පාරක් ආවද? මිස්ට මහානාම ආවා දහ වතාවක් විතර. හැබැයි මගේ ගාර්ඩ් එකත් එක්ක එයාලට හැරෙන්නවත් බැරි උනා."

ඩෙවිල් කිව්වෙ හරිම ආඩම්බරෙන්.



"පව්ව්........."

මම අයියාවත් ඩැඩීවත් මතක් කරමින් කිව්වා.



"ඒක නෙවෙයි ඔයා කැමති මම ඩෙවිල් කියලා කතා කරනවටද, නැත්නම් ගෞතම් කියනවටද?"

මම ඇහුවෙ ගෞතම්ගෙ උරහිසින් මගේ නිකට තියමින්.



"ඩෙවිල් හොදයි නේද? එතකොට මට අමුතු ගැම්මක් එනවා."

ගන ඇහිබැම් හකුලවමින් ඩෙවිල් කිව්වා.



"මට ඔයාගෙ අම්මා තාත්තා ගැන කියන්නකො."

මම හුරතල් වෙමින් ඇහුවා. ඒත් ප්‍රශ්නෙ අහනකොටම ගෞතම්ගෙ මූන හොදටම වෙනස් උනා.



"අපි වෙන දෙයක් ගැන කතා කරමු."

මූන අනික් පැත්තට හරවලා ප්‍රශ්නය මග හරිමින් ගෞතම් කිව්වා.



"ඇයි?"

මම ඇහුවෙ ගෞතම්ගෙ මූන ආයෙත් මගෙ පැත්තට හරවමින්.



ඒත් එක්කම මගේ අත ගසලා දාලා හිටපු තැනින් නැගිටලා මහ සද්දෙන් ඩෝර් එකත් වහගෙන ඩෙවිල් යන්න ගියේ පුදුම තරහින්.



"ගෞතම්............"

මම කෑගහගෙන පස්සෙන් ගියත් වේගෙන් ඇවිදගෙන ගාර්ඩන් එකට ගිය ඩෙවිල් වාහනයක් ස්ටාට් කරගෙන විදුලි වේගෙන් යන්න ගියා.



"ලෝරන්ස්........... සර් ගියේ තරහ ගිහින්. ටිකක් බලන්නකො"

මම කෑගහලා ලෝරන්ස්ට කියනවත් එක්කම ලෝරන්ස් තවත් වාහනයකින් ඩෙවිල්ව ලුහුබදින්න ගත්තා.



මම රූම් එකට ගියේ දුකෙන් වගේම කුතුහලෙන්. ෆැමිලි එක ගැන ඇහුවම එච්චර කලබල වෙන්න ඕනෙද? සමහර විට ඒ දෙන්නා නැති වෙලාද දන්නෙ නැහැනෙ. අපරාදෙ ඒක අහන්න කලින් මට තව හිතන්න තිබුනා.....................................




වොශ් එකක් දාගෙන ලා නිල් පාට නයිට් ඩ්‍රෙස් එක ඇදගෙන මම ජනේලෙ ලගට ගිහින් බැලුවෙ ගෞතම් ඇවිල්ලද කියලයි. තවම වාහනේ ඇවිත් නෑ. මගේ ඇස්වල කදුලු පිරෙන්න ගත්තා. විනාඩි ගානක් යනකොට ගෞතම්ගෙ වාහනේ ගාර්ඩන් එකට ආවෙ පුදුම වේගෙකින්. වාහනේ නවත්තලා ගෞතම් වාහනෙන් බහිනකොටම පස්සෙන් ආපු වාහනෙන් බැහැපු ලෝරන්ස් ගෞතම්ව අල්ලගත්තා.



ගෞතම්ට හිටගන්නවත් බෑ. අනේ දෙයියනේ..........! එයාට මොකද වෙලා තියෙන්නෙ? මම ඩෝර් එකත් ඕපන් කරගෙන වේගෙන් පහලට දුවගෙන ගියා.



මේන් ඩෝර් එක ඕපන් කරනකොටම ලෝරන්ස් ගෞතම්වත් වත්තම් කරගෙන හිටගෙන හිටියෙ හරි අමාරුවෙන්.



"මොකද මේ?"

මම කලබලෙන් ඇහුවා.



"සර්ට අද ටිකක් වැඩි වෙලා මැඩම්"

ලෝරන්ස් කියනවත් එක්කම බ්‍රවුනි අපි ලගට දුවගෙන ආවා.



"මම එක්කන් යන්නම්"

මම කිව්වෙ ගෞතම්ව මගේ ඇගට වත්තම් කරගන්න ගමන්.



"මැඩම්ට පුලුවන්ද?"



"පුලුවන් ලෝරන්ස්. මේ ඩෝර් එක වහගෙන යන්නකො."

මම ගෞතම්ගෙ අත මගේ බෙල්ල වටෙන් යවලා ඉන වටෙන් අත දාලා අල්ලගෙන එයාගෙ රූම් එකට එක්කන් ගියා. ගෞතම් මර විකාරෙන් එක එක දේවල් කියවනවා.



"අම්මා......."

ගෞතම්ගෙ කටින් එක දිගට කියවුනේ අම්මා කියලා.



මම පරිස්සමින් ගෞතම්ව ඇදෙන් තියලා කොට්ටෙ අරගෙන ඔලුව ඒක උඩින් තියලා ශර්ට් එකේ බට්න් ගලවන්න ගත්තා.අත දිගේ ගිය ටැටූ පේලිය දකිනකොටත් ආසයි. මම පින් එකෙන් කල තුවාලෙ කැලැල හොදට පේනවා. මම පරිස්සමින් තුවාලෙ උඩින් අත තියනකොට කදුලු ගලාගෙන ගිහින් ගෞතම්ගෙ ඇග උඩට වැටුනා.



ශර්ට් එක අමාරුවෙන් ගලවලා බ්ලැන්කට් එකත් ඇගට දාලා මම ඩෝර් එක පැත්තට යනකොට බ්‍රවුනි ඇද ලග පාපිස්ස උඩ සැපට නිදි.



නිදා ගන්න හැදුවත් නින්ද යන්නෙම නෑ. මෙච්චර දවස් මෙහෙ ඉදලත් ඩෙවිල් මේ තරම් ඩ්‍රින්ක්ස් ගත්තු දවසක් මම දැකලම තිබුනෙ නෑ. මම හවස අහපු ප්‍රශ්නෙ නිසාද මේ ඔක්කොම? මම මටම දොස් පවරගත්තා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



උදේ පාන්දරම මම වොශ් එකකුත් දාගෙන ඩෙවිල්ස් රූම් එකට ගියා. ඒ වෙනකොටත් ඩෙවිල් හොදටම නිදි.රෑ පාපිස්ස උඩ හිටපු බ්‍රවුනි දැන් ගෞතම්ගෙ පපුව උඩ.



"කස්තුරි......, සර්ට තේ එක ගේන්නකො."

කිචන් එකට ගිහින් කස්තුරිට මම කියනකොට වැඩට හිටපු තව ආන්ටි කෙනෙක් තේ පිරුනු මග් එකක් මගේ අතේ තිබ්බා.



"ගෞතම්........ගෞතම්........ගුඩ් මෝනින්ග්"

මම ඩෙවිල්ගෙ කෙස් අතරින් මගේ ඇගිලිතුඩු යවන ගමන් කතා කලා. විනාඩි ගානකට පස්සෙ ඔන්න කොහොම හරි මගේ යක්ශයා ඇස් ඇරගත්තා.



"ගු....ඩ් මෝ.........නින්ග්"

හිරි යවන ගමන් ගෞතම් බ්‍රවුනිවත් උකුලට අරගෙන ඇදෙන් වාඩි උනා.



"මෙන්න තේ එක. මේක බීලා වොශ් එකක් දාගන්නකො"

මග් එක ඩෙවිල්ගෙ අත උඩින් තියන ගමන් මම කිව්වා.



උගුරට දෙකට උණු තේ එක බීලා දාපු ඩෙවිල් ටවල් එකත් අරගෙන වොශ් රූම් එකට ගියා. බ්‍රවුනිත් ලිවින්ග් රූම් එකට යන්න ගියේ එයාගෙ බ්‍රෙක්ෆස්ට් එක හොයාගෙන වෙන්න ඇති.



නිකමට වගේ ඩෙවිල්ගෙ ඇද ලග තිබුනු කබඩ් එක ඕපන් කලේ ෆස්ටේඩ් බොක්ස් එක මතක් වෙලා. ඊයෙ රෑ දැකපු ගෞතම්ගෙ කකුලෙ තිබුනු තුවාලෙට බෙහෙත් දාන්න කියලා හිතාගෙන කබඩ් එක ඕපන් කරනකොටම ඒ ඇතුලෙ තිබිලා මට හම්බුනේ ලස්සනට ෆ්‍රේම් කරපු පොඩි එක්සයිස් පොතක් තරම් ලොකු ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක මට දැකලත් පුරුදුයි වගේ.



ඒ ෆොටෝ එකේ පස් දෙනෙක් හිටියා. ඔව්......... දකුනු පැත්තෙ කොනේම හිටියෙ ගෞතම්. ධනූ වෙන්න ඇති මේ ගෑණු කෙනාගෙ උකුලෙ ඉන්නෙ. ඔව්.......... ඒ ගෞතම්ගෙ ෆැමිලි ෆොටෝ එක.............!



ගෞතම්ගෙ අම්මා, තාත්තා කියලා හිතන්න පුලුවන් දෙන්නව මැදි කරගෙන ලමයි තුන් දෙනා. වැදගත් පෙනුමට හිටපු අම්මා ධනූ වගේමයි. තාත්තත් ගෞතම් වගේ ටිකක්. ඒත් මේ අනික් කෙනා කවුද? මට ටිකක් දැකලා පුරුදුයි වගේ.................ඒත් මතකෙට එන්නෙ නෑනෙ............



අනික් පිරිමි කෙනාට , ඒ කියන්නෙ ගෞතම්ගෙ අයියා හරි මල්ලි හරි කියන්න පුලුවන් කෙනාට මට හොදටම දැකලා පුරුදු මූනක් තිබුනා. ඒක මීට අවුරුදු දහයකට විතර කලින් ගත්තු එකක් වගේ පෙනුනත් ගෞතම්ගෙ මූන වගේන ධනූගෙ මූනත් හොදට අදුරගන්න පුලුවන්.





-ඊලග එපියෙන්-


කතාව ගැන හිතෙන දේ කියන් යන්නකො. කමෙන්ට් එකක් දාන්න. ඔන්න වෙනදට වඩා දිග කොටසක් අද...................



ආදරෙයි හැමෝටම.


ස්තූතියි❤

මම,

✍pen friend








Report Page