LOVE

LOVE



ජන්කුක්..


ම්ම්ම්


වයස අවුරුදු 70ක් විතර වුනු පිරිමින් දෙන්නෙක්.සීතල හන් ගග ලග ඉදන් කල්පනාවක.තරුන කාලෙක ඔවුන් දෙන්නා ඔතන හිටිය නම් අනිවාරෙන්ම ඔවුන්ට නිදහසක් නැති වේවි. ගගක් දිහා බලාගෙන කල්පනාවක තනි වෙන්න.


අපේ ජීවිත හුගක් වෙනස් වෙලා ....


 ටේහ්‍යුන් ගැබුරු හුස්මක් පහත හෙලුවා


මෙහෙම වෙන්න ඔයා හේතුවක් නෙවෙයිද ටේහ්‍යුන්ග් .අපි හැමෝවම අතඇරලා මගේwife එක්ක ආයෙ නොයෙන්නම පැනලා ගියාම අපේ ජීවිත වෙනස් නොවී තියෙන්නෙ කොහොමද?


ඔයා එයාට ආදරේ කලේ නෑ


අතීතය අතීතයමයි වෙනස් උනත් නූනත් ජන්කුක්ටවත් ටේහ්‍යුන්ග්ටවත් ඒක වෙනස් කරන්න බෑ


 ජන්කුක් සමච්චල් සහගත සිනාවකින් ටේහ්‍යුන්ග් දිහාවට හැරුනා.


 ඉතින් ඔයා ආදරේ අපි හැමෝගෙම ජීවිත බිල්ලට දුන්නා..?එහෙම නෙවෙයිද ටේහ්‍යුන්ග් .!


 අපි ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ඉන්නකොට.අපි හැමෝම පුංචි කාලේ හීන මවපු ඒ අනාගතේට ලං වෙලා තියෙද්දි ඔයා කොහොමද් ටේහ්‍යුන් හ්‍යුන්ලාගේ පවා හීන විනාස කරලා දැම්මේ.


 ටේහ්‍යුන්ගේ මුහුනේ පසුතැවීමක සේයාවක්වත් තිබුනේ නෑ. මුල ඉදලම එයාගෙ දුඹුරු ඇස් දීප්තිමත්වෙලා තිබුනා.අවුරුදු 70ක ඒ වයස මනුස්සයා පසු තැවෙන්න ඕනෙද..?


 ජන්කුක්ගේ මුනුබුරා හරිම හුරතල් නේද?


අතීතය වෙනස් කරන්න බෑ කියලා ටේහ්‍යුන් තේරුම් අරන් හිටියා.ඒත් ජන්කුක්... සමහරවිට එයා අවසානය දක්වාම තේරුම නොගනීවි


හ්ම්ම්. 

එතකොට ටේහ්‍යුන්ගේ ..?අනිවාරෙන්ම ඔයාගෙ දරුවොත් ගොඩක් ලස්සන ඇති.අවුරුදු 50ක් විතර gossip වලින්වත් ටේහ්‍යුන් ගැන අපිට දැනගන්න බැරි වුනානෙ.



මට දරුවෝ නෑ ජන්කුක්


ටේහ්‍යුන්ග් කියද්දී ජන්කුක් පුදුම වෙන්න ඇති .අනිවාරෙන්ම.ටේහ්‍යුන් දරුවන්ට ආදරේ කරන්නේ කොහොමකද කියලා නොදන්නේ කවුද.?


  

ඕහ් .එහෙමද..?එතකොට ටේශී.?



එයා ගොඩක් සතුටින් ජන්කුක් . ගොඩක්..


මගේ ලිලීනම් මාව දාලා ගියා.එයා ගොඩක් පසුතැවීමෙන් හිටියා අවසාන කාලේ.ඒත් මම දන්නේ නෑ ඒ ඇයි කියලා.ඒ අතින් ඔයා වාසනාවන්තයි.


ඇතටම ටේහ්‍යුන් වාසනාවන්තයිද?


ජන්කුක්..


ම්ම් 


මට අන්තිමට හරි ඔයාට ඇත්ත කියන්න ඕනි


ටේහ්‍යුන් අවසානෙදි කතා කරනවා.අවුරුදු 50ක් ලෝකෙන්ම හන්ගන් හිටපු ඒ හැගීම අනිවාරෙන් නිදහස් කරගන්න එයාට ඕනි වෙන්න ඇති.


මොන ඇත්තක්ද ටේහ්‍යුන්


ඔයාගේ ටේශි ගැන


ටේහ්‍යුන්ගේ...


ජන්කුක් වැරැද්ද නිවැරදි කලා.ඒත් අවසානය වෙනකම්ම ටේශි ජන්කුක්ගේ බිරිද.


ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කුක්ට ලන් වුනා.


එයා කවදාවත් මගේ වුනේ නෑ ජන්කුක්


අවුරුදු 50කට පෙර


සුප්‍රසිද්ධ bts කන්ඩායමේ ලාබාලම සාමාජික ජන්කුක් විවාහ වෙයි.ආරංචි මාර්ග අනුව සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත බව කියන ඇයගේ නම ජියොන් ටේශි බවයි සදහන් වන්නේ..


ජන්කුක් සහ කොරියාවේම ප්‍රසිද්ධ ගායිකාවක් වන ලිලී අතර සම්බන්දයක් තියෙන බව goosip පැතිරුන එකයි මේ හැම කතාවකම ආරම්භය.

ඒ නිසා ජන්කුක්ට ගොඩ දෙනෙකුගේ අප්‍රසාදයට ලක් වෙන්න වුනා. ඒනිසයි අනාත නිවාසෙක හැදුනු ටේශිව ජන්කුකට විවාහ කරලා දුන්නේ.


Hybe එකෙන් එහෙම තීරණයක් ගත්තේ හැමෝගෙම හොදට.ඒත් ජන්කුක්ට සිද්ද වුනේ එයයි එයාගෙ ලිලීයි හීන මවපු ඒ ලස්සන දවසත් වෙන අයගේ කීමට නොදන්න කෙනෙක්ව කසාද බදින්න.ඉතින් කාටද අපි වැරදී කියන්නේ.


ටේශි අහිංසක ගෑනු ලමයෙක් .ජන්කුක්ට වඩා අවුරුදු කීපයක් බාල ටේශිගේ පවුලම අනතුරකින් නැති වෙනවා.එතනින් පස්සේ එයා හැදුනේ අනාත නිවාසයක. හරිම නපුරු දෛවයක් එහෙම නේද..?ජීවිතේ එහෙම තමයි ටේශි ඒක තේරුම් අරන් ඉන්න ඇති. ඒත් හදිසියේම ලොකෙම දන්න හැමෝම තමන්ගේ කරගන්න හදන ජන්කුක්ගේ බිරිද වෙන්න ටේශිට සිද්ද වුනොත්.ඒක ටේශිගේ ජීවිතේට අලුත් පරිච්ඡේදයක් වේවි.


හැමදේම හොදින් කියන්න අමාරුයි.ලෝකෙට පේන්න ටේශි ජන්කුක්ගේ බිරිද වුනාට ජන්කුක් ආදරේ කලේ ලිලීට.ඒත් කොහොමද ටේශි ජන්කුක්ට ආදරේ නොකර ඉන්නේ.ඒ ඉන්නේ එයාගෙ husband වෙද්දිත්..



අජුම්මා ඔයා නිදියගන්න..මම කුකී ආවම කෑම කන්නම් ..


 ඒත් පුංචි බේබි මහත්තයා අදත් නොආවොත්


මේක ටේශිට නුපුරුදු දෙයක් වුනේ නෑ. කවදාවත් ජන්කුක්ගේ පුංචිමවත් අවදානයක් ටේශිට ලැබුනේ නෑ. ඒත් පිටතට හැමෝම ඉරිසියා කරන ආදර කතාවක්..


 ඩින් ඩොන්


ටේශි හිටියේ ජන්කුක් කීයට හරි එයි කියන බලාපොරොත්තුවෙන්. පොඩ්ඩක්වත් පරක්කු නොවුන ටේශි වේගෙන් දොර දිහාවට ගියා.ඒත් හිටියේ ජන්කුක් විතරක් නෙවෙයි. ටේහ්‍යුන්ගේ ඇගට වත්තම් වෙලා ආපු ජන්කුක්ගෙ ලගින් ආවේ දරාගන්න අමාරු සැර සුවදක්.හොදයි ඒ කියන්නෙ ජන්කුක් drinksඅරගෙන. ඒකත් කෙලින් හිටගන්නවත් බැරිවෙන්නම..


 අනේ කුකී ඔප්පා. ?ටේ ඔප්පා කුකී ට මොක්ද වුනේ..?


ම්..මම ...ක් ක් කීසැර්යක් කිවුවද මේ ගෑනිට මම මේ..ක්කිගෙ කුකි..බුකී නෙවෙයි 


ටේහ්‍යුන්ග්වත් පසෙකට තල්ලුකරගෙන් ජන්කුක් එහෙමම පුටුවකට වැටුනා.


 එයා අද ටිකක් වැඩියෙන් drinks අරගත්තා ටේශි.පොඩ්ඩක් බලන්න වෙයි.


මේ හැමදේම කියන අතරතුරේදි ටේහ්‍යුන්ග්ට ටේශිගෙ ඇස් දිහා කෙලින් බලන්න බැරුව මග ඇරියා කියන එක අපි නොසලකා ඉමු. 


ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා ජන්කුක් ටේශිට ආදරේ නොකරන බව. ඒත් එයා දැනගෙන හිටියේ නෑ ටේශි ඉස්සරහදි ඇයි එයාගෙ හදවත වේගෙන් ගැහෙන්නේ කියලා.


ඊලග දවසේ ජන්කුක්ට තදින්ම උන අරන් තිබුනා. මුලු රෑම ටේශි ජන්කුක්ට සාත්තු කරන්න ඇති.තමන්ට පොඩ්ඩක්වත් ආදරේ නොකරන කෙනාට.



අජුම්මා කවුරුහරි ඇවිත් වගේ නේද පොඩ්ඩක් බලන්නකෝ


 ඔහ්හෝ බලන්නකෝ කවුද කියලා අසරන ටේශී.කුකීගෙ servent වෙලා


ඒ වෙන කවුරුත් නෙවෙයි ලිලී.ජන්කුක්ගේ ආදරේ.


ටේශිට මේ දේවල් වලට දුකක් නෑ කිවුවොත් ඒක අනිවාරෙන්ම බොරුවක්.තමන්ගේ හදවත කෑලි කෑලි වලට බිදිලා තියෙද්දිත් ටේශි අසරනව හිනා වුනා.ටේශි ශක්තිමත් කෙනෙක් තමන්ගේ පවුලම නැති වෙද්දිත් තමන්ගෙ husband ආදරේ වෙන කෙනෙක්ට වෙද්දි,දැන් ලිලී අපහාස කරද්දිත් හිනා වෙන්න තරම් ටේශි ශක්තිමත් .ඒත් බිදුනු හදවතක්.


ඒත් අමතක කරන්න හොද නෑ .හැමෝටම දරාගැනීමේ සීමා තියෙනව කියලා


ලිලී ඇවිත් ගියාට පස්සේ ටේශි ජන්කුකගේ කාමරේටගියේ ජන්කුක්ගේ බෙහෙත් ටික දෙන්න කියලා හිතාගෙන.ජන්කුක්ට තාමත් හොදටම සනීප වෙලා තිබුනේ නෑ.ජන්කුක්ගේ හීනි කෙදිරිහඩවල් නිසා ටේශි හෙමින් හෙමින් ජන්කුක්ගේ හිසකෙස් අතරින් තමන්ගේ ඇගිලි තුඩු අරගෙන් ගියා. ජන්කුක්ට සනීපයක් දැනෙන්න ඇති .ආදරනීය ස්පර්ශයකට පුලුවන් මිනිස්සුනගේ හැම වේදනාවක්ම මොහොතකට අමතක කරවන්න.සමහරවිට ජන්කුක්ටත් එහෙම වෙන්න ඇති.ඒත් නොවිය යුතු දෙයක් සිද්ද වුනා නම්.ඒ ස්පර්ශය දුර දිග ගියා නම්.ටේශි ආත්මයෙන්මත් ජන්කුක්ගේ වුනා.ඒත් ජන්කුක් හිතුවේ ඒ ලිලී කියලා.බෙහෙත් නිසා ජන්කුක් මත් වෙලා.ඒත් මේ දේවල් ජන්කුක් දැනගතොත්.මේ ලිලී නෙවෙයි කියලා.කොහොම ප්‍රතිචාරයක් ලැබෙයිද ටේශි තමන්ගේ නිරුවත් ශරීරේ තියෙන ආදරනීය කැලැල් දිහා බලාගෙන කල්පනා කලා.සමහර විට මේක තමයි ඉරනම


අතීතය වෙනස් කරන්න බැරි දෙයක්..!


 කාලය ගෙවෙනවා.ආයෙමත් සතුටුදායකද අසතුටුදායකද කියලා තීරනය කරගන්න අමාරු ආරංචියක්.ඔවු ටේශි ජන්කුක්ගේ නමින් අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ.ටේශි ඒක දැනගත්ත වෙලේ කොච්චර සතුටු වුනත් එයා බය වුනා ජන්කුක්ගේ ප්‍රතිචාරේ ගැන. ජන්කුක් කොහොම පිලිගනීද ..?


 තාමත් ටේශිට ජන්කුක්ට ඒ ආරංචිය කියන්න සුදුසු වෙලාවක් ලැබුනේ නෑ.ඒත් ඒ ආරංචිය නොලැබිය යුතු කෙනෙකුට ලැබුනොත්.



ඔයාට විශ්වාස ද එයා pregnat කියලා


ඔවු මැඩම් සීයට සීයක් මට විශ්වාසයි 



මේ ගෑනි අහිංසකයි වගේ රගපාලා මගේ මනුස්සයව අල්ලගන්න .දැන් දරුවෙකුත් .කොහොමත්ම නෑ කුකී මගේ මගේ කියන්නෙ මගේ විතරයි.එයා වෙන කාගෙවත් වෙන්න බෑ


ලිලී වියරුවෙන් වගේ කෑගැහුවා.ලිලී ආදරෙන් උමතු වෙලා.පාරිශුද්ධ ආදරේකයි උමතු ආදරේකයි දුර හුගාක් වැඩී.


ඒ නිසාම සමහර වෙලාවට අපේ ජීවිතේ නොහිතූ සිද්දි සිද්ද වෙන්වා.අපි නොහිතන වෙලාවට.


එදා ටේශි මග බලන් හිටියේ ජන්කුක් එනකන්.අද ජන්කුක්ට කලින් එන්න කියලා ටේශි ඉල්ලල හිටියා.ඒත් ජන්කුක් ටේශි වෙනුවෙන් එහෙම දෙයක්වත් කරයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.


අදත් වෙනද වගේම සීනුව නාද වුනා.


අජුම්මා බලන්නකෝ කවුද කියලා.


ටේශි හිටියේ කාමරේට වෙලා තාම කලලයක් වෙච්ච තම දරුවත් එක්ක කතා කරමින්.ඒ වගේම ටේශිගේ හදවත වේගෙන් ගැහෙනවා.ඒ එන්නෙ ජන්කුක් නම් කොහොමද එයා ඒක ජන්කුක්ට කියන්නේ.


ටික වෙලාවකින් කාමරේ දිහාවට එන අඩි සද්ද කීපයක් ටේශිට ඇහුනා.කාමරේ ජනේලෙන් ඈතට ඇස් යොමු කරන් හිටිය ටේශි ගැස්සුනේ කාමරේ දොර ඇරෙන සද්දෙන්.  


දෛවය නපුරු වෙන්නෙම ටේශි වගේ අහිංසකයන්ට...!


Present


 ඒ කියන්නේ එයා අම්මා කෙනෙක් වෙන්න හිටියා කියලද හ්‍යුන්ග්..?



ජන්කුක්ගේ කටහඩ වෙවුලුවෙ ඇයි කියන්න එයාට තේරුනේ නෑ. සමහරවිට කොච්චර නෑ කිවුවත් ජන්කුක්ට ටේශි ගැන සමීප හැගීමක් තියෙන්න ඇති.


හ්ම්ම්..



අනේ හ්‍යුන්ග් මට ආසයි මගේ දරුවව මුන ගැහෙන්න. මම දන්නවා ම...මම එයාට යුතුකම් ඉශ්ට කලේ නෑ කියලා. ඒත් ඒත් එකම එක පාරක්.කරුනාකරලා


මුලින් මට කතා කරන්න දෙන්න කුකී.ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම මම උත්තර දෙන්නම්.



අවුරුදු 50කට පෙර


ටේශි බැලුවේ ඇරුනු දොර දිහාවට


කවුද ඔයාල කොහොමද මගේ කාමරේට ආවේ කියනවා


ටේශි බය වුනා ගොඩක් නොදන්න පිරිමි ගොඩක් තමන්ගේ කාමරේට කඩා පැන්නම කවුද බය නොවෙන්නේ.


ඒත් ඒ එක්කෙනෙක්ටවත් බයේ ගැහෙන ටේශි ගැන අනුකම්පාවක් දැනුනු බවක් පෙනුනේ නෑ.


පස්සට යනවා.එන්නෙ නෑ එකෙක්වත් ඉස්සරහට.පස්සට යනවා.


ටේශිගේ ජීවිතේ මෙච්චර කාලයක් එයා විදපු දුක් වලට වඩා මේ දවස ගොඩක් කටුක දවසක් බවට පත් වේවි.අදුරු කාමරේක තමන් අම්මට වගේ සලකපු ගෑනු කෙනාගේ ද්‍රෝහි වීම් මැද්දේ තමන්ගේ කුකීට විතරක්ම දෙන්න ආරක්ශා කරපු දේවල් ඒ මිනිස්සූ විනාශ කරලා දාද්දී,තමන්ගේ කුසට ආපු ඒ පැටියට මුකුත් කරන්න එපා කියද්දී ටේශිට දරාගන්නවත් බැරි පා පහරවල් ටේශිගේ බඩටම වැදෙද්දී කොහොමද කියන්නෙ ඒ එයාගේ ජීවිතේ අදුරුම දවස අද නෙවෙයි කියලා.


කොච්චර විනාස කරලා දාල තිබුනත් ඔවුන් පිටවගියාට පස්සේ ටේශි නිරුවවතින්ම තමන්ගේ phone එක හොයාගත්තා.හිටගන්නවත් පනක් නැති වුනත් එයාට තිබුනා කුකී කියන අවසන් බලාපොරොත්තුව.


හ්..හෙලෝ ක් කු කු කුකී...


ටේශී...!ටේශි ඔයා අඩනවද..?


ඔප්පා මගේ දරුවා.අ..අනේ කුකී එන්න..කෝ

අපේ දරුවා.


ටේහ්‍යුන්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.ඒ ටේශි අඩන නිසාද,ඒ කුකීගෙ දරැව කිවුව නිසාද ,නැත්තම් ඉස්සරහින් පේන ජන්කුක්ගෙයි ලිලීගෙයි සිපගැනීමේ දර්ශනය නිසාද කියන්න ටේහ්‍යුන් වත් දැනන් හිටියේ නෑ.


සමහර විට ජන්කුක්ට එයාගෙ phone එක අමතක වීමයි ,ටේශිගේ callඑක ටේ answer කරපු එකයි එයාලගේ ජීවිත ලියවිලා තිබුන විදිය වෙන්න ඇති.


ටේහ්‍යුන්ට තේරුනා ටේශි මොකක් හරි ප්‍රශ්නෙක කියලා.ඒත් එයා දන්නවා කුකීට මෙහෙම දෙයක් කිවුවට එයාට වැදගත් ලිලීව බව.ඒ නිසයි ටේහ්‍යුන්ග් කුකීගෙ ගෙදරට යන්න පිටත් වුනේ.


ජන්කුක්ගේ ගෙදරට ඇතුල් වෙච්ච ටේහ්‍යුන්ට දකින්න ලැබුනේ හොද දර්ශනයක් නම් නෙවෙයි. ගෙදරට ඇතුල් වෙද්දිම නිරුවතින්ම බිම වැටිලා ඉන්න ටේශිව දැක්කම ටේහ්‍යුන්ට දැනුනේ තමන්ගේ මුලු ලෝකෙම නැවතුනා වගේ 


තමන්ගේ දෑතින්ම ටේශිව වඩාගත්තූ ටේහ්‍යුන්ග් ටේශිගේ නිරුවත් රෙදි කෑල්ලකින් වහගෙන ගියේ hospitalඑකට.ටේශිගේ හීන් කෙදිරිලි ගැස්සීම් මැද්දේ hospital එක වෙනකම් ආවෙ කොහොමද කියන්න ටේහ්‍යුන්ගට තේරුනේ නැතුව ඇති.


Mr.Taehyung ..?


Dr.Hun..?


ටේශිගේ තත්වේ හොදයි කියන්න අමාරුයි.එයාගේ දරුවා ටේශිගේ බඩේදිම නැති වෙලා තියෙනවා.ඒ වගේම ටේහ්‍යුන්..?


ටේහ්‍යුන්ග් මොනවද කියන්න ඕනෙ?ටේහ්‍යුන්ග්ට නොතේරුන ඒ හැගීම මොකක් වුනත් ටේශි ගැන ටේහ්‍යුන්ට ඇති වුනේ ලොකු බයක්.එයාට ටේශිව නැති වෙයිද කියන බය.ඒත් ටේශිව නැති වෙන්නවත් ටේශි කවද්ද ටේහ්‍යුන්ගෙ වුනේ.


ඒ වගේම..?


chekup වල report අනුව mrs.jeon ට 3rd stage brain cancer එකක් ටේහ්‍යුන්ග් .


ටේහ්‍යුන්ග්ට දැනුනේ ලොකු කේන්තියක්.තමන් ගැන .ජන්කුක් ගැන .ටේශි ගැන .එයාලගෙ මේ ජීවිතෙ ගැන. හැමදේම ගැන ලොකු කේන්තියක්.


Dr.Hun ස්..සමහරවිට ඒක වැරැද්දක් වෙන්න බැරිද?


සමාවෙන්න ටේහ්‍යුන්ග් අපි කීප වතාවක්ම chek කලත්... මන් හිතන්නේ ඔයාට තේරෙනවනෙ 3rd stage එකේ තියෙන cancer එකක් නිසා අපිට හිත හදාගෙන් treatments කරනවා ඇර වෙන දෙයක් කරන්න බෑ


 හිත හදාගන්න.ටේහ්‍යුන්ග් කොහොමද ටේහ්‍යුන් හිත හදාගෙන්නේ.ටේහ්‍යුන් එතනම බිත්තියට හේත්තු වෙලා බිමට රූටලා ගිහින් වාඩි වුනා.හිටගන්නවත් පනක් නැතිවෙන්න තරම් මේ දේවල් බරපතලයි.


Dr.Hun ප්ලීස් මේව media වෙලට දෙන්නඑපා


Taehyung බය වෙන්න එපා ඒක අපේ වගකීම


........................................................................

ටේයා උබට විශ්වාසද ඔය ගන්න තීරනේ හරි කියලා..?


දන්නේ නෑ බන්.ඒත් මට ටේශි වෙනුවෙන් කරන්න පුලුවන් ඒ දේ විතරයි.


එයා ආදරේ ජන්කුක්ට


ඒත් මම එයාට ආදරෙයි.මම දැන් දන්නවා ඒක තමයි ආදරේ.ඒ වෙනුවෙන් මට මේ දේවල් අතාරින්න වෙනව නම් ඒ දේවල් වුනත් මන් සතුටින් අත අරිනවා බෝගම්.ඒ නිසා මට උදවු කරන්න ප්ලීස්.


උබ කියනව නම් එහෙම කරමු .අනේ මන්දා ඒත් උබ ගියාම band එකට මොනවා වෙයිද.?


මම නොගියොත් ටේශිගේ අවසන් කැමත්තට මොක්ද වෙන්නෙ බොමී.එහෙම වුනොත් මම ජීවිත කාලෙටම විදවයි.


ටේශිට සිහිය ආවත් මේ දේවල් ජන්කුක් දැනගන්නවට එයා කැමති වුනේ නෑ.


තමන්ගේ දරුවා නැති වෙලා තියෙද්දිත්.තමන්ට ජීවත් වෙන්න තියෙන්නෙ ටික කාලයි කියලත් දැන දැන ටේශි තමන්ට වඩා වද වෙන්නෙ ජන්කුක් වෙනුවෙන්.මේ වෙලාවෙත් මේ කිසිදෙයක් නොදැන ලිලී එක්ක විනෝද වෙන ජන්කුක් වෙනුවෙන්


ටේශි ටේහ්‍යුන්ගෙන් ඉල්ලුවේ මේ කිසිම දෙයක් ජන්කුක්ට දැනගන්න දෙන්න එපා කියලා.ඒ නිසයි ටේහ්‍යුන් තීරනේ කලේ හැමදේම අත ඇරලා ටේශිවත් අරන් පැරිස් වලට යන්න.එයාගෙ ආදරේ වෙනුවෙන්.



ජන්කුක්ට ට කිවුව විදියට එයාලගේ ජීවිත ටේහ්‍යුන්ගේ මේ අතුරුදහන්වීමත් එක්ක ගොඩක් වෙනස් වුනා.ඒකත් ජන්කුක්ගේ නීත්‍යානුකූල බිරිද එක්ක.


ටික කාලයක් මේක ලෝකෙම කලබන news එකක් වුනත් හැමෝටම පස්සේ ඒ දේවල් අමතක වෙලා ගියා.ජන්කුක් ලිලීව නීතියෙන්ම තමන්ගේ කරගත්තා.


ඒත් ටේහ්‍යුන්ග් සහ ටේශි ..?


Back to present..


ට්..ටේ ටේ හ්‍යුන් මගේ ද්..දරුවා..?


හ්ම්ම් එයා නැති වුනා කුකී.ලොකේ දකින්න කලින්ම.


එහෙනම් ටේශී.. එයා එයා කොහෙද .?මට එයාගෙන් සමාව ගන්න හරි. මම ආදරේ නොකලත් එයා මන් වෙනුවෙන් එහෙම දෙයක් කරයි කියලා මම හිතුවේ නෑ ටේහ්‍යුන්.


ආදරේ එහෙමයි කුකී.අපි නොහිතන දේවල් ආදරේ කරද්දී කරන්න පුලුවන්.හිතන්නවත් බැරි දේවල්...


හියුන් ඔයා කිවුවා එයා සතුටින් ඉන්නවා කියලා.ඒත් ඇයි එයා ඔයා එක්ක නොආවෙ.?


එයා ආවා කුකී.එයා අනිවාරෙන්ම ආවා.


කොහෙද?


ටේහ්‍යුන් තමන්ගේ වෙවුලන අත අහස් දිහාවට දික් කලා. තරු එක දෙක දිලිසෙන්න පටන් අරගෙන. සීතල හුලන් රැල්ලක් හමන් යද්දී ජන්කුක් ටේහ්‍යුන්ගේ ඇගිල්ල දික් වෙලා තියෙන තරුව දිහා බැලුවා.


එයා හිනාවෙනවා ජන්කුක්.මම කිවුවා එයා සතුටින්.


ටේහ්‍යුන් කියන දේ ජන්කුක්ට නොතේරුනේ නෑ. ජන්කුක්ට දැනුනේ දරාගන්න බැරි විදිහේ වේදනාවක්. ජන්කුක්ට ජීවිතේ හුගක් දේවල් මගඇරිලා.ජන්කුක්ට දැනුනේ තමන්ගේ හුස්ම හිරවෙනවා වගේ හැගීමක්.ඒත් ජන්කුක් ටේශිට ආදරෙයිද.?නැත්තම් පසුතැවීමක්ද.?


50වසරකට පෙර


ඔප්පා


ටේශි දුර්වල කටහඩකින් ටේහ්‍යුන්ට කතා කලා

ටේහ්‍යුන් ඉක්මනටමා ටේශි ලගට ආවෙ ටේශි ගැන බයකින් 


මැනික මොනවා හරි ඕනෙද.?නැත්තම ඔයාට අමාරුයිද?ම්ම්


ටේ මෙතනට එන්නකෝ


ටේශි කිවුව සැනින් ටේහ්‍යුන් ටේශිගේ සුප් බාජනේ පැත්තකින් තියලා ටේශි හාන්සි වුනු ඇදේ පැත්තකින් වාඩි වුනා.


වලස් පැටියෝ ඔච්චර දුරින් ඉන්න එපා ලගට එන්න.


ටේහ්‍යුන් ටේශිට ලන් වුන ගමන් ටේශි ටේහ්‍යුන්ගේ පපුව උඩින් ඔලුව තියාගත්තා.ටේහ්‍යුන්ගේ හදවත මොහොතකට නැවතෙන්න ඇති.අනිවාරෙන්ම.


 දරුවෝ මොකද මේ ආ.?ඔයාට අමාරුනම් අපි...


ශ්ශ්ශ්..


ටේශි ටේහ්‍යුන්ව නැවැත්තුවා.


ටේහ්‍යුන්ට නොතේරෙනවා නෙවෙයි ටේශි ඉන්නේ අමාරුවෙන් බව.ඒත් එයාලා ඇත්තට මූන දෙන්න ඕනි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒකයි දුර්වල වෙලා හිටිය ටේශිව ටේහ්‍යුන්ග් තව ටිකක් තමන්ට තුරුල් කරගත්තේ.


ම..මට සමාවෙන්න වලස් ප් පැටියෝ.ඔයාගේ හැමදේම මම නිසා නැති වුනාට මට සමාවෙන්න.ඒත්..ඒත් මට ඔප්පට ආදරේ කරන්න බෑ මට ස්ස්මාවෙන්න.


ශ්.ශ් ඒකට කමක් නෑ ම්ම් ඔයාගෙ වලස් පැටියා ඔයාට සමාව දෙනවා හරිද මගේ මැනිකට මම ආදරෙයිනේ


ටේහ්‍යුන් තමගේ වෙවුලන දෙතොල් ටේශිගේ හිස මත තියලා ආදරෙන් සිපගත්තා.


ඔයා ගොඩක් හොද කෙනෙක් bear. ඔයාට මට වඩා ලස්සන angle කෙනෙක්ව හම්බවෙයි.


දෙන්නම හිටියේ අඩන ගමන්.ටේශිගේ නහයෙන් ලේ ගලාගෙන ආවා. ඒත් ටේශිට කතා කරන එක නතර කරන්න වුමනාවක් තිබුනේ නෑ 


මගේ හා පැටියව බලාගන්න ඔප්පා හරිද.. ම්ම් පොරොන්දු වෙනෝද ..


ටේශි ඔයා ගැන හිතන්න ලමයෝ ඇයි එයාම


  පොරොන්දු වෙන්න bear please


හ්ම්ම් හ් හරි promise 


ටේශි යන්තමට හිනා වුනා. හේමීට ඔලුව උඩට උස්සපු ටේශි තමන්ගේ තොල් ටේහ්‍යුන්ගේ තොල් එක්ක ස්පර්ශ කලා.සමහරවිට ටේශි වෙනුවෙන් කරපු හැමදේකටම ටේහ්‍යුන් වෙනුවෙනුත් දෙයක් දෙන්න ටේශිට වූමනා වෙන්න ඇති.


ස්..සමාවෙන්න ව..වලස් පැටි.........


ටේශිගේ අත ටේහ්‍යුන්ගෙන් අත ඇරුනා. ටේහ්‍යුන්ට මේ ඇත්ත පිලිගන්න ඕනි වුනේ නෑ.දෛවය කොහොමද එහෙම කරන්නේ ..?අසාදාරනයි එහෙම නේද.?ඒකට තමයි දෛවය කියන්නෙ..


ටේහ්‍යුන් එහෙමම ටේශිව තුරුල් කරන් තමන්ගේ දුක කදුලු විදියට ගලාගෙන යන්ම දුන්නා.


Present


එයා අන්න අර තරුව. දැක්ක නේද? 


ටේහ්‍යුන්ගේ ජීවිතේ එයා පසුතැවෙන්නේ නෑ .එයා ගත්ත තීරන ගැන. ටේශි කිසිම දවසක් ටේහ්‍යුන්ට ආදරේ නොකලත් එයා සතුටින් .මොකද ටේහ්‍යුන් හැම තිස්සෙම කියනවා එයා ආදරේ නොකලත් මම හැම මොහොතකම එයාට ආදරෙයි.


ඒත් ජන්කුක්.එයා කොහොමද පසුතැවිලි නොවී ඉන්නේ.තමන් වෙනුවෙන් හැම කැපකිරීමක්ම දෙපාරක්ම නොහිතා කරපු කෙනෙක් වෙනුවෙන් කිසිම දෙයක් නොකල හිටියට ජන්කුක් අනිවාරෙන්ම පසුතැවිලි වෙයි.ඒක ආදරේ නොවෙන්න පුලුවන්. මොකද අවසානය දක්වාම ජන්කුක් ටේශිට ආදරේ කලේ නෑ.ඒත් හදවතට මේ දැනෙන අමුතු බර කොයි වගේ බැදීමක් වෙනුවෙන්ද කියලා තේරුම් ගන්න ජන්කුක්ට ඕනි නැතුව ඇති.සමහරවිට ජන්කුක් එයාගෙම හෘද සාක්ෂියෙන් පැනලා යනවා.


ජන්කුක් ඒ දිලිසෙන තරුව දිහා බලාගෙන ගැබුරු හුස්මක් ගත්තා.


මට සමාවෙන්න ... මම හිතන්නේ මම දැන් දන්නවා ඒක තමයි ආදරේ කියන්නේ.මගේ හුස්ම තව හුග කාලයක් වැටෙන එකක් නෑ. හුස්ම නැවතුන ගමන් මම එන්වා ඔයාගෙන් සමාව ගන්න . අපේ පුංචි තරු පැංචගෙනුත්.


ජන්කුක් ඒ තරුව දිහා බලාගෙන මිමිනුවා.


...........................................................

ජීවිතේ කියන්නේ දීර්ඝ ගමනක්.

එතකොට ආදරේ කියන්නේ ඊටත් වඩා දීර්ඝ ගමනක්.ඒ දීර්ඝ ගමනේ සමහර අවස්තාවලදි අපිට වැරදෙනවා.අතපසුවෙනවා.මගඇරෙනවා.හිමිවෙනවා අහිමි වෙනවා.


ඒත් අවසානෙදි අපි තේරුම් ගන්නවා.ආදරේ කියන්නෙ මොකක්ද කියලා.

සමහර විට මුලදිම .

නැත්තම් ගමන මැද්දෙදි 

නැත්තම් මම වගේ ගමනාන්තයේදි...


ඒත් වැදගත්වෙන්නේ අපි අපිව තේරුම් ගැනීම.


ඉතින් මම ආයෙත් පටන් ගන්නයි යන්නේ .ඊලගපාර මුල ඉදලම තේරුම් ගන්න.

ආදරේ කියන්නේ අපේ හෘද සාක්ශිය තේරුම් ගන්න එකට.....


හෘදයාබාදයකින් ජන්කුක් මිය ගිය අතර ඔහු මිය යනවිට ඔහු අකුරු එය අකුරු කරමින් සිටියේය..


නිමි...?



ආදරේ කියන්නෙ තේරුම් ගන්න අමාරු දෙයක් .

ජීවිතේ කියන මාතෘකාවටත් වඩා සංකීර්ණ 

සීමා මායිම් ලකුනු කරලා කොටු කරන්නබැරි දේකටයි අපි ආදරේ කියන්නෙ



ආදරේ කියන්නේ තමන්ට ආදරේ නොකරන බව දැන දැනම ජන්කුක් එනකම් ටේශි මග බලන් හිටපු එකට


ටේහ්‍යුන්ට ටේශිගේ ඇස් දිහා කෙලින් බලන්න බැරි එකට


ජන්කුක්ව තමන්ගේ කරගන්න ලිලී ටේශිව නැති කරලා දාන්න හදපු එකට


එයාලගේ දරුවා ගැන කියද්දි ජන්කුක්ගේ හදවතේ වේගය වැඩි වුන එකට 


ජන්කුක් වෙනුවෙන් ටේශි හැමෝගෙන්ම පැනලා ගියපු එකට


ටේහ්‍යුන් තමන්ගේ හැමදේම අත ඇරලා ටේශිව තෝරගත්ත එකට


අවසානේ ජන්කුක් තමන්ගේ හෘද සාක්ෂියට ඇහුම්කන් දීපු එකට....


එක එක්කෙනාගේ ආදරේ එක එක විදියයි ඒත් ආදරේ කරනකොට අවසානෙදි පසුතැවෙන්නේ නැති වෙන්න ආදරේ කරන්න.ඒකයි රහස.





Ms. KIMCHI✨️



  






  

































  

Report Page