LiVe.. 🥀

LiVe.. 🥀

KsU 💫

පෙරවදනට..✨

01 කොටස.. 🥀

2008.10.29 🍂

I'm so lonely broken angel..

I'm so lonely listen to my heart..

On n' lonley, broken angel..

Come n' save me before I fall apart...

රතු හා කළු පැහැ ගල් මාරුවෙන් මාරුවට ඇල්ලූ පටු මාර්ගය දිගේ ඉදිරියට ඇදෙන ගැහැනු ළමුන් දෙදෙනෙකි. බැලූ බැල්මට දෙදෙනා නිවුන් සොයුරියන් බව ඕනෑම කෙනෙකුට පැවසිය හැකිය. එක් අයෙක් පාසල් බෑගය දකුනතින් කරෙහි එල්ලාගෙන පාර දෙපසෙහි වූ ගස් අතු කඩමින්, ගීත ගයමින් ඉදිරියෙන් ගියා. නිදහසේ උරහිසේ වනාගෙන සිටි ඇගේ කොන්ඩය සුලඟට අවුල් වී තිබුනා. අනෙකා අත් දෙක බැඳගෙන පිටුපසින් ඇවිද ආවා. පිලිවෙලට පීරා ගැට ගසන ලද කොන්ඩය.. නිහඩ සංවර ගමන.. ඇය ගති පැවතුමින් අනෙකාට වඩා බොහෝ සෙයින් වෙනස් වුනා.

"Kris.. මම අද මෙහෙන්මම town 1ට යනවා.. අද Jax එනවා කිව්වා.."

ඉදිරියෙන් ගිය සොයුරිය ආපසු හැරී පිටුපසින් පිටුපසට ඇවිදිමින් පැවසුවා. ඇගේ මුහුනෙහි තිබුනේ දඟකාර නමුත් සුන්දර සිනහවක්.

"Violin 1?" අනෙකා තැන්පත් හඬින් විමසුවා.

"එයා අරන් එයි Brand new 1ක්.."

ඇගේ දෑස් සතුටින් දිලිසුනා. අනෙක් සොයුරියටනම් එහි වැදගත් බවක් පෙනුනේ නැහැ.

"මං මෙතනින් හැරෙනවා.. byee.. momට කියන්න lunch 1 jax අරන් දෙනව කිව්වා කියල"

"හරි"

"මේ kris.. මගෙ කොන්ඩෙ ගොඩක් අවුල් වෙලාද..?"

ඇය දෑතින් කොන්ඩය හදමින් විමසුවා.

"අවුලක් නෑ. ආත්මෙකට කොන්ඩෙ පීරල නෑ වගෙ"

"අය්යෝ.. කොන්ඩ බූල වැටුනනේ.."

"වැටුනද? විසි කලාද? 🙄"

"මෙන්න මෙහෙ දෙන්න ඔයාගෙ එක.. ඔයා ගෙදරනෙ යන්නෙ"

"Alex..."

තම සොයුරියගේ කෑ ගැසීම කනකටවත් නොගෙන ඇගේ කොන්ඩ බූල ගලවාගත් alex කොන්ඩය බඳිමින්ම දිව ගියා.

"Thank you.."

"Shit.."

තම සොයුරිය දිව යන දෙස බලාගෙනම ඇය සොයුරිය අවුල් කල කොන්ඩය උරහිසින් එක පසකට දමා ගත්තා. ඔවුන් දෙදෙනා අතරින් වැඩිමහලා වූ ඇය නමින් ක්‍රිස්ටිනා ඇලිස් ඇලිංස්කි(Kristina Alice Alinsky) .. බොහෝ විට නිහඩව සිටියද උවමනා ඕනෑම විටක පුපුරා ගිය හැකි පරමාණු බෝම්බයක් ලෙස ඈ පාසලෙහි ප්‍රසිද්ධව සිටියා. ඇලෙක්සැන්ඩ්‍රියා ක්‍රිස් ඇලිංස්කි(Alexandria Chris Alinsky) වූ ඇගෙ සොයුරිය ඈ මෙන් නොව ඉක්මනින් මිතුරන් සොයා ගන්නා සෙල්ලක්කාර, සමාජශීලී අයෙකු වුනා.

"Mom.. I'm home.." kris අගුලු නොදමා වසා තිබූ දොරත් ඇරගෙන නිවස තුලට අතුළු වුනා. 'කොහෙද Alex' ඇය මවගේ සුපුරුදු පැනය බලාපොරොත්තුවෙන් සිටියද නිවස තුලින් කිසිදු හඬක් ඇසුනේ නැහැ.

"Mom.. ඔයා ගෙදර නැද්ද..? Oo..h"

ඇගේ දෑසට හසු වුනේ රඳවනයේ එල්ලා තිබූ පිට කබායක්.

"කවුරුහරි ගෙදර ඇවිත්.." තමාටම මුමුනාගත් ඈ මුළුතැන්ගෙට පා නැගුවා. මේසය මත lime juice වීදුරු 2ක්. වෙනදාට තනිව සාදා ගන්නා ලෙස පවසන මව අද අමුත්තෙකුගේ පැමිනීමෙන් කොතරම් වෙනස් වෙලාද? ඒ කෙසේ නමුත් alex නොවූ හෙයින් lime වීදුරු 2ටම තමාට වග කිය හැකි වන නිසා ඇයට ඇති වුනේ සියුම් සතුටක්. බෑගය පුටුව මත අතෑරිය ක්‍රිස් lime වීදුරුවක් ද අතින් ගෙන පිටුපස මිදුලට පිවිසුනා.

"Mom.. ඔයා කොහෙද.."

'ආපු කෙනාට රෝස පාත්තිය පෙන්නනව ඇති. මගෙ රෝස පැලේ දැක්කාමනම් පුදුමත් හිතෙන්න ඇති'

එසේ සිතමින් ඇය රෝස පාත්තිය දෙසට සාදා තිබූ පඩිපෙල බැස්සා.

"Mom.. alex අදත් අර නැට්ටු.. ඈ..."

පඩිපෙළ පාමුල දුටු දෙයින් ඇය තිගැස්සුනා. අත හැරුනු Lime වීදුරුව ගල් පඩියක වැදී කුඩු වී ගියා.

පඩිපෙල පාමුල තණකොළ බිස්ස ලෙයින් වැසී ගොස් තිබුනා. ඒ මැද kristinaගේ හා Alexandriaගේ මව වැටී සිටියා.

"M..o..m.." ක්‍රිස්ට තම හුස්ම සිරවේගන එන බවක් දැනුනා.

"M..o..m.." ඇය නැවතත් මවට කතා කළා. නමුත් ඈ ඒ වනවිටත් ඔවුන් හැර ගිහින්.

"අනෙ.. එපා.. mo..m නැගිටින්නකෝ.." ඇය තම මවගේ හිස ඔඩොක්කුව මත තබා ගත්තා. Mrs. Alinskyගේ පපුව පසාරු කරගෙන කිනිස්සක් ඇතුළු වී තිබුනා. තම මවගේ මරනය අවුරුදු 13ක් වූ දරුවෙකුට කෙසේ දැනේවිද? පියාගෙ සෙනෙහස මගහැරුනු දරුවෙකුට එය කෙසේ දැනේවිද? ක්‍රිස්ගේ කම්මුල දිගේ කඳුළු බිඳු ගලාගෙන ගියා. මොහොතකට තමා මෙලොව තනිව ඇති බවක් දැනුනා.

"Alex.." හදිස්සියේම ඇයට මතක් වුනා. Alex ඈ මෙන් නොව කුඩා දේටත් බොහෝ සංවේදී වුනා. අදින් පසු ඉදිරියට ඇගේ වගකීමද තමාට පැවරෙන බව ඈට දැනුනා. 'ක්‍රිස්ටිනා.. Alexව හොඳට බලාගන්න. එයා තාත්තා වගේම මුරණ්ඩුයි.. හැමවෙලේම කරදර දාගන්නව.. නූල් බෝලෙ වගේ පැටලෙනවා.. ඔයා තමයි නංගිවත් හරි පාරට අරන් ඉස්සරහට යන්න ඔනෙ.. තෙරුනාද dear..' තම මව නිතර දෙවේලේ පවසන දෙය ඇයට සිහියට නැගුනා.

.

"නෑ මං අඬන් නෑ.. mom.. මං පොරොන්දු වෙනවා.. Alexව හොඳට බලාගන්න"

🥀✨🥀✨🥀✨🥀✨🥀✨🥀✨🥀✨🥀

2011. 07. 12 🍂

"Surprise..."

"Uncle josh..? මේ FBI head quarters නෙමේද..?"

"Happy Birthday කෙල්ලනේ.. අද ඉඳන් මෙතන ඔයාලට ගෙදර වගේ වෙයි.."

🥀✨🥀✨🥀✨🥀✨🥀✨🥀✨🥀✨🥀✨🥀

කොහොමද.. හිතනවා කතාව එක්ක ඉඳීවි කියල.. comment 1ක් දාගෙන යම්න..

.

KsU 💫

🙂🥀✨


Report Page