KEY

KEY


Second 🗝️ episode,


If you are a dangerous key lock, I am the key. 🗝️




" ඔවුන් එයි කේප්, බයවෙන්ඩ එපා. මං දන්නවා ඔයා එයාලා ගැන වදවෙන වග, මාත් ඔවුන් ගැන වදවෙනවා. ඒත් ඉවසීම බොහොමයක් වැදගත්, ඔවුනුත් මේ ලෝකයේ ජීවත් වන හැටි ටිකෙන් ටික හිමීට ඉගෙන ගත යුතු යි. අනික , ඔන්න දැන් දොර ළඟ ඉන්නේ කවුද බලන්න.. "


ගෝරෝසු හඬක් සහිත, හැඩිදැඩි, කේප් නම් මිනිසා තමා වාඩිවී හුන් පුටුව ' ක්‍රීස්.. ' යන අනුකරණයෙන් පිටිපසුට තල්ලු කර බර අඩි තබමින් වහ වහා නිවසේ ප්‍රධාන දොර වෙතට ගමන් කරා.


" තාත්තේ... "


කේප් දොර ඇරිය විටම පාහේ දොර ළඟ රැඳී සිටි , තරුණියක් හා තරුණයෙක් වහා ඔහුව බදාගනිමින් පැවසුවා. ඒ තරුණිය හා තරුණයා වෙන අයවලුන් නෙවෙයි. වීදියේ දී, සීතල සුළඟින් පීඩා විඳිමින් පැමිණි රේයා හා ඩාන් නම් දෙදෙනායි.


" මගේ දුවේ රේයා, ඔබ මල්ලි සමඟ අද එන්නේ නැති වෙයි කියලයි හිතුවේ, මං හිතුවේ ඔබලා දෙන්නා හේන් ගෙදර නවතියි කියලා, "


" නැහැ තාත්තේ, ඒ ගෙදර යළි පිළිසකර කරන්න වෙයි. මෙහෙට හුළඟ තද නොවුනත්, එහි එහෙම නෑ.. ගෙදර වහල එක පැත්තක් කඩා වැටුණා. හොඳ වෙලාවට එතන බඩු තිබුණේ නැත්තේ, "


රේයා , කේප් හට කියද්දී ඔහු සිය විශාල රැවුල අතගාමින් නිවස තුළ හුන් කාන්තාවට කතා කරා.


" කයිලා, දරුවන් ඇවිත්, එන්න කුස්සියට.. මොවුන්ගේ කුසට අහරක් වත් නැතුව ඇති.. "


කයිලා එනම්, කේප් ගේ බිරිඳ සිනාමුසු මුහුණින් කුස්සියට ආවා.


" රේයා, ඩාන්, ඔන්න ඔයාලගේ තාත්තා නිදි වෙලාවේ මං ඔයාලට ස්ට්‍රෝබෙරි ජෑම් හැදුවා. පාන් උදේ හදපුවා ඇති, ඒ ටික කරකරලා ගත්තම රෑට කෑම ලෑස්තියි. "


" ස්ට්‍රෝබෙරි ජෑම්.. ම්... ම්... ස්තූතියි අම්මේ, මගේ තෙහෙට්ටු ගතියත් නැති උනා ඒක ඇහුවම, ඔන්න බලන්න රේයා අද වැඩිපුරම පාන් කන්නේ මම "


සිය තොල් දිවෙන් තෙත් කරමින්, ඇස් විසල් කරගෙන, තලු මරමින් ඩාන් පැවසුවා.

ඒත් රේයාගේ දිවඟ තිබුණේ වෙන ප්‍රශ්නයක්..


" තාත්තේ, අපි කවදද ආයේ හේනේ ගෙදර හදන්නේ, හෙට මොකක්දෝ උත්සවකුත් තියෙනවා කිව්වා නේද.. "


" ඒක තමයි කේප්.., හෙට පොලිස්පතිතුමා එනවනේ, උත්සවයට අපි හතර දෙනාටම ආරාධනා කරා. අපි අනිවාර්යෙන්ම යන්න ඕන. "


කයිලා , පවසද්දී ඩාන් ස්ට්‍රෝබෙරි ජෑම් සිහිනයෙන් මිදී, අනෙක් තුන්දෙනා දිහාවට හැරුණා.


" ඔව් ඔව්.. කායිලෝ මට කිව්වා විස්තර.. මොකද එයාගේ කට්ටිය තමයි නගරසභා ශාලාව උත්සවය වෙනුවෙන් සූදානම් කරන්නේ.. අලුත් දෙවෙනි පොලිස්පතිතුමත් එනවලු, කළු හා සුදු පාට තමයි උත්සවයට යන අය ඇඳගෙන යන්න ඕන... "


එකෙනෙහිම වාගේ රේයා සිය මව වෙතට දුක්මුසු බැල්මක් හෙළුවා. ඒ බැල්මෙහි තේරුම දැනගත් කයිලා සිය දියණියගේ නිකටෙන් අල්ලා නළලට හාද්දක් දුන්නා.


" මගේ පුංචි සුරංගනාවි, ඔයා වෙනුවෙන් මං කළු පැහැති ගවුමක් මැස්සෙව්වා. අනික අපි හතර දෙනාටම එකවගේ ඇදුම් මං හැදුවා. අනිත් එක කේප්.. අපි හේනේ ගෙදර ඊළඟ සතියේ ඉඳන් පටන් ගමු. ඔන්න එහෙමනම් කතාවෙන් කතාව පාන් ටිකත් හරි.. කෝ එන්න එන්න.. ඔහ් ඩාන් ඔයාට තියෙනවා බයවෙන්ඩ එපා. "


ඉතින් රසවත් පෙනුමැති ස්ට්‍රෝබෙරි ජෑම් සමඟින් පාන් කමින් මේ පුංචි පවුල තමන්ගේ රාත්‍රී ආහාර වේල ගන්නට පටන් ගත්තා.




____________🗝️


Dhaan - Reya's brother


____________🗝️



ඉදිරියට...





Report Page